හිතට මාර දුකයි කොල්ලනේ.

forgotguy

Member
Jan 18, 2016
21
5
3
හිතට මාර දුකයි කොල්ලනේ.

මේ ත්‍රෙඩ් එක ටිකක් විතර දිග වෙයි. ඒත් නොකියවා යන්න එපා. මම ෆේක් එකක් බොරු කියන්න ඕන නෑනේ. මම එළකිරියේ අවුරුදු 3ක් විතර
පරන මෙම්බර් කෙනෙක්. මම මේ කාරනේ උබලට කියන්නේ හිතේ තියෙන දුක ටිකක් තනී කරගන්න බං. විහිලුවකට මාව ගන්න එපා. සිරාවටම
මට හිතෙනව මම පට්ට ලූසර් කෙනෙක් කියල. කොච්චර හිත තද කරන් ඕව කෙහෙල්මල් සිතුවිලි අරව මේව කියල හිත හදාගෙන දවස ගෙව්වත්
වැඩ ඇරිල ගෙදර ආවම සහ රෑට නින්දට යනකොට මට මේව කල්පනා වෙනව බන්. ඇදේ එහාට මෙහාට හැරි හැරි කොට්ට තුනට තරට නව නව
නිදා ගන්න හැදුවත් නින්ද යන්නෑ හිතට මාරම තනිකමක්, පාළුවක් දැනෙනව. වෙලාවකට කෑගහල අඩන්නත් හිතෙනව. මම ගොඩක් වෙලාවට රෑට
කරන්නේ කිරියේ ටිකක් වෙලා ඉදල නින්ද යන්නැත්නම් මිදුලෙ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්න එක. නිදි මත උනාම ඇවිත් නිදාගන්නව.

මේකයි සීන් එක. මේ කාරනේ මම මගේ පාසල් ජීවිතේ පොඩි වසර වල ඉදන් නෝට් කරපු එකක්. ගොඩක් ඉස්කෝලේ එක පංතියේ යාලුවො
උනත් මාත් එක්ක වැඩිය නෑ. පංතියේදී එකට හිටියට, හවසට සෙල්ලම් කරන්න යන්න, පංති යන්න, එක එක ගමන් යන්න උන් මට කතා කලේ
නෑ. මම පට්ට ගේමක් දෙනව උන්ගේ ගැන්සියට සෙට් වෙන්න, පුලුවන් හැම වෙලේම මම උන්ට උදව් කලා. ඒත් උන්ට මාව මතක් වෙන්නේ
මොකක් හරි උදව්වක් ඕන උනාම විතරයි. ඉන් පස්සේ මාව මතක නෑ. මම බලෙන් උන් එක්ක සෙට් උනත් මාව උන් කෙයා කරන්නෑ වගේ තේරුනා.
උන් එක පාරටම නැගිටල යනව මම දාල, මාත් එක්ක වැඩිය කතා නෑ මම කතා කරන ඒවටත් උන් අවදානයක් දෙන වග පෙනුනෙ නෑ. මම ඉස්කෝලෙ
යන කාලෙත් මේ ප්‍ර‍ශ්නෙ නිසා සෑහෙන්න චාටර් උනා කෙල්ලන්ටත් උනුත් හිතන්න ඇති මම මහ නපුංසකයෙක් කියල. මොකද මම කොන් වෙච්ච
ගතියක් කාටත් පේන්න තිබ්බ. ඉස්කෝලෙදි විතරක් නෙමේ පංති වලදිත් එහෙමයි. මම අනිත් අයට නෝට් නොවී සාමාන්‍ය විදියට උන්ට සෙට් වෙලා
ඉන්න හැදුවත් ඒක ලේසි බවක් පෙනුනෙ නෑ. ඒක පට්ටම ආතතියක් වගේම වෙහෙසකාරී දෙයක් වගේ දැනුන. මම ඔහොම 9ය වසරට එනකොට
ඔය හේතුව නිසා පට්ට විදියට හෙම්බත් වෙලා තිබ්බ. ඒනිසාම මම ඒ ට්‍ර‍යි කිරිල්ල අත ඇරලම දැම්ම. හැම දේම තනියම කරන්න, ඕන තැනක තනියම යන්න.
සීයක් කෙල්ලො බලාගෙන හිටියත් පංතියක තනියම ගිහින් ඉදන් ඉන්න මම පුරුදු උනා. ගොඩක් වෙනත් ස්කෝලවල පංති ආපු උන් සාමාන්‍ය යාලුවො උනා
ඒත් පංති ඉවර උනාම ඒ යාලුකමුත් එහෙම්මම ඉවර උනා. මම ඔහොමම a/l පාස් වෙලා HND එකක් කරල ජොබ් එකකට ගියා.

මම දැනට කරන්නේ මගේ 4වෙනි ජොබ් එක. කලින් හැම තැනකම වගේ මම අලුතින් ගියාම ගොඩක් ඒ තැන්වල වැඩ කරන උන් මාව කෙයා කරේ නෑ. මමත් මමත් උන්ව
කෙයා කරේ නෑ. මොකද මේ වෙනකොට මිනිස්සු හිටියත් එකයි නැතත් එකයි වගේ හැගීමක් මට තිබ්බේ ඇත්තටම මම ඒකට පුරුදු උනේ 9 වසරෙදි වගේ ඉන් පස්සේ මම කිසි
එකෙකුට බාල්දු උනේ නෑ. ඕන කෙනෙක් මට ඇවිත් කතා කරනකන්, මාත් එක්ක හිනා වෙනකන් මමත් ඒවට ගියේ නෑ. ඇත්තටම ඒක ආයාසයක් අරන් කරන්න ඕන උනේ නෑ
ඒකට මම ඉබේම පුරුදු වෙලා. නමුත් ටික කාලයක් සේවය කරන කොට එතන ඉන්න කීප දෙනෙක් මාත් එක්ක ෆිට් උනා. ෆිට් කිව්වේ ඔෆිස් එකේදි හොඳට කතා බහ කරනව.
නමුත් අර ගැටලුව ඒ විදියටම තිබ්බ උන් උන් පිටදි මාව හලල සෙට්වෙනව. උන් යන ඉවෙන්ට්ස් වලට මට කතා කරන්නෑ. උන් ඒව ෆේස්බුක් පවා දානව. මම ඒව ගැන හිතනව කියල
පෙන්නන්න ගියේ නෑ ජොබ් එක කරන්න හිටියා. උන් උදව් ඉල්ලුවම මම උදව් කරනව. ඒක ඇත්තටම මගේ දුර්වල කමක්. කොහොම කොහොම හරි මම එක එක ජොබ් වලින් මාරු
වෙලා දැන් දැන් ඉන්නේ 4වෙනි ජොබ් එකේ. කලින් තැන්වල එකට හිටිය එකෙක්වත් දැන් අඩුම තරමෙ කොල් එකක් වත් දෙන්නෑ.

මට ඉස්කෝලෙ කාලෙ ඉඳල කෙල්ලෙක් උනත් ඉඳල නෑ. මොකද උන් උනත් මාත් එක්ක හොඳට කතා බහ කරල හිටියට වෙන කොල්ලො එක්ක වගේ ප්ලේෆුල් නෑ. පට්ට ඔෆීෂියල් මාත්
එක්ක කතා කරන කොට. ඒනිසාම මාත් එහෙමයි. අනික මට ගොඩක් තේරුන දෙයක් තමයි යාලුකමටක එහා දෙයකට මම ලංවෙන්න හදන හැම වෙලාවෙම උන් ටක්ගාල මගේ හිත නොරිදෙන්න
මාව කපනව. මට හිතෙනම දෙයක් තමයි ගොඩක් උන් මට කැමති නෑ කියල. කෙල්ලො විතරක් නෙමේ කොල්ලො උනත්. මම කැත කොල්ලෙකුත් නෙමේ. නමුත් මට අසාදාරනේට ටිකක් කේන්ති
යනව. තරා තිරම බලන්නේ නැතිව ඒ වෙලාවට ටිකක් සැරෙන් කතා කෙරෙවෙනව. ඒත් මම නරක එකෙක් නෙමේ. මගේ හිත ඒක දන්නව මචංල. මොකද මම පට්ටම සෙන්සිටිව්. මම සත්තුන්ට උනත් මාර
ආදරෙයි. උන් මාත් එක්ක කතා නොකෙරුවට මම උන් එක්ක කතා කරනව. කාට හරි තදින් කතා කරත් පස්සේ පට්ට විදියට දුක හිතෙනව සහ ගොඩක් වෙලාවට සමාව ගන්නව.

දැන් දැන් මේ සීන් එක ටිකක් වැඩි වෙලා මචං. මම දැන් ගොඩක් අලුත් අයත් එක්ක එකමුතු වෙන්න ට්‍ර‍යි කරන්නෑ. මොකද මගේ හිත කියන්නේම කවුරුවත් මට කැමති නෑ කියල. ඉතින් ගොඩක් වෙලාවට මම
මාර නිශ්ෂබ්දයි, වැඩිය ගැටෙන්න යන්නෑ. මම පහු ගිය දවස්වලත් එහෙම සෙට් වෙන්න ට්‍ර‍යි කරා. ඒඋනාට එක යාළුවෙක්ටවත් වෙලාවක් නෑ. මම මේ ලඟදිත් ගියා මාස ගානකින් දැක්කෙ නැති නිසා යාලුවෙක් බලන්න
ඉරිද නිවාඩු දවසෙ ගෙදරටම. ගියාම පොර හිටිය. මට ඌව දැක්ම සතුටු හිතුනට ඌට ගානක් වත් නෑ ඒක මට උනේ මූනෙන් පෙනුන. ඒ වෙලාවෙ ඌට කෝල් එකක් ආව. ඌ මචං මම ටක්ගාල එන්නම් කියල බයික් එකෙන්
ඒ වෙලාවේ උන්ගේ ගෙදර ඇවිත් උන්න උගේ වෙන යාලුවෙක් එක්ක බයික් එකෙන් යන්න ගියා. මම විනාඩි 20ක් විතර බලල මාත් ආපහු එන්න ආව. ඕකත් මගේ හිතට පට්ට විදියට වැදුන.

මට හිතාගන්න බෑ බං ඇයි ගොඩක් උන් මට වැඩිය කැමති නැත්තේ කියල. උන්ට ඕන මගෙන් උදව් විතරයි. මම ෆේස් බුක් එකේ උනත් මොනව දැම්මත් එකෙක්වත් ලයික් එකක් දාන්නෑ මම උන්ට දැම්මත්. මම ඒනිසා ඒකෙනුත්
අයින් උනා. මට මාර පාලුවක් සහ වේදනාවක් දැනෙනව සමහර වෙලාවට මේව මතක් වෙන කොට. තනියම හරේ මෙහේ ගියත් කිසි ෆන් එකක් නෑ. මේ ලඟදිත් මම කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුව එයත් බෑ කිව්ව. මට කිසිම සමාජ
බයක් නෑ, ඕන තැන ගිහින් ඕන කෙනෙක් එක්ක මට කතා කරන්න පුලුවන්. අනික මම එහෙම බොරිං කැරැක්ට එකක් කියල මම හිතන්නෙත් නෑ මම ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි මාත් එක්ක හොදින් ඉන්න අයට. ඒත් බං මට හිතා ගන්න බෑ
ඇයි මම ලගින් ආස්‍ර‍ය කරන අයට මාව වටින්නේ නැත්තෙ කියල. ගොඩක් උන්ගේ පාටි, දානෙ ගෙවල්, මගුල් තිබිල මම දන්නෙවත් නෑ. උං ෆේස්බුක් දැම්මම මම දන්නෙත්.

