හැම තැන ප්‍රශ්න ඇත.

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    හැම තැන ප්‍රශ්න ඇත.


    අඩියක් තියන්නටවත් ඉඩ නැත්තේය
    ඒ තරමටම ප්‍රශ්නත් වට ඇත්තේය
    රජයක් කියා තිබුණා දැන ගත්තේය
    තවමත් තිබේදැයි සැකයක් ඇත්තේය
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හැම තැනම මරු වැල්ය
    නුරා නෙතු ගිනි දැල්ය
    ආත්මය පරඬැල්ය
    පයින් යන පොරවල්ය

    සුරා මත් පැන් සල්ය
    පොඩි එවුන් අත මල්ය
    මනෝ පාරක් ගහන
    කුඩු ඇදපු පොරවල්ය

    විඩා පිරි මුවවල්ය
    හිඟා කන අතවල්ය
    අත නොපා අත පාන
    සිනා නැති පොරවල්ය

    ඇට ගැහුණු ඇඟවල්ය
    ණයට කන බඩවල්ය
    වේලකට හාල් පොල්
    අරන් යන පොරවල්ය

    මග දෙපස කොඩි වැල්ය
    මුව සිනහ මන ලොල්ය
    ගාඩ් පිට ඇමතිවරු
    ඇදෙන හැටි ආතල්ය
     

    athumusic

    Active member
  • Sep 19, 2017
    270
    194
    43
    මෙහි උපත දැන් බොල්ය
    හිතෙන තරමට ඇල්ය
    මුළු රටම කෙළි ලොල්ය
    හැමතැනම ගිනිදැල්ය