International දාපන් බන්. privet යද්දී tuition දාන්න ඕන නෑ. ශිෂ්‍යත්වෙත් නෑ. ළමයට ළමා කාලෙකුත් තියෙනවා. ඒ ළමයින්ට කිසිම pressure එකක් නෑ. නිදහසේ ඉගෙන ගන්නවා. ශිෂ්‍යත්වේ නෑ. තරඟයක් නෑ. සෙල්ලන් කරන්න, දුවන්න, පනින්න උපරිමයෙන්ම ළමා කාලයක් තියෙනවා. මගේ ගෙවල් ගාව 1 වසරේ පුතෙක් ඉන්නවා. එයාව දැන් ඉඳලම ඉංග්‍රීසි, සිංහල, ගණිතය tuition යවනවා. පව් බන් ළමයින්ගේ ජිවිත.
international යද්දී ළමයි සවුත්තු වෙනවා කියන දේ බොරු කතාවක්. ගෙදරදී හොඳ නරක හැම දේම උගන්නන්න. දහම් පාසැල් යවන්න. international ද රජයේද කියලා නෑ නරක් වෙන එකා නරක් වෙනවා.
(සමහරවිට) මුදල් අතින් අමාරු වුනත්, අනාගතේදී සතුටු වෙන්න පුළුවන් දරුවා ඉන්න තැන දැකලා. privet ඒවායේ හැම ලමයවම එකට උඩට අරගෙන යනවා. රජයේ වගේ බැරි ළමයව අත ඇරලා දාලා පුළුවන් ළමයව හෝ ටිචට මුට්ටිය අල්ලන කෙනාව ලඟට ගන්නවා වගේ නැතුව.
lyceum (ගම්පහ) grade 01 වලට නම් admission රු. 400,000 සහ term එකට රු. 40,000 යි.