හිඟන්නන් වර්ග..

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    118103179_1454711614918354_2858648165830800360_n.jpg


    ( ඔබ මොවුන් හදුනනවාද?)
    😐

    1. සහල් මාෆියාව.
    ඉතාම දිලිඳු, එහෙත් අහිංසක පෙනුමැති මිනිසෙකි. අතේ හාල්, පරිප්පු, සෝයාමීට් එක ගොඩේ දැමූ ශොපිං බෑගයකි. සෙනග පිරී සිටින බස් නැවතුම් අසලදී පමණක් එක්වරම මෙම බෑගය ඉරී හාල් පරිප්පු ආදිය බිම පුරා විසිරී යයි. අහිංසකයා මදක් ඒ දෙස දුක සේ බලා හිඳ හාල් ඇටෙන් ඇටේ අහුලයි. මෙය දුටු බස් නැවතුමේ සිටින සෙනගගේ හදවත බටර් මෙන් උණු වී යයි. ඇතැමුන් ෆොටෝ ගනිති. ෆේස්බුක් එකේ කවි ලියති. බොහෝ දෙනෙක් "අංකල් අලුතින් හාල් ටිකක් ගන්න" කියා මුදල් දී ඔහු පිටත් කරයි. අහිංසකයා පිටත් වෙයි. මද දුරක් ගමන් කර සෙනග පිරුණ ඊළඟ බස් නැවතුම අසල නැවතත් මල්ල හැලේ.
    (පසුබිම් ගායනය: කටු අකුලේ.. මල්ල හැලේ..)
    මොහු මෙසේ හලාගන්නා හාල් සෝයාමීට් ආදිය මදක් නිරීක්ෂණය කලහොත් මේවා පරිභෝජනයට නුසුදුසු බැවින් ඉවත් කල ඒවා බව පැහැදිලිව දැකගත හැකියි. කොහෙන් හෝ අඩුවට ගෙන ඇත. මෙම හාල් මෑන් සංකල්පයේ නිර්මාතෘවරයා වනාතමුල්ල ආශ්‍රිත අයෙකි. දැන් නම් මෙය කොපි කලවුන් වැහි වැහැලාය.

    2. සුවපති
    🏥

    බොහෝ විට ටවුන්හෝල් අසලදී දැකගත හැකිය. "අනේ පුතේ මගේ දුව මහ ඉස්පිරිතාලෙ අහවල් වාට්ටුවෙ නවත්තල ඉන්නෙ. එයාට පිටින් බෙහෙතක් අරන් එන්න කිව්වා. අනේ ඒක ගන්න රුපියල් 327ක් දෙන්න පුළුවන්ද?" රඟපෑමේ තාත්වික බව නිසා ඇතැමුන් මුදල් දෙයි. මාසයකින් නැවත ටවුන්හෝල් පැත්තේ ආවොත් නැවත දැකගත හැකිය.

    3. Prison Break.
    බොරැල්ල මරදාන ටවුන්හෝල් අසල බහුලව දැකගත හැකිය. ඇඳුම සුදුය. "මල්ලි මම වැලිකඩින් නිදහස් වෙලා යනගමන්. මල්ලි ගෙවල් තියෙන්නෙ හොරොව්පතානෙ. බෂ්ෂෙකේ යන්න ෂල්ලි නෑ මල්ලි. අතේ තියෙනව නම් කීයක්හරි දෙනවද?". මැර පාට නිසා නොදන්නා උන් බයට හෝ සල්ලි දෙති.
    සතියකින් පමණ නැවත දැකගත හැකිය. මූ තවමත් ගෙදර ගොස් නැත.

    4. Coin Haters.
    💰

    ඔරුගොඩවත්ත, දෙමටගොඩ ආශ්‍රිත traffic lights අසල බහුලව සිටී. වාහනයෙන් වාහනයට පැමිණ සිඟමන් යදී. දෙනවා නම් නෝට්ටුවක්ම දිය යුතුය. කාසියක් දුන්නොත් යනගමන් එම කාසියෙන්ම වාහනය හූරගෙන යති. ඉතින් මිනිස්සු බයට නෝට්ටුම දෙති.

    5. කඩ් භාෂා පරමේෂ්වර.
    🇬🇧

    රාත්‍රියේදී පිටකොටුව, ටවුන්හෝල්, බොරැල්ල අසල බහුලව දැකිය හැක. මුලින් මුලින් සිංහල බැරිය. "Hey brother, Can you speak English? I'm from අහවල් music band. අපි show එකකට colombo ආවා. මගේ hometown රත්නපුර. මගේ පර්ස් එක නැතිවෙලා. තියෙනව නම් 300 rupees දෙන්න පුළුවන්ද brother. ලොකු help එකක්" යැයි එක හුස්මට කියවාගෙන යයි.
    අපිත් හැරෙන තැපෑලෙන් "Sorry I don't speak Sinhala. Can we please continue in English?" කියා කියූ විට "ok ok brother" කියා පිටට තට්ටුවක් දමා පිටවී යයි.

    6. මහ කලු සිංහලයා.
    🇱🇰

    තොටලඟ, ඉඟුරුකඩේ හන්දිය, පෑලියගොඩ අවට දැකගත හැකිය. බස් රථ වලට නැග හිස්ව ඇති සෑම ආසනයේම වාඩිවී එහා පැත්තේ එකාගෙන් මුදල් ඉල්ලයි. මුලින්ම අහන්නේ සිංහලද කියාය. සල්ලි ඉල්ලන්නේ සිංහල නම් පමණි.
    ම.ක.සිං. : "මල්ලි සිංහල නේද? මාත් සිංහල තමයි මල්ලි. සිංහල අපිට අපිම මිසක් කවුරු උදව් කරන්නද නේද මල්ලි. ඔයා සිංහල නේද? මගේ පර්ස් එක නැතිවෙලා මල්ලි. ගෙවල් පානදුර. බස් එකට කීයක්හරි දෙනවද මල්ලි. හිඟන්නෙක් කියල නම් හිතන්නෙපා. සිංහල කොල්ලෙක් නිසා උදව්වක් වශයෙන් ඉල්ලන්නෙ."
    මම : "අයියා ශිංගල තේරි ඉල්ලෙ"
    ම.ක.සිං. : "නොදකින් විතරක් මදැයි සිංහල එකෙක් කියල කතා කරා" තමන්ටම බැනගනිමින් ඊළඟ අසුනට යයි.
    වසර ගණනක සිට මෙම බිස්නස් එක කරයි. දැන් නම් පයින් ගියත් කිහිප වරක් පානදුරට ගොස් නැවත පැමිණීමට කල් ඇතිය.

    7. තේ සීයා
    ☕

    වයස 70 පැනලාය. බොහෝ නගර වල සුලබය.
    තේ සීයා: "පුතේ තේ එකක් බොන්න කීයක්හරි දෙනවද?"
    මම : "යමු මම තේ එකක් අරන් දෙන්නම්"
    තේ සීයා : "නෑ නෑ මම තේ එක බොන්නම්. කීයක්හරි දුන්න නම් හොඳටම ඇති"
    මම : "නෑ ඉතින් මම අරන්දෙන්නම්. යමු අර කඩේට"
    තේ සීයා (තරහින්) : "තේ ඕන නම් සල්ලි ඉල්ලන්නෙ නෑනෙ. යන්න යන්න මහත්තයා පාඩුවෙ වැඩක් බලාගෙන"

    8. බයිසිකලේ.
    🛵

    රාත්‍රියට සුලබය. හොඳින් ඇඳපැලඳගෙන යතුරුපැදියක් තල්ලු කරගෙන පාරේ යයි. දකින දකින එකාට දුක කියා බයිසිකලයට තෙල් ගැසීමට රුපියල් 100ක් ඉල්ලයි. ලක්ෂයක් දුන්නත් ඌ නම් ගසන තෙලක් නැත.

    9. බස් ගැමුණු.
    🚌

    විශ්වාසවන්ත අයෙකු කී කතාවකි. මේ හිඟන ව්‍යාපාරික මහතා සිටින්නේ නුවර දළදා මාළිගාව අසලය. කකුල් 2ම නැත. සිඟමන් යදින්නේද නැත. ඔහේ වාඩිවී සිටියි. නමුත් බැතිමතුන් බහුල නිසාවෙන් ආදායම ඉතා ඉහළය. නුවර කෙටි දුර දුවන බස් 4ක සාඩම්බර හිමිකරුවෙකි. උදේ හවස යන්නේ එන්නේ ත්‍රීරෝද රථයෙනි. හවසට නුවර Queens hotel එකට ගොස් විස්කි ශොට් එකක් දාගැනීම දින චර්යාවේ එක් කොටසකි.

    10. බාර ඔප්පු කරන්නන්.
    👨‍👩‍👧

    දහවල් කාලයේ කොළඹ ඕනෑම තැනක මෙම වර්ගයේ ව්‍යවසායකයින් සුලභය. Floating market අසලට ගියොත් ඕනෑම වෙලාවක දැකගත හැකිය. කුඩා දරුවෙකු වඩාගෙන එන හොඳින් ඇඳපැලඳගත් යුවළකි.
    "Excuse me අයියෙ අපි මාතලේ. අපේ බබාට අහවල් අසනීපෙ හැදිල ගොඩක් අමාරු වුණා. එයාට සනීප වෙන්න කියල අපි බාරයක් වුණා. බාරෙ ඔප්පු කරන්න ඕන හිඟාකාලා ලැබෙන සල්ලි වලින්. අතේ තියෙනවා නම් කීයක්හරි දෙන්න පුළුවන්ද අයියෙ අනේ ලොකු උදව්වක්. අනේ අපි හිඟන්නො නම් නෙමෙයි. වැරදියට හිතන්න එපා. මම අහවල් company එකේ work කරන්නෙ. තියෙනව නම් විතරක් කීයක්හරි දෙන්න".
    ඉතාම ආචාරශීලීය. බොහෝ අය රැවටෙති. තවත් සතියකින් පමණ ඒ පැත්තේ රවුමක් ගැසුවොත් මේ කපල් එකම වෙනත් දරුවෙකු වඩාගෙන මේ කතාවම කියමින් හිඟාකනු දැකිය හැක. වැදගත්ම කාරණය මෙසේ යාචක ව්‍යාපාරය තුල ජීවත් වන කුඩා දරුවන් සැමවිටම එක්කෝ නිදාගෙන හෝ අඬමින් සිටිනු මිස සාමාන්‍ය අයුරින් සිටින බවක් කිසිදා දැකගත නොහැකි වීමය.. තේරුම්ගැනිම තවමත් මොවුන්ට මුදල් දෙන ඔබ සතුය.

    Gaththe Methanin -
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    මම දැක්ක සීන් එකක්. පීටර්ස් එක ඉස්සරහ තියන P & S එක ලග හිගන්නෙක් හිටියා දවසක්. කඩෙන් එලියට ආපු පොඩි කපල් එකකින් කන්න කීයක් හරි ඉල්ලුවා කාල නෑ කියල. මමත් ඒ වෙලේමයි කඩෙන් එලියට යන්න ආවේ. කොල්ලා හොද එකා. ඌ ආයිත් P&S එකට ඇවිත් චිකන් රොටි දෙකක් ගත්තා.
    මම ආව ලග තිබ්බ බස් හෝල්ට් එකට. මම දැක්ක කොල්ල මේක දුන්නට ඩයල් එක කියව කියවා පස්සෙන් එනව. බලද්දී රොටි දෙකත් අරගෙන බැන බැන ඇවිත් තියෙන්නේ සල්ලි දීපු නැති නිසා. අරුන් දෙන්නට වදයක් නිසා උන් ආයිත් හැරිලා ටිකක් දුර ගියා. හිගන ඩයල් එක අරන් දුන්න කෑම එක කුණු බක්කියට දාල අපි ඉන්න තැනිනුත් අරුන් දෙන්නට බැන බැන යනවා, මේවා කන්න හොද නෑ .. සල්ලි ඉල්ලුවාම මේවා දෙනවද අනන් මනං කිය කියා.. :dull:

    මම නම් ඔය බස් වල යද්දී බෙදන කොළ කිසි එකක් ගන්නේ නෑ පුරුද්දක් විදියට. එක එක බස් ස්ටෑන්ඩ් වලදී එක එක බොරු කියන උන් මන් දැකල තියනවා.. කොලයක් දුන්නොත් ඒ වෙලේම එපා කියනවා. සමහර උන් බලෙන් දාල යනවා ඇගට .මම නම් එහෙන්ම හුළගේ යන්න අරිනවා. ඌ අහුලගන්නේ නැතැයි . :dull:

    අසරණ මනුස්සයෙක්ට උදව් කරන් එක වෙනම දෙයක්. බස් කොච්චි වල සුපිරියට සින්දු කියලා කියක් හරි හොයන මිනිස්සු නම් කමක් නෑ . ඉස්සර office train එකට නගිනවා calypso band එකක් වගේ සෙට් එකක් ආයිත් සුපිරි උදේ පාන්දරම ගහනවා නියම සින්දු ටිකක්. දැනුත් එනවා ඇති.. ඒ නම් හිගන්නෝ කියලා දාන්න බෑ ..:yes:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    11.ශ්‍රී ලංකාවේ youtube හිඟන්නෝ

    අනේ මාව subscribe කරන්න මමත් ඔයාව subscribe කරනවා.

    *රුෂෙනිගේ චිච්චිය පෙනන නැටුම - බලන්නම ඕන එකක්"
    "රාවණාගේ ලැට් පෝච්චිය හොයාගෙන මාරාන්තික ගමනක්."
    "තන් තුනේ කොළඹ කෙල්ලේගේ විශේෂ හෙළිදරව්ව"
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ සියලු හිඟන වර්ග එකතු කරලා ඈත පිටිසර තියෙන රැඳවුම් කඳවුරකට දාන්න ඕන.

    ප්‍රේමදාස ජනාධිපති කාලේ ඒ වගේ වැඩක් කරා මතකයි
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කොල්ලුපිටිය p & s එක ගාවත් හිටියා ගෝතයෙක්. සල්ලි දුන්නෙ නැති උනාම කුණු කතා කියන්නෙ. දවසක් සල්ලි ඉල්ලල මං දුන්නෑ.
    ‘මහත්තය නිකං ලස්සනට ඇඳන් ගියාට තව මිනිස්සු ඉන්නව කන්න නැතුව. දුප්පත් මිනිස්සු පේන්නේ නැති කුහකයො නිකන් මුකුත් නෑ වගේ උඩින් යන්නෙ. අනේ පලයං මහත්තය යන්න’ කියල අනුර කුමාර ලයින් එකෙන් මූ බනින්නෙ.
    කෙල්ලොත් බලනවා මොන හුයන්නක්ද මේ කියල..
    ඒත් මං නෙවෙයි නරිපඩයක් තරං වත් ගණන් ගත්තෙ.
    මුන් ඊළඟ ආත්ම වල ඉන්දියාවේ ඉපදෙන්නෙ... පාරෙ කක්කි ද දා ඉන්න
    .
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    මම දැක්ක සීන් එකක්. පීටර්ස් එක ඉස්සරහ තියන P & S එක ලග හිගන්නෙක් හිටියා දවසක්. කඩෙන් එලියට ආපු පොඩි කපල් එකකින් කන්න කීයක් හරි ඉල්ලුවා කාල නෑ කියල. මමත් ඒ වෙලේමයි කඩෙන් එලියට යන්න ආවේ. කොල්ලා හොද එකා. ඌ ආයිත් P&S එකට ඇවිත් චිකන් රොටි දෙකක් ගත්තා.
    මම ආව ලග තිබ්බ බස් හෝල්ට් එකට. මම දැක්ක කොල්ල මේක දුන්නට ඩයල් එක කියව කියවා පස්සෙන් එනව. බලද්දී රොටි දෙකත් අරගෙන බැන බැන ඇවිත් තියෙන්නේ සල්ලි දීපු නැති නිසා. අරුන් දෙන්නට වදයක් නිසා උන් ආයිත් හැරිලා ටිකක් දුර ගියා. හිගන ඩයල් එක අරන් දුන්න කෑම එක කුණු බක්කියට දාල අපි ඉන්න තැනිනුත් අරුන් දෙන්නට බැන බැන යනවා, මේවා කන්න හොද නෑ .. සල්ලි ඉල්ලුවාම මේවා දෙනවද අනන් මනං කිය කියා.. :dull:

    මම නම් ඔය බස් වල යද්දී බෙදන කොළ කිසි එකක් ගන්නේ නෑ පුරුද්දක් විදියට. එක එක බස් ස්ටෑන්ඩ් වලදී එක එක බොරු කියන උන් මන් දැකල තියනවා.. කොලයක් දුන්නොත් ඒ වෙලේම එපා කියනවා. සමහර උන් බලෙන් දාල යනවා ඇගට .මම නම් එහෙන්ම හුළගේ යන්න අරිනවා. ඌ අහුලගන්නේ නැතැයි . :dull:

    අසරණ මනුස්සයෙක්ට උදව් කරන් එක වෙනම දෙයක්. බස් කොච්චි වල සුපිරියට සින්දු කියලා කියක් හරි හොයන මිනිස්සු නම් කමක් නෑ . ඉස්සර office train එකට නගිනවා calypso band එකක් වගේ සෙට් එකක් ආයිත් සුපිරි උදේ පාන්දරම ගහනවා නියම සින්දු ටිකක්. දැනුත් එනවා ඇති.. ඒ නම් හිගන්නෝ කියලා දාන්න බෑ ..:yes:
    Curfew kale ATM langa sahenna hitiya minissu. Man e kale nam ithin rs. 20, 50 wage dunna. E arenna nikan puruddata hinga kana ekekta salli denne na.
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ලමයින්ට බන් නින්ද යන්න බෙහෙත් දෙනවා
    එකයි උන් නිදගෙනම ඉන්නේ


    කොල්ලුපිටිය p & s එක ගාවත් හිටියා ගෝතයෙක්. සල්ලි දුන්නෙ නැති උනාම කුණු කතා කියන්නෙ. දවසක් සල්ලි ඉල්ලල මං දුන්නෑ.
    ‘මහත්තය නිකං ලස්සනට ඇඳන් ගියාට තව මිනිස්සු ඉන්නව කන්න නැතුව. දුප්පත් මිනිස්සු පේන්නේ නැති කුහකයො නිකන් මුකුත් නෑ වගේ උඩින් යන්නෙ. අනේ පලයං මහත්තය යන්න’ කියල අනුර කුමාර ලයින් එකෙන් මූ බනින්නෙ.
    කෙල්ලොත් බලනවා මොන හුයන්නක්ද මේ කියල..
    ඒත් මං නෙවෙයි නරිපඩයක් තරං වත් ගණන් ගත්තෙ.
    මුන් ඊළඟ ආත්ම වල ඉන්දියාවේ ඉපදෙන්නෙ... පාරෙ කක්කි ද දා ඉන්න
    .
    අඩෝ කොල්ලුපිටියේ සුපර්මාර්කට් එක ගාව බුවෙක් හිටියා ඔය වගේ
    සල්ලි දුන්නත්තම් බනින්නේ තොපිලට ළමයි හම්බවෙන්න එපා කියලා
    සක්කිලි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    අඩෝ තව සෙට් එකක් ඉන්නව දැනුයි මතක් උනේ. ඉස්සර ගම්පහ AL class යනකොට හිටියා පොඩි උන්. අවු 9-14 වගේ. කොල්ලෝ කෙල්ලෝ දෙගොලොම.
    මුන් ඇවිල්ල ඇගේ එල්ලෙනවා. පොඩි උන් නිසා ගහන්න තල්ලු කරන්නත් බයයි. කෙල්ලෝ ඇවිත් කකුල් දෙකේ එල්ලෙනවා :baffled:
    ගොඩක් කපල් තමයි ටාගට් කරන්නේ. කෙල්ල ඉන්න තැන කොල්ලගේ ඇගේ , කකුල් වල එල්ලෙනවා පාරේ. අරූට කෙල්ල ඉස්සරහ නෝන්ඩිය නිසා කියක් හරි දෙනවා. මට එකපාරක් සෙට් උනා බස් එකේදී. මම ඉදගෙන හිටියේ. අතේ තිබ්බ මාරු කාසි මම බැලුව කියක් හරි දෙන්න. මුන් පැනපු ගමන් සල්ලි ඔක්කොම ගත්ත නේ.. පොර කන්න ගිහින් බිම වැටුන කාසිත් ඇහිද ගත්ත. ඔය වයසේදී ලජ්ජා වෙන්න කැමති නෑ නේ class යන කොල්ලෝ අනිත් උන් ඉස්සරහ. උන් ඒක සෑහෙන ප්‍රයෝජනයට ගන්නවා. :dull: තාමත් ඉන්නවද බන් උන් වගේ උන් ? :lol: