හිතුවක්කාර ආදරය ..

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    උබ මොකට ද යකෝ මේ වෙලාවෙම උන හදාගත්තෙ යකෝ නින්ද යන්නෙ නෑ .. එහෙන් මලබද්ද්යත් හැදිල මේක නැතුව.... ඉකමනට හොද කර ගෙන දාපිය

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හිතුවක්කාර ආදරය - 06 කොටස

    ඇයව රැගෙන යාමට ඔහුගේ පියා අද නොපැමිනියත් ඔහු ඔහුගේ වාහනය එවා තිබුනි. මටද ඒමටයැයි ආරාධනා ලැබුනද මම නොගියේ අසීස් හදිසියේම ලංකාවට පැමිනි නිසාය. බ්‍රයන්ට දුන් ඇපතුමත් සමගම ඔහු ප්‍රමාද නොවී නොපැමිනියේය. අප දෙදෙනාම අපගේ සුපුරුදු ස්ථාඅයට ගියේ අසීස්ව මුනගැසීමටය.

    "ඔයාල දෙන්න ආවද.. මම මේ දැන් ටිකකට කලින් කටුනායකින් බැස්සෙ. කෙලින්ම ආවෙ ඔයාල දෙන්න මීට් වෙන්න. එදා මොකද උනේ"

    බය්‍රන් පෙරදා රාත්‍රීයේ සිදුවූ සියල්ල එකිනෙක පැහැදිලි කරන්නට විය. අප එහෙ යාමට අදහස් කල අයුරුද, අපට එහෙදී දැනගන්න ලැබුන දේවල්ද, මොහොමඩ්ගේ පැමිනීම පිළිබඳවද බ්‍රයන් ක්‍රමානුකූලව පැහැදිලි කලේය.

    "මට හිතාගන්නත් බැහැ මේ මිනිහ සල්ලි වලට විකුණුනා කිව්වහම. මිනිහට සල්ලි ඕනි නම් මගෙන් ඉල්ලලන්න තිබුනනෙ"
    "තව එකක් අසීස් හොඳ වෙලාවට මිනිහ මාවයි දිනුකවයි දැනගෙන ඉඳල නැහැ"
    "ඔව් නැතිනම් මොනවයින් මොනව වේද දන්නෙ නැහැ, දිනුක දැන් ආදරව්න්තයෙක් නේද"
    "හා හා හා ඔව් ඔව්.. ඒ පට්ටමත් ගත්තා ඔන්න"
    "අවුලක් නැහැ, ඔයාලටත් ජීවිතයක් තියනවනෙ. කෙල්ල කව්ද කියන්න මම අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මට උඹ ගැන් විස්වාසයි කොල්ලො. හැබැයි මතක තියා ගනින් මේ පාර දිනුක සෙල්ලම් කරන්නෙ පුළුනුන් ගොඩේ ඉඳගෙන ගින්දරත් එක්ක."
    "දිනුක ගැන බය වෙන්න එපා අසීස්. ඉතින් ඇයි මේ හදිසි හමුවීම"
    "මම මේ හදිසියේ ආවෙ කියනන අපේ ඊළඟ මෙහෙයුම කැන්සල් කියන්න. මම අදාල අය එක්ක කතා කලා. මේ උණුසුම ටිකක් අඩුවෙනකම් ඉමු. අනික ඩිමන්ත නැතිව මේක කරන්න අමාරුයි. සමහරවිට මිනිහ මේ ගැන එළි කරල ඇති. "
    "ඒකනම් මටත් හිතුනා. අසීස් ඔයා වැඩටික කැන්සල් ක්ල් එක හොඳයි"
    "ඔව්. මම මොහොමඩ්වත් එක්කන් අපහු යනවා හෙට රෑට. ටිකක් නිහඬව ඉමු. මම හදිසියක් උනොත් ඔයාලට කතා කරන්නම්. අනික ඔයාල දෙන්න පරිස්සමෙන් ඉන්න."

    පැයක පමන සාකච්චාවකින් පසුව අසීස් අපට ටික දිනකට සමු දී යන්න ගිය අතරම අපි දෙදෙනාද ගෙවල් බලා ගියේ අදද පරක්කුවී තිබූ නිසාය. අසීස් අවසානයට කියූ දේ පිළිබඳව මම මාගේ ඇඳට වී කල්පනා කෙරුවෙමි. ඔහු කීදේ පිළිබඳව මා හට එතරම්ම අදහසක් නොතිබුනත් ඔහු එසේ කීවේ කුමක් හෝ දෙයක් නිසා විය යුතුය. එක දිනක බීච් පාටියකදී අසීස්ගේ සහෝදරයා ඇතිකරගත් රන්ඩුවකදී අපි දෙදෙනා ඔහුට සහයෝගය ලබා දීම නිසා අසීස්ව අපට හඳුනාගැනීමට ලැබුනි. එදා සිට අදවනතුරු අසීස්ගේ ලඟින්ම සිටියේ අපි දෙදෙනාය. අසීස්ගේ සහෝදරටාටත් වඩා අප දෙදෙනා පිළිබඳව ඔහුතුල විස්වාසයක් තුබූ අතරම අසීස්ගේ හොඳවැඩ මෙන්ම ජඩ වැඩ පිළිබඳව අපි දෙදෙනාම දැන සිටියෙමු. ඔහුගේ තුබුනු උතුම් ගති පැවතුම් නිසා අපි දෙදෙනාද ඔහු සමගම සිටියෙමු. ඔහු කවදාවත් අහින්සකයෙකුට රිදවූයේ නැත. ඔහුට හැකි සෑම අවස්තාවකදීම ඔහු නැතිබැරි අයෙකුට පිහිට වූ නිසා ඔහු සමාජය තුල හොඳ නමක් උපයාගෙන සිටියේය. එමෙන්ම එම හේතුව නිස්සාදෝ මිනිසුන්ගෙන්ද ඔවුනට ලැබුනේ දේව සැලකිලිය.

    "ගුඩ් මෝර්නිං මචන්"
    "ගුඩ් මෝර්නිං බ්‍රයන්. අද ට්‍රේනින් එකට නිවාඩුවක් දුන්නලු නේද"
    "අම්මෝ ඔව් බන්. එක දිගටම මෙහෙම උන්ට වද දෙන්න ගත්තොත් අළුත් උන්ට එපා වෙයි. උඹටනම් ඉතින් පාළු ඇති"
    "ම්ම්ම්ම්.. ඒ කෙල්ල හරි පුදුමාකාරයි බන්. මම හිතුවෙම නෑ ආදරේක පැටලෙන්න.. අනේ මන්ද බන් උඹට කියන්න තේරෙන්නෑ බන් මට"
    "කෙල්ලො හරි පුදුමාකාරයි තමා දිනුක. ලෝකෙ ගෝලාකාරයි, කොල්ලො අපි නන්නත්තාරයි"

    වෙනදා මෙන් ඉමාෂා පෙනෙන්නට නැති නිසාදෝ මගේ සිතට ආගන්තුක වූ තනිකමක් දැනෙන්නට විය. හිත එක්තැන්කර වැඩක්කිරීමට කොතරම්ම උත්සහ කලද මගේ සිත මට කීකරු නැත. මගේ සිත මට අවනෙත නැත. අද දවස ගෙවුනේද ඉතා හිමින්ය. අපූරුවට සිටි මට ඇයකල දේ යැයි සිතමින් බ්‍රයන් ද සමග අපගේ සුපුරුදු ස්ථානයේ වාඩිවූයේ ප්ලෙන්ටියක රස බැලීමටය. ඉමාෂාට අමතරව හිත ඇවිස්සූ අනෙක් කරුන වූයේ අපට අසිස් කී කතාව වූ අතර් ඔහු එවැනි දෙයක් ප්‍රකාෂ කලේ ඇයිදැයි යන්න අප දෙදෙනාටම විසඳුමක් නැති ගැටළුවක් විය. මක්නිසාද යත් අසීස් කිසිමදෙයකින් සැලෙන චරිතයක් නොවූ නිසාවෙනි.

    "අසීස් මොකක් හරි අවුලක ඉන්නෙ බ්‍රයන්, නැතිනම් අපිට එහෙම කියන්නෑනෙ. දන්නවනෙ මිනිහ ගැන"
    "ඔය ප්‍රස්නෙ ටිකක් අමතක කරමු බන්. මේ ගෙවුනු පැය කීපයට ගොඩක් දේවල් උනා. ඒක නෙමේ ටානියා එහෙම කෝල් කරන්නෙ නැද්ද දැන්"
    "කතානම් කරනවා. ඒත් මම ඊයෙ කිව්වා එයාට මට ගර්ල් කෙනෙක් ඉන්නවා කියලා.මම දැන් ආදරේ කරනවා කියලා"
    "නෑ ඉතින් "
    "ඔව් බ්‍රයන්, ඉමාෂාව හම්බුනාට පස්සෙ මට වෙන කෙල්ලො අල්ලන්නවත් හිතෙන් නැහැ බන්. මාව සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් වෙලා"
    "ඒකනම් ඇත්ත. ඒ වෙනස මටත් තේරුනා. ආදරයක් හින්දා උඹ වගේ එකෙක් ඔහොම වෙනවා කියන්නෙ ඒ ආදරේ හරිම බලගතුයි බන්. මම ආසයි උඹේ වෙනසට දිනුක. අපි අසිස්ට කියල එයාගෙ වැඩවලිනුත් ඈතට යමු. දැන් කාලෙ ඇවිල්ල තියෙන්නෙ අළුත් ලයිෆ් එකක් හදන්න"
    "නැතුව නැතුව.. මමත් ඔය ගැන හිතුවා. ඒත් බ්‍රයන් අර කතාවක් තියනවනෙ 'කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැ කියලා' "
    "ඒක නම් සිරා කතාව.මමත්කොහොම හරි නිවන්තිව අරගෙන ලන්ඩන් යනවා බන්. එයා එක්ක එහෙට වෙලා ලස්සන ලයිෆ් එකක් ගෙනියනවා. ලස්සන කොලු පැටියෙක් හදලා දිනුක කියල නම තියනවා"
    "ඒ කියන්නෙ උඹ මාව දාල යනවා"
    "හෙම හිතන්න එපා මචන්, නෙගටිව් වෙන්න එපා. උඹව මම මේ ලෝකෙ කොහෙ හිටියත් අමතක කරන්නෙ නැහැ දිනුක. උඹට කවුරු නැතත් මේ බ්‍රයන් ඉන්නවා. "


    බ්‍රයන්ගේ කතාව ඇත්තක් විය. එක බඩවැල කඩාගෙන නොපැමිනියත්, ඔහු මට මගේම සහෝදරයෙක් විය. අප දෙදෙනාගේ ඉතිහාස කතාව ඉතා සුන්දරය, රසවත්ය. පැය බාගයක්ම ප්ලෙන්ටිය තොල ගා නැවත පැමිනියත් ඉමාෂා නැති නිසාදෝ මගේ හිතට සාන්කාවක් දැනෙන්නට විය. මාගේ සාන්කාහිතට හඩිසියේම එළියක් වැටුනේ අද හවස හමුවෙමු යැයි ඇගෙන් ලැබූ ඇමතුමත් සමගය. හවස මට පැවරී තිබූ වැඩක්ද මම බ්‍රයන්ට බාර දී බොරු උණක් පෙන්ව්මින් වෙනදාටත් වඩා පැයක් කලියෙන් මම කාර්යාලයෙන් පැනගත්තෙමි.

    "අපි ඉක්මන් උනා වැඩිද කියලා හිතෙනවා දිනුක"
    "ඇයි ඔයා එහෙම කියන්නෙ"
    "අපි හමුවෙලා තව දවස් කීයද. ඒත් අපි අපිටම හිතා ගන්න බැරි විදිහට ආදරෙන් උමතු වෙලා. හම්ම්ම්ම්.. අනේ මන්දා මේ අහින්සක කෙල්ලට මොනව කලාද කියලා මේ ආඩම්බරකාරයා. මම හා පැටියෙක් වගේනෙ හිටියෙ"
    "ආ ඇත්තද මැඩම්. ඒ අහින්සක හාපැටිය ගැනනම් මොනාට කියනවද"
    "ඒක නෙමේ ආඩම්බරකාරයො, මම ඊයෙ තාත්තට කිව්වා ඔයාව මැරි කරන්න ඕන කියල මට ඉක්මනටම"
    "නෑ... ඒ මොකද ඒ එක පාරටම"
    "හදිසියක් නැහැ ඉතින්, ඔයා මට හම්බෙන්න කලින් තාත්ත තමා මගෙ බෝයි. ඒත් දැන්... හම්ම්.. තාත්ත කිව්වා අදම ඔයාව එක්කන් එන්න කියල අදම"
    "මේ අදම .."
    "මොකෝ මේ බයවෙලා වගේ .."
    "බය.. මාරයටත් බය නැති කොල්ලෙක් මම හරිද මැඩම්. යමු ඔයාගෙ තාත්තව මීට් වෙන්න. ඒත් ඉතින් .."
    "මොකෝ ඒත් .."
    "මම මොනාද ඉතින් ඔයාගෙ තාත්තට කියන්නෙ"
    "අයියෝ.. බය වෙන්න එපා අනේ.. මම ඉන්නවනෙ ඔයා එක්ක.තාත්තා මගේ ඉල්ලීමට පිටින් යන්නෙ නැහැ. ඒ තරමටම මට එයා ආදරෙයි. අනික තාත්ත දන්නවා මම කවදාවත් වැරදි තීරනයක් ගන්නෙ නැහැ කියලා."

    ඇය හා යාමට අකමැත්තක් නොතිබුනත් ඇගේ පියාව හමුවීමට යාමට තවම ඉක්මන් වැඩි යැයි මම සිතුවෙමි. නමුත් ඇගේ හිත රිදවීමට මම අකමැති වූ නිසා මම ඇය සමග ඇගේ නිවසට ගියෙමි. ඉතාමත් අලන්කාර විදිහට ඇගේ නිවස සරසා තිබුනි. කෙටි ප්‍රස්න පත්‍රයකින් හා රචනා ප්‍රස්න පත්‍රයකින් යුත් ඇගේ පියාගේ ප්‍රස්න වලට මට පිළිතුරු දීමට සිදු විය. එහිදී කැමති ප්‍රස්න පහකට පිළිතිරු සැපයීමේ අවස්තාවද මට අහිමි උනෙමි. නමුත් ඔහුගේ සිත දිනා ගැනිමට මට එතරම්ම කාලයක් ගත නොවීය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු හොඳ ගතිගුණ ඇති ඇති ප්‍රතිපත්තියක් ඇති මිනිසෙකු වූවේය.

    "දුව, මටයි දිනුකටයි ඔයාගෙ අතින් හදපු රස තේ දෙකක් අරගෙන එන්න"
    "ඕකේ තාත්තී .."
    "ඉමාෂ කියන්නෙ පොඩිකාලෙම අම්මගෙ ආදරේ අහිමි උන කෙල්ලෙක් දිනුක. ඔය හුරතලේට හිටියය ඔය කෙල්ලට තියෙන්නෙ පුදුමාකාර එඩිතර හිතක්. මට ඔයා ගැන කිව්වාම පුදුමත් හිතුනා"
    "ඒ ඇයි අන්කල්"
    "නෑ ඉතින්, මම ප්‍රොපෝසල් කීයක්නම් ගෙනාවද ඔය කෙල්ලට. එකකටවත් කැමැති උනේ නැහැනෙ. ඔයාටම තමා කැමති උනේ. දැන් ඔයා තමා එයාගෙ හැම දේම. මගේ දුවගෙ තේරිමනම් වැරදි නැහැ වගේ. මට ඔයා ගැන කිසිම සැකයක් නැහැ."
    "ගොඩක් තෑන්ක්ස් අන්කල් ඒ වචන ටිකට. ඒක මට ගොඩක් වටිනවා. එයා මගෙ ජීවිතෙත් ගොඩක් වෙනස් කලා අන්කල්. එයා හරිම පුදුම කෙල්ලෙක්"
    "ඔයාගෙ ගෙදරට කිව්වද ඉමාෂ ගැන දිනුක ?"
    "තාම නම් නැහැ අන්කල්. මේ හැම දේම සිදුවුනේ හරිම ඉක්මනටමනෙ. මම කියන්නම් ගෙදරට ඉක්මනටම ඉමාෂා ගැන. මොන දේ මොන විදිහට සිදු උනත් ඉමාෂ මා කෙරෙහි තිබුනු විස්වාසය කඩකරන් නැහැ අන්කල්. ඒ වගේම අන්කල් මම ගැන තියපු විස්වාසෙත් එහෙම තමා"
    "මම දන්නවා පුතා ඔයා ගැන. මම සරත්ගෙනුත් ඔයා ගැන ඇහුවා. ඒ විදිහට ගුන කියල නැතිව ඇති සරත්, එයාගෙ වයිෆ්ටවත්"
    " ආ මොකද දෙන්නම හිනා වෙන්නෙ. මේ ආඩම්බරකාරයගෙ මූනෙ හිනාවක් දකින්න පින් කරල තියෙන්නෙ ඕන තාත්ති."
    "ඔයා හෙව්වෙත් ඉතින් මේ වගේ ආඩම්බරකාරයෙක්වනෙ. දැන් ඉතින් හම්බුනානෙ. ඔයාලගෙ අනාගතේ ඔයාලට බාරයි දැන්. මොනා හරි දෙයක් තියනවනම් මට කියන්න ඕන හරි"
    "තෑන්ක්ස් අන්කල් .."
    "අද ඉඳන් දිනුක ඔයාට මේ දොරවල් ඇරල තියෙන්නෙ. ඕන වෙලාවක ඇවිල්ල ඉමාෂව මීට් වෙන්න පුළුවන්. දන්නවනෙ මේ කාලෙ කොල්ලො කෙල්ලො, පඳුරු අස්සෙයි හෝල් වලයි රූම්වලයි .."
    "ඊය තාත්ති මොනවද මේ කියන්නෙ. දිනුක එහෙම කොල්ලෙක් නෙමේ ආදරේ සේල් කරන්න තරම්. එයා දියුණු කොල්ලෙක්."
    "හරි හරි දුවේ, මම නිකමට කිව්වෙ.. එහෙනම් ඔයාල කතා කර කර ඉන්නකො. මට වැඩක් තියනවා කරන්න"
    "බලන්න දිනුක, තාත්ති කියන කතා. එයානම් .."


    විනාඩි විස්සකින් පමන ඉමාෂාට හා ඇගේ පියාට සමුදුන් මම නිව්සට පැමිනියෙමි. කාර්යාලයේ මම බ්‍රයන්ට පැවරූ වැඩ පිළිබඳ විමසා බැලූ අතර අද හවස සිදුවූ වියල්ල මම ඔහුට පැවසුවෙමි. දිනෙන් දින ගෙවී යත්ම ඇයව නොමැතිව කාලය ගත කිරිමට බැරි තරමටම ඇය මගේ ලෝකය හොරාගෙන තිබුනි. ආගන්තුක හිතකට මෙතරම්ම ලෙන්ගතු වේවියැයි මම කිසිමදිනෙක නොසිතුවෙමි. පාසල් කාල්යේ සිටම පේමය ප්‍රතික්ෂේප කල මා අද ආදරවන්තයෙක් වී ඇත. ආදරය විඳිමින් ඇත. ආදරයෙන් වල්මත් වී ඇත.


    හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...​
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හිතුවක්කාර ආදරය - 07 කොටස

    "අයියෙ අන්න තේ හදලා. බොන්න නිවෙන්න කලින්"
    "අනේ මගෙ චූටි නංගි, තේ එක ගෙනත් දෙන්නකො"
    "මෙයාගෙ බොරු ආදරේ වැඩක් කරගන්න තමා. වෙන වෙලාවක බලන්න ඕන මෙයාගෙ ගනන්"
    "හරි හරි, ගිහින් තේ එක අරන් එනවකො දැන්"
    "අම්මට මොනවද අහන්න තියන්වලු. ඔයාට එන්නලු"


    ඇය එසේ කියනවාත් සමග මා කලබලයට පත්වූයේ අම්මාට යමක් පැවසිමට ඇතිනම් ඇය මාගේ කාමරයට එන නිසාය. ඇය එසේ පැමින දුන් දේශනා අනන්ත අප්‍රමාණය. අද මේ නාඩගම කුමක්දැයි සිතාගත නොහැකිවිය. අම්මාගේ පැනය ඉමාෂා ගැන නම් එය ගැටළුවක් නොවනු ඇත. ඇයගේ සියලුම ප්‍රස්න වලට පිළිතුරු දීමට සිතා මා ඇය සිටිනා ස්ථානයට, ගියේ තේ කෝප්පයත් ඇතැතිවය. තාත්තාද එහි සිටීම නිසා කුමක් හෝ බරපතල දෙයක් යැයි මම සිතුවෙමි.

    "මොකෝ මේ කවදාවත් නැතිව ෆැමිලි මීටින්"
    "අපි මේ ඔයාට එන්න කිව්වෙ දෙයක් ගැන කතා කරන්න"
    "මොකද්ද අප්පා ඒ... හරි මටත් තියනවා දෙයක් කියන්න. මම පස්සෙ කියන්නම්. දැන් මොකද්ද අහන්න තියෙන්නෙ"
    "ඔයා මේ දවස්වල ටිකක් අමුතුයි. රැවුල කපල ටිකක් පිළිවෙලට ඉන්නවා. වෙලාවට යනවා. කලින් ගෙදර එනවා. මූනත් එළිය වැටිල"
    "ආ ඒකද මේ.. මම හිතුවා මාව මර්ඩර් කේස් එකකටවත් පැටලිලාද දන් නැහැ කියලා. මේකනේ මේ ටිකේ අපේ අළුත් කට්ටියකට ට්‍රේනින්. ඉතින් ටිකක් පිළිවෙලට ඉන්න ඕනනෙ"
    "කව්ද ඒ කෙල්ල?"
    "මොන කෙල්ලද තාත්තෙ"
    "මන් ඇහුවෙ මොන කෙල්ලද කියල දන්නවනෙ. හන්දි ගානෙ අස්තියදු ගහල ටවුන් එකේ චන්ඩිකම් කරපු අපේ එකාව වේලාසනින් ගෙදර එවන්න පුළුවන් උන කෙල්ල"
    "හම්ම්ම්ම්.. මමත් ඔය ගැන කියන්න හිටියෙ. එයා ඉමාෂා. වර්නකුලසූරියගෙ දුව"
    "මොනව.. වර්නකුලසූරියගෙ දුව.. "

    අම්මා හා තාත්තා සිනා මුහුනින් සිටි නිසා මම ඉමාෂා ගැන සියළුම දේ පැවසුවෙමි. එමෙන්ම ඉමාෂාගේ තාත්තා හමුවීමට ගිය බවද ඔහුගේද අකමැත්තක් නැති බවද මම පැවසුවෙමි. වර්නකුලසූරියගේ දුව මගේ ප්‍රේමවන්තිය වීම තාත්තාට තවමත් හීනයක් වූයේ වර්නකුලසූරිය ගැන තාත්තා හොඳාකාරවම දැනන් හිටිය නිසාය.

    "සල්ලිකාර පවුලක් නේද පුතේ"
    "ඒ උනාට එයලා හරි සරලයි. හොඳ මිනිස්සු අම්මෙ"
    "තව ටිකක් ඉගෙනගන්න කිව්වාම කෙල්ලෙක් හොයාගත්ත නේද"
    "හරි හරි අම්මෙ.දැන් ඒකත් හරිනෙ. එයා එක්කම මොනාහරි බලන්නම්කො මම"
    "අනේ මගෙ කට. කෙල්ල හොඳයි. මමත් දන්නවා ඔය ෆැමිලි එක ගැන. කෙල්ලට කතා කරල කියන්න අපි ඊළඟ සෙනසුරාද එනව කියල එයාල්ගෙ ගෙදර"

    අම්මා තාත්තාගේ එම වචන කීපය ඇසූ විට මට දැනුනු සතුට කියානිමකිරීමට නොහැකි තරම්ය. ඔවුනට සමුදී අඩියට දෙකට කාමරයට ගිය මා සිදුවූ සියල්ල බ්‍රයන්ට හා ඉමාෂාට කීවෙමි. මා සිතුවාටත් වඩා ඉතා ඉක්මනට මේ සියල්ල සිදුවිම මට තවමත් අදහා ගත නොහැකි කරුනක් විය.

    "උඹ වාසනාවන්තයි දිනුක"
    "දැන් මොකද්ද මගේ තියන වාසනාව"
    "ඇයි බන්, සල්ලිකාරයෙක්ගෙ දුවක් ඒ මදිවට ගෙවල් දෙකෙන්ම කැමතියි."
    "ඒකනම් මටත් හිතා ගන්න බැහැ බන්. සේරම සිද්දවෙන්නෙ හරිම ඉක්මනට බන්. මට හිතෙනවා මේක හිතාමතාම සිද්ද වෙන දෙයක්ද කියලා"
    "අනේ මේ උඹේ විකාර"
    "ඒක නෙමේ කෝ බන් නිවන්ති. දැක්කෙ නැහැනