මම දැන් ගැනු ළමයෙක් එක්ක යාලු වෙලා අවුරුදු 1.5ක් විතර වෙනවා. මගේ ෆර්ස්ට් ලව් එක. මුල් කාලේ නම් මට එහෙම ප්රශ්නයක් තිබ්බේ නැහැ ඒත් ටික කාලෙක ඉදන් මට ලොකු ප්රශ්නයක් තියෙනවා. ලගකදී ඉදං එයාව තේරුම් ගන්න හරිම අමාරුයි . උදාහරණයක් කිව්වොත් වඩේ කමුද කියලා මම ඇහුවම එයා ඕනේ නැහැ දැන් කියනවා. මාත් ඉතින් ඕනේ නැති නිසා මම අරන් තනියම කන්නද කියල නිකන් ඉන්නවා. ඊට පස්සේ ඕක දවස් දෙකකට විතර පස්සේ ඇදලා ගන්නවා. වඩේ අරගෙන දුන්නෙත් නැහැනේ කියලා. සමහර දවස් වලට ඔය වගේ එකක් උනාම මුණ එල්ලන් ඉන්නවා. මම ඉතින් ආයේ කිලෝ මීටර් එකක් විතර යනවා වඩේ හොයාගෙන.
එක දවසක් කොත්තු කමු කිවුවා. මට ගෙදර යන්න වෙලා ගිහින් තිබ්බ නිසා මම වෙන දවසක කමු කිවුව. එදත් මුණ එල්ලගෙන. මැසේජ් කරෙත් නැහැ. ඉතින් ආයේ හම්බුනාම මම කලින් දවසේ සිද්දිය නිසා රෙස්ටුරන්ට් එකට එක්ක ගියා. කොත්තු ගෙනාවත් මෙයා කෑවේ නැහැ. ජුස් එක විතරක් බිවුවා. එයා කියනවා මගෙන් ඇහුවේ නැතුවනේ ඕඩර් කරේ මට දැන් කොත්තු කන්න බැහැ කියලා. මම එයාගෙන් අහන්නේ නැතුව කොත්තු ඕඩර් කලේ වෙනදත් අපේ සුපුරුදු කෑම ඒක නිසා. කොහොම හරි මම දෙකම කෑවා. ඊට පස්සේ එදා රෑත් තරහින්. මම තනියම කෑවාලු නිකන් වත් කවන්නද ඇහුවේ නැහැලු. ඒ කඩේ අනලා කවන්න පුළුවන් තැනක් නෙවේ. මිනිස්සු හිනා වෙයි.
හොදම එක තමා එයා හිතන වෙලාවට මම මැසේජ් දාන්න ඕනේ. ඒ කියන්නේ වැඩ ඉවර වෙලා වගේ ගෙදර එන වෙලාව අනුමාන කරලා මම ඉස්සෙල්ලා කතා කරන්න ඕනේ. මම රෑ7ට විතර කෝල් කරාම කියනවා ඇයි කලින් කතා කරේ නැත්තේ මම අද කලින් ආවා කතා කරනකන් බලාගෙන හිටියේ කියලා. කලින් ආවා නම් මට කතා කරන්න එයා දැනගන්න එපැයි. මම සාත්තර කාරයෙක්ද? ඉස්සර මේ වගේ නැහැ දැන් මාස 6ක වගේ ඉදන් මෙහෙම. මට එයාගේ හිත කියවලා එයා කැමති දේවල් කරන්න කියනවා වගේ මේක.