හැමතැනම බොනිකර තරුව
දේවානුහසින් කැබලිත්තේ දෙවියන්ගේ පිළිම අඹපු හැටි.
දේවානුහසින් කැබලිත්තේ දෙවියන්ගේ පිළිම අඹපු හැටි.
විශේෂ මුර්ති කලා හැකියාවක් හෝ චිත්‍ර කලාව පිලිබඳ දැනුමක් නැති පුද්ගලයන් දේව ප්‍රතිමා පමණක් ඉතා අපුරුවට නිර්මාණය කරණු අප අසා ඇත්තෙමු.
ස්වරුපය මෙය යයි පොතපතින් හෝ වෙනයම් ක්‍රමයකින් අප දැක නැති සමහර දේව ප්‍රතිමා නිර්මාණය කිරීමට ඔවුනටට සුවිශේෂී වැටහීමක් ලැබී ඇත.
ගම්පහ, නාරංවල ලක්මාලි පෙරේරා නම් වූ යතිවරිය නොහොත් වත් පිළිවෙතින් සපිරි දේවාර්ශිවාදයෙන් සවිමත් නාරායන් දේවිය යනුවෙන් නම් කරන ලද ඒ සරල කාන්තාවද එවන් කෙනෙකි.
ඇය විසින් නිර්මාණය කල දේව පිළිම 60 පමණ අරණක් වැනි පරිසරයක පිහිටි ඇයගේ අසපුව තුල තැන්පත් කර තිබේ. පුදුමය නම් ඒ සියල්ල නිපදවීම සඳහා ගත ඒ ඇත්තේ මාස 03කටත් අඩු කාලයකි.
හිමාල අඩවිය තුල සෘෂිවරුන් රුප, වෙසමුණි හා දැඩිමුණ්ඩ හාමුදුරුවෝ, සමන්තභද්‍ර සතරවරම් දෙවිවරු, පුර්ණක යක්ෂයා, එරන්දතී නාග කන්‍යාව, නවග්‍රහ යක්ෂයන්, බාලගිරි, කළුකුමාර රූපය ඇතුළු ප්‍රතිමා රාශිය එහි නිර්මිත කොට තිබේ
රුහුණේ කුඹුක්කන් ඔය අසබඩ යාල වනෝද්‍යානයට අයත් මහා වනයේ භාවනායෝගීව වැඩ වසන්නේ යැයි ද කතරගම දෙවියන්ගේ ජීවමාන තාපස රූපය යැයි ද විශ්වාස කෙරෙන කැබලිත්ත දෙවි හාමුදුරුවන්ගේ ප්‍රතිමාවක් ද ඒ නිර්මාණ අතර තිබේ.
කිසිදිනෙක කැබලිත්ත දේවල භූමියට පා තබා නැති ඇයට අදෘශ්‍යමාන බලයකින් එම රුව අඹන්නට ගතවුයේ දින දෙකන් පමණි.
මේ විශ්මයජනක බලය ඇයට ලැබුනේ කෙසේද?
"මේවා මම මනසින් හිතල දැකල කරපු මගේ චිත්ත රූප නෙමෙයි. මම නිතරම වගේ ගිහිල්ල අනුරාධපුරේ රුවන්වැලි සෑය ළඟ සිල් සමාදන් වෙනවා. දවසක් මම එහෙම සිල් සමාදන් වුණු එක දවසක මම බලාපොරොත්තු උනේ දවල් දවස විතරක් සිල් ගන්න. එත් මට හිතුන එදා රාත්‍රියත් රුවන්වැලි සෑ මළුවේම ශිලයෙන් ගත කරන්න ඕන කියල....මම හිටියේ සෑ මළුවේ කොනක. හරි ලස්සනට සෑයේ කොත් වහන්සේ සඳ එලියට දිලිසෙනවා. ඒ එලිය මැද්දෙන් අමුතු රුපයක් මා දිහාට පාවුණා. තාපස හා දේව ස්වරුපයක එකතුවක් ඒක. මම බිම දිගාවෙලා සාදු කියල වැන්ඳ.... මේ ලෝකයේ ගුණයෙන් යුක්ත මිනිස්සු ඉන්නවා. ඒ අයට යම් පිහිටක් වෙන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ නිසා දේවාරාධනාව කරන්න ඔබට හේතු තියෙනවා. ඊට එකඟ වෙන්න පුලුවන්ද කියා ඒ රුව මගෙන් ඇහුවා."

ඔබ එය පියවි ඇසින් හොඳින්ම දැක්කද?
