"හාල් හිඟ වුණොත් මඤ්ඤොක්කා, මුං, බතල කන්න වෙයි"- චමල් රාජපක්ෂ

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    chamalrajapakshe.jpg


    ඉදිරියේදී රටේ හාල් හිඟ වුවහොත් මඤ්ඤොක්කා, මුං, බතල කෑමට ජනතාවට හුරු වීමට සිදුවෙන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

    අතීතයේ ගම්වල ජනතාව වැඩි වශයෙන් මඤ්ඤොක්කා වැනි දෑ ආහාරයට ගැනීම හේතුවෙන් පිළිකා තත්ත්වයන් අවම කර ගැනීමට ද හැකි වූ බව හෙතෙම කීය.

    ශ‍්‍රී දළදා යල් අස්වනු පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා ඊයේ (01දා) මේ බව ප‍්‍රකාශ කළේය.

    එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

    ලංකාව පුරා ගොවි සංවිධාන පසුගිය කන්නයේ නෙළාගත් අස්වැන්නේ අග‍්‍ර කොටස දළදා වහන්සේට පූජා කිරීම වාර්ෂිකව සිදු කරනවා. මහ කන්නයේදී සාර්ථක අස්වැන්නක් අපේක්ෂාවෙන් ගොවීන් දළදා වහන්සේ උදෙසා මෙම පූජාව සිදු කරන්නේ ඉතාම ගෞරවය පෙරදැරිවයි.

    මමත් ගොවියෙක්. මම කාබනික පොහොර යොදල වගා කරමින් සිටිනවා. අලූත් අයට මෙය අලූත් අත්දැකීමක්. මෙය දිගින් දිගටම කරගෙන යද්දි සාර්ථකව කරගත හැකි වෙයි. පළමුවන කන්නය අත්දැකීමක් අස්වැන්න අඩු වුණොත් සහතිකයක් දීල තියෙනව අලාභයක් විදිහට වන්දියක් ගෙවනව කියල. ඒකට බයවෙන්න දෙයක් නැහැ.

    හැම උද්ඝෝෂණයකම පසුබිමේ දේශපාලනයක් තියෙනව. සියලූ දෙනාගෙම වගකීම වසවිසෙන් තොර ආහාරයක් ජනතාවට දෙන්න ඕන කියන එක. අප බලන්න ඕන ජනතාවට ගුණාත්මක වස විසෙන් තොර ආහාර ලබා දෙන්න. ඉස්සර කෑ ගැහුවෙ බහුජාතික සමාගම් එපා කියල. දැන් කියන්නේ රසායනික පොහොර ගන්න එයාලව තියාගන්න කියලා. මේවා අපි කල්පනා කර බලන්න ඕන. අපේ බිමේ මඤ්ඤොක්කා හොඳට වැවෙනවා. දේශීය අල වර්ග 60 කට වඩා තිබෙනවා. මුං ඇට, කව්පි වගේ බෝග තිබෙනවා. මේවා ආහාරයට ගැනීමට අපි පුරුදු වෙන්න ඕන. රසායනික පොහොරවලට අපේ සල්ලි යනව. දෙගොල්ලනම මේ සඳහා කැපවීමක් කරන්න අවශ්‍යයි.

    හාල් හි`ගයක් දැනුත් තියෙනව. අඩු ආදායම්ලාභීන්ට දැනුත් හාල් කොච්චර තිබුණත් රටින් ගෙන්වන්න හදනව අඩු ආදායම් ලාභීන් පිළිබඳව කල්පනා කරනව ඒ අයට අඩුව හාල් දෙන්නෙ කොහොමද කියල අපි සැලසුම් සකස් කරනවා.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, රාජ්‍ය ඇමැතිවරුන් වන අනුරාධ ජයරත්න, දිලූම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ, උදයන කිරිඳිගොඩ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

    https://divaina.lk/හාල්-හිඟ-වුණොත්-මඤ්ඤොක්ක/
     
    • Like
    Reactions: ComanMan

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    අලාභයක් විදිහට වන්දියක් ගෙවනව කියල..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    කොහොමත් මයියොක්කා කන අපිට ඕක මහ දෙයක් නෙමෙයි සෑර්. 2024ත් අපි රට බේරගන්නවා සත්තයි.
     

    Similar threads