හාමුදුරුවොන්ට අයිති පන්සල්වල වැඩ...

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    හාමුදුරුවොන්ට අයිති පන්සල්වල වැඩ...

    ආණ්ඩුව ඉන්නේ තීරණාත්මක මංසන්ධියකය. ආණ්ඩුවේ හෙට දවස තීරණය කරන්නේ මේ මංසන්ධියේදීය.

    'හාමුදුරුවොන්ට අයිති පන්සල්වල වැඩ. දේශපාලකයොන්ට අයිති දේශපාලනය'
    භික්ෂුන්ට දේශපාලනය අදාළ නැති බවත් ඔවුන්ට අදාළ ආගමික වැඩ විතරක් බවත් කියමින් 1946 ජනවාරියේදී එහෙම කීවේ ඩී.එස්. සේනානායක සහ ආර්. ජී. සේනානායකලාය. මේ ප්‍රකාශවලට භික්ෂු සමාජය මොනතරම් හෙල්ලුණාද කීවොත් භික්ෂුන් සහ දේශපාලනය නමැති ආන්දෝලනාත්මක විද්‍යාලංකාර ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට පවා කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හිමි කටයුතු කළේය.

    'අද ලෝකයේ මනුෂ්‍යයන්ගේ යහපත පිණිස කරන හැම වැඩපිළිවෙළක්ම දේශපාලනයට අයත් යැයි අපි විශ්වාස කරමු. රටවැසියන්ගේ යහපතට හේතුවන යම් වැඩපිළිවෙළක් ඇත්ද එහි නම දේශපාලන හෝ කුමක් හෝ වේවා එහි යෙදීම භික්ෂුන්ට සුදුසුමය. එමෙන්ම රටවැසියන්ගේ දියුණුවට බාධා වන කරුණුවලට විරුද්ධව ක්‍රියා කිරීමටද භික්ෂුන්ට අයත් බව අපි පිළිගනිමු' යනුවෙන් 1946 පෙබරවාරි මාසයේ එම ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීය.
    මේ ප්‍රකාශයත් එක්ක ඒ දවස්වල පාලකයෝ හෙල්ලී ගියහ.

    'එහෙත් බුද්ධ කාලයෙහි පැවති ආර්ථික සාමාජික දේශපාලන තත්ත්වයට වඩා අද තත්ත්වය වෙනස් වී තිබෙන බවත් එහෙයින්ම එකල පැවැති භික්ෂු ජීවිතයට වඩා අද භික්ෂු ජීවිතය සංකීර්ණ වී තිබෙන බවත් පිළිගත යුතුය.
    එකල බොහෝ සෙයින්ම භික්ෂුන්ගේ පරමාර්ථය වූයේ එම ආත්මයේදීම නිවන් දැකීමයි. පසු කාලවල භික්ෂුන්ගේ පරමාර්ථය වූයේ මතු නිවන් දකින බලාපොරොත්තුවෙන් ශක්ති පමණින් ආත්මාර්ථ පරාර්ථ දෙකෙහි යෙදීමයි. මේ වෙනස්වීම නිසා මුලදී පැවැති භික්ෂු ජීවිතයට වඩා වෙනස්කම් රාශියක්ම පසු කාලවල භික්ෂු ජීවිතයෙහි ඇතිවූ බව ඉතා පැහැදිලිව පෙනේ.'

    1946 දී නිකුත් කළ විද්‍යාලංකාර ප්‍රකාශනයේ එහෙමත් සඳහන්ය.
    එවක ආණ්ඩුව ටික දවසකින් දෙදරා යන්නට හේතු වෙච්ච කරුණු අතර මුලින් තිබුණේ 'භික්ෂුන් වහන්සේගේ අවවාද නොපිළිගන්නා ආණ්ඩුවක්' කියන චෝදනාවය.

    56 විප්ලවයට මඟ පෑදුවේද භික්ෂුන් වහන්සේගේ මැදිහත් වීමය. ඊට කලින් අගමැති විදියට හිටිය ජෝන් කොතලාවල එක්ක හාමුදුරුවරුන් හිටියේ අමනාපයෙන්ය. ඒකත් ප්‍රයෝජනයට ගත්ත බණ්ඩාරනායක 56 විප්ලවය සිදු කළේය.

