හැබැයි ජන්දයක් විභාගේ කාලේ තියෙන කොට චන්දේ ආතල් එක ගන්න බෑ බං. මම කලින් පාර ජනාධිපතිවරණේ දවස් වල කිරියේ පස් පෑගුවේ නෑ විභාගයක් නිසා. ආතල් නෑ. චන්දේ දාන්න ගියෙත් නෑ ගෙදර ආවෙත් නෑ.
හැමදාම එක්සෑම් වලට සතියක් තියලා අනේ තව දවස් 5 ක් අත් වැඩිපුර තියෙනම් කියලා හිතුනු වාර අනන්තයි බං.![]()
සිරාවට බන්. ඕක ඉස්කෝලේ යන කාලේ ඉඳලම තියෙන දෙයක්. ඒ වගේම හැමදාම හිතනවා ඊ ළඟ පාරනම් කලින්ම පාඩම් කරලා ඉවර කරගන්නවා කියල. ඒත් එමමයි තමයි ඉතින්. ඒත් සුපිරි මීටර් නම් කලින්ම පාඩම් කරලා ඉවර වෙලා ඩයල් වගේ ඉන්නවා බන් අප මැරීගෙන පාඩම් කරද්දී අන්තිම දවස් ටිකේ. අනේ මන්ද ඇයි අපිට එහෙම කරන්න බැරි කියල.