මොකක් හරි අවුලක් තියෙනව බං මගේ. සමහරවිට කර්මයද දන්නෑ.

දැන් මට බයත් හිතෙනව මට කසාදයක් වත් බැදල සතුටින් ඉන්න පුලුවන් වෙයිද කියල. කෙල්ලො උනත් පට්ට ඔෆීෂියල් මාත් එක්ක ගනුදෙනු කරන කොට, කතා කරනකොට, මම කොච්චර ඒක බිදින්න හැදුවත් උන් ඒ කට ඉඩ දෙන්නෑ.
අනේ මංද බන් තනිකමත් වෙලාවකට පට්ටම අමාරුයි දාරාගන්න. :(
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    - wayasa keeyak da?
    - machan one tharam lifehacker eke post athi "small talk" kiyala. E kiyanne party ekakata gihin wunath kohomada aduranne nathi ayath ekka kathakarana kiyala.
    - personality. Issarala thaman kamathi thamange targets walata yanna. Ethakota brain eka confident wenawa one dekadi. Ethakota hoda personality ekak hadenawa.
     
    • Like
    Reactions: Iintercooler

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මටත් හිතෙනවා මචන් කර්මය කියල.. උබ ඕව ගැන හිතන්න එපා.. හොද කෙල්ලෙක් සෙට් කර ගනින්.. එතකොට ඔය තනිකම හරියයි.. පුළුවන් තරම් පින් දහම් කරලා සතුටු වෙයන්.. අනිවා උබට හිතට ගොඩක් සැනසීමක් ලැබෙයි.. ඕන දෙයක් තියනවනම් කියපන් අපි ඉන්නවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    යාළුවො නම් මොක්කුද බං..උබට තියෙනකන් ඉදියි.නැති උනහම එකෙක්වත් නැහැ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    කාමරේට tv එකක් හයි කරගනින්.නින්ද යනකන් tv බලපන්.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඕක හීනමානය වගේ කේස් එකක්නේ...එළකිරියෙ උබට යාළුවෝ ඉන්නවද?

    පවුලේ උබ විතරද?
     
    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    - wayasa keeyak da?
    - machan one tharam lifehacker eke post athi "small talk" kiyala. E kiyanne party ekakata gihin wunath kohomada aduranne nathi ayath ekka kathakarana kiyala.
    - personality. Issarala thaman kamathi thamange targets walata yanna. Ethakota brain eka confident wenawa one dekadi. Ethakota hoda personality ekak hadenawa.

    26යි මචං
     
    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    කාමරේට tv එකක් හයි කරගනින්.නින්ද යනකන් tv බලපන්.

    tv බලන්න කැමැති නෑ මචං. movies, tv series වගේ තමයි බලන්නේ.

    ඕක හීනමානය වගේ කේස් එකක්නේ...එළකිරියෙ උබට යාළුවෝ ඉන්නවද?

    පවුලේ උබ විතරද?

    ඔව් මචං මම විතරයි, කිරියෙ උනත් යාලුවො කියල නෑ. සරලව කියනව නම් මම ප්‍ර‍සිද්ද කෙනෙක් නෙමේ. :P

    මටත් හිතෙනවා මචන් කර්මය කියල.. උබ ඕව ගැන හිතන්න එපා.. හොද කෙල්ලෙක් සෙට් කර ගනින්.. එතකොට ඔය තනිකම හරියයි.. පුළුවන් තරම් පින් දහම් කරලා සතුටු වෙයන්.. අනිවා උබට හිතට ගොඩක් සැනසීමක් ලැබෙයි.. ඕන දෙයක් තියනවනම් කියපන් අපි ඉන්නවා

    මම ඉස්සර කර්මය විස්වාස කලේ නෑ. ඒත් දැන් මටත් වෙලාවකට එහෙම හිතෙනව :eek:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mcho api hemogema body ekle aura kiyala ekak tiyenawa.eka wate inna ayata iven wage terenawa.apita ekenek dekkama hena adare feeling ekak enne and homba galawenna denna hitena feeling ekak enne oya aura eka hinda.tamange hithe tiyena okoma oya aura eken eliyata vibrate wenawa.oya ube karma nattan hithe tiyena awul gathiya hinda tamai ubata ohoma wenne.ekata ubata karanna deyak ne.
    ubata lesima wede yantrayak dana eka.ube aura eke tiyenne negative energy ekak ekai anith aya uben ath wenna balanne.uba confidence innawa kiyala hituwata uben pitawenne hena dark energy ekak.ekai awula.hamuduru kenekgen hari oya hodata karana tanakin yantrayak daganna.hodata energize karapu ekak wenna one.oya moratuwa hariye innawa hoda ekenek mata nama mataka ne.oya ube karma mchn
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Visit this place.They will tell you the best yantra to wear.
    nadi+sinhala.jpg
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අනේ බන් මටත් ඔය සීන් එක ලාවට වගේ තියනවා. මට තාම 21යි. මන් හිතන්නේ අපිට තියෙන්නේ හීන මානෙ වෙන්නැති, මටත් දැන් යාලුවො නැතුව ඕනෙ දෙයක් කරන්න පුලුවන්. උන් සෙට් පිටින් ගිහින් කරල තියන දේවල් මම තනියම ගිහින් කරල තියනවා. ඒ ගැන හිතන කොට නම් හිතට මාර ගැම්මක් එනවා. බට් මටත් මේ අසනීපෙ හොදකරගන්න ඕනෙ බන්. තතිකම කියන්නේ සමහර දවස් වලට depression වල panic attack උනත් ඇවිත් තියනවා. මට ගොඩක් උන් එක්ක කතා කරන්න ගියාම ඔලුවට වචන ගලන් එන්නෙත් නෑ. හදිස්සියෙවත් අදුරන පොරක් බස් එකේ එහා පැත්තේ සීට් එකේ ඉදගත්තොත් හෙන අවුල් ඌත් එක්ක කතා කරන්න දේවල් මතක් වෙන්නෙ නැති නිසා. ඒ හින්දම උන් හිතනව ඇති මම හෙන ලොකු ලයින් එකෙන් කියලා.
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    උබේ ගාව තියන සමහර ගති මටත් තියනවද කොහොද බන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ube aulak bn
    fb eke bn aduran nati un unath oya waru ganan kata karanne
    ube aulak atte bn
    unta ube line wage tarenawada dan na
    tikak hoda social sporty kollek wela balahan hariyai
    owa ganan ganna ewada bn
    waren ☣☣ මඤ්ඤං උයන ☣☣ 6
    patte ubata yaluwo nadda kiyala balanna
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අනේ බන් මටත් ඔය සීන් එක ලාවට වගේ තියනවා. මට තාම 21යි. මන් හිතන්නේ අපිට තියෙන්නේ හීන මානෙ වෙන්නැති, මටත් දැන් යාලුවො නැතුව ඕනෙ දෙයක් කරන්න පුලුවන්. උන් සෙට් පිටින් ගිහින් කරල තියන දේවල් මම තනියම ගිහින් කරල තියනවා. ඒ ගැන හිතන කොට නම් හිතට මාර ගැම්මක් එනවා. බට් මටත් මේ අසනීපෙ හොදකරගන්න ඕනෙ බන්. තතිකම කියන්නේ සමහර දවස් වලට depression වල panic attack උනත් ඇවිත් තියනවා. මට ගොඩක් උන් එක්ක කතා කරන්න ගියාම ඔලුවට වචන ගලන් එන්නෙත් නෑ. හදිස්සියෙවත් අදුරන පොරක් බස් එකේ එහා පැත්තේ සීට් එකේ ඉදගත්තොත් හෙන අවුල් ඌත් එක්ක කතා කරන්න දේවල් මතක් වෙන්නෙ නැති නිසා. ඒ හින්දම උන් හිතනව ඇති මම හෙන ලොකු ලයින් එකෙන් කියලා.
    ow bn yaluwak set unoth monwada kata karnna ona kiyala tarnna e ai bn kellak ekka unat ehami
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අනේ බන් මටත් ඔය සීන් එක ලාවට වගේ තියනවා. මට තාම 21යි. මන් හිතන්නේ අපිට තියෙන්නේ හීන මානෙ වෙන්නැති, මටත් දැන් යාලුවො නැතුව ඕනෙ දෙයක් කරන්න පුලුවන්. උන් සෙට් පිටින් ගිහින් කරල තියන දේවල් මම තනියම ගිහින් කරල තියනවා. ඒ ගැන හිතන කොට නම් හිතට මාර ගැම්මක් එනවා. බට් මටත් මේ අසනීපෙ හොදකරගන්න ඕනෙ බන්. තතිකම කියන්නේ සමහර දවස් වලට depression වල panic attack උනත් ඇවිත් තියනවා. මට ගොඩක් උන් එක්ක කතා කරන්න ගියාම ඔලුවට වචන ගලන් එන්නෙත් නෑ. හදිස්සියෙවත් අදුරන පොරක් බස් එකේ එහා පැත්තේ සීට් එකේ ඉදගත්තොත් හෙන අවුල් ඌත් එක්ක කතා කරන්න දේවල් මතක් වෙන්නෙ නැති නිසා. ඒ හින්දම උන් හිතනව ඇති මම හෙන ලොකු ලයින් එකෙන් කියලා.

    This is all the result of your mind.If you aren't capable enough to control mind wear a yantra mchn.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    yako mchn uba fail nah ubata jobak thiyenw aube wade social life ekak nathi eka hoda yaluwek hambunama set weyan trip ekak palayan apita wela thiyena ewage hatiyata owa monowda bnz guud luk
     
    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    mcho api hemogema body ekle aura kiyala ekak tiyenawa.eka wate inna ayata iven wage terenawa.apita ekenek dekkama hena adare feeling ekak enne and homba galawenna denna hitena feeling ekak enne oya aura eka hinda.tamange hithe tiyena okoma oya aura eken eliyata vibrate wenawa.oya ube karma nattan hithe tiyena awul gathiya hinda tamai ubata ohoma wenne.ekata ubata karanna deyak ne.
    ubata lesima wede yantrayak dana eka.ube aura eke tiyenne negative energy ekak ekai anith aya uben ath wenna balanne.uba confidence innawa kiyala hituwata uben pitawenne hena dark energy ekak.ekai awula.hamuduru kenekgen hari oya hodata karana tanakin yantrayak daganna.hodata energize karapu ekak wenna one.oya moratuwa hariye innawa hoda ekenek mata nama mataka ne.oya ube karma mchn

    මචං බොරුවට මට උබත් එක්ක එකග වෙන්න ඕන නෑනේ. ඇත්තම කිව්වොත් ඔය යන්ත්‍ර‍ මංත්‍ර‍ ගැන පහැදීමක් නෑ මට. ඒත් ඔය කර්මය කියන කේස් එක නම් මට දැන් හිතිල තියෙන්නේ බන්. මටත් තාම හරිහමන් හේතුවක් හිතාගන්න බෑ බං මෙහෙම වෙන්න. මම හොඳට අදිනව, පිරිසිදුව උන්නව. ගොඩක් පොලයිට් විදියට කතා කරනව, උදව් කරනව, කිසිම කෙනෙක්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න යන්නෑ. ඒත් මට ගොඩක් උන් හිනා වෙලා හිටියට මාව ආශ්‍ර‍ය කරන්න කැමැත්තක් නැහැ වගේ තේරෙනව. කෙල්ලොන්ට උනත් හෙන අන්කම්ෆර්ටබල් ගතියක් තියෙන්නේ බන් මාත් එක්ක කතා කරන කොට. :sorry:
     
    • Like
    Reactions: BadBlueGenius