හිඟන්නගේ පාත්තරේ හෙනහුරා කඩා වැටීම සහ ශි&#3522

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    හිඟන්නගේ පාත්තරේ හෙනහුරා කඩා වැටීම සහ ශි&#3522

    5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ළමයින්ගේ දත්ත පරිගණක ගත වෙනවා. ඒක හොඳ දෙයක්. ඉතිං ඒ සඳහා දෙමාපියන් පොඩි විස්තරපත්‍රිකාවක් පුරවන්න ඕනේ. ඒක හරියටම පරිගණකයට දැම්මාද කියා පසුව ගිහිං බලන්නත් ඕනේ. ඉතිං මාත් අද ගියා දූගේ පාසලට ඒ විස්තර නිවැරදිව පරිගණක ගත වී දැයි බලන්න. එතකොට තමා මා දැක්කේ දෙමාපියන්ගේ ආදායම් විස්තර.

    පහේ ශිෂ්‍යත්ව විභාගය මූලික වශයෙන් හඳුනා ගන්නේ ළමයින්ට රජයේ වැඩි පහසුකම් සහිත පාසලකට ඇතුළත් වෙන්න තියෙන කඩඉම් විභාගයක් ලෙස වුණත් ඇත්තටම එහි අරමුණ ඉගෙන ගන්න දක්ෂ දරුවන්ව කුඩා කල සිටම හඳුනාගෙන ඒ අයගේ අධ්‍යාපනය බාධාවකින් තොරව ගෙන යන්න යම් ආධාරයක් කිරීම. ඉතිං මෙතැනදී දෙමාපියන්ගේ ආදායම් තත්වය සොයා බලනවා. එහෙම කරන්නේ ශිෂ්‍යාධාර ඇත්තටම අවශ්‍ය දරුවන්ට පමණක් එය ලැබිය යුතු නිසා. ඒත් අපේ රටේ මිනිසුන්ගේ (මා දන්නේ සිංහල මිනිසුන් ගැන විතරයි) මජර ගතිය දැක්කාම මට අද අප්පිරිය හිතුණා.

    අපේ දූගේ පන්තියේ අඩුආදායමක් තියෙන, ආර්ථික අපහසුතා තියෙන දරුවන් ඉන්නේ ඉතාම කීප දෙනයි. (මා පෞද්ගලිකව දන්නේ එක්කෙනයි). අනෙක් හැම දෙමාපිය කෙනෙකුටම යම් යම් වත්කම් තිබුණා. බොහෝ අය ධනවත් ව්‍යාපාරිකයන්. ඒත් ඉහළ ආදායමක් තියෙනවා කියා විස්තර පත්‍රිකාවේ ලියා තිබුණේ මා ඇතුළු කීප දෙනෙකු විතරයි. ඇත්තටම මං එහෙම ඉහළ ආදායමක් තියෙන කෙනෙකු නෙවේ. රජයෙන් ලැබෙන මාසික වැටුපට අමතරව විශ්වවිද්‍යාලයක 'විසිටිං' ලැබුණොත් ඒ මුදලත් ගෙදර වියදමට එකතු කර ගන්න මනුස්සයෙක්. කොහොම නමුත් මගේ පවුල ගෙන යන්න තරම් ප්‍රමාණවත් මුදලක් මා උපයනවා. ඒ නිසා මා කැමති වුණේ නැහැ බොරු ලියලා ශිෂ්‍යාධාර ඉල්ලන්න. ඒත් මා දැක්කා බොහෝ පිරිසට ඒ හෘදයසාක්ෂ්‍ය තිබුණේ නැහැ.

    මා කුඩා කල ශිෂ්‍යත්ව අරමුදල් ලැබෙන දිනය වෙනකං ඇඟිලි ගණිමින් බලා සිටියා මට හොඳට මතකයි. ගෙදර මොනතරම් අඟහිඟකම් තිබුණත්, ආච්චි අම්මා කවදාකවත් මගේ ශිෂ්‍යත්ව මුදල් ගෙදර වැඩට යෙදෙව්වේ නැහැ. (මා හැදී වැඩුණේ ආච්චිඅම්මා ළඟය). සමහර කාලවලට ඒ මුදල් ලැබෙන්න ප්‍රමාද වෙනවා. සමහර අවුරුදුවලදී මාස තුනෙන් තුනට, සමහර කාලෙට මාස හයකට සැරයක්. සමහර කාලවල අවුරුද්දටම එකවතාවක්. ඒ කොහොම වුණත් මුදල් අඩු නැතිව ලැබුණා. ඒ දිනය එනකම් මං නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. ඒවායින් තමා අලුතින් සපත්තු දෙකක් එහෙම නැතිනම් අලුතින් කමිසයක්, කලිසමක් ගත්තේ. ශිෂ්‍යත්වාධාර කියද්දී, අම්මපා, මට අදටත් මතක් වෙන්නේ කළුපාටට දිලිසෙන ලස්සන අලුත් සපත්තු දෙකක්. ඒ අත්දැකීම මෙහෙමයි කියලා වචනවලට පෙරළන්නත් අමාරුයි. සෑම සියුම් කරුණක්ම වචනවලට නඟමින් සංවේදී සටහනක් ලෙස මේ තත්වය උත්කර්ෂවත්ව ලියන්න මට පුළුවන්. ඒත් මං ඇල් මැරුණු තනි වාක්‍යයකින් ඒ අත්දැකීම කියනවා නම්, මට සපත්තු දෙකක් අරන් දෙන්න විදිහක් නැතිව හැමදාම මගේ කකුල් දෙක දිහා බලලා හූල්ලන ආච්චි අම්මාගේ මුහුණට හිනාවක් එන්නේ මට ශිෂ්‍යත්වාධාර ලැබුණා කියා දැන ගත්තාම.

    ඇත්තටම ශිෂ්‍යත්වාධාර යන්න ඕනේ එහෙම ළමයින්ගේ අත්වලට. මං ඉපදුණේ, සීනි ගොට්ට ලිහා බලලා කියවනවා මිස, කියවන්න පත්තර පිටුවක් සොයාගන්න නැති, තිබුණත් ඒක කියවා තේරුම් ගන්න අකුරු දන්නේ නැති පවුලක. ඒත් මගේ දුව ඉපදුණේ පොත් කන්දක් දිහා බලාගෙන. මගේ දුවට ශිෂ්‍යාධාර ඕනේ නැහැ. ඇයි මට හිතෙන දේ අනෙක් මිනිසුන්ට හිතෙන්නේ නැත්තේ කියා මට හිතා ගන්න බැහැ. මා මුලින්ම කීවා නේ මා මේ ලියන්නේ මගේ දූගේ පන්තියේ දෙමාපියන්ගේ ක්‍රියාකලාපය දැක බව. ඒත් මං දන්නවා ලංකාවේ කොතැනත් වෙන්නේ මේ දේ බව. රජයෙන් ලැබෙන ශිෂ්‍යාධරයට පෙරේතකමේ, බොරුවට 'අඩු ආදායම්' කියා තොරතුරු දෙනවා. මෙහෙම කළාම ඇත්තටම මොකද වෙන්නේ දන්නවද? දන්නැති අයගේ දැන ගැනීම පිණිස මං ඒකත් ලියන්නම්.

    රජය විසින් ගණන් හදා බලනවා, රජයට දරා ගන්න පුළුවන් වන පරිදි, ළමයි කී දෙනෙකුට ශිෂ්‍යාධාර මුදල් දෙන්න පුළුවන්ද කියා. අපි හිතමු, උදාහරණයක් ලෙස රජය විසින් 15,000කට ශිෂ්‍යාධාර මුදල් දෙන්න තීරණය කළා කියා. ඒ අනුව බලනවා, ළමයි කී දෙනෙක් සමත් ද කොතැනින් කඩඉම් ලකුණු දැම්මොත් ඒ 15,000 ප්‍රමාණය ඇතුළත් කර ගන්න පුළුවන්ද කියා. එතකොට ඒ අදාළ ළමයි ප්‍රමාණය කියා ගණන් හදන්නේ ශිෂ්‍යත්වය සමත් වූ ළමයි නෙවේ. ශිෂ්‍යත්වය සමත් වූ සහ අඩුආදායම් පවුල්වලට අයත් ළමයි 15,000ක් ඉන්නවාද කියා තමයි ගණන් හදන්නේ. මේ නිසා, අපි අඩුආදායම් කියා බොරු තොරතුරු දැම්මාම රජය විසින් දාන කඩඉම් ලකුණු ප්‍රමාණයෙන් උඩට අහුවෙන්නේ ඇත්තටම අඩුආදායම් සහිත ළමයි නෙවේ. ඒ විතරක් නෙවේ, ඉතා අනවශ්‍ය ලෙස ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු සීමාවත් ඉහළ යනවා. ඒකෙන් වෙන්නේ ඇත්තටම දක්ෂතා තියෙන දුප්පත් අසරණ ළමයෙකුට ලැබිය යුතු ශිෂ්‍යත්ව මුදල - ඒ කියන්නේ ඒ ළමයට ඉදිරියට ඉගෙන ගන්න ලැබෙන ලොකුම තල්ලුව - මංකොල්ල කෑම පමණයි.

    හැම අම්මතාත්තා කෙනෙකුම අවංක වෙලා, තමන්ගේ දරුවනට උගන්වන්න තරම් හැකියාවක් තියෙනවා නම් මේ 'අඩුආදායම්' කියන බොරුව නොකර ඉන්න ඕනේ. එහෙම කළාම ශිෂ්‍යත්ව ලියන ළමයින්ගේ කඩඉම් ලකුණු ප්‍රමාණය සෑහෙන්න පහතට වැටෙනවා. ඇත්තටම දුප්පත් දරුවෙකුගේ මුහුණේ සිනහවක් ඇඳෙන පරිදි ඒ මුදල් විසිරී යනවා. මට මේක තේරුම් කරලා දෙන්න වෙන විදිහක් නැහැ.

    මං
    බර්ට්‍රම් ජී. ලියනගේ


    https://www.facebook.com/liyanagebg/posts/2792132600871351
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔය හා සමාන සිද්දියක් උනා මගෙත් කැම්පස් කාලෙ. මගේ බිරිඳගේ පියා තැපැල් සේවකයෙකු ලෙස විශ්‍රාම ලබා මිය ගිය නිසා මහපොල අහිමි වෙලා තිබුන, වෙලාවට බර්සරි එක හම්බුනා 1600ක්ද කොහෙද. ඔය අතරෙ දෙමවුපියන් ව්යාපාරික කටයුතු කරන නිසා (සුලු පරිමාන නෙමෙයි) මහපොල ලැබුන අයත් හිටිය ෆෝන් කාඩ් දාගන්න බලාගෙන. ඔව්ව ඉතිං මිනිස්සුන්ගෙ හදවත් වලින්ම එන්න ඕන මේ කරන්නෙ පවු වැඩක් නේද කියන එක.
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔය හා සමාන සිද්දියක් උනා මගෙත් කැම්පස් කාලෙ. මගේ බිරිඳගේ පියා තැපැල් සේවකයෙකු ලෙස විශ්‍රාම ලබා මිය ගිය නිසා මහපොල අහිමි වෙලා තිබුන, වෙලාවට බර්සරි එක හම්බුනා 1600ක්ද කොහෙද. ඔය අතරෙ දෙමවුපියන් ව්යාපාරික කටයුතු කරන නිසා (සුලු පරිමාන නෙමෙයි) මහපොල ලැබුන අයත් හිටිය ෆෝන් කාඩ් දාගන්න බලාගෙන. ඔව්ව ඉතිං මිනිස්සුන්ගෙ හදවත් වලින්ම එන්න ඕන මේ කරන්නෙ පවු වැඩක් නේද කියන එක.

    :yes::yes::yes:
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    ඈත්තටම දුක හිතෙනවා මචන් මේ මිනිස්සු ගෑන :sorry:
    මෙහෙම මිනිස්සු ඉන්න රටක් කවදා නම් හදන්න පුලුවන් වෙයිද :no::no:
    මිනිස්සු ආකල්පමය වශයෙන් වෙනස් නොවෙන තාක් කල් රට මෙහෙමම තමා :(:(
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඈත්තටම දුක හිතෙනවා මචන් මේ මිනිස්සු ගෑන :sorry:
    මෙහෙම මිනිස්සු ඉන්න රටක් කවදා නම් හදන්න පුලුවන් වෙයිද :no::no:
    මිනිස්සු ආකල්පමය වශයෙන් වෙනස් නොවෙන තාක් කල් රට මෙහෙමම තමා
    :(:(


    :yes::yes::yes: