හිට්ලර් ජුදෙව් ජාතිකයන්වම මෙච්චර මැරුවේ
BBC සන්දේශය
BBC සන්දේශය
දස ලක්ෂයක ජීවිත බිලි ගත් අවුශ්විට්ස් වද කඳවුර
සෝවියට් රුසියානු හමුදා විසින් පෝලන්තයේ අවුශ්විට්ස් වද කඳවුරේ සිටි රැඳවියන් බේරා ගැනීමේ හැත්තෑ වන සංවත්සරය සැමරෙයි.
දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය විසින් පවත්වා ගෙන ගිය විශාලතම වද කඳවුර ලෙස අවුශ්විට්ස් කඳවුර සැලකේ.
එක්දහස් නවසිය හතළිහ සහ එක්දහස් නවසිය හතළිස් පහ වසර අතර කාලයේදී අති බහුතරයක් යුදෙව් ජාතිකයන් ඇතුළු දස ලක්ෂයකට ආසන්න පිරිසක් නාසි හමුදා විසින් අවුශ්විට්ස් කඳවුරේදී ඝාතනය කරනු ලැබිණි.
නාසි හමුදා විසින් යටත් කර ගනු ලැබූ යුරෝපා රටවල විසූ ලක්ෂ සංඛ්‍යාත යුදෙව් ජාතිකයන් මෙම කඳවුර වෙත ප්‍රවාහනය කර ඇත්තේ දුම්රිය මගින්.
මීට වසර හැත්තෑවකට පෙර නාසි වද කඳවුරේ සිට දිවි බේරා ගත් පුද්ගලයෝ කඳවුර පිහිටි ස්ථානයේ මල් වඩම් තැන්පත් කළහ.
මේ වන විට පෝලන්ත ආණ්ඩුව විසින් කෞතුකාගාරයක් වශයෙන් පවත්වා ගෙන යන අවුශ්විට්ස් වද කඳවුර යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ.
දිවි රැක ගත් පිරිස් ඇතුළු දහස් සංඛ්‍යාත සංචාරකයන් අවුශ්විට්ස් වද කඳවුර නැරඹීමට වාර්ෂිකව පැමිණෙති.
හිට්ලර් ජුදෙව් ජාතිකයන්වම මෙච්චර මැරුවේ ඇයි?සංවාදයට විවෘත්තයි.