හැම තැනම දාන්ඩ එපා - මෙතනට බාර දෙන්ඩ (CFL)

AnuradhaRa

Well-known member
  • හැම තැනම දාන්ඩ එපා - මෙතනට බාර දෙන්ඩ (CFL)

    Asia Recycling | දකුණු ආසියාවේ ප්‍රථම CFL ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ශාලාව ලංකාවේ

    cfl.jpg


    CFL විදුලි බුබුළු එසේත් නැත්නම් compact fluorescent lamps යනු විදුලිය ඉතිරි කිරීම සඳහා බොහොමයක් නිවෙස්වල භාවිතයට ගැනෙන්නක්. අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහොමයක් රටවල මේ CFL විදුලි බුබුළු ඉතා විශාල වශයෙන් භාවිත වනවා. කොපමණ විදුලිය ඉතිරි කරදුන්නත් භාවිතයෙන් පසුව නිසි ලෙස ඉවත නොදමන CFL විදුලි බුබුළු පරිසරයට සිදුකරන්නේ බරපතල හානියක්. මන්ද මේවායේ අන්තර්ගත රසදිය (mercury) ඉතා විෂ සහිත වීම නිසා. බොහොමයක් දියුණු රටවල නම් මෙවැනි විෂ සහිත නිෂ්පාදන භාවිතයෙන් පසුව බැහැර කිරීම සඳහා නිසි ක්‍රමයක් තිබෙනවා. එහිදී මේ නිෂ්පාදන වල අඩංගු විෂ සහිත ද්‍රව්‍ය පරිසරයට මුදාහැරිම වළකනවා.

    නමුත් දියුණු වෙන රටවල මේ තත්වය හාත්පසින්ම වෙනස්. බොහෝ විට මෙවන් විෂ සහිත නිෂ්පාදන භාවිතයෙන් පසුව තැන තැන දමා තිබෙනු දක්නට පුළුවන් මේවා තුලින් නිකුත් වෙන විෂ පරිසරයට එක්වීම නිසා බොහෝ අවාසනාවන්ත තත්වයන් ඇතිවිය හැකියි. උදාහරණයක් ලෙස CFL විදුලි බුබුළු වල අඩංගු රසදිය ළදරුවන්ට මෙන්ම ගර්භනී කාන්තාවන්ටද ඉතා අහිතකර ලෙස බලපාන්න පුළුවන්.

    දියුණු වෙමින් පවතින සියලුම රටවල් වලට ආදර්ශයක් දෙමින් දකුණු ආසියාවේ ප්‍රථම වරට භාවිත කරන ලද CFL විදුලු බුබුළු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මද්‍යස්ථානයක් දැන් ශ්‍රී ලංකාවේ ආරම්භ වී තිබෙනවා. මෙය පිහිටා තිබෙන්නේ පිටිපන ප්‍රදේශයේ. මේ මද්‍යස්ථානය ආරම්භ කර තිබෙන්නේ Orange Electric සමගම විසින් ඔවුන් මෙය හඳුන්වන්නේ Asia Recycling ලෙසයි.

    දැනට මේ මද්‍යස්ථානය තුල විවිද ප්‍රදේශ වලින් එකතු වන භාවිත කොට ඉවත දමන ලද CFL විදුලි බුබුළු පරිසරයට හානි නොවන ආකාරයට ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදුවෙනවා. ඔවුන් මේ සඳහා අවශ්‍ය ඉවත දමන විදුලු බුබුළු රජයේ ආයතන, පාසල්, රෝහල් මෙන්ම පෞද්ගලික ආයතන වලිනුත් එකතු කරනවා. මීට අමතරව නිවෙස් වලින් ඉවත් කරන CFL විදුලු බුබුළු එකතු කිරීම සඳහා වෙනම එකතු කිරීමේ මධ්‍යස්ථාන පවා ඔවුන් ආරම්භ කොට තිබෙනවා

    ඉවත දමන CLF විදුලි බුබුළු මේ මද්‍යස්ථානයට ගෙන ආ පසුව ප්‍රථමයෙන්ම එහි කොටස් එකිනෙක වෙන් කිරීම සිදුවෙනවා. ඉන් පසුව රසදිය අඩංගු කොටස් වලින් රසදිය වෙන් කර ගැනීම සඳහා ඒවා ඒ සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කර ඇති යන්ත්‍රයක් වෙත යොමු කෙරෙනවා. මෙම රසදිය වෙන්කිරීමේ ක්‍රියාවලිය අදියර තුනකින් සමන්විත වෙනවා. මෙහිදී වෙනකොට ගනු ලබන රසදිය සංශුද්ද තත්වයේ ඒවා නෙවෙයි. මේ නිසා ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා නැවත ජර්මනියට අපනයනය කෙරෙනවා.


    cfl-2.jpg


    www.techpedia.lk
     
    Last edited:

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    අන්න කරන්න ඕන දෙවල්...... එවගේම බොහොම වැදගත් ලිපියක්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඔරේන්ජ් බල්බ් විතරයි නොමිලේ බාර ගන්නේ , අනිත් බල්බ් දෙනවනම් රු 10 ගෙවන්න ඕනේ බල්බ් එකකට
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    ඔරේන්ජ් බල්බ් විතරයි නොමිලේ බාර ගන්නේ , අනිත් බල්බ් දෙනවනම් රු 10 ගෙවන්න ඕනේ බල්බ් එකකට

    kohetada ehema bara denna ona?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    kohetada ehema bara denna ona?

    Asia Recycling ෆැක්ටරි එකට බන් :cool:
    මොරගහහේන පාරේ තියෙන්නේ

    හැබැයි මේයාලාගේ CFL collect කරන සීන් තියනවා ඒවායේදි නම් ගෙවීමක් කරන්න් ඔනේ නෑ:)ඕනේම වර්ගයක් බාර දෙන්න පුලුවන්


     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    Asia Recycling ෆැක්ටරි එකට බන් :cool:
    මොරගහහේන පාරේ තියෙන්නේ

    හැබැයි මේයාලාගේ CFL collect කරන සීන් තියනවා ඒවායේදි නම් ගෙවීමක් කරන්න් ඔනේ නෑ:)ඕනේම වර්ගයක් බාර දෙන්න පුලුවන්



    ah..ubath kiwwe methana ganada..mama hituwe wena than walinuth gannawa kiyala:)