ඕව නෙවෙ. ඉස්සර පොඩි කාලෙ උදේට රේඩියෝ එකෙ ගියපු උදා ගීත.
පට්ටම නොස්ටැල්ජික් බන්.
කැරිම අවුල් යනවා දැන් ඒ සින්ංදු අහද්දි.

මන් ගොඩක් දවස් වලට උදේට ඒ සින්දු අහනවා.
උදා ගීත කියල සර්ච් කලාම එනවා youtube.
ඒ පොඩි කාලෙ ෆිලින් එක ආයෙ ජිවිතේ කවදාවත් ගන්න බෑනෙ බන්. ලබන ආත්මෙවත් බෑ.
1. බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
2. පිණි බිඳු මුතු මල් සැණකෙලියේ
3. සමනළ මුදුනේ සිරිපද සිඹ සිඹ උදා ඉරක් පායයි
4. දූ පුතුනේ රට අපේය
5. සඳ මඩලේ සිට තරු මඩලේ සිට දිවැස් හෙලන පුතුනේ
ඔය සිංදු වල මුල් පද පේලි, ඒ කාලෙ අහපු තාලෙ තාමත් මතකයි, හිතෙන් කීවැකි
" මේක කොහෙද තිබ්බ එකක්, කියවල බලහන් ඒ ෆිලින් එක.
ශ්රී ලංකා ගුවන්විදුලියේ අරුණ කිරණ උදා ගී වැඩසටහන, 70 දශකයේ උපන් අප අතර වඩා ජනප්රිය උනේ එවක අප පාසලට පියනගන්න සුදානම වන වෙලාව ඇතුලත මේ ගීත නිතැතින්ම අපේ සවනත වැකුණ නිසා.......
පාසල බොහොම සුන්දර තැනක් උනත් හිමිදිරි හීතලේ නිදිගැට හැර පිබිදෙන්න නිදිබර පුංචි හිත ඉඩ දෙන්නෙම නැහැ..තව ටිකක් වෙලා ඇල වෙලා ඉන්නට ඇත්නම් හිතෙනවා.......
අම්මා කුස්සියේ කෑම ලැහැස්ති කරන්නට තේ වත් කරන්නට සුදානම් වෙන සද්දේ ඇහෙන්නේ උදෑසන කුරුල්ලන්ගේ ගීත ඔවිල්ලේ නැලවී නැලවී අඩ නින්දේ සිහින දකිමින් ඉන වෙලාවෙමයි............
ඒ හීන වල.......... නැතිවෙච්ච ලේන්සු , බැලුම් බෝල , තරහවෙච්ච යාළුවො, මේරි ආච්චිගේ කවදාවත් කන්න ලැබිලා නැති කඩල ගොට්ට, (ගෙදරින් තහංචි දාන නිසා) ... අත්තික්ක ගහ යට වැටිච්ච ඉදුණු ගෙඩියක් අහුලන්න යන කොටම ඒ අත්තික්ක ගෙඩිය අතුරුදහන් වෙන හැටි, කොන් ගෙඩි දෙකට පලාගෙන ඒවායේ ඉන්න කොඳුරුවෝ එලවන හැටි පවා දවාලේ පුරා සිදු වෙච්ච දේවල් සිනමා පටයක් wවගේ ලස්සනට කවුරුන් හෝ විසින් පිරියම් කරලා වැඩියෙන් සුරතල් කරලා ඒ ළමා හීන වල අමුණනවා.....
ඒ ළමා කාලය මොනතරම්ම් සුන්දරද ......
.මේ හීන අතරේ සවන් පත් අග රැඳෙන්නේ උදෑසන අරුණ කිරණ ගී දැහැන..මේ ගීත සමහර විට නොවැටහුනත් ඒවායේ රිද්මය වටහාගන්න , උකහාගන්න තරම් සෞන්දර්යයක් අපේ හිත් වල eඑදා තිබුනේ අප එදා ජිවත් වූ පරිසරයේ , වටාපිටාවේ , ආබාසයෙන්....ඉතින් බොහොමයක් එවැනි ගීත මනසේ තැම්පත්වෙලා , අද අසන්නට නොලැබුනත් ඇසු දා මතකයන් මනසේ ලුහුබඳිනවා. "