maru creation eka machan
digatama me wage nirmana karanna
suba pethum![]()


![]()
යුතුකම් කලත් නොපමා
අමතකව අද නුඔට මා
සිටිනේ දුකින් කල් යවමිනා
අසරණව එක් තැනට වීලා
වැදු මව නුඔ සැතපුවා උකුලේ හොවා
පෙවූ කිරි බිදු ගනන් කල හැකිදෝ බලා
යහපත පෙරදැරිව හොද ගුණ දම් දෙවා
හැදුව රජු අද ගොහින් කොහිදෝ සිත දවා
උබත් දරු දකියි මතුයම් දිනකදී
උගන්වනු උන්ට මවට සළකනු පනදිදී
ඇතත් ආලය ලොව විවිධ වූ නම් දිදී
මව්ගෙ ආලය වටී ඉන් මුල් තැන ලැබී
ෙගාඩාක් වටින ෙදයක් ඔයා ලිවිෙවි සෙහාදරයා..
සුභ පතනවා හදවතින්ම තව ලියන්න...![]()


හරිම අපුරු කාලය විසින් ඉස්මතු කොට දිය යුතු අන්තර්ගතයක්...
මගේ ආචාරය එම වගකීම ඔබ මේ නිර්මානයෙන් ඉටු කලාට....
මෙතේ බුදුන් දැක අම්මේ නුඹ බුදු වේවා!!
අම්මා කෙනෙක්ගෙ ආදරයට සම කළ හැකි ආදරයක් මෙලොව නැහැ. ඔයා කියන මේ කඳුලු කතාව අද බොහෝ අම්මාවරුන්ගේ සිතුවිල්ලක්. ළමයි ඉගෙනගෙන, රස්සාවලට පිටරට යන නිසා ගොඩක් මවුවරු ඉන්නෙ තනි වෙලා.
අර පලවෙනි පේළියෙ 'යුතුකම් කළත් නොපමා' කියන එක කා සම්බන්ධයෙන්ද? මම එහෙම අහන්නෙ ගොඩක් මවුවරු ළමයි වෙනුවෙන් දේවල් කරන්නෙ 'යුතුකම්' හැටියට සලකා නොවන නිසා. ඔවුන් ඒ දේවල් කරන්නෙ ආදරෙන්මයි. අනික් අතට ළමයින් දෙමවුපියන්ට සළකන්නෙ බොහෝවිට 'යුතුකම'ක් කොට සළකා. දුර බැහැර සිට නිතිපතා මුදල් එවීමෙන් 'යුතුකම' කෙරුණු බව හිතනවා.
බොහොම කාලීන මාතෘකාවක්, ඔයා සංවේදී විදිහට කියනවා. විශේෂයෙන් 'රජුන්' කියන වචනෙ යොදා ගන්නකොට. මවුවරු තමන්ගෙ ළමයි ගැන හිතන්නෙ එහෙම තමයි.
සිතූතියි ඔබගේ අදහස් වලට ,
ඇත්තටම යුතුකම් කියල මම යොදාගත්තේ , ළමයි විශ්වාසකරන්නේ ඒව දෙමාපියන්ගේ යුතුකම් කියල ,තවත් විදිහකට දෙමාපියන්ම කියනව අපෙන් ඉටු විය යුතු යුතුකම් කියල
( බහුතරයක් )
, ඉතින් ඒ අම්ම හිතනව දරුවන් තමාගෙන් බලාපොරොත්තු වුන සියලු දේ ඉටු කලා කියල, ආදරයත් නොඅඩුව ලබාදුන්න කියල
maw sanahasa mila karana bae
eath dan SL wala samahara katiyata uuthum maw guna gaena kiyala daena waela