හැක් වෙලානම් පොලීසියට කියන්න

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    හැක් වෙලානම් පොලීසියට කියන්න

    හැක් වෙලානම් පොලීසියට කියන්න


    hack.jpg


    තමාගේ පරිගණකය ,ඊ-මේල්ගිණුම වෙනත් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී තිබේනම් හෝ පරිගණක,ජංගම දුරකථන ආශ්‍රයෙන් සිදුකරන සියලුම වංචනික ක්‍රියා දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට හැකියි.

    [email protected], [email protected] යන ලිපින වලට ඊ-මේල් කිරීම මගින් හෝ
    0112380380, 0112422176 යන අංක වලට දුරකථන ඇමතුම් ලබා දීම මගින් මෙම පැමිණිලි ගොනුකළ හැකියි.

    පරිගණක අපරාධ වැඩිවීමත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට පරිගණක අපරාධ පරික්ෂනාගාරයක් වෙනමම පවත්වාගෙන යන අතර එමගින් අන්තර්ජාලයේ සැඟවී සිටින පුද්ගලයන් සිටින ස්ථාන හදුනාගැනීම හා නවීන ක්‍රමවේදයන් අනුව සැකකරුවන් හදුනාගැනීමට හැකි බව පැවසෙනවා.

    වර්තමානය වන විට පරිගණක අපරාධ වලට බොහෝ සෙයින් ගොදුරු වී ඇත්තේ කාන්තාවන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    2007 වසරේ පරිගණක අපරාධ පනතේ 24 වන වගන්තිය යටතේ පරිගණක හා සම්බන්ධව සිදු කරන සියලුම වංචනික ක්‍රියා වලට එරෙහිව නිතිය හමුවට පැමිණිවීමට නීතිමය ප්‍රතිපාදන සකසා තිබෙනවා.


    Source : Gossip9
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    EK account හැක් උනාමත් පොලිසියට කියන්න ඕනෙද ? :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ඉහළ මහාධිකරණයට ගියාත් මම නම් හිතන්නේ නෑ..
    උත්තරයක් ලැබෙයි කියලා :පී
    එහෙනං නීතියෙන් සහනයක් ඇත්තෙම නෑ මේකෙ ? :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙනං නීතියෙන් සහනයක් ඇත්තෙම නෑ මේකෙ ? :D

    අපේ නීතී රීති හැම දෙයක් ම කාලයෙන් කාලයට වෙනස් වෙනවා නේ..
    අනික නීති අඩංගු වෙන්නේ නමට නේ :පී
    ඒ හින්දා වෙන්න ඇති අපිට ඉහලින් උදව්වක් ගන්න බැරි.. :පී