පොඩි ඔලු කුරුවල් කිරීමක් කරන්නද ?
දුටුගැමුණු රජතුමාගෙ කාල පරිඡ්ඡේදය ගත්තම ක්‍රි.පු 161 - 137 අතර කාල පරිඡ්ඡේදයනෙ එන්නෙ. ඒ කියන්නෙ අදින් වසර 2160 කට කලින් තමයි එතුමා ඉන්නේ. මහා පරාක්‍රමබාහු රජතුමා ගත්තොත් එතුමාගෙ කාල පරිඡ්ඡේදය වෙන්නෙ 1153 - 1186. එතකොට මහා පරාක්‍රමබාහු රජතුමාට වසර 1290 කට කලින් තමයි දුටුගැමුණු රජතුමා රජ කරන්නෙ.
2022 සැප්තැම්බර් මාසේ තමයි ඇපල් අයිෆෝන් එකේ ලේටස්ට්ම මොඩලය රිලීස් වෙන්නෙ. ඒ කියන්නෙ මහා පරාක්‍රමබාහු රජතුමා හිටපු කාලෙන් වසර 836 කට පස්සෙ. නිකන් සරල රේඛාවක කාලය සටහන් කරලා දුටුගැමුණු, පරාක්‍රමබාහු සහ අයිෆෝන් එක තිබ්බොත් පරාක්‍රමබාහුට වඩාත්ම කාලයෙන් ලඟ අයිෆෝන් එක. ඒක දුටුගැමුණු රජතුමාට වඩා වසර 454 කින් පරාක්‍රමබාහු රජතුමාට සමීපයි.
තව උදාහරණයක් ගමු. අනුරාධපුර රාජධානියේ පලමු පාලකයා ලෙස සලකන්නෙ පණ්ඩුකාභය රජතුමාව. එතුමා මිය යන්නෙ ක්‍රි.පු 367 දි. ඒ කියන්නෙ අදින් වසර 2390 කට කලින්. අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා වගේම ලම්භකරණ පෙළපතේ අවසාන පුරුක වෙන පස්වන මිහිඳු රජකරන අවසාන වසර වෙන්නෙ 1017 වර්ෂය. ඒ කියන්නෙ මිහිඳු සහ පණ්ඩුකාභය යුග අතර කාල පරතරය වසර 1384 යි.
ඊයේ රෑ චෙන්නායි සුපර් කින්ග්ස්ලට දිනුම ගේන්න ඉවහල් වුන මතීෂ පතිරණ උපදින්නෙ 2002 වර්ෂයේදි. ඒ කියන්නෙ පස්වන මිහිඳු හිටපු කාලෙට වසර 985 කට පස්සෙ. සරල රේඛාවක කාල ප්‍රාන්තර සටහන් කරලා අනුරාධපුර පලමු පාලකයා වෙන පණ්ඩුකාභය, අනුරාධපුර අවසන් පාලකයා වෙන පස්වන මිහිඳු සහ මතීෂ පතිරනව තිබ්බොත් පස්වන මිහිඳුට කාලයෙන් වඩාත් සමීප මතීෂ පතිරන. ඒ පණ්ඩුකාභයට වඩා වසර 399 කින්.
ඇත්තටම මේ සාපේක්ෂ සංසන්දනය දැම්මෙ කාලය කියන ෆැක්ටර් එක ගැන අදහසක් ගන්න. රජවරු, අනුරාධපුර පොළොන්නරු යුග කිව්වම සාමාන්‍යයෙන් ඔලුවල හදාගන්න අතීත ෆ්‍රේම් එකක් තියෙනවා. ඒ ෆ්‍රේම් ලේසියකට බිඳෙන්නෙ නෑ. නොදැනුවත්වම හදාගන්නවා ඔලුවෙන් ආ මේ මේ අය මෙහෙම ඉන්න ඇති කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් මේ කාල පරතරයන් අනුව ගත්තම තිබෙන වෙනස හිතාගන්න බැරි තරම්.
ඉස්සුවා බුකියෙන්