ඔව්. රුවන්වැලි සෑය ලඟදි මම ඒ දෙවියන් පියවි ලෙසින් දැක්ක. ඒ දෙවියන්ගේ රූපයත් මම මෙතන අඹලා තියෙනවා. එකත් මම හිතල අඹපු රුවක් නෙමෙයි. මේක අහපු වෙලාවේ මම ටිකක් හිතුවා. මොකද මම කවදාවත් පිළිම අඹපු කෙනෙක් නොවෙයි. මුර්තියක් කවදාවත් කරලා නෑ. මම කල්පනා කල. කැමති නම් දණ්ඩනමස්කාරයෙන් වඳින්න යයි මට කිව්වා. පිළිම හැටක් හදන්න කියල මට කිව්වා. මේක කොහොමද කරන්නේ කියල මට හිතාගන්න බැරුව ගියා.... පස්සේ ඒ රුව අතුරුදහන් වුණා. ඊට සතියකට විතර පස්සේ මම කතරගම ගියා. කතරගම අෂ්ටඵල බෝධිය ළඟදිත් ඒ ඉල්ලීම ඒ විදියටම කළා.

ඒ දෙවියොම ද? ඒ ස්වරුපයෙන්මද?
ඔව් ඒ විදියට ම ඒ ස්වරුපයෙන්ම කැමැත්ත අනුව මට දණ්ඩනමස්කාරයෙන් වඳින්න කිව්වා. මම හිත එකඟ කරගෙන දෙවියන්ගේ ආරාධනාව භාර ගත්තා..... මේකන් මොනවා හරි දෙයක් වෙයි කියල හිතට එකඟවෙලාම මම කැමති වුණා.
ඔව් ඒ විදියට ම ඒ ස්වරුපයෙන්ම කැමැත්ත අනුව මට දණ්ඩනමස්කාරයෙන් වඳින්න කිව්වා. මම හිත එකඟ කරගෙන දෙවියන්ගේ ආරාධනාව භාර ගත්තා..... මේකන් මොනවා හරි දෙයක් වෙයි කියල හිතට එකඟවෙලාම මම කැමති වුණා.
ඊට පස්සේ ඔබ මොකද කලේ...?
ඒ ඇවිත් සතියක්වත් ගියේ නැහැ. පළමුවෙනි අවස්ථාවේම විනාඩි විස්සකින් හදපු ප්‍රතිමාව මේ. මාස 03 කටත් අඩු කාලයක් ඇතුලත මේ පිළිම 60ම හදා නිම කළා.
ඒ ඇවිත් සතියක්වත් ගියේ නැහැ. පළමුවෙනි අවස්ථාවේම විනාඩි විස්සකින් හදපු ප්‍රතිමාව මේ. මාස 03 කටත් අඩු කාලයක් ඇතුලත මේ පිළිම 60ම හදා නිම කළා.
කැබලිත්ත දෙවියන්ගේ ස්වරුපය ඔබ කොහොමද දැන ගත්තේ?
දැන් මෙහෙම පිළිම හදාගෙන යද්දී මම හිතනවා කැබලිත්ත දෙවියන් මට දකින්න ඇත්නම් හොඳයි කියලා. එහෙම හිතන අතරතුර තමයි ඒ දේව ස්වරුපය මා ඉදිරියට ආවේ. රුවන්වැලිසැය ලඟදි මගෙන් ඉල්ලීමක් කළා එය නිර්මාණය කරන්න කියලා. එයට දවස් එකහමාරයි ගියේ.

කොහොමද ඒ නිර්මාණ එහෙම සිදු වෙන්නේ....?
මට දැනීමක් නැහැ ඒ ගැන. ප්‍රතිමාවක් හදන්න සුදානම් වෙද්දී හෙමිහිට මගේ කල්පනාව අමුතු තලයකට යනවා. ඒක වෙන්නේ හදන්න පටන් ගත්තට පස්සේ. එතකොට මුකුත් නෑ. හදල ඉවර වුණාම තමයි නැවත පියවි කල්පනාවට එන්නේ මේ එකක්වත් පියවි සිහියෙන් යුක්තව කළා දේ නොවෙයි. ඇත්ත ස්වභාවය ඒකයි. මේ ප්‍රතිමා අඹන්න කිව්වොත් ඒක කරන්න බෑ. ඒ තියෙන්නේ ආකස්මික බලවේගය හා ආකර්ශනය එක්කයි ඒක වෙන්නේ. මට නිකම් මුර්තියක් හදන්න කීවොත් ඒක කරන්න බැහැ.

මේ තරම් වේගයෙන් කොහොමද ඔබ ඇඹීම කරන්නේ?
ඒ වෙලාවට හරිම වේගයකින් ඒ දේ සිද්ධ වෙන්නේ එතැනදී ඒ ළඟ අඩුගානේ තුන් දෙනෙක්වත් ඉන්න ඕන. මුර්තිය ඇබීම සඳහා අවශ්‍ය කරන දේවල් දෙන්න.
මොනවද මේ පිළිම අඹන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය..?
අවශ්‍ය කරන දේවල් ඒ පෙනී හිටින දේව ස්වරුපය විසින්ම කියනවා. ඒ දේවල් අනුවයි සුදානම් වෙන්නේ. හුඹස් මැටි, ගල් කුඩු වගේ දේවල් භාවිත වෙනවා.
ඉදිරියේදී තවත් දේව ප්‍රතිමා නිර්මාණය වෙනවාද?
ඔව්. නවග්‍රහ දෙවියන්ගේ ප්‍රතිමා අඹන්නට මට දේවාරාධනාව ලැබී තියෙනවා. එය ඉතිම ආකර්ශනීය දෙයක් වේවි. නවග්‍රහ දෙවියන්ගේ විශාල පිළිම හදන්නයි මට නියම වෙලා තියෙන්නේ. විශ්වයේ බලය කේන්ද්‍රගත වෙලා තිබෙන නවග්‍රහ ශක්තිය මිනිසුන්ගේ ජිවිතවලට ප්රබලවම බලපෑම් කරන්නක්. පින්වත් අයට මේ රූප සඳහා දායක වන්නත් අවස්ථාව දෙනවා. මෙය ඇස්පනාපිටම දකින්නට කීප දෙනෙකුට මම ආරාධනා කරනවා. එතකොට මා කියන දෙයහි සැබෑව, විශ්වාසය ඔබට අවබෝධ වේවි.
පුදුමය නම් මේ ප්‍රතිමා හදද්දී සිමෙන්ති, මැටි කඩා වැටෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හිටි පිළිමයට සිමෙන්ති හයිවෙන්න සෑහෙන කාලයන් යනවනේ. දැන් හදා තියෙන ලොකුම හිටි පිළිමයේ උස අඩි 06 ක් විතර ඇති.
සමන්දෙවි හාමුදුරුවෝ, පත්තිනි මෑණියෝ, ගණ දෙවියන්, විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා, ධන්වන්තරි සෘෂින් වහන්සේගේ වගේ තවත් ප්‍රතිමා නිර්මාණය කරන්නට මට දෙවියන් නියම කර තිබෙනවා. ඒවා මේ මාසයේ අග විතර ආරම්භ කරනවා. මේ සියල්ල අවශ්‍ය නම් දැකබලා ගන්න පුළුවන්....නාරායන් දේවිය ඉතා අධිෂ්ඨානශිලිව පවසන්නීය.
හුදී මිනිසුන් උදෙසා කර අධ්‍යාත්මික උපකාරයෙන් ඉතා සරල චාම් දිවිපෙවෙතක් ගෙවන නාරායන් දේවිය ඉතා ආකස්මික ලෙස තමන්ට ලැබී ඇති ඥාන දායාදය මැනවින් හසුරුවමින් සිටින්නීය. සත්‍යම පදනම් කරගත් ආධ්යාත්මවේදිනියක ලෙස ජෝතිෂ්‍ය මඟපෙන්වීමෙන් ද වෛද්‍ය විද්‍යාව මඟින් සුවකළ නොහැකි රෝගීන් අපුර්ව ලෙස සුව කිරීමෙන්ද නාරායන් දේවිය විවිධ හාස්කම් පෙන්වා තිබේ.
මළගිය ඇත්තන් සහ භූතයන් සම්බන්දයෙන් ඇයට ඇති අත්දැකීම් පුදුම සහගතය. ඒවා ගැන කියන්නට එතරම් කැමැත්තක් නැති වුවද මළගිය අයෙකුගේ භුතාත්මයක් සුවපත් කල එක කතාවක් පමණක් ඇය කිවේ බලවත් ඉල්ලීම නිසාය.
අපි ගියා මොනරාගල, ඔක්කම්පිටිය යාල කලේ ඇතුලට තෙල් හිඳින්න අවශ්‍ය බේත් පැළෑටි සොයා ගන්න. පිලිකා වගේ රෝග වලට අවශ්‍ය බේත් වර්ග මම එහෙම සොයනවා. මාස 06 ක් විතර එහෙ ඉදගෙන මගේ අතින්ම තෙල් හින්ද."
"අපේ නවාතැනේ ඉඳල බෙහෙත් සොයන්න යන කැලෑවට ටික දුරක් තියෙනවා. ඒ පළාතේ ටිකක් ඈතින් ඈතින් වගේ ගෙවල් තියෙනවා. අපි යන එන ගමනේදී මට පේනවා ඒක ලස්සන ගැහැණු ළමයෙක් ෂොපින් බෑග් එකක රෙදිත් දාගෙන ඔක්කම්පිටිය ගඟට යන පොඩි පාරක් අයිනේ බෝක්කුවක් වගේ තැනක වාඩි වෙලා ඉන්නවා. ඇය මට මොනවදෝ කියන්න උත්සහ කරනවා. මට පමණයි ඇයව පේන්නේ...
"මට හිතුන ඇයට පිහිට විය යුතුයි කියලා. මම මේ දැකපු දේ ඒ ළඟ තියෙන ගෙදරක අයට කිව්වා. ඒ අනුව මේ කතාව මට හෙළිවුණා.
"මේ ගමේ ඉඳල තියෙනවා අවුරුදු 17 ක විතර ගැණු ළමයෙක්. ඇය පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් නිසා ගැබ් අරගෙන තියෙනවා. ඒ දරු ගැබ නැති කරගන්න බැරුව මේ දරුවා දිවි හානි කරගෙන. ඇය ජීවත්ව සිටියදී හැමදාම හවසට ඔක්කම්පිටිය ගඟට යනවලු නාන්න. ෂොපින් බෑග් එකක රෙදිත් දාගෙන. ඒ යන ගමන් මෙතන සමහර වෙලාවට වාඩි වෙලා ඉන්නවලු. මේ ඇගේ භූතාත්මය තමයි මට පෙනෙන්න තියෙන්නේ. දැන් ඇගේ ආත්මය හිරවෙලයි තියෙන්නේ. දිවි හානි කරගත්ත නිසා."
"මම ඒ පාර කිසිවෙකුට කිවේ නෑ. ඇය සමඟ කතා කළා. ඇය මගෙන් කන්න ඉල්ලුවා ආප්ප හා පොල්සම්බෝල. ඇයට මම භුතාත්මයෙන් නිදහස් වන හැටි කියලා දුන්නා. ඇය ඉල්ලු දේවල් ඇගේ වයසේම ළමයින් දෙන්නෙකුට කන්න දුන්නා. මාලිගාවිල බුදුපිළිමය ළඟ පහන් පත්තු කර ඇයට පින් අනුමෝදන් කළා. ඉන්පසු ඇය මට දකින්න හිටියේ නැහැ."
"ඒ පින ඇයට අනුමෝදන් වෙන්න ඇති... ඒ වගේ මම අරන් ගිහින් ඉහල ආත්මවලට ගත්ත භූතයෝ අනන්තයි අප්‍රමාණයි.....කවදාවත් භූතයෙක් බෝතලයක දාල හෝ වෙනත් ක්‍රමයකට හිර කරන්න නරකයි. එය හරියට ජිවිතයක් නැති කිරීම හා සමානයි..."
" මේක මහා පුදුම දෙයක්. මිනිස්සු දන්නවා නම් මැරුණට පස්සේ වෙන දේවල්. මිනිස්සු කවදාවත් පව් කරන්නේ නැහැ. වැරදි කරන්නේ නැහැ...." නාරායන් දේවිය කියන්නීය.
පසුවදන්
මෙතුමිය කියනදේ ඇත්ත වේවා කියල අපි හිතමු! හොඳ හිතින් කරන දෙයක් වරදින්නේ නැහැනේ. එත් මේකත් අර දොළුකන්ද වගේ මිනිස්සු රවටගෙන කන මගඩියක් නොවේවා කියලත් ප්‍රාර්ථනා කරමු. ලංකාවේ මිනිස්සුනට දැන් රැවටිලා ඇතිවෙලා...
-----------------------------------------------------------------------
"සත්‍යම පදනම් කරගත් ආධ්යාත්මවේදිනියක ලෙස ජෝතිෂ්‍ය මඟපෙන්වීමෙන් ද වෛද්‍ය විද්‍යාව මඟින් සුවකළ නොහැකි රෝගීන් අපුර්ව ලෙස සුව කිරීමෙන්ද නාරායන් දේවිය විවිධ හාස්කම් පෙන්වා තිබේ."
ඔය පනින්නේ බළලා මල්ලෙන් එලියට... දැන් ඉතින් පෝලිමේ යමල්ලා මැජික් වලින් සුවපත් වෙන්න...
-----------------------------------------
දේව සංකල්පය ගැන අදහස කුමක් වුවත් ඇයගේ කළා හැකියාව නම් අගය කල යුතුයි. අධ්‍යාත්මික බලයෙන් ලෙඩ සුව කිරීම නම් සල්ලි ගරා ගැනීමක් වෙන්න පුළුවන්. මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුණු කාලෙක ඉස්සෙල්ලාම ඕව පිටිපස්සේ දුවලා අන්තිමට ඉස්පිරිතාලේ අරන් ගියාම ලෙඩා ගොඩ දාන්න සක්කරයටවත් බෑ. ඊට පස්සේ ඉතින් දොස්තරලාට දෙහි කපනවා.
-----------------------------------------
අන්තිමට කියන්න තියෙන්නේ
බුද්ධ ධර්මයට නිගා කරන්ඩ නම් එපා, දේව වරම් ලැබූ අක්කේ .......................