හැඟුම්_දැනුනාද?

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
හැඟුම්_දැනුනාද?

මචන්ලා මචිලා ...ඔන්න ඉස්සලම කියන්න ඕනේ මේක මට උණු සිද්දියක් නෙවෙය් ! එත් ආදරේ කරන හැමෝටම මේක කියෙව්වම අනිවරෙන් තමන්ගේ ආදරේ ගැන මුලින්ම දැනුනු kick එක අයෙත් feel වෙය් ! අනිත් කට්ටියට අමුතුම හැගීමක් එය් ! ඉතින් කම්මැලි කමේ ඉන්නව නම් කියවල යන්න!

කිසිම කෙනෙකුට අදාල වෙන්නැති මගේ පුද්ගලික මතකයන් ටිකක්. තනියෙන් කාමරේ ඉද්දි ඔහේ ලියන්න හිතුන.මේක අතිශයින්ම බොලඳ, කියවන්න කම්මැලි හිතෙන, පොදුවේ ගොඩක් අය අත්දැකල තියන, සුජීව ප්‍රසන්න ආරච්චිගෙ නවකතාවක පරිච්චේදයක් වගේ කතාවක්. ( මගේම මතු ප්‍රයෝජනේට කොහේ හරි ලියවුනානන් හොඳයි කියල හිතුන.) කියවන්නම දෙයක් ඇත්තෙම නැත්තං නිකන් ඉන්න වෙලාවක කියවන්න. කියවල මට බනින්න…!



ආදරේ කියන්නෙ හරි බොලඳ හැඟීමක්.. ඒක මිනිස්සුන්ව විහිලුවට ලක් කරනව… මං ආදරේ කරන මිනිස්සු දිහා බලාගෙන හිනා වුනා. මං දැකල තිබුන මගේ පංතියෙ යාලුවො පැය ගනන් බස් හෝල්ට් වල ගර්ල් ෆ්‍රෙන්ඩ් එන බස් එක එනකං බලං ඉඳල හැන්දෑවට එයාව ගෙදර ලඟට ඇරලල ඊලඟ බස් එකේ අනික් පැත්තට ගෙදර යනව. ඉස්කෝලෙ ඇරිල කෙල්ලගෙ ඉස්කෝලෙ ගාවට දුවනව ස්කූල් වෑන් එකේ නගින කෙල්ලට අත වනන්න. කොමර්ස් කරන උන් මැත්ස් ටියුශන් ක්ලාස් යනව කෙල්ල එක්ක.පෙම්පත් වල පැය ගනන් වචන ගලප ගලප ලියුම් ලියනව. මේව බලල මම හිනා වුනා. මම හිතුවෙම උන්ට පිස්සු කියල . උං හරි මෝඩයි කියල. මට කාලයක් යනකං හිතා ගන්න බැරි උනා ඇයි උං එහෙම හැසිරෙන්නෙ කියල. කොටින්ම මං ඒව ගැන ගැඹුරට තාර්කිකව හිතුවෙ නැති තරං. මොකද උං කරපු කියපුව ඒ තරංම වැදගැම්මකට නැති ක්‍රියා සහ හැඟීම් විදියටයි මම දැක්කෙ.

ඔය සිතිවිලි වලින් ඔලුව වහගෙන ඉන්න කාලෙක මම උසස් පෙල වානිජ අංශයෙන් හදාරන්න තීරනය කරල වානිජ විද්යාව වැඩි දුර හදාරන්න මීගමු ප්‍රදේශයේ ටියුශන් පන්තියකට බැඳෙනව.කණ්ඩායම් පංතියක් නිසා ඒකෙ ලමයි 50කට නොවැඩි ගානක් තමයි හිටියෙ.මම වෙලාවට වැඩ නොකිරීමේ පුරුද්ද කෙල පැමිනි කෙනෙක්. ඉතිං 2.30ට පංතිය පටන් ගත්තත් මම 3න් මෙහා පන්තියට ගිහින් නැහැ. මට හැමදාම සෙට් වුනේ දොර ගාවම බංකුව. ඒක නිසා 6ට පංතිය ඉවර වෙලා ඉස්සෙල්ලම එලියට බහින්නෙත් බස් එකට නගින්නෙත් මම.මට එතන හිටි කිසි කෙනෙක් ගැන වැඩි මතකයක් තිබුනෙ නැති තරං.

මාස කිහිපයක් යන අතරෙ පාසැල් නිවාඩු කාලෙ එලඹෙනව. සතියට දින 2ක් 8.30 සිට 5 වෙනකං පංති පැවැත්වෙන වග සර් අපිට දැනුම් දුන්න.
නිවාඩු කාලෙ පංති පැවැත්වෙන පලවෙනි දවස. එදා වැස්ස දවසක්.බස් එකෙන් එලියට බහිනකොට මුලු මීගමුව බස් ස්ටෑන්ඩ් එකම ජලාශයක් වගේ පිරිල තිබ්බෙ. වෙලාව 9ත් පැනල.මම වැස්සෙම සෙරප්පු දෙකත් අතේ අරන් මහ වීදිය පල්ලිය ලඟට දිව්වෙ.සුලු පටු දුරක් නෙමේ දුවන්න තිබුනෙ. වැස්ස වැඩි උනු නිසාම පන්තියට ටිකක් මෙහායින් තිබ්බ සුරුවම් කඩය ඇතුලට රිංග ගත්තෙ වැස්ස අඩු වෙනකං කියල.මං එතනට වෙලා අහස දිහා බලාගෙන ඉන්න අතරෙ කොහේදෝ ඉඳං ගෑණු ලමයෙක් සුරුවම් කඩය ඇතුලට දුවගෙන ආව. එයාගෙ අතේ කුඩයක් තිබුනෙ නැහැ. ( කුඩයක් නැති කෙල්ලෙක් මං ඔය දැක්කමද මන්ද.) ඇහේ කොනකින් පෙනෙන මානෙ එයා මං ගාවින් හිට ගත්තත් මට ඇය දිහා බලන්න විශේෂ වුවමනාවක් තිබුනෙ නැහැ. ඒත් ඇය මං දිහා බලනව මම ඇස් කොනින් දැක්ක.
“ඔයා ආනන්ද සර්ගෙ ක්ලාස් එකට නේද එන්නෙ” හීන් හඬින් ඇය එහෙම අහද්දියි මම ඇය දිහා බැලුවෙ.වැස්සට තෙත බරිත වෙලා හිටිය ඇගේ කම්මුල් දෙක සීතලට මල් පෙති දෙකක් වගේ රතු වෙලා.ඒ කම්මුල් දිගේ වැහි බිංදු එතකොටත් පහලට රූරමින් තිබුනෙ.ඒ හිනාවෙන ඇස් හරි අහිංසකයි.ඇය ඇඳන් හිටියෙ දම් පාට ,කහ පාට මිශ්‍ර කිසි ගැලපීමක් නැති ගවුමක්.අතේ ලේන්සුවයි පොත් බෑග් එකයි.
ඒ දැක්මත් එක්කම මං ගොලු වුනා. ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක් ඉස්සහර මං ගොලු වෙලා.පිලිතුරක් හොයා ගන්න බැරිව හිත කොහේදෝ අතරමං වෙලා වගේ දැනුන.මං දන්නෙ නැහැ ඇයි මට එහෙම වුනේ කියල. ඒක හරියට අභ‍යාවකාශෙ සැරිසරමින් තිබ්බ උල්කාපාතයක් එක පාරට ඔලුවට කඩා වැටුන වගේ හැඟීමක්.

මං යන්තං අකුරු ගැට ගහල “ඔව්” කිව්ව. ඉන් පස්සෙ එයා මුකුත් ඇහුවෙ නැත්තෙ මගේ මුහුනේ තිබ්බ වෙනස්කම දැකලද මන්ද. මං වැස්සෙම පංතියට දුවගෙන ආවෙ ඇයටවත් නොකිය.ටිකකින් ඇයත් පංතියට ආවත් මට ඇය දිහා කෙලින් බලන්න තරම් ශක්තියක් තිබ්බෙ නැහැ. ඒ ඇයි කියලවත් මම දැනගෙන හිටියෙ නැහැ.එදා දවසෙම මට පංතියෙ කිසි දෙයක් ඇහුනෙ නැහැ. අනික් උන් විකාර කියවද්දි මම ගොලුවෙක් වගේ ඇය දිහාම බලගෙන හිටිය.සර් විශය කරුනු කියද්දි මගෙ ඇස් ඇය දෙසටම ඇදුන.දවසෙම උමතුවෙන් වගේ ඇය දෙසම බලා හිටපු මට එදා හවස පංතිය ඉවර වුනත් ගෙදර යන්න වුවමනාවක් නොතිබුනු ගානයි. වෙනදාට මුලින්ම බස් එකට ගොඩවෙන මම අද පංතියෙන් පිට වුනේ අන්තිමට. මම දැක්ක ඇය මිතුරියක් එක්ක බස් එකක් එනකන් බස් නැවතුමේ බලා ඉන්නව.මම ඇය යන බස් එක හොයන්න වෑයම් කලා. පුදුමයකට වගේ ඇය 240 කොළඹ බස් එකකට නැග්ගෙ. මම යන්නෙත් ඒ බස් එකේමයි. මම දුවල ගිහින් ඒ බස් එකේම එල්ලුනා. දැන් මම ඇය ලඟ .
“කුරණට ටිකට් එකක්” ඇය ඉල්ලුව. “කටුනායකට එකක්” ඒත් එක්කම මමත් ඉල්ලුව. ඇය මං දිහා බැලුවත් ඒ මූනෙ හිනාවක් නන් තිබුනෙ නැහැ . මම උදේ හැසිරුනු විදියට කෙල්ල ආයෙ මූන බලපු එකත් මදැයි කියල හිතල මම හිත හදා ගත්ත.ඇය කුරණ පල්ලිය හන්දියෙන් බැස්සෙ. මම ඇයව නොපෙනී යනකන් බස් එකේ වීදුරුවෙන් බලාගෙන හිටිය.
එදා හැන්දෑවෙ මම ගෙව්වෙ පුදුමාකාර හැඟීම් ගොඩක් එක්ක. ඒ හැඟීම් මේවයි කියල වෙන් වෙන් විදියට නම් කරන්න බැරි උනත් ඒ ඔක්කොම ආදරේ කියන හැඟීම වටේ කැරකෙමින් තිබ්බ කියල නන් මම දැනගෙන හිටිය. කාලයක් හිත හෙව්ව කෙනෙක් හදිස්සියේම මුනගැසුන වගේ හැඟීමක් එක්ක ආපු සන්තෝසයකින් හිත පිරිල තිබ්බෙ. රූපවාහිනිය දිහා බලාගෙන හිටිය මට මායාවක් වගේ රූප පෙට්ටිය ඇතුලෙත් පෙනුනෙ වැහි බින්දු බේරෙන රෝස කම්මුල්. එවෙලෙ කණට ඇහුනු ගීතයත් ගැයුනෙ මටමද මන්ද.

“♫ ♪ සුහද ආරාධනාවක් අරං ඈ ඇවිත් දොරකඩට…
පවන් රොදකටවත් ඉඩක් නෑ නොවෙද…
අවකාශයම වසාගෙන ඈ සිටිනා විට මා අසල… ඈ සිටිනා විට මා අසල…♫ ♪”

ආදරය , ඒ හා බැඳිච්ච හැඟීම් විහිලුවක් කියල හිතපු මම දැන් කොහෙදෝ අතරමං වෙලා කියල හිතෙද්දි මගේ මුවගට හිනාවක් නැඟුන.

“මොකද පුතේ තනියම හිනා වෙන්නෙ” තේ එකත් අරන් ආපු අම්ම හිනාවෙලා එහෙම අහද්දියි මම ආයෙ පියවි සිහියට ආවෙ. ” නෑ.. නිකං” මම අම්ම දිහා බලල හිනා වුනා. අම්ම මං දිහා ආයෙ බලල හිනා වෙලා කුස්සියට ගියා. අම්මට තේරුනාවත්ද?
එදා රෑ ආනන්ද සර් දීපු ටියුට්ස් ටික අරන් පොත් මේසෙ වාඩි වුනත් පාඩම් කිරීම හිතේ මානෙකවත් තිබුනෙ නැහැ.ටියුට්ස් අතරින් වුනත් මම දැක්කෙ ඇගේ රූපෙ. ටියුට්ස් වල කුරුටු ගාමින් හිටපු මගේ හැඟීම් දන්නෙම නැතිව කොලේ කොනක වචන වලට පෙරලිලා.

