හාර්ට් ඇටැක්

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    [FONT=&quot]මොකක්ද මේ හාර්ට් ඇටෑක්.....?:love::love::love::love:[/FONT]
    [FONT=&quot]හෘදයාබාධයක් ලෙස අපි හඳුන්වන්නේ හෘදයේ තිබෙන කිරීටක ධමනියක කොලෙස්ටරෝල්[/FONT][FONT=&quot] තැන්පතුවක් මත ඇතිවන රුධිර කැටියක් නිසා රුධිර නාලය සම්පූර්යෙන්ම අවහිර[/FONT][FONT=&quot]කරවන තත්ත්වයයි. එසේ රුධිර නාලයක් සම්පූර්ණයෙන්ම අවහිර වූණාම වෙන්නේ හෘදය[/FONT][FONT=&quot]වස්තුවේ එම රුධිර නාලය මගින් රුධිරය සපයන කොටස මියයෑම. එය තමයි හෘදයාබාධයක[/FONT][FONT=&quot]ඇති මූලික ලකෂණය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]හෘදයාබාධයක් ඇතිවෙන්නේ කිරීටක ධමනියක් සම්පූර්ණයෙන්ම අවහිර වූණාම කියල මම[/FONT][FONT=&quot]කිව්වනේ. එතනදී වෙන්නේ කිරීටක ධමනය තුළ තිබෙන කොලෙස්ටරෝල් තැන්පතුව [/FONT][FONT=&quot]පූපූරායාම මත මෙම කොලෙස්ටරෝල් රුධිරයේ ඇති යම් යම් සංඝටක සමග ගැටෙන්න පටන්[/FONT][FONT=&quot]ගැනීමයි. එසේ ගැටීමේදී එතනදී ඇති වෙනවා ප්‍රතික්‍රියාවක් රුධිර කැටිගැසීමේ.[/FONT][FONT=&quot]මෙතනදී වෙන්නේ රුධිරය කැටි ගැසීමට දායකවන රුධිර පටිටිකා මත ෆයිබ්‍රිරීන්[/FONT][FONT=&quot]කියන තන්තුමය පටකය හැදෙන්න පටන් ගන්නවා. එම පටකය හරියට මකුණූ දැලක් වගේ. එම[/FONT][FONT=&quot]කෙදි අතරට ඇවිල්ලා රුධිර [FONT=&quot]සෛල[/FONT] හිරවෙන්නට පටන් ගන්නවා. මෙම රුධිර කැටිය[/FONT][FONT=&quot] හැදෙන්නේ කිරීටක ධමනියේ කුහරය තුළ. එතනදී වෙන්නේ කුහරය තුළින් ගමන් කළ ලේ[/FONT][FONT=&quot] ගමනාගමනය අඩාලවීම. එය තමයි හෘදයාබාධයක් ඇතිවීමේ ක්‍රියාවලිය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙසේ රුධිර නාලය අවහිර වෙන්න හේතු සාධක කාරණා තමයි අපි කලින් සතියේ[/FONT][FONT=&quot]ලිපියේදී කතා කළේ. වයසට යෑම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිරිමි අය ගැහැනූ අයට වඩා තුන් ගුණයකින්[/FONT][FONT=&quot]වැඩියෙන් කොලෙස්ටරෝල්වලට ගොදුරුවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුම්පානය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දියවැඩියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අධික රුධිර[/FONT][FONT=&quot]පීඩනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අධික කොලෙස්ටරෝල් බව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඩ[FONT=&quot]ු[/FONT] [/FONT]
    [FONT=&quot][FONT=&quot]HDL[/FONT] ප්‍රමාණය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරම්පරාවෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්ථූලභාවය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මානසික ආතතිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ව්‍යායාම් රහිත දින චර්යාව තමයි සාධක වෙන්නේ. හැබැයි කෙනෙකුට[/FONT][FONT=&quot]හෘදයාබාධයක් හැදුනාම මෙයින් එකක් නිසා හෘදයාබාධය හැදුනා කියලා නිශ්චිතව[/FONT][FONT=&quot]කියන්න බැහැ. මෙවැනි සාධකවල සංකලනයක් මගින් තමයි මෙම ක්‍රියාවලිය සිද්ධ[/FONT][FONT=&quot]වෙන්නේ. නමූත් මෙවැනි එක් සාධකයක් තිබූණාම වූනත් හෘදයාබාධයක් ඇති වෙන්න[/FONT][FONT=&quot]පූළුවන්. නමූත් අධික රුධිර පීඩනය වැඩියෙන් තියෙන කෙනෙකුට වඩා සාධක ගණන වැඩි[/FONT][FONT=&quot]වෙන්න වැඩිවෙන්න උදාහරණයක් විදිහට අධික රුධිර පීඩනය පාලනය කරමින් සිටින[/FONT][FONT=&quot]කෙනෙකුට වඩා රුධිර පීඩනය දියවැඩියාව සහ කොලෙස්ටරෝල් යන්තම් තිබෙන කෙනෙකුට[/FONT][FONT=&quot]හෘදයාබාධයක් ඇතිවීමේ සම්භාවිතාව ඉහළයි. එක සාධකයක් තිබීමට වඩා වැඩියි සාධක[/FONT][FONT=&quot]කිහිපයක් සම්පූර්ණවීම තුළ හෘදයාබාධයක් අතිවීමේ ප්‍රවණතාව.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අපි එදිනෙදා ගන්නා ආහාරත් හෘදයාබාධයක් ඇතිවීමට බලපෑමක් ඇති කරවනවා.[/FONT][FONT=&quot]විශේෂයෙන්ම මිනිසාට කොලෙස්ටරෝල් සහ දියවැඩියාව කියන රෝග තත්ත්වය ඇති කරන්න[/FONT][FONT=&quot]බලපාන ආහාර හෘදයාබාධ ඇතිවීම කෙරෙහිත් බලපානවා. දියවැඩියාවට බලපාන්නේ අපි[/FONT][FONT=&quot]ගන්නා සීනි ප්‍රමාණය. ඒකට හේතුව තමයි අපි ගන්නා පිෂ්ඨය ප්‍රමාණය ඉහළවීම.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යන්න බලපාන මස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බිත්තර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චීස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බටර්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොල් තෙල්[/FONT][FONT=&quot]වැනි සංතෘප්ත මේද අම්ල අඩංගු ආහාරත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෂණික ආහාර සංස්කෘතිය නිසා අපි ගන්නා[/FONT][FONT=&quot]කෂණික ආහාරත් හඳුන්වා දෙන්න පූළුවනි. තවත් දෙයක් තමයි තෙල් ආහාර වැඩිවීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තන්තු ආහාර අපේ කෑම වේලෙන් ටිකෙන් ටික ඉවත්වීමත් හඳුන්වන්න පූළුවනි. ලුණූ[/FONT][FONT=&quot]අධික ආහාර කාලයක් තිස්සේ ආහාරයට එකතු කර ගැනීමෙන් අධික රුධිර පීඩන තත්ත්වය[/FONT][FONT=&quot]ඇති වෙනවා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ආහාරවල ගුණාත්මකභාවයත් ප්‍රමාණාත්මකභාවයත් වෙනස්වීම හෘදයාබාධ ඇති වෙන්න බලපෑමක් ඇති කරනවා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]හෘදයාබාධයක් ඇතිවෙන්න වයස් සීමාවක් බලපාන්නේ නැහැ. අපි දන්නවා අවූරුදු[/FONT][FONT=&quot]විස්සේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විසිපහේ අයටත් හෘදයාබාධ ඇති වෙනවා. අපේ සමහර පිරිමි අය තරුණ කාලේදී[/FONT][FONT=&quot]හිතනවා මම තාම තරුණයි. දැන් මම දුම් බිව්වට කමක් නැහැ. මම තව ටිකක් වයසට[/FONT][FONT=&quot]ගියාම දුම්බීම අත්හරිනවා කියලා. විශේෂයෙන් අප දකින අඩූ වයසින් හෘදයාබාධවලට[/FONT][FONT=&quot]ගොදුරු වන බොහෝ පිරිමි අය දුම්පානය නිසයි මෙම තත්ත්වයට ගොදුරුව ඇත්තේ.[/FONT][FONT=&quot]එමනිසා හෘදයාබාධයක් ඇතිවෙන්න වයස් සීමාවක් නැහැ. හැබැයි අපි මූලින් සඳහන්[/FONT][FONT=&quot]කළ සාධකවලින් එකක් හෝ කිහිපයක් තිබේ නම් වයසට යාමත් සමග හෘදයාබාධයක් [/FONT][FONT=&quot]ඇතිවීමේ සම්භාවිතාව වඩාත් වැඩිවෙනවා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]හෘදයාබාධයක් ඇතිවෙන්න රෝග ලක්‍ෂණ විවිධාකාරයි. ඇතැම් අයට පපූවේ මැද වේදනාවක්[/FONT][FONT=&quot]ඇති වෙනවා. තවත් කෙනෙකුට පපූවේ වේදනාව ඇතිවෙලා අත දිගට ගමන් කරනවා වගේ[/FONT][FONT=&quot]දැනෙන්න පූළුවන්. මෙය තමයි බහූලව තිබෙන රෝග ලකෂණය වෙන්නේ. ඇතැමූන්ගේ පපූවේ[/FONT][FONT=&quot]වම් පැත්තෙන් රිදෙන්න පටන්ගෙන දකුණූ පැත්ත දක්වා රිදීම පැතිර යනවා. සමහර[/FONT][FONT=&quot]වෙලාවට බඩ දැවිල්ලක් ඇවිල්ලා ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ලෙස දැනෙන්න පටන්[/FONT][FONT=&quot]ගන්නවා. මෙවැනි යම් යම් ඉඟි තමයි සපයනූ ලබන්නේ හෘදයාබාධයක් ඇතිවීමේදී[/FONT][FONT=&quot]මූලිකව අපට දෑනෙන්නේ පපූවේ වේදනා තත්ත්වයක් පමණයි. නමූත් අපි නිතර නිතර කතා[/FONT][FONT=&quot]කරන පපූවේ මහන්සිය එන්නේ ඇන්ජයිනා ලෙස හඳුන්වන තත්ත්ව වලදීයි. හෘදයාබාධයක[/FONT][FONT=&quot]සහ ඇන්ජයිනා කියන රෝග දෙකෙහි ඇතිවන රෝග ලකෂණ වෙනස් වෙනවා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]හෘද රෝග විශේෂඥ වෛද්‍ය[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කනිෂ්ක කමලදාස[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: hmhm95