ලාංකික ඉතිහාසය දන්නවා ද?

Emmawatson007

Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    අපි මෑත කාලයේ දකිනවා photos සමහර බෞද්ධ සිද්දස්තාන වල පරන ඒවා.

    සුද්දා ඉන්න කාලෙ වෙන්න ඔනේ.

    එකියන්නෙ ඒවා නටබුන් වෙලා තියෙද්දි ගහපු photos.
    හැබැයි ශ්‍රී මහා බෝධින් වහන්සේ, දන්ත දාතූන් වහන්සේ වගේ දේවල් මිනිස්සු අරක්ශා කරලා වැදලා පුදලා තියනවා ඒකලදි.
    මට තියන ප්‍රශ්නේ මේකයි.

    අර වගේ දේවල් ලස්සනට maintain කරලා තියා ගන්නත්, එක ලගම තිබ්බ රුවන්වැලි සෑය, අබේගිරිය වගේ එවා ගරා වටෙනකන් හිටිය එකත්, සුද්දො අවිල්ලා ඔවා හොයා ගන්නකන් ලංකවේ මිනිස්සු මොකද කලේ?

    ඔවා ගැන පොත් පත් වල තිබ්බා නම් එකාලේ මිනිස්සු හෙව්වෙ නැද්ද? උවමනාවක් තිබ්බෙ නැද්ද?
    ඊට කලින් ඒ places ගැන දැනන් හිටියේ නැද්ද?
    දුටු ගැමුනු අච්චර ලොකුවට හදපු එක අතරලා දන්න හෝ අමතක වෙන්න reason මොනාද?

    මම මේතන කිව්වෙ පොඩි examples වගයක් විතරයි.
    ඒ වගේ උදාහරන ඕන තරම් තියනවා.

    open for discussion 506FEFE2-F3A8-4140-96FC-FB5DBFE8383B.jpeg37DDDD00-E4A5-4F70-A374-A1B15327A78B.jpeg
     
    • Like
    Reactions: NRTG

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    baminithiya saya wage ewayin minissu godak maruna.. hamuduru waru nethi una.. oya pathiwala kauruwath kitiye netiwa ati ethakota.. eki kale une..
    මම මේ සෑය ගැන දන්නෙ නෑ. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ඇයි මැරුනෙ කියලා?
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    986
    837
    93
    මම මේ සෑය ගැන දන්නෙ නෑ. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ඇයි මැරුනෙ කියලා?
    බැමිණිතියා සාය‍ . ලංකාවේ පුස්කොළපොත් නාමාවලියේ දක්වන බැමිණිතියාසාය නම් වූ ග‍්‍රන්ථයක දක්වන පරිදි (ජාතික ලේඛනාගාරයේ 5/63/115/1) මෙම බ‍්‍රාහ්මණ ශාපය සිදු වූයේ එවකට දඹදිව විසූ මිළිදු නම් රජුගේ අධර්ම ක‍්‍රියාවක් හේතුකොට ගෙනය. ඒ මිලිඳු රජු භික්ෂූන් වහන්සේලා නොසලකා හැර බමුණන් වටකොට ගෙන රාජ්‍ය විචාල කෙනෙකි. රජු හා විරසක වූ එක් බමුනෙක් රජ අණින් මරණයට පත් කරන ලද්දේය. ඒ බමුණා ගේ භාර්යාව බැමිණි තෙම පතිවෘතාව ආරක්ෂා කළ කාන්තාවකි. ඇය කළ ශාපය නිසා දොළොස් අවුරුද්දක් යනතෙක් මහ පොලවට එක වැසි බිඳකුදු නොවැටුණ බව මේ ග‍්‍රන්ථයේ දක්වා තිබේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම මේ සෑය ගැන දන්නෙ නෑ. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ඇයි මැරුනෙ කියලා?
    උක්කුං පුතේ සෑය නෙමෙයි, සාය, සා...ය (ගෑණු අඳින සායත් නෙමෙයි), සාගතය. දුර්භික්‍ෂය. ඒ කිවුවේ කෑම බීම හිඟ කම
     
    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    බැමිණිතියා සාය‍
    මේක මේ සාගතයක් නේද? අව් 12ක් වගේ තිබ්බෙ. එ 12 ට මෙවා අමතක වෙනව ද?

    උක්කුං පුතේ සෑය නෙමෙයි, සාය, සා...ය (ගෑණු අඳින සායත් නෙමෙයි), සාගතය. දුර්භික්‍ෂය. ඒ කිවුවේ කෑම බීම හිඟ කම
    හරි ඉතින් එක පාරට click උනේ නෑ. 🌝
    ------ Post added on Apr 19, 2023 at 12:20 AM
     
    • Like
    Reactions: NRTG

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    බැමිණිතියා සාය‍ . ලංකාවේ පුස්කොළපොත් නාමාවලියේ දක්වන බැමිණිතියාසාය නම් වූ ග‍්‍රන්ථයක දක්වන පරිදි (ජාතික ලේඛනාගාරයේ 5/63/115/1) මෙම බ‍්‍රාහ්මණ ශාපය සිදු වූයේ එවකට දඹදිව විසූ මිළිදු නම් රජුගේ අධර්ම ක‍්‍රියාවක් හේතුකොට ගෙනය. ඒ මිලිඳු රජු භික්ෂූන් වහන්සේලා නොසලකා හැර බමුණන් වටකොට ගෙන රාජ්‍ය විචාල කෙනෙකි. රජු හා විරසක වූ එක් බමුනෙක් රජ අණින් මරණයට පත් කරන ලද්දේය. ඒ බමුණා ගේ භාර්යාව බැමිණි තෙම පතිවෘතාව ආරක්ෂා කළ කාන්තාවකි. ඇය කළ ශාපය නිසා දොළොස් අවුරුද්දක් යනතෙක් මහ පොලවට එක වැසි බිඳකුදු නොවැටුණ බව මේ ග‍්‍රන්ථයේ දක්වා තිබේ.
    Thanks machan. ඒත් මෙ සාගතය අර මම කිව්ව ඒවට බලපන්නෙ නෑ නෙද? අව් 12ක් වගේ තමයි මේක තිබ්බා කියන්නෙ. Recover වෙන්නත් එක්ක 20ක් ම කියමුකො. එත් අච්චර ලොකු වටින එව්වා අමතක වෙයි ද?

    සාගතය ගැන දැන ගත්තා. උඩ ප්‍රශ්නෙට උත්තරයි මම හොයන්නෙ
    ------ Post added on Apr 19, 2023 at 12:23 AM
     
    • Like
    Reactions: NRTG

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    986
    837
    93
    Thanks machan. ඒත් මෙ සාගතය අර මම කිව්ව ඒවට බලපන්නෙ නෑ නෙද? අව් 12ක් වගේ තමයි මේක තිබ්බා කියන්නෙ. Recover වෙන්නත් එක්ක 20ක් ම කියමුකො. එත් අච්චර ලොකු වටින එව්වා අමතක වෙයි ද?

    wenna puluwn neh..south indian attack uth awa e tike.. suddo thamayi godak ewa hoya gtte.. habei samahara than waradi..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ආසන්නම හේතුව කාලිංග මාගගෙන් පස්සෙ ඔය පැති ඔක්කොම ජනශුන්‍ය වීම.

    ලගම උදාහරණෙ අර බනින හාමුදුරුවන්ගෙ පන්සල හදන්න නොවදිනා වැදුන් කිය කියා සල්ලි ඉල්ලනව. ඒ පැතිවල එච්චර කට්ටිය නැති නිසා ගමෙන් කවුරුවත් ඇත්තෙත් නෑ. ඒත් කොළබට කිට්ටු වෙන්න එච්චර අමාරු නෑනෙ. ටිකට් පොත ගහල දහම්පාසලට දුන්නන් නන් දවසින් දෙකෙන් වැඩේ ඉවරයි.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හම්බන්තොට උදාහරණෙට අරන් බලහන්.
    මහින්ද ඉන්නකල් හම්බන්තොට මත්තල සීන් එකේ තිබුනා
    පොර ගියත් හරි.. ඕවා අතෑරුණා.

    දැන් මිනිස්සු ගොඩක් ඉන්නවා/තාක්ෂණය දියුණුයි වගේ කාරනා නිසාත් ඕවා ගැන අපිට දැනගන්න ලැබුනාට

    ඉස්සර මිනිස්සු අඩු නිසාත්. ප්‍රවාහණය අමාරු නිසා වගේ හේතු නිසා රාජදානියක් බේස් වෙලා මිනිස්සු එකතු වෙනකොට තැනකට උන්ට පරණ තැන් වලට ගිහින් බලන්න අමාරු ඇති.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,772
    5,742
    113
    කාලිංග මාඝ ගැන කියවලා එන්න. රජරට රාජධානිය අවුරදු දාහක් පරණයි. එක බිමට සමතලා කරනවා කාලිංග මාඝ. හැම සෑයක්ම පන්සලක් ම වනසලා නිධන් හාරනවා. වැව් කඩලා බිඳලා දානවා. සම්පූර්ණ ශ්‍රිෂ්ඨාචාරයක් ම විනාශ කරනවා. අවුරුදු පනහක් ද කොහෙද යනවා සිංහලයින්ට නැගිටින්න. එතකොට අනුරාධපුරය ආපහු ගොඩ ගන්න අමාරු තත්වයට ඇවිත්. පොලොන්නරුව විතරක් යාන්තමට ගොඩදාගන්නවා. හැබයි ඒ රාජධානි වලට අර අනුරාධපුර පොළොන්නරු කාලේ තිබ්බ ධනය ශ්‍රමය වගේම තාක්ශණය නැහැ ඒවා ව්නාශ වෙලා ගිහිල්ලා. ඉන්දියාව වෙලදාම් අල්ලගෙන හින්දා සල්ලි නැහැ. එක හින්දා ඒ රාජධානි එකළඟ එකළඟ බිදවැටෙනවා. අපේ රාජධානි කොළඹට කිට්ටුම වෙනකොට අර අනුරාධපුර පොළොන්නරු නගර වල් වැදෙනවා. අන්තිමට ඔය පැතිවල මිනිස්සු මැලේරියා වසංගතයෙන් මැරිලා යනවා. ඒකෙන් කිසිම නඩත්තුවකට වත් සෙනග නැතුව යනවා.ඒ ක් හින්දා සම්පූර්ණ නගරයේම ගරා වැටෙනවා.
     
    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    wenna puluwn neh..south indian attack uth awa e tike.. suddo thamayi godak ewa hoya gtte.. habei samahara than waradi..
    attacks අවා කියමුකො. මචන් එහෙම කියල උන් මෙවා කඩලා දැන්මේ නෑනෙ. අඩුම තරමේ සෑයවල් ඇතුලෙ තියන නිදන් ටික වත් ගත්තෙ නෑනෙ(දන්න විදියට)
    එහෙම එකේ attackers ලාට උවමනාවක් තිබ්බා කියලා හිතෙන්නෙ නෑ මේවට හානි කරන්න.
    මෙවා සුද්දෙක් ඇවිත් හොයගන්නකන් හැන්ගිලා තිබ්බෙ ඇයි මේවා වන්දනීය ස්තාන වෙලත්.?

    ආසන්නම හේතුව කාලිංග මාගගෙන් පස්සෙ ඔය පැති ඔක්කොම ජනශුන්‍ය වීම.

    ලගම උදාහරණෙ අර බනින හාමුදුරුවන්ගෙ පන්සල හදන්න නොවදිනා වැදුන් කිය කියා සල්ලි ඉල්ලනව. ඒ පැතිවල එච්චර කට්ටිය නැති නිසා ගමෙන් කවුරුවත් ඇත්තෙත් නෑ. ඒත් කොළබට කිට්ටු වෙන්න එච්චර අමාරු නෑනෙ. ටිකට් පොත ගහල දහම්පාසලට දුන්නන් නන් දවසින් දෙකෙන් වැඩේ ඉවරයි.
    උබ කියන කතාව ඇත්ත. එහෙම වෙන්න පුලුවන්. මම කියන්නෙ ජන ශුන්‍ය උනා නම් ජයශ්‍රී මහා බෝදිය ට විතරක් මිනිස්සු වැදලා ආවා කියල ද කියන්නෙ?
    ------ Post added on Apr 19, 2023 at 12:49 AM

    හම්බන්තොට උදාහරණෙට අරන් බලහන්.
    මහින්ද ඉන්නකල් හම්බන්තොට මත්තල සීන් එකේ තිබුනා
    පොර ගියත් හරි.. ඕවා අතෑරුණා.

    දැන් මිනිස්සු ගොඩක් ඉන්නවා/තාක්ෂණය දියුණුයි වගේ කාරනා නිසාත් ඕවා ගැන අපිට දැනගන්න ලැබුනාට

    ඉස්සර මිනිස්සු අඩු නිසාත්. ප්‍රවාහණය අමාරු නිසා වගේ හේතු නිසා රාජදානියක් බේස් වෙලා මිනිස්සු එකතු වෙනකොට තැනකට උන්ට පරණ තැන් වලට ගිහින් බලන්න අමාරු ඇති.
    එත් මචන් එතනම එහා පැත්තේ තිබුනු ශ්‍රී මහ බොදිය maintain කරලා
    ------ Post added on Apr 19, 2023 at 12:50 AM

    කාලිංග මාඝ ගැන කියවලා එන්න. රජරට රාජධානිය අවුරදු දාහක් පරණයි. එක බිමට සමතලා කරනවා කාලිංග මාඝ. හැම සෑයක්ම පන්සලක් ම වනසලා නිධන් හාරනවා. වැව් කඩලා බිඳලා දානවා. සම්පූර්ණ ශ්‍රිෂ්ඨාචාරයක් ම විනාශ කරනවා. අවුරුදු පනහක් ද කොහෙද යනවා සිංහලයින්ට නැගිටින්න. එතකොට අනුරාධපුරය ආපහු ගොඩ ගන්න අමාරු තත්වයට ඇවිත්. පොලොන්නරුව විතරක් යාන්තමට ගොඩදාගන්නවා. හැබයි ඒ රාජධානි වලට අර අනුරාධපුර පොළොන්නරු කාලේ තිබ්බ ධනය ශ්‍රමය වගේම තාක්ශණය නැහැ ඒවා ව්නාශ වෙලා ගිහිල්ලා. ඉන්දියාව වෙලදාම් අල්ලගෙන හින්දා සල්ලි නැහැ. එක හින්දා ඒ රාජධානි එකළඟ එකළඟ බිදවැටෙනවා. අපේ රාජධානි කොළඹට කිට්ටුම වෙනකොට අර අනුරාධපුර පොළොන්නරු නගර වල් වැදෙනවා. අන්තිමට ඔය පැතිවල මිනිස්සු මැලේරියා වසංගතයෙන් මැරිලා යනවා. ඒකෙන් කිසිම නඩත්තුවකට වත් සෙනග නැතුව යනවා.ඒ ක් හින්දා සම්පූර්ණ නගරයේම ගරා වැටෙනවා.
    මම ලොකුවට story එක දන්නෙ නෑ මචන්. උබ මේ කියන කතා ඔක්කම හරි ඇති. මට තියෙන ප්‍රශ්නෙ එක ලන්ග තිබ්බ එව පවා අමතක උනෙ කොහොමද?
    ජය ශ්‍රී මහා බෝදිය maintain වෙද්දි රුවන්වැලි සෑය මග හැරුනෙ ඇයි?
    අනිත් පරන ඒ අවට සෑයවල්, places මග ඇරුනෙ ඇයි?

    ජන ශූන්‍යයි නම් අනිත් එවත් පාලුවට යන්න එපයි
    ------ Post added on Apr 19, 2023 at 12:54 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,772
    5,742
    113
    එත් මචන් එතනම එහා පැත්තේ තිබුනු ශ්‍රී මහ බොදිය maintain කරලා
    ------ Post added on Apr 19, 2023 at 12:50 AM

    ශ්‍රී මහා බෝධිය කියන්නේ පොඩි පන්සලක් බන්. නඩත්තු කරන්න අදටත් අවුරුද්දකට ලක්ශ දහයක් යයි. හැබයි මහ සෑයක් කියන්නේ පොඩි දෙයක් නෙමේ. ඒකේ පැල්මක් ආවොත් කොටි දහස් ගානක් යනවා බේර
    ගන්න. අනික අනුරාධපුරය අත් ඇරලා
    පොළොන්නරුව අග නගරය කර ගන්න එක හේතුවක් තමයි එකදිගට ආපු ආක්‍රමණ වලින් අනුරාධපුරය විනාශ වෙලා තිබිච්ච එක. මහ සෑයේ ආපහු ධාතු තැම්පත් කරනවා විජයබාහු. ඒ කියන්නේ එතකොටත් structure damage එක වෙලා ඉවරයි.ඔය පිපුරුමක් දිගේ වතුර ගිය ගමන් වැඩේ හරි. ජේතවනය අභයගිරිය ඒ වෙනකොටත් නටබුන් වෙලා තියෙන්න ඇති. මොකද ඒවා ගැන වැඩි විස්තරයක් නැහැ. ලංකාවේ සෑයවල් දෙක තුනයි ධාතු ගර්භය ආරක්ෂා වෙලා හම්බ වෙන්නේ. එකක් මහියංගනය. මහ සෑයේ හම්බ වෙනවා අහක යන තැනක් තිබිලා නිදන්.
    අනුරාධපුරය අත් ඇරෙන්නෙ පොළොන්නරුව පටන් ගනිද්දී. ඒ කලේ ඉදලා තියන සෙනග ප්‍රමාණය සැහෙන වැඩියි. අනුරාධපුර කියන්නේ තිබ්බ ලොකුම නගරයක් ඉස්සර ලෝකේම. ත්‍රිකුණාමලයෙන් වහලෙක් නැග්ගොත් මන්නාරමෙන් බහින්න පුළුවන්ළු.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    attacks අවා කියමුකො. මචන් එහෙම කියල උන් මෙවා කඩලා දැන්මේ නෑනෙ. අඩුම තරමේ සෑයවල් ඇතුලෙ තියන නිදන් ටික වත් ගත්තෙ නෑනෙ(දන්න විදියට)
    එහෙම එකේ attackers ලාට උවමනාවක් තිබ්බා කියලා හිතෙන්නෙ නෑ මේවට හානි කරන්න.
    මෙවා සුද්දෙක් ඇවිත් හොයගන්නකන් හැන්ගිලා තිබ්බෙ ඇයි මේවා වන්දනීය ස්තාන වෙලත්.?

    උබ කියන කතාව ඇත්ත. එහෙම වෙන්න පුලුවන්. මම කියන්නෙ ජන ශුන්‍ය උනා නම් ජයශ්‍රී මහා බෝදිය ට විතරක් මිනිස්සු වැදලා ආවා කියල ද කියන්නෙ?
    ------ Post added on Apr 19, 2023 at 12:49 AM

    එත් මචන් එතනම එහා පැත්තේ තිබුනු ශ්‍රී මහ බොදිය maintain කරලා
    ------ Post added on Apr 19, 2023 at 12:50 AM

    මම ලොකුවට story එක දන්නෙ නෑ මචන්. උබ මේ කියන කතා ඔක්කම හරි ඇති. මට තියෙන ප්‍රශ්නෙ එක ලන්ග තිබ්බ එව පවා අමතක උනෙ කොහොමද?
    ජය ශ්‍රී මහා බෝදිය maintain වෙද්දි රුවන්වැලි සෑය මග හැරුනෙ ඇයි?
    අනිත් පරන ඒ අවට සෑයවල්, places මග ඇරුනෙ ඇයි?

    ජන ශූන්‍යයි නම් එවත් පාලුවට යන්න එපයි
    ------ Post added on Apr 19, 2023 at 12:54 AM
    ගියා කියල ඔක්කොම ගියෙ නෑ. කලින්ට සාපේක්ශව පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙන්නෙ. ජයශ්‍රී මහ බෝධිය බලාගන්න කොහොමත් වෙනම ගමක් ඒ කාලෙ ඉදලම තියෙනව අදත් තියෙනව. එයාල මොනව උනත් යන්නෙ නෑ. ඔතනින් උඩහට වෙන්න වන්නි බණ්ඩාරල ටිකත් ඉතුරු උනානෙ. එයාලට තනියම වෙහෙර නඩත්තු කරන්න පිරිස් ශක්තියක් තිබ්බෙ නෑ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඉතිහාසය ශාස්ත්‍රීයව ගවේෂණය, ජාතික රාජ්‍යයෙ ඓතිහාසික කාර්‍යභාරය සහ අතීත ශ්‍රී විභූතිය වගේ ඒව නීතිය, ලිබරල්වාදය, ජාතිකවාදය වගේම බටහිරින් අපෙ ඔලුවල සූත්‍රගත උන දේවල්. හිස්ටොරිකල් සිංහලයා සහ නූතන සිංහලයා අතර තියෙන සයිකොලොජියෙ වෙනස ගැන හිතන්න.

    බ්‍රිතාන්‍ය යටත් විජිත සමයෙ ඉන්දියාවෙ හිටි සුදු ජාතික සිවිල් සේවකයො (මොවුන් බොහෝ අය ඒසියැටික් සංගමයෙ හිටපු, ඇඩ්වෙන්චර් එකක් හොයමින් ඉන්දියාවෙ පරිපාලන කටයුතු වලට ඉල්ලුම් කල ඉතිහාසය හෝ සම්භාව්‍ය සාහිත්‍ය පිලිබඳ ඔක්ස්බ්‍රිජ් උපාධිදරයො) අශෝක ස්ථම්භය දැකල අවට ඉන්න ස්වදේශික මිනිස්සුන්ගෙන් අහනව ස්ථම්භයෙ ලියල තියෙන්නෙ මොනවද කියල. මිනිස්සු උඩ බිම බලනව, බැලින්නම් එයාලත් ඒ අක්ෂර දන්නෙ නෑ පැරණි වැඩිකමට. බටහිර ඉන්දීය නිම්න වල තිබුන වලං කැබලි සුද්දො ගොඩගත්තම ඒ තමන්ගෙ පූර්වජයන් වන ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයෙ අවශේෂ බව ස්වදේශික ජනතාවට අදහසක් තිබුනෙ නෑ.

    යම ලෝකෑල් එකක ජීවත් වන ජනයා එහි ස්වභාවය තමන්ට අදෘශ්‍යමාන වෙන තරමටම එයට හුරු වීම වළක්වන්න බෑ. අවුරුදු දහස් ගණනක පරිමාණයකදි මේක තවත් අදාළයි. වඩා ඉන්ටරස්ටින්ග් විදිහට ඒ ගැන විමසන්න පුලුවන් වෙන්නෙ පිටස්තර ඇසකට. ඉන්දියාව ගැන කලින් ජේදයෙ කිව්ව සිද්ධි දෙකට සුදු ජාතිකයොන්ගෙ මැදිහත් වීම නතර උනේ ප්‍රාථමික ශිෂ්ඨාචාර ගැන චිත්‍රය අප්ඩේට් වීමෙන් සහ සංස්කෘත, ප්‍රාක් ඉරානියානු වගේ භාෂාවන් පළමු වතාවට බටහිරට මුනගැහිල නූතන යුරෝපීය භාෂා සමඟ ඒවායෙ තිබුන ව්‍යුහාත්මක සමාන කම් හඳුනාගෙන භාෂා විද්‍යාව නැමති අලුත්ම අධ්‍යයන ක්ෂේත්‍රයකුත් බිහිවෙලා.

    තමන්ගෙ ගෙදර අසල තියෙන ගරාවැටුන තාප්පයක් දිහා දෙවරක් බලන්නෙ නෑ වගේ පශ්චාත් රජරට යුගයෙ ගැමියා පුරාණ සිංහල ශිෂ්ඨාචාරයෙ පැවැත්ම වගේ ඇබ්සලූට් කාලීන සංකල්ප ගැන අදහසකින් නෙමේ ඉන්න ඇත්තෙ. ඉතිහාස දැක්ම අපිට ලැබුනෙ නැත්තම් නැත්තම් ස්තූප, විහාර ගෙවල්, සීගිරියෙ ගඩොල් එහෙම මිනිස්සු තමන්ගෙ ගෙවල් වලට ඇදගෙන යෑම උනත් ලේසියෙන් වෙන්න තිබ්බා. මං කියන්නෙ එහෙම උනත් ගැටලුවක් නෑ ඒක වඩා ස්වභාවික අවසානයක්. ඒත් සුද්දොන්ට ගෙවල් අස්සට වෙලා නොඉඳ නොදන්නා රටවල් වලට යාත්‍රා කිරීමේ උවමනාවක් සහ වෙලඳ සමාගම් වල ආදායම් වැඩි කරගැනීමෙ කැසිල්ලක් තිබ්බා- රෙස්ට් ඊස් හිස්ටරි (පන් ඉන්ටෙන්ඩඩ්).
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඉතිහාසය ශාස්ත්‍රීයව ගවේෂණය, ජාතික රාජ්‍යයෙ ඓතිහාසික කාර්‍යභාරය සහ අතීත ශ්‍රී විභූතිය වගේ ඒව නීතිය, ලිබරල්වාදය, ජාතිකවාදය වගේම බටහිරින් අපෙ ඔලුවල සූත්‍රගත උන දේවල් තමා. හිස්ටොරිකල් සිංහලයා සහ නූතන සිංහලයා අතර තියෙන සයිකොලොජියෙ වෙනස ගැන හිතන්න.

    බ්‍රිතාන්‍ය යටත් විජිත සමයෙ ඉන්දියාවෙ හිටි සුදු ජාතික සිවිල් සේවකයො (මොවුන් බොහෝ අය ඒසියැටික් සංගමයෙ හිටපු, ඇඩ්වෙන්චර් එකක් හොයමින් ඉන්දියාවෙ පරිපාලන කටයුතු වලට ඉල්ලුම් කල ඉතිහාසය හෝ සම්භාව්‍ය සාහිත්‍ය පිලිබඳ ඔක්ස්බ්‍රිජ් උපාධිදරයො) අශෝක ස්ථම්භය දැකල අවට ඉන්න ස්වදේශික මිනිස්සුන්ගෙන් අහනව ස්ථම්භයෙ ලියල තියෙන්නෙ මොනවද කියල. මිනිස්සු උඩ බිම බලනව, බැලින්නම් එයාලත් ඒ අක්ෂර දන්නෙ නෑ පැරණි වැඩිකමට. බටහිර ඉන්දීය නිම්න වල තිබුන වලං කැබලි සුද්දො ගොඩගත්තම ඒ තමන්ගෙ පූර්වජයන් වන ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයෙ අවශේෂ බව ස්වදේශික ජනතාවට අදහසක් තිබුනෙ නෑ.

    යම ලෝකෑල් එකක ජීවත් වන ජනයා එහි ස්වභාවය තමන්ට අදෘශ්‍යමාන වෙන තරමටම එයට හුරු වීම වළක්වන්න බෑ. අවුරුදු දහස් ගණනක පරිමාණයකදි මේක තවත් අදාළයි. වඩා ඉන්ටරස්ටින්ග් විදිහට ඒ ගැන විමසන්න පුලුවන් වෙන්නෙ පිටස්තර ඇසකට. ඉන්දියාව ගැන කලින් ජේදයෙ කිව්ව සිද්ධි දෙකට සුදු ජාතිකයොන්ගෙ මැදිහත් වීම නතර උනේ ප්‍රාථමික ශිෂ්ඨාචාර ගැන චිත්‍රය අප්ඩේට් වීමෙන් සහ සංස්කෘත, ප්‍රාක් ඉරානියානු වගේ භාෂාවන් පළමු වතාවට බටහිරට මුනගැහිල නූතන යුරෝපීය භාෂා සමඟ ඒවායෙ තිබුන ව්‍යුහාත්මක සමාන කම් හඳුනාගෙන භාෂා විද්‍යාව නැමති අලුත්ම අධ්‍යයන ක්ෂේත්‍රයකුත් බිහිවෙලා.

    තමන්ගෙ ගෙදර අසල තියෙන ගරාවැටුන තාප්පයක් දිහා දෙවරක් බලන්නෙ නෑ වගේ පශ්චාත් රජරට යුගයෙ ගැමියා පුරාණ සිංහල ශිෂ්ඨාචාරයෙ පැවැත්ම වගේ ඇබ්සලූට් කාලීන සංකල්ප ගැන අදහසකින් නෙමේ ඉන්න ඇත්තෙ. ඉතිහාස දැක්ම අපිට ලැබුනෙ නැත්තම් නැත්තම් ස්තූප, විහාර ගෙවල්, සීගිරියෙ ගඩොල් එහෙම මිනිස්සු තමන්ගෙ ගෙවල් වලට ඇදගෙන යෑම උනත් ලේසියෙන් වෙන්න තිබ්බා.
    මේකත් එකක් තමා උන්ට කන්න බොන්න වැව් ටික කුඹුරු ටික මේන්ටෙන් කරගන්න ගියාම අයෙ වෙහෙර විහාර නඩත්තු කරන්න වෙලා තියෙන්න නැතුව ඇති.
    බෝධියක් බලාගන්න එකයි වෙහෙරක් බලාගන්න එකයි සෑහෙන්න වෙනස් වැඩ දෙකක් නෙ.