“වස්සානයේ දිනක…

ආදර ඔබට

හීත උදයෙම හීන වැස්සට තෙමුණු විට ඔබේ වත….
පාට පාටින් නේක විසිතුරු මල් අතර…..
පිනි වැටි රෝස කුසුමක් සේ පෙනුණි…..
මට ඔබ………

ඔබේම මම”

ඇයටත් නොකියාම මම ඇයව මගේ කරගෙන. එදා රෑ එලි වෙනකං නින්ද මගේ හිත අහලකවත් තිබුනෙ නැහැ. ඇඳේ එහා මෙහා පෙරලෙමින් හිටිය මගේ හිතට නැවත ඇය මුනගස්වන්න කියල මගේ හිත මටම බල කලා. මට මගේ හිත පාලනය කර ගන්න බැරි වුනා.

කණ්‍යාරාමයක ඉගෙනුම ලබන ඇය කතෝලික තරුනියක් කියන දේ මම දැනගෙන හිටිය. පහුවදා උදේ වෙනදාටත් වඩා හොඳට හැඳ පැලඳගෙන බයිසිකලයට නැඟපු මම කෙලින්ම ගියේ කුරණ සාන්ත ආනා දෙවු මැදුරට. ඒ ඉරිද උදේ පූජාවට ඇය අනිවාර්යෙන් ආ යුතු බව මම දැනගෙන හිටිය නිසා. පල්ලියට ඇතුලු වුනු මට සෙනඟ අතරින් වැඩි වෙලාවක් නොයාම ඇයව සොයා ගන්නට පුලුවන් වුනා. සුදු පැහැති චාම් සාය හැට්ටයකින් සැලසිලා ඔලුව වේල් කැබල්ලකින් වහගෙන තනි කරලට කොන්ඩෙ ගොතල ඇය දිව්‍ය පූජාවට සහභාගී වෙමින් හිටියෙ. ඇයගෙ චාම් සරල ගති පැවතුම් වලට මගේ හිත තව තවත් ඇය කෙරේම ඇදුන. පූජාව ඉවර වෙනකන් මට ඉස්පාසුවක් නොතිබුනේ ඇය සමඟ කතා කරන්න තිබ්බ ආසාව නිසාමයි. දිව්‍ය මෙහෙය ඉවර වෙලා ඇය පල්ලිය වත්තෙන් එලියට ඇවිත් නැගනිය එක්ක පාරට හැරෙනවාත් සමඟම මම බයිසිකලයෙන් ඇය ලඟින් ඉදිරියට ගියේ ඇයට මාව අඳුනාගැනීමට නොහැකි වේ යැයි හිතපු නිසායි. ටික දුරක් ඉදිරියට ගිය මම ආයෙත් බයිසිකලය හරවන් ගියේ ඇයගේ ඉදිරිපිටටම ගිහින් කතාවට මුලක් පාදා ගැනීමේ පරම අභිලාශයෙන්. මම ඇය අසල නැවතුනා ” කොහොමද?” මම ඇහුව.මම එහෙම අහනවත් එක්කම ඇය නැගනියවත් ඇදගෙනම පාරෙන් අනිත් පැත්තට ගියා. දිව්‍ය මෙහෙයට සහභාගි වී නැවත යන මිනිස්සුන්ගෙන් පාර පිරිල තිබුනෙ.ඒ සෙනඟ අතරින් ඇදිල පල්ලිය පාර අයිනෙ තිබ්බ කුඹුක් ගහ අයිනෙන් ඇය නොපෙනී යනව මම බලාගෙන හිටිය.එදා ඉඳන් පංති පැවැත්වෙන හැම දවසකම මගෙ ගමනාන්තය වුනේ ඔය කුඹුක් ගහ. ඔතන ඉඳන් මම කොච්චර පෙරුම් පිරුවද කියල ඔය කුඹුක් ගහට පන තියනවනන් කියයි.

අද පාන්දර,
කුඹුක් ගහ යට සිට හමා ආ,
සීත සුලඟට හසු වුනා වැනි ඔබේ මුහුනද…..,
ඕලු මල් පෙති සුවඳ වූ මුත්…
මාලු මල් ටය පෙම් කෙලිය මුත්….
යාලුකම් නැති සීත සුලඟකි.

ආදරය නිසා කවියො කලාකාරයො අතින් ශ්‍රේෂ්ට නිර්මාන බිහි වෙනව කියල අහල තිබ්බට ඒ හැඟීම නිසා මම කවියෙක් වෙයි කියල නන් මම හීනෙකින්වත් හිතුවෙ නෑ. ඇය වෙනුවෙන් උපන්න හැඟීම් මගෙ පොත් වල අග පිටු පුරා වචන වලට පෙරලෙනකන් මම ඒ බවක් විස්වාස කලේ නැහැ. අදටත් ඒ කුරුටු ගාපු සිතිවිලි අනන්තව අප්‍රමානව මගෙ පාසැල් පොත් පිටු අතරෙ හැංගිලා ඇති.

මගේ කුලුඳුල් ආදරය හසුකාලීනව මම ජය ගන්නව. අපි වසර ගනනාවක් ආදරේ කරනව. ඒත් අන්තිමට අපි වෙන් වෙනව.මහමේරු පර්වතේට වඩා ලොකුවට පෙරලිච්ච බාධක හමුවේ මට ඇගේ අත ගිලිහෙනව. ඒත් ඒ සුන්දර මතක එදා වගේම තාමත් සුන්දරයි.

අහසේ තරු කැට අතර සිට මට අත වනන සුරංගනාවියනි..
මම ඔබටම පෙම් බැඳ,
උඩු සුලඟට හසුව තටු කැඩුනු සමනලයා වෙමි….

ලං වනු නොහැකි මුත් හැබැහින්…
අත වනනු දුර සිටන් ආදරෙන්….
ඉන්නම් ඒ හීනයේ…
හැමදාම

උපුටාගත්තේ ඇතුල්-දැලෙන් :rolleyes::rolleyes: ;);)


දෙයක් දැනුනනම් සලකල යන්න හරිද!
 

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
danuna sira kerenakota ohoma tamaii
aniwa machn.matath danuna nisali elakiri eke aya ekka bedaganna hitune

thnks wewa!

Woowww..godaaak dewal mathak una...Duka sathuta hamademath ekka...
:yes::yes::yes:
ela mchan ela.. rep denda baalu...
rep nati unata kamak na macho

Patta
+rep
:D
patta machan
++

:D

thnks lokka

මැක්සා බං.. :yes:
:D

:love::love::love::love::love::love:

WOW

:love::love::love::love::love::love:

හැම එකාගේම වගේ ජීවිත කතාව

rep berilu ban
:D
rep nati unata kamka na machoo

elzzzz////////



:D:D:D
 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යකෝ ස්ටැන්ඩ් එකේ ඉඳන් මහවීදීය පල්ලිය ලඟට සෙරෙප්පු අතේ අරන් ගිය එකා බලන්න ආවේ මං, :rofl::rofl::rofl::rofl:
    උඹ නෙමෙයි නේද ලියලා තියෙන්නෙ මේක:yes::yes::lol::lol:
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    යකෝ ස්ටැන්ඩ් එකේ ඉඳන් මහවීදීය පල්ලිය ලඟට සෙරෙප්පු අතේ අරන් ගිය එකා බලන්න ආවේ මං, :rofl::rofl::rofl::rofl:
    උඹ නෙමෙයි නේද ලියලා තියෙන්නෙ මේක:yes::yes::lol::lol:

    නැ මචන් මම නෙවෙඉ මේක ලිව්වේ.net එකේ තිබිලිය් මෙතැනට ගෙනාවේ!
     
    • Like
    Reactions: Ravi Rulz

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මගෙනම් බොක්කටම වැදුනා... සිරා කතාව මචන් , මම මුලින් කියවද්දි හිතුවේ උබේ සීන් එකක් කියල කොහොම උනත් සිරා කතාව මචන්..

    00020239.gif
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    මගෙනම් බොක්කටම වැදුනා... සිරා කතාව මචන් , මම මුලින් කියවද්දි හිතුවේ උබේ සීන් එකක් කියල කොහොම උනත් සිරා කතාව මචන්..

    00020239.gif

    attatama adare karana onama kenekge bokkatama meka wadenawa machn! :yes::yes::yes:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඉස්සර, ඉස්කොලේ යන කාලේ ඔයිට වඩා දරුණුවට පිස්සු නැටුවා තමයි බුරුවෙක් වගේ
    ඒ බූරුවා විකුණලා හුඟක් කල්:no:.. ආයේ සදහටම ඔය වගේ පිස්සු නටන්නේ නෑ කියලා කඳුලු බීගෙන මගේ ඔලුවෙම අත තියලා මතක් මතක් වෙන වාරයක් පාසා දිවුරලත් තියෙනවා :yes:
    ඉතින් මුලු ජීවිත කාලයටම ආයේ ආදරේ කරන්නේ නෑ ආදරෙන් වෙලෙන්නේ නෑ
    ලබන ආත්මේ තමයි! :yes: