හිගුරාණ සීනි - ඒකත් ඉවරයි වගේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    හිගුරාණ සීනි කම්හල ලාබ පිට ලාබ ලබනවායයි මාධ්‍ය වාර්තා පලවීම සම්බන්දයෙන් එම විෂය භාර අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මාධ්‍යෙවදීන් හමුවේ මෙසේ අදහස් පල කලේය.

    හිගුරාණ සීනි කර්මාන්ත ශාලාව තියල පුවත්පත්වල පලවූ වාර්තා වැරදියි. හෙඩ් ලයින් දෙකමත් වැරදියි. හගුරාණ කර්මාන්ත ශාලාව මගේ අමාත්‍යාංශය යටතේ ගැසට් වෙලා තියෙන් වෙනම කර්මාන්ත ශාලාවක්. එම කර්මාන්ත ශාලාව මේ වන විට ඈවර කිරීමට ලක් කරල තියෙන කර්මාන්ත ශාලාවක්. මේ පත්තර වලට කියල තියෙන්නේ බොරු. බොරු කියන්නේ හිගුරාණ කියල මේ වන විට කර්මාන්ත ශාලාවක් නැහැ. ඒ කර්මාන්ත ශාලාව ඈවර කරන්න තියෙන කර්මාන්ත ශාලාවක්.

    මේ ලාබ පිට ලාබ ලබනවයි කියල කියන ආයතනය මේ වනවිට බිලියන 11ක් ණයයි. හේ ගල්ඔය සීනි කර්මාන්ත ශාලාව ලාබ පිට ලාබ ලබනවයි කියන්නේ මොන හේතුවක් උඩ දැයි මම දන්නේ නැහැ. මම වාර්තාවක් කැදෙව්වාම ගිය අවුරුද්දේ මිලියන 1400ක් පාඩුයි. මේ වන විට සම්පූර්ණ වෙලා තියෙන ණය ප්‍රමාණය බිලියන එකොලහයි. බිලියන 11ක් ණය වුන ආයතනය පෞද්ගලික බැංකුවලින් අධි පොලියට ණය අරගෙන තමයි මේ ආයතනය පාඩු කරල තියෙන්නේ. ඔය හිටපු සියලුදෙනාම මේ පාඩුවට වග කියන්න ඕන.

    ගොවීන්ට හරියට සාධාරණය ඉෂ්ඨ කරල නැහැ. ගොවීන්ට සේවකයන්ට සාධාරණය ඉෂ්ඨකරන්න ඕන.

    මේ අය මේ කියන්නේ ගල් ඔය සීනි කර්මාන්ත ශාලාව. හේක ගැසට් එකේ කර්මාන්ත ශාලා දෙකක්. ගල් ඔය කියන්නේ ආණ්ඩුවට වැඩි අයිතියක් තියෙන සියයට 51ක් තියෙන සීනි කර්මාන්ත ශාලාව ගැනයි ඔය කියන්නේ.

    මේ සීනි කර්මාන්ත ශාලාව පසුගිය වසර 13කටම පාඩු පිට පාඩු ලබපු ආයතනයක්.2020.මාර්තු 31 වන විට එක අවුරුද්දක පාඩුව මිලියන 1400යි. හැබැයි මම ඇමති වුනාට පස්සේ අතිගරු ජනාධිපති තුමාගේ උපදෙස් මත වෙනම සභාපතිවරයෙක් පත්කලා. අපි මේක ලාබ ලබන තත්වයකට පත් කරන්න සෑම කටයුතුතක්ම කරනවා. මේකට අවශ්‍ය කරන නීති සියල්ලම අපි හදනවා.මෙතෙක් කල් පාඩු ලබපු ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට අපි කටයුතු කරනවා.

    පැල්වත්ත සහ සෙවනගල පාඩු ලබපු ආයතන අපි ලාබ ලබල, ගොවීන්ට අපි සාධාරණට ඉෂ්ඨ කලා සේවකයන්ට සාධාරණය ඉෂ්ඨ කලා. බොනස් දුන්නා සේවකයින් ස්ථිර කලා. අපි ඒ ආයතන එහෙම කලානම් මේකත් අපේ අමාත්‍යශයේ යටතේ තියෙන රජයේ සියයට 51ක් තියෙන ආයතනයක්.

    පැල්වත්තේ තියෙන වරප්‍රසාද සෙවනගල තියෙන වරප්‍රසාද මේ ගල්ඔය සේවකයින්ටත් ගොවීන්ටත් අපි ලබාදිය යුතුයි.

    පසුගිය රජය කාලේ පාඩු ලබපු ආයතනය මේ ආකාරයෙන් වාර්තා දමන්නේ කොහොමද කියල අපි සොයමින් යනව. අපි අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කලා.

    මේ අවුරුදු 13ක් පාඩු කරපු අය තමයි මේ එකපාරටම ලාබ ලබනව කියන්නේ මේක සම්පූර්ණ බොරුවක්. මේ කට පසුගිය කාලේ පාලන අධිකාරය සම්පූර්ණ වග කිව යුතුයි. පසුගිය කාලයේම අදි පොලියට සියයට විසි අටට ණය අරන් මේ අය තමයි මේ සීනි කර්මාන්ත ශාලාව පාඩු කලේ.

    ගල්ඔය සීනි සමාගමේ සභාපති ගයාන් මේනුක දිසානායක මහතා මේ සම්බන්ධයෙන් මේ ආකාරයෙන් අදහස් දැක්වීය.

    මේ ආයතනය 2007 දී ගල්ඔය වැවිලි සමාගම නමින් නැවත ඇති කරනවා. ගල්ඔය සීනි සමාගම අද වන විට ලක්ෂ 900000 (අනූදාහකට වඩා ණය ගෙවාගන්න බැරිව බන්න ආයතනයක්) මේ ලබ ලබනවයි කියල දාන මාධය වාර්තා සම්පූර්ණ බොරු මම සභාපති වරයා හැටියට මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දැනුවත් කර සොයා බලනවා. රටේ තියෙන ගොවි ජනතාවගේ අයිතීන් තමයි මේ තුලින් නැති වෙන්නේ. ගල්ඔය ලාබ ලබනවය කියන එක සම්පූර්ණ අසත්‍ය කතාවක් ඉදිරියේදී අපි අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ ආයතනය ලාබ ලබන තත්වයකට පත් කරනවා යයි කීය.

    – ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,007
    54,641
    113
    Colombo
    ජෙප්පො මේ වෙලාවෙ පාරට බහින්නෙ නැත්තෙ ඇයි ?? ඩීල් දාලද ??
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    FB_IMG_1609237409381.jpg
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    රජය මොකටද බන් බිස්නස් කරන්න යන්නේ... දේසපාලන වාසි ගන්නයි, හෙන්චයියෝ පුරවන්නයි තමා ඕවා හොඳ.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පත්තරේද ඇත්ත කියන්නෙ ඇඹිලිපිටිය ප්‍රගීත් ජනකද ඇත්ත කියන්නෙ.
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    පත්තරේද ඇත්ත කියන්නෙ ඇඹිලිපිටිය ප්‍රගීත් ජනකද ඇත්ත කියන්නෙ.
    මේක ඇත්ත වෙන්න ඕන. ගයාන් අයියා තමයි ගල්ඔය සීනි සභාපති. පොහොට්ටු නාගරික මන්ත්‍රී මෙහෙ. හොඳ මනුස්සය පොහොට්ටුවේ උනාට , මගේ බල්ලා පොරගේ වයිෆ්ව කෑවා ජනාධිපතිවරණෙ දවසේ. මම හිතුවේ පොර මට ඇවිත් තග දැයි කියල. බලලත් මැරුණා එදාම. පොර මොකුත්ම කිව්වේ නෑ මට.

    මේ එයාගේ ප්‍රෝෆයිල් එක
    https://www.facebook.com/profile.php?id=100010519561821
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අපේ රටවගේ තියන කුඩා model එකක්. රටට වෙලා තියනදේ කුඩා උදාහරනයකින් පෙන්නන්න පුලුවන්.