    'යන ගමන වැරැදි බව' ටික දිනකින් පසක් වෙද්දී, ඒ ගමන වෙනස් කරන්නටද භික්ෂුහු මැදිහත් වූහ. අන්තිමේදී බණ්ඩාරනායක මහතාට චීවරධාරියෙක් වෙඩි තිබ්බේය. 77 සිට එක්සත් ජාතික පක්ෂය 'තනි අශ්වයකුගේ' ගමනක් ගිය අතර ඒ බලවත් ආණ්ඩුව පවා භික්ෂුන් වහන්සේගේ බලපෑම් නිසා 'හෙල්ලුණු අවස්ථා' තිබ්බේය. හැබැයි එක්සත් ජාතික පක්ෂ කාලයේදී තරම් ආගමික නායකයන් පීඩාවට පත්වූ වෙනත් අවස්ථා සොයා ගැනීම අපහසුය.

    ජේ.ආර්.ගේ ආණ්ඩුවේ මර්දනයට එරෙහිව කොළඹ තුන්මුල්ල හන්දියේ බුදු පිළිමය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ඇරැඹූ භික්ෂුන්ව ට්‍රක් රථයක පටවාගෙන ගොස් කනත්තකට දැම්මේ ඒ කාලයේය.

    ඊට පස්සේ 1987 ජූලි 28 වැනිදා කොටුව බෝගහ අසල 20,000කට ආසන්න ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැති විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දුන්න මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු පිරිසට වෙඩි තැබුවේද එවක පැවැති යූ.ඇන්.පී. ආණ්ඩුවය.

    94 ඡන්දෙට පොදු පෙරමුණෙන් ආව චන්ද්‍රිකාට උදවු කළේ සෝභිත හිමියෝය. චන්ද්‍රිකා තමන්ගේ දේශපාලන ගමනට ආශීර්වාදය ගත්තේ සෝභිත හිමිගෙන්ය. ඇයට පැවැරුණේ එක්සත් ජාතික පක්ෂයේ '17 වසරක' පාලනය පෙරළා දමන එකය. හැබැයි ඡන්දෙ වකවානුව වෙනකොට එතෙක් තිබ්බ බිහිසුණු කාලය නිමා වී ඩී.බී. විජේතුංග යටතේ රට 'නිදහස්' පරිසරයක තිබුණේය. ඒ හින්දාම ඡන්දේ මොකකින් මොකක් වෙයිද කියා අනාවැකි කියන එක අමාරු වැඩක් විය.

    අන්තිමට සටන ගල උඩ සටනක් විය.

    ඩී.බී. උඩරට මිනිහෙක්ය. එතෙක් මෙතෙක් රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටි ප්‍රබලතම එක්සත් ජාතික පක්ෂ නායකයා ඩී.බී.ය. ඒකීය රටක් කියා ඔහු පක්ෂය වෙනස් කළේය. අනෙක් අතට ඔහු භික්ෂුන් වහන්සේට බෙහෙවින් ගරු කෙළේය. ආණ්ඩුව වෙනස් කරන්න පාරට බැස්ස සමහර භික්ෂුන් පවා විජේතුංග හින්දා නිහඬ විය. හැබැයි ඒ වෙනකොට ආව චන්ද්‍රිකා රැල්ල නතර වුණේ යූ.ඇන්.පී. ය ගෙදර යවලාය. එතැන් සිට වසර දෙකක් හැර ඉතිරි වසර විස්සම බලය ගන්න එක්සත් ජාතික පක්ෂයට බැරි විය.

    කවුරු මොනවා කීවත් මෙරට දේශපාලනයේ තීරණාත්මක සාධකයක් වෙන්නේ භික්ෂු සමාජයය. නිදහසින් පස්සේ ආණ්ඩු හැදෙන්නෙත් ගෙදර යන්නේත් භික්ෂුන් වහන්සේගේ තීරණාත්මක මැදිහත්වීම් එක්කය.

    ඒ බලය නොසලකා හැරිය හැම පාලකයෙක්ම නැවතුණේ ගෙදරය. ශ්‍රී ලංකා සමාජය තුළ විශේෂයෙන්ම සිංහල බෞද්ධ සමාජය තුළ, භික්ෂුව නිහඬ චරිතයක් බවට පත් කළ හැකිද යන්න නම් බරපතළ ප්‍රශ්නයක්ය.
    2004දී භික්ෂුව මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට සමාජයෙන්ම බලපෑමක් ඇති විය. එහි ප්‍රතිඵලය වුණේ ශ්‍රී ලංකාවෙන්ම ඡන්ද 5,52,724 එනම් මුළු ඡන්ද ප්‍රමාණයෙන් 5.97%ක් හිමි කරගෙන පාර්ලිමේන්තුවේ තීරණාත්මක 'බලයක්' ලබා ගැනීමය.

    චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොටි සංවිධානය සමඟ ඒකාබද්ධ යාන්ත්‍රණය අස්සන් කිරීමට සූදානම් වෙත්දී ඕමල්පේ සෝභිත හිමියෝ මාරාන්තික උපවාසයක් කළහ. එය 'වෙනසක ඇරැඹුම' විය.

    නිදහසට පෙරාතුව 1816 කැරැල්ල සහ 1818 කැරැල්ලේ ක්‍රියාකාරි නියෝජිතයෝ වූයේ භික්ෂුහුය. උඩරට පෙදෙස්වල බොහෝ කැරැලිවල මූලිකයා වූයේ භික්ෂුන්ය. උඩරට 1848 කැරැල්ලට පෙර 1812 කාලයේදී පැවැති කැරැලි මෙහෙය වූයේ චන්ද්‍රජෝති සීලවංශ සරණංකර හිමිය.

    1848 අගෝස්තු 26 වැනිදා කුඩාපොළ හිමිට සිවුර පිටින් වෙඩි තිබ්බේ එවක පැවැත් ආණ්ඩුවය. අධිරාජ්‍ය විරෝධී ප්‍රතිපත්තිවලට එරෙහිව බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමියෝ පවා කටයුතු කළහ.

    මහින්දගේ ආණ්ඩුව 'හමාර බණ' කියැවෙන කාලයේ මල්වතු අස්ගිරි විහාරවල මහනායක හිමිවරුන් හිටියේ මහින්දගෙන් අෑත් වෙලාය. ඒ වෙන එකක් නිසා නොව උන්වහන්සේගේ කිසිදු අවවාදයක් නොපිළිගත් නිසාය.

    ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය ඉවත් කර ගන්න කියා මහ නාහිමිවරු එවක මහින්දට කීහ. ෆොන්සේකාට සමාව දෙන ලෙසද අවවාද කළහ. මහනුවර 'නයිට් රේස්' නොතියන ලෙසද කීහ. කිසිවක් ඉටු නොවන තැන සංඝ ආඥාවක් කරන්නටද සැරැසුණහ.

    ඒ කිසිවක් මායිම් නොකිරීමේ ප්‍රතිඵලය ඉතා භයානක විය. අන්තිමට 'පර්වතය' නාය ගියේ මහින්දටත් හොරෙන්ය. මේ ආණ්ඩුව ගේන්න මුල් වුණු අය අතර 'සෝභිත හිමි', 'රතන හිමි' ඇතුළු සඟරුවනද වූහ.

    එහෙත්, ආණ්ඩුව දැන් ඒ බලවේග තුට්ටුවට දමා ඇතැයි කියන්නේ මිනිසුන්ය.
    'ආව දවසේ ඉඳලා කරන්නේ හාමුදුරුවරු හිරේ දාන එකයි. සංහිඳියාව කිය කිය පළි ගන්න එකයි විතරයි'

    ඔය සාමාන්‍ය මිනිස්සුන්ගේ කතාය.

    සංහිඳියාව තිබියදී එය එක් පාර්ශ්වයකට පමණක් පීඩාකාරී විදියට යෙදෙමින් තිබෙන බව කියන්නේ සාමාන්‍ය සමාජයය.

    එහි තීරණාත්මක අවස්ථාව උදා වූයේ මෙතෙක් නිහඬව උපේක්ෂාවෙන් බලා සිටි අස්ගිරි පාර්ශ්වය ආණ්ඩුවට අනතුරු ඇඟවීමත් එක්කය. අස්ගිරි මහා විහාර පාර්ශ්වය අදාළ නිවේදනය නිකුත් කරමින් රජය විසින් ක්‍රියාත්මක කළ යුතු කරුණු 8ක් පිළිබඳ අවධානය යොමු කර තිබේ.

    'වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ සිංහල ජාතියටත් බෞද්ධ භික්ෂුන් වහන්සේටත් මුහුණ දීමට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටීම යෝග්‍ය නොවන බව අපගේ හැඟීමයි. එය භික්ෂුන් වහන්සේ සතු ඓතිහාසික වගකීම පැහැර හැරීමක් වෙනවා සේම අනාගතයේ පිළියම් කළ නොහැකි ගැටලු රාශියකට අපට මුහුණ දීමට ඒ තුළින් ඉඩකඩ සැලසෙනවා ඇත. මේ නිසා අපි අස්ගිරි මහා විහාරයීය කාරක සංඝ සභාව පහත සඳහන් කරුණු කෙරෙහි සංහිඳියාවෙන් යුතු සමාජයක් ගොඩනැඟීමට ප්‍රයන්ත දරන ජනාධිපතිතුමන් අගමැතිතුමන් ප්‍රමුඛ රජයේ අවධානය යොමුකරනු කැමැත්තෙමු.
    ලිපියේ උපුටන එහෙමය. හරියට කියෙව්වොත් අනතුරු ඇඟවීමේ 'සැර' හිතා ගන්නට පුළුවන්ය.
    උන්වහන්සේගේ නිවේදනය අවසන් වන්නේ මෙසේය.

    'ලංකාවේ බෞද්ධ ජනතාව නිරන්තරයෙන්ම අන්‍ය ආගම්වලට ගරු කරමින් ඒවායේ පැවැත්ම සඳහා කටයුතු කළ පිරිසක් බව මෙරට සියලු අන්‍යාගමිකයන් තරයේ සිත් තබාගත යුතු කරුණකි. එවැනි සහනශීලීත්වයක් ලබාදුන් බෞද්ධ හර පද්ධතියට නිගා කරන අන්‍යාගමික ක්‍රියාවන් අපි තරයේ හෙළා දකිමු. එබැවින් දේශීය හා විදේශීය කුමන්ත්‍රණ තුළින් සිංහල බෞද්ධයාට සිදුවන මෙම අසාධාරණයන් හමුවේ තෛ්‍රනිකායික මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝ රත්නයත් දේශ හිතෛෂී ජනතා බලවේගත් එක්සත්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කර සිටිමු.'

    එහෙම බැලුවම ආණ්ඩුව ඉන්නේ තීරණාත්මක මංසන්ධියකය. ආණ්ඩුවේ හෙට දවස තීරණය කරන්නේ මේ මංසන්ධියේදීය.


    'බලන්න දැන් ආණ්ඩුවට රතන හාමුදුරුවෝ නෑ. සෝභිත හාමුදුරුවෝත් නෑ. කොටින්ම මහ නායක හාමුදුරුවන්ගේ ආශීර්වාදයත් නෑ' කියලා මිනිස්සු කියති.
    මේ නිවේදනය ආණ්ඩුවට එල්ල කළ 'කොළ' එළියක් බවත්, ඉතාම ඉක්මනින් 'රතු එළිය' එල්ල කරන බවත් නිවේදනයේ සඳහන්ය.
    කොළ එළිය සැලකිල්ලට ගෙන හරි පාරට යනවාද, රතු එළිය බලාපොරොත්තුවෙන් මේ පාරේම යනවාද කියා තීරණය කිරීම ආණ්ඩුව සතුය.

     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    බුදු දහම අනුව මුදල් දේපල වාහන පරිහරනය භික්ෂූන්ට කැප නෑ.ඒක නිසා හිමිවරුන්ගේ දේපල පන්සල් ඉඩ කඩම් බැංකු ගිනුම් සහ පිංවතුන් දෙන මුදල් මේවා අන්ඩුවට පවරගෙන අනඩුවට පාලනය කරන එක හොඳයි.කුල දරුවන් සසුන් ගත කිරීම තුලින් බුදු සසුන ආලෝකම්ත් කරමු.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බුදු දහම අනුව මුදල් දේපල වාහන පරිහරනය භික්ෂූන්ට කැප නෑ.ඒක නිසා හිමිවරුන්ගේ දේපල පන්සල් ඉඩ කඩම් බැංකු ගිනුම් සහ පිංවතුන් දෙන මුදල් මේවා අන්ඩුවට පවරගෙන අනඩුවට පාලනය කරන එක හොඳයි.කුල දරුවන් සසුන් ගත කිරීම තුලින් බුදු සසුන ආලෝකම්ත් කරමු.
    ඉස්සර වෙලා තෝ කසාදයක් බැදල දරුවෙක් හදල ඉදපිය ගොටුකොළ පොන්නයා.....:angry::angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    බුදු දහම අනුව මුදල් දේපල වාහන පරිහරනය භික්ෂූන්ට කැප නෑ.ඒක නිසා හිමිවරුන්ගේ දේපල පන්සල් ඉඩ කඩම් බැංකු ගිනුම් සහ පිංවතුන් දෙන මුදල් මේවා අන්ඩුවට පවරගෙන අනඩුවට පාලනය කරන එක හොඳයි.කුල දරුවන් සසුන් ගත කිරීම තුලින් බුදු සසුන ආලෝකම්ත් කරමු.

    ඊට කලින් මේ ඩෙංගු කේස් එකයි කුනු කේස් එකයි විසඳල හිටියොත් මොකෝ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඉස්සර වෙලා තෝ කසාදයක් බැදල දරුවෙක් හදල ඉදපිය ගොටුකොළ පොන්නයා.....:angry::angry:

    තොට පිස්සුද..?
    සෘජු වෙන්නෙ නැතිව කොහොමෙයි ළමයි හදන්නෙ...?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ ආණ්ඩුව නම් හාමුදුරුවරු බල්ලෙක් තරමට ගනන් ගන්නේ නෑ.දැක්කනේ ඊයේ කක්කුස්සි කටාගේ ටෝක් එක.ඌ කතා කලේ සංඝ සභාවේ ප්‍රකාශනය තුට්ටුවකට වත් මායිම් නොකර... සිංහල ජාතිය වද කරන එක ගැන ඇහුවාම වෙන මගුලක් ඇදලා ගත්තා.රාජිතයට නම් සිංහල ඡන්ද නැතත් අවුලක් නෑ.බේරුවලනේ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මේ ආණ්ඩුව නම් හාමුදුරුවරු බල්ලෙක් තරමට ගනන් ගන්නේ නෑ.දැක්කනේ ඊයේ කක්කුස්සි කටාගේ ටෝක් එක.ඌ කතා කලේ සංඝ සභාවේ ප්‍රකාශනය තුට්ටුවකට වත් මායිම් නොකර... සිංහල ජාතිය වද කරන එක ගැන ඇහුවාම වෙන මගුලක් ඇදලා ගත්තා.රාජිතයට නම් සිංහල ඡන්ද නැතත් අවුලක් නෑ.බේරුවලනේ

    හමුදුරුවො පන්සල් වල පඩික්කම් පුරවා පුරවා හිටියට මචන් මෙලෝ ද්යක් දන්නේ නෑ.අඩුම ගන්නේ බුදුන් වදාල දර්මය පවා දන්නේ නෑ.දැහත් විටක් කියන්නේ බුදු දහම නෙවෙයි. එයාලා අකුසල් ‍රැස් කර කර කුසල් හලමින් උපාසකයන්ද කුසල් හලවමින් නිරාගාමි වෙනවා.සුගතිගාමි වෙන්න අටලෝ දහම තේරුම් ගෙන සසරෙන් එතෙර වන්න භාවනා කරන්නේ නෑ.ධර්මදාරී නෑ.ලෞකිකගාමි.අනාත්මක නෑ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    හාමුදුරුවොන්ට අයිති පන්සල්වල වැඩ.
    සියලු දේ අතාරින්න. බුදු සසුන බබලවන්න.
    20129217593321734_20.jpg
     
    Last edited:

    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    'ඔවුන්ට අදාළ ආගමික වැඩ විතරක් බවත් කියමින් 1946 ජනවාරියේදී එහෙම කීවේ ඩී.එස්. සේනානායක සහ ආර්. ජී. සේනානායකලාය. මේ ප්‍රකාශවලට භික්ෂු සමාජය මොනතරම් හෙල්ලුණාද කීවොත්


    වල්ල තමයි හෙල්ලුනේ....​
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඊට කලින් මේ ඩෙංගු කේස් එකයි කුනු කේස් එකයි විසඳල හිටියොත් මොකෝ...
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    ඊට කලින් මේ ඩෙංගු කේස් එකයි කුනු කේස් එකයි විසඳල හිටියොත් මොකෝ...
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    හාමුදුරුවන්ට පංසල සහ ඒකට අයිති ඉඩම් විකුනන්න පුලුවන්ද ආන්ඩුවෙන් අහන්නේ නැතිව.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හාමුදුරුවන්ට පංසල සහ ඒකට අයිති ඉඩම් විකුනන්න පුලුවන්ද ආන්ඩුවෙන් අහන්නේ නැතිව.

    පන්සල හාමුදුරුවන්ගේ නමට නම් තියෙන්නේ පුලුවන්.බුදුන් ප්‍රමුඛ සංඝයාවහන්සේට කියලා ලියලා තියෙනවනම් මොකුත් කරන්න බෑ.
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    බුදු දහම අනුව මුදල් දේපල වාහන පරිහරනය භික්ෂූන්ට කැප නෑ.ඒක නිසා හිමිවරුන්ගේ දේපල පන්සල් ඉඩ කඩම් බැංකු ගිනුම් සහ පිංවතුන් දෙන මුදල් මේවා අන්ඩුවට පවරගෙන අනඩුවට පාලනය කරන එක හොඳයි.කුල දරුවන් සසුන් ගත කිරීම තුලින් බුදු සසුන ආලෝකම්ත් කරමු.

    බුදුදහමට අනුව සාන්ඝිකදේවල් (මිනිස්ස්සු භික්ශුසන්ඝයාට පන්සල්වලට ) පුජාකරපුදේවල් අත්පත්කරගැනීම
    ගිහියන්ට කැප නෑ
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    හමුදුරුවො පන්සල් වල පඩික්කම් පුරවා පුරවා හිටියට මචන් මෙලෝ ද්යක් දන්නේ නෑ.අඩුම ගන්නේ බුදුන් වදාල දර්මය පවා දන්නේ නෑ.දැහත් විටක් කියන්නේ බුදු දහම නෙවෙයි. එයාලා අකුසල් ‍රැස් කර කර කුසල් හලමින් උපාසකයන්ද කුසල් හලවමින් නිරාගාමි වෙනවා.සුගතිගාමි වෙන්න අටලෝ දහම තේරුම් ගෙන සසරෙන් එතෙර වන්න භාවනා කරන්නේ නෑ.ධර්මදාරී නෑ.ලෞකිකගාමි.අනාත්මක නෑ

    උදාරී වගේ කෙනෙක්ද බන් , ධර්මදාරී කියන්නේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    බුදුදහමට අනුව සාන්ඝිකදේවල් (මිනිස්ස්සු භික්ශුසන්ඝයාට පන්සල්වලට ) පුජාකරපුදේවල් ගිහියන් අත්පත්කරගැනීම පාපයක්, වැරැද්දක්.


    එහෙම එකක් කියලා නෑ. පලවෙනි ධර්ම සංගයනාවේදි අකැප දේවල් දර්මාශෝක රජ්ජුරුවන්ගේ භාරයට ගත්තා.
     

    Similar threads