හැර ගිය ඔබ - 2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ නැති දා හිනා වෙන්න...
    මට සිනහව උගන්වන්න...
    කිසිදා අමතක කරන්න..
    බැරි මතකය අරන් යන්න.....

    අපි ගිය මාවත් වැහෙන්න...
    අඩි සලකුනු පතිත වෙන්න...
    ලොවටම ඇරයුම් කරන්න..
    ඒ මාවතෙ ඇවිද යන්න.....

    මං හින්දා කෝප වෙන්න...
    හෙටින් පසුව නෑ තැවෙන්න...
    එනමුත් මට මතක් වෙන්න...
    හැකිනම් යලි බැනලා යන්න...

    අකමැති නම් මගේ වෙන්න...
    වෙන හදකට බහක් දෙන්න.....
    මගෙ වරදක් පෙන්න පෙන්න...
    ලොවට එපා කෑ ගහන්න....

    නිදහස් කර පියාඹන්න..
    හදවත් තටු මුදාලන්න.....
    මට ආසයි එහෙම ඉන්න...
    ඔබෙ මතකය මකාලන්න.....

    නිදහන් රැක තියාගන්න...
    රන් රිදියෙන් තනා ගන්න....
    කිසිවක් නැත මගේ වෙන්න...
    එනමුත් හැක හිනාවෙන්න....