හැදුව රජු නැත

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    2010863.jpg

    යුතුකම් කලත් නොපමා
    අමතකව අද නුඔට මා
    සිටිනේ දුකින් කල් යවමිනා
    අසරණව එක් තැනට වීලා

    වැදු මව නුඔ සැතපුවා උකුලේ හොවා
    පෙවූ කිරි බිදු ගනන් කල හැකිදෝ බලා
    යහපත පෙරදැරිව හොද ගුණ දම් දෙවා
    හැදුව රජු අද ගොහින් කොහිදෝ සිත දවා

    උබත් දරු දකියි මතුයම් දිනකදී
    උගන්වනු උන්ට මවට සළකනු පනදිදී
    ඇතත් ආලය ලොව විවිධ වූ නම් දිදී
    මව්ගෙ ආලය වටී ඉන් මුල් තැන ලැබී

    ෙගාඩාක් වටින ෙදයක් ඔයා ලිවිෙවි සෙහාදරයා..
    සුභ පතනවා හදවතින්ම තව ලියන්න...
    11.gif
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරිම අපුරු කාලය විසින් ඉස්මතු කොට දිය යුතු අන්තර්ගතයක්...

    මගේ ආචාරය එම වගකීම ඔබ මේ නිර්මානයෙන් ඉටු කලාට....

    මෙතේ බුදුන් දැක අම්මේ නුඹ බුදු වේවා!!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37

    ෙගාඩාක් වටින ෙදයක් ඔයා ලිවිෙවි සෙහාදරයා..
    සුභ පතනවා හදවතින්ම තව ලියන්න...
    11.gif

    බොහොම ස්තූතියි ඔබට
    :):)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    හරිම අපුරු කාලය විසින් ඉස්මතු කොට දිය යුතු අන්තර්ගතයක්...

    මගේ ආචාරය එම වගකීම ඔබ මේ නිර්මානයෙන් ඉටු කලාට....

    මෙතේ බුදුන් දැක අම්මේ නුඹ බුදු වේවා!!

    ස්තූතියි රොන් අයියා අදහස් වලට
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ෙමි වෙග් සිදුවීමි අද සමාජෙය් වැඩිෙවමින් තිෙයනවා. ලංකාෙවි වැඩිහිටි නිවාස වැඩිෙවලා තිෙයන්නේ ඒක ෙවන්න ඇති. කණගාටුදායකයි...

    ෙමි කවි ෙපල ඒ අසරණ මවෙග් ෙකා්ණෙයන් සංෙවිදීව ලියවිලා තියනවා...
    ෙහාද නිර්මාණයක් කසුන් සෙහා්දරයා.....
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අම්මා කෙනෙක්ගෙ ආදරයට සම කළ හැකි ආදරයක් මෙලොව නැහැ. ඔයා කියන මේ කඳුලු කතාව අද බොහෝ අම්මාවරුන්ගේ සිතුවිල්ලක්. ළමයි ඉගෙනගෙන, රස්සාවලට පිටරට යන නිසා ගොඩක් මවුවරු ඉන්නෙ තනි වෙලා.

    අර පලවෙනි පේළියෙ 'යුතුකම් කළත් නොපමා' කියන එක කා සම්බන්ධයෙන්ද? මම එහෙම අහන්නෙ ගොඩක් මවුවරු ළමයි වෙනුවෙන් දේවල් කරන්නෙ 'යුතුකම්' හැටියට සලකා නොවන නිසා. ඔවුන් ඒ දේවල් කරන්නෙ ආදරෙන්මයි. අනික් අතට ළමයින් දෙමවුපියන්ට සළකන්නෙ බොහෝවිට 'යුතුකම'ක් කොට සළකා. දුර බැහැර සිට නිතිපතා මුදල් එවීමෙන් 'යුතුකම' කෙරුණු බව හිතනවා.

    බොහොම කාලීන මාතෘකාවක්, ඔයා සංවේදී විදිහට කියනවා. විශේෂයෙන් 'රජුන්' කියන වචනෙ යොදා ගන්නකොට. මවුවරු තමන්ගෙ ළමයි ගැන හිතන්නෙ එහෙම තමයි.
     
    සිතූතියි ඔබගේ අදහස් වලට ,
    ඇත්තටම යුතුකම් කියල මම යොදාගත්තේ , ළමයි විශ්වාසකරන්නේ ඒව දෙමාපියන්ගේ යුතුකම් කියල ,තවත් විදිහකට දෙමාපියන්ම කියනව අපෙන් ඉටු විය යුතු යුතුකම් කියල

    ( බහුතරයක් )

    , ඉතින් ඒ අම්ම හිතනව දරුවන් තමාගෙන් බලාපොරොත්තු වුන සියලු දේ ඉටු කලා කියල, ආදරයත් නොඅඩුව ලබාදුන්න කියල
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සිතූතියි ඔබගේ අදහස් වලට ,
    ඇත්තටම යුතුකම් කියල මම යොදාගත්තේ , ළමයි විශ්වාසකරන්නේ ඒව දෙමාපියන්ගේ යුතුකම් කියල ,තවත් විදිහකට දෙමාපියන්ම කියනව අපෙන් ඉටු විය යුතු යුතුකම් කියල

    ( බහුතරයක් )

    , ඉතින් ඒ අම්ම හිතනව දරුවන් තමාගෙන් බලාපොරොත්තු වුන සියලු දේ ඉටු කලා කියල, ආදරයත් නොඅඩුව ලබාදුන්න කියල

    ඔව්, ඔයා හරි. දෙමවුපියොත් කියන්නෙ උගන්වලා, රස්සාවල් හොයල දීලා, කසාද බන්දලා දීලා අපෙ යුතුකම් කලා කියලනෙ.