හිඟන්නන්ටත් අද නැතුවම බැරි මොබයිල් ෆෝන්
හිඟන්නන්ටත් අද නැතුවම බැරි මොබයිල් ෆෝන්
මගීන් පටවා ගත් බස් රථය වේගයෙන් ඇදීයයි. බස් රථයේ ඇත්තේ තදබදයකි. ඉහින් කනින් දාඩිය බේරෙමින් එකාට එකා තදවී මගීහු ගමන් ගනිති. වාඩි වී හිදින්නෝ නිදි කිරා වැටෙති.
බව්... බව්... බව්... එක්වරම බස් රථය තුළින් හඬ නැඟී ආවේය.
බලු පැටියාගේ හඬ නතර වන්නේ නැත.
”මෙච්චර මේ හිරවෙච්ච බස් එකේ කවුද බොල බල්ලෝ ගෙනියන්නේ?”
ආච්චි අම්මා කෙනෙකු ශබ්ද නඟා අසන්නට වූවාය. එකිනෙකා මුහුණට මුහුණ බලා ගත්හ. මොහොතකට පසු යළිත් බලු හඬ නැඟී ආවේය.
’හලෝ’.... ආ... කොහොමද මචං.’
ළඟ සිටි තරුණයෙක් සෙල් ෆෝනයේ බොත්තමක් ඔබා කතා කරන්නට වූයේය.
බලු හඬ එතැනින් අවසන් වූයේය.
ආ... එයා බල්ලෙක් එක්ක කතාව.
තවත් මැදිවියේ අයෙක් පැවැසුවේය.
විඩාව තෙහෙට්ටුව මොහොතකට අමතක වී බස් රියේ සිටි අය හිනැහෙන්නට වූහ. බලුහඬ නැගි ආවේ ජංගම දුරකථනයෙනි.
කුරුලු හඬ ආදි හඬවල් පමණක් නොව තවත් බොහෝ හඬවල් පිටවන දුරකථනය මෙන් ම දුරකථන ඇමතුමක් එන විට නාද වන විවිධ නාද රටා මෙන් ම ගීත ද ඇත.
අද වන විට ජංගම දුරකථනයක් පාවිච්චි නොකරන්නෙකු දැකිය නොහැකි තරම්ය. මෙරටට ජංගම දුරකථන භාවිතයට ආවේ අනූව දශකයේ මුල් භාගයේදි පමණය. මුල්කාලයේදි ජංගම දුරකථනය ගඩොල් කැටයක් තරම් විශාල වූ අතර බරකින් ද යුක්ත විය.
ජංගම දුරකථන පැමිණි මුල්කාලයේ සිදුවූවකි මේ.
නාවල හෝටලයක් අසල තරුණයන් පිරිසක් අතර ඇති වූ ගැටුමකි. දෙපිරිසක් අතර ඇතිවූ වචන හුවමාරුව දුරදිග ගියේය. එක් අයෙකු තම අතේ තිබූ ජංගම දුරකථනයෙන් ප්‍රතිවාදි පිලේ අයෙකුගේ හිසට පහර දුන්නේය. ඔහුගේ හිස පැලී ලේ ගලන්නට විය. වර්තමානයේ ජංගම දුරකථනයකින් පහර දී හිස පැලුණේ යැයි කීවොත් කෙනෙකු එය විශ්වාස කොකරනු ඇත.
හේතුව අද ජංගම දුරකථන අත මිට මොලවාගෙන යා හැකි තරමේ සැහැල්ලු දුරකථන ලෙසට නිමැවී ඇති බැවිනි. කාලය වෙනස් වී ඇති ඉක්මන? ජංගම දුරකථනයක් භාවිතයට ගැනුණේ යමක්කමක් ඇති අතේ මුදල් ගැවසුණු පුද්ගලයන්ය. එයට හේතුව වූයේ මුල්කාලයේදි එතරම් ඉහළ මිලක් ඊට වැය කිරීමට සිදුවීමය. අද එවැනි තත්ත්වයක් නැත.
රුපියල් දෙදහසේ සිට විවිධ , දුරකථන ඇත්තේය. අද වන විට ජංගම දුරකථන හරහා දුරකථන සංස්කෘතියක් බිහිව ඇත්තේය. පාසල් ළමයා ගේ සිට ඕනෑම පුද්ගලයකුªª අත දුරකථනයක් දැකීමට හැකිය. මේ හරහා වන හොඳ දේ මෙන්ම නරක දේද අපමණය. කලකට පෙර ජංගම දුරකථනයක පටලැවිල්ලක් හේතුවෙන් පාසල් දියණියක සියදිවි නසා ගත්තාය.
ජංගම දුරකථන සංස්කෘතියේදි කෙටි පණිවුඩවලට(ඉර්ඉ)හිමිවන්නේ විශේෂ ස්ථානයකි. කෙනෙකු දුටු පමණින් ඔහුගේ ඇඳුමෙන් පැලඳුමෙන් වත්කම් මැනිය නොහැකිය. ඇතැම් අයෙකු දුටුවිට ඔහුට හෝ ඇයට දුරකථනයක් පාවිච්චි කිරීමට තරම් දැනුම් තේරුම් කමක් ඇතිදැයි යන්න අපට සිතේ. එහෙත් අද ඕනෑම කුඩා දරුවකු වුව දුරකථනයක් පාවිච්චි කිරීමට දන්නේය.
දුම්රියේ ගමන් ගන්නා මගේ මිතුරියකගේ අත්දැකීමකි මේ.
”ආච්චි අම්මා කෙනෙක් වාඩිවෙලා හිටියා මගෙ ළඟම. බැලූ බැල්මට නම් හිතුනේ් හද්දා පිටිසර කෙනෙක් කියලා. ටික වෙලාවක් යනකොට ෆෝන් එක රිං වෙනවා. අර ආච්චි අම්මා බෑග් එකට අත දාලා ෆෝන් එක අරගෙන කතාව. ගෙදර දවල්ට උයන දේවල් ගැන.”
ඉහත ඡායාරූපය අපට ලබා දුන්නේ ආයතනයේ ඡායාරූප ශිල්පි චමින්ද හිත්තැටිය. ඔහු ඊට සම්බන්ධ කතාව ද කීවේය. ඔබට පුදුම සිතෙනු ඇත. මහ මඟ සිඟාකන අයෙකු ජංගම දුරකථනයක් භාවිතා කරන්නේදැයි ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරනු ඇත.
එහෙත් සත්‍යය එයයි.
ඔහු මහ මඟ සිඟමනේ යෙදෙන අතරතුර තම මිත්‍රයන් සමඟ, ගෙදර දොරේ අයත් සමඟ සතුටු සාමිචියේ යෙදෙන්නේය. පොල්කඩන්නන් අතද ජංගම දුරකථන ඇත. ඇතැම්විට ගසේ සිට කඩා බිම දමන පොල් පැසී ඇතිදැයි බිම හිඳින අයගෙන් අසන්නේ ද ජංගම දුරකතනයෙනි.
කාලය වෙනස් වී ඇති ඉක්මන. මීට දශක කිහිපයකට පෙර විද්‍යා ලේඛක ආතර් සී. ක්ලාක් මහතා අනාවැකියක් පළකළේය. එනම් අනාගතයේදි මිනිසුන් අතේ ගෙන යා හැකි කුඩා උපකරණයකින් ලෝකයට කතා කරන බවය. එය අද සත්‍යය වී ඇත. එදා ඔහු කියූ කුඩා උපකරණය අද අපි භාවිතයට ගනු ලබන ජංගම දුරකතනයයි.
ඉසවි
ඡායාරූප – චමින්ද හිත්තැටිය

Last edited: