හිටපු ක්‍රිකට් ක්‍රීඩක බිරිය හොර රන් ජාව
කවුද ගැනද මේ කියන්නේ ?
රජයට මුදල් නැති නිසා මහා භාණ්ඩාගාරයට අයත් රුපියල් ලක්ෂ 5000 ක් වටිනා රත්‍රං කිලෝග්‍රෑම් 100 ක් විකිණීමට නියමිතව ඇති බවත්, අවශ්‍ය කෙනකුට එම රත්‍රං තොගය ලබාදිය හැකි බවත් කියමින් මහා මූල්‍ය වංචාවක් කිරීමට උත්සාහ කළ 11 දෙනකුගේ කල්ලියක් පොලිසියට කොටුවී ඇත.
එම සංවිධානාත්මක කණ්ඩායම මෙහෙයවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ඉතා ජනප්‍රිය මෙන්ම දක්ෂ උප නායකයකුගේ බිරියක් සහ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයකු (එස්. එස්. පී.) විසිනි.
අත්අඩංගුවට ගත් 56 හැවිරිදි මේ කාන්තාවගේ සැමියා කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පිතිකරුවකු සහ උප නායකයා ලෙස ද කටයුතු කර ඇත. ඔහු මේ වන විට විදේශයක ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කරන අතර බිරිඳගේ මෙම ජාවාරමට ඔහුගේ කිසිම සම්බන්ධයක් නොමැති බව අනාවරණය වී ඇත.
http://www.divaina.com/2013/05/06/news01.html