පිපිරීමක් සමග ගිනි ජාලාවක්
පිපිරීම ඇසින් දුටුවන් 20 කට වැඩි පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කරගැනීම සිදුවිය.මාර්ග අංක 122 කොටහේන - මහරගම බස් රථයක රියදුරු වූ විසිහත් හැවිරිදි අයි.එස්.වීරසේකර මහතා දී තිබුණු ප‍්‍රකාශය මෙවැනි විය.
‘‘ආරක්ෂක ලේකම්වරයාගේ රථ පෙළට ගමන් කරන්න ඉඩ හදලා දෙන්න මම මාර්ග සංඥා පුවරුව ළග බස් රථය නතර කළා.එහෙම නතර කරන්න කියලා උපදෙස් දුන්නේ විශේෂ කාර්යබලකායේ නිලධාරීන්.එකසැරේට මට මහා පිපිරීමක් ඇසුණා.ඒ ගමන්ම ඉස්සරහා තිබුණු අඹ ගහ ළගින් දුම් වළලූත් එක්ක ගිනි ජාලාවක් නැගෙනවා මම දැක්කා.එකසැරේට බස් එක ඉස්සරහට ඇදිලා ආවේ ගින්නෙන් දැවෙමින් තිබුණු යතුරුපැදියක්.ඒක වැදේවි කියලා බයෙන් මම පහත්වුනා.යතුරුපැදිය වැදිලා බස් රථයේ ඉදිරිපස වීදුරුව බිදිලා ගියා.”
මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස පිපිරීම සිදුවූ ස්ථානයට මිීටර 25 ක් පමණ දුරකින් තිබූ කැබ් රථයක පසුපස කොටසේ වැටී තිබියදී සොයාගැනීමට හැකිවිය.බෝම්බකරු භාවිතා කළේ යැයි සැක කෙරෙන ජංගම දුරකතනයක්ද සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කීවේය.සිදුවීමෙන් පසු කොළඹ සිටි දෙමළ ජාතිකයින් 15 දෙනෙක් පමණ ප‍්‍රශ්න කිරීම් සදහා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.තී‍්‍රරෝද රථයේ අංක තහඩුව භාවිතයෙන් එහි හිමිකරු සොයාගැනීමට හැකිවූ අතර නමින් ඇන්තනී බර්නාඞ් කි‍්‍රස්ටෝපර් වූ ඔහු වාසය කළේ කඩවතය.ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී සොයාගැනීමට හැකිවූයේ ප‍්‍රහාරයට දින කිහිපයකට පෙර මෙම තී‍්‍රරෝද රථය මෝදර පදිංචි බව කියා ඇති මොහොමඞ් ලතීෆ් මොහොමඞ් ෆරීඩ් නම් පුද්ගලයකුට රුපියල් ලක්ෂ තුනක මුදලකට විකුණා ඇති බවය.ඔහු ගැන කළ සොයාබැලීම් වලදී නවාතැන් සදහා මාස තුනක අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ෆරීඞ් නවාතැන් හිමිකරු වෙත ගෙවා ඇති බව පොලිසිය අනාවරණය කරගත්තේය.
වැඩිදුර විමර්ෂණ වලින් හෙළිවූයේ එම්එල්එම් ෆරීඞ් ලෙස මුස්ලිම් නමකින් පෙනී සිට ඇත්තේ බාලසිංහම් විජයකුමාර් නම් දෙමළ ජාතිකයකු බවයි.ඔහු කුරුම්පුල්ලි හෙවත් කලූ කොටි සාමාජිකයකු බවත්,කොළඹ පැමිණ ඇත්තේ බෝම්බ ඇටවූ රථයක් භාවිතයෙන් ගෝඨාභය ඝාතනය කිරීමට බවත් බලධරයෝ ක‍්‍රමයෙන් අනාවරණය කරගත්හ.තී‍්‍රරෝද රිය පදවාගෙන පැමිණි තැනැත්තා අන් කිසිවකු නොව බාලසිංහම් විජයකුමාර් හෙවත් මොහොමඩ් ලතීෆ් මොහොමඩ් ෆරීඩ්ම විය.
තවදුරටත් විමර්ෂණ කටයුතු සිදුකරගෙන යාමේදී තී‍්‍රරෝද රථයේ සවිකර තිබූ කිලෝ 25 කට අධික බරකින් යුතු බෝම්බය කොළඹට ප‍්‍රවාහනය කිරීමට එල්.ටී.ටී.ඊ ය යොදාගෙන තිබෙන්නේ කෙයාර් නම් අන්තර්ජාතික තලයේ රාජ්‍ය නොවන සංවිධානයක කැබ් රථයක් බව අනාවරණය විය.විමර්ෂණ පැවැත්වූ බලධරයින්ට සොයාගත හැකිවූ ආකාරයට එම රථය පදවා ඇත්තේ එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයකු වන තම්බිරාජා යෝගරාජා නම් පුද්ගලයෙකි.බෝම්බය රථයේ ඉන්ධන ටැංකියේ සගවාගෙන කොළඹට රැගෙනවිත් තිබෙන බවත්, වැල්ලවත්ත ප‍්‍රදේශයේදී එය පිටතට ගෙන මෝදර දක්වා ගෙනවිත් තී‍්‍රරෝද රියට සවිකර ඇති බවත් සොයාගැනීමට බලධාරීන් සමත්විය.
2002 සටන්විරාම ගිවිසුමෙන් ලැබූ අවසරයෙන් කොළඹ,එනම් දිවයිනේ දකුණු දිග ප‍්‍රදේශය දක්වාම තම සංවිධානයේ සාමාජික හා ආධාරකරුවන්ගේ ජාලය ව්‍යාප්ත කිරීමට එල්.ටී.ටී.ඊ ය කටයුතු කර තිබෙන බව ගෝඨාභයට එල්ලවූ ප‍්‍රහාරය සම්බන්ධ විමර්ෂණ කටයුතු වලදී ක‍්‍රමයෙන් අනාවරණය විය.මෙම ජාලය බිද හෙළීමට බලධරයෝ කටයුතු කළත් ඔවුන්ගේ ඇස්වලට වැලි ගසා රජයේ ප‍්‍රබල සාමාජිකයින් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමට ත‍්‍රස්තයෝ සමත්වූහ.ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඝාතනය එවැන්නකි.නමුත් ක‍්‍රමයෙන් මේ ශක්තිමත් ජාලය බිද හෙළීමට ශී‍්‍ර ලංකා ආරක්ෂක බලධරයෝ සමත්වූහ.එල්.ටී.ටී.ඊ යට ඔත්තු සැපයූයේයැයි චෝදනා මත යුද හමුදා කර්නල්වරයකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු අත්අඩංගුවට ගැනීමද සිදුවිය.දෙදෙනම සිංහල ජාතිකයෝය.
මෙම කටයුතු සාර්ථකව සිදුවෙමින් පැවතියද වැදගත්ම ගොදුර දඩයම් කරගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත.දකුණේ එල්.ටී.ටී.ඊ මෙහෙයුම් භාරව සිටින්නේ කවුද? පොට්ටු අම්මාන්,කපිල් අම්මාන් සහ වෙනත් එල්.ටී.ටී.ඊ නායකයින් ප‍්‍රහාර සැළසුම් කළද බිම් මට්ටමේ සිට ඒවා කි‍්‍රයාත්මක කරන්නේ තවත් පුද්ගලයෙක් බවට ඉගි ආරක්ෂක බලධරයින් වෙත ලැබී තිබිණ.දකුණේ මරාගෙන මැරෙන ප‍්‍රහාර දියත් වන්නේ මේ පුද්ගලයාගේ අධීක්ෂණය යටතේ බව බලධරයෝ දැන සිටියහ.මොහු කොටුකරගැනීමට කළ උත්සාහයන් වල නිමක් නොතිබිණ.නමුත් එල්.ටී.ටී.ඊ ය පරාජය කර මාස තුනක් ඉක්ම ගිය 2009 අගෝස්තු මස ආරක්ෂක බලධරයෝ වැදගත් සොයාගැනීමක් සිදුකළෝය.
සෙල්වරාජා කිරුපකාරන් හෙවත් මොරිස්
කොළඹ එල්.ටී.ටී.ඊ මහමොළකරු සෙල්වරාජා කිරුපාකරන් හෙවත් මොරිස් බව අනාවරණය කරගැනීමට ආරක්ෂක බලධරයෝ සමත්වූහ.මරාගෙන මැරෙන බෝම්බකරු මුස්ලිම් ජාතිකයකු ලෙස පෙනී සිටි අයුරින්ම මොරිස්ද පෙනී සිටියේ මොහොමඞ් නිසාර් යන නමින් මුස්ලිම් ජාතිකයකු ලෙසය.කුප්පියාවත්තේ සහ දෙමඩගොඩ යන ප‍්‍රදේශවල පිහිටි නිවාස දෙකක් ඔහුට තිබුණි.මොරිස්ගේ හැසිරීම් ගැන අවධානයෙන් සිටි පොලිසිය වරක් ඔහු තම ස්කූටරයෙන් දෙමටගොඩ සිට මරදාන බලා ගමන් කරමින් සිටියදී මොරිස්ව ලූහුබැද ගියහ.පොලිස් ජීප් රිය ස්කූටරයේ ගැටුණු අතර මොරිස් බිම පතිත විය.වහාම ඔහු තම සන්තකයේ තබාගෙන සිටි සයනයිඞ් කරල් දෙකක් ගිල්ලේය.
මොරිස් වහාම කොළඹ ජාතික රෝහලය ඇතුළත් කැරිණ.දින දෙකක් දැඩි වෛද්‍ය අවධානය යටතේ සිටි ඔහු ක‍්‍රමයෙන් සුවය ලැබුවේය.මොරිස්ගෙන් දැඩිව ප‍්‍රශ්න කළ පොලිසිය ගෝඨාභය රාජපක්ෂ මෙන්ම හමුදාපති සරත් ෆොන්සේකා ඝාතන තැත පසුපස සිටින්නේද ඔහු බව අනාවරණය කරගත්තේය.එල්.ටී.ටී.ඊ ය පරාජය වී තිබූ නිසා මොරිස්ගෙන් ලබාගත් තොරතුරු වල ප‍්‍රායෝගික වටිනාකමක් නොතිබිණ.සිරිසේන - වික‍්‍රමසිංහ රජය දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් යටතේ මොරිස්ටද නිදහස ලබාදීමට ගියද එයට දැඩි විරෝධයක් එල්ල විය.අදටත් මොරිස් පසුවන්නේ ආරක්ෂක අංශ අත්අඩංගුවේය.
ගෝඨාභය රාජපක්ෂට එල්ලවූ ප‍්‍රහාරයේ තතු මෙවැනිය.බොහෝ කාලයක් මුලූල්ලේ සිටිම දේශීය මෙන්ම අන්තර්ජාතික ප‍්‍රජාව විශ්වාස කළේ එය එල්.ටී.ටී.ඊ සැළසුමක් බවය.එය තහවුරු කෙරෙන සාක්කි වුවමනා තරම් තිබුණි.සරත් ෆොන්සේකා පවා තම 2010 ජනපතිවරණ ව්‍යාපාරයේදී මෙයට එරෙහිව කිසිත් කියා සිටියේ නැත.නමුත් එක්සත් ජාතික පෙරමුණු රජයේ ඇමැතිකමක් ලබාගත්තායින් පසු ඔහු දැන් පවසන්නේ ප‍්‍රහාරය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සැළසුමක් මත එල්ල කෙරුණු බවය.
රාජපක්ෂ පාලන සමයේදී සරත් ෆොන්සේකාට ඉතාම පහත් ලෙස සැළකුණු බව කීමේ කිසිදු වරදක් නැත.ඔහුගේ තනතුරු හා නම්බු නාම සියල්ලද ඉවත් කැරිණ.නමුත් වත්මන් රජය ඒ සියල්ල නැවත ඔහු වෙත ලබාදීමටත්,යුද්දය ජයග‍්‍රහණය කළ හමුදාපතිවරයා වීමේ ගෞරවය ඔහුට හිමිකරදීමටත් කටයුතු කළේය.මේ හමුවේ මුලූ රටේම ජනතාව සතුටුවූහ.
ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකා
තමන් කළ ප‍්‍රකාශය ගැන පැහැදිලි කිරීමක් සිදුකිරීම ෆොන්සේකාට දැන් පැවරී තිබෙන වගකීමයි.හිටපු ආරක්ෂක ලේකම්වරයාට පදනම් විරහිත චෝදනා එල්ල කිරීම අම්බලන්ගොඩ සිංහයාට තරම් නොවේ.පවසා සිටි දෙයට සාක්කි ඉදිරිපත් කිරීමට ෆොන්සේකා අපොහොසත් වුවහොත් පාර්ලිමෙන්තුව සහ රටේ ජනතාව නොමග යැවීමේ ප‍්‍රකාශයක් සිදුකළේයැයි අධිකරණය ඉදිරියේ ඔහු වරදකරුවකු වීමේ අවදානමක් තිබේ.

මට දුක උබලා වගේ unp හුයියෝ ගැන.වාහන ගන්න නේද තොපි මරාව ගෙදර ඇරියේ..දැන් ඒකටත් කෙල උනහම ලැජ්ජාව වහගන්න හිටං ගිය G7 ගැන කියෝනවා..
oya karana speech okkoma sinhalen karanna thibbane.... japanese PM thatama thatama english speech denne nane....