හැම තැනම මරු වැල්ය
නුරා නෙතු ගිනි දැල්ය
ආත්මය පරඬැල්ය
පයින් යන පොරවල්ය
සුරා මත් පැන් සල්ය
පොඩි එවුන් අත මල්ය
මනෝ පාරක් ගහන
කුඩු ඇදපු පොරවල්ය
විඩා පිරි මුවවල්ය
හිඟා කන අතවල්ය
අත නොපා අත පාන
සිනා නැති පොරවල්ය
ඇට ගැහුණු ඇඟවල්ය
ණයට කන බඩවල්ය
වේලකට හාල් පොල්
අරන් යන පොරවල්ය
මග දෙපස කොඩි වැල්ය
මුව සිනහ මන ලොල්ය
ගාඩ් පිට ඇමතිවරු
ඇදෙන හැටි ආතල්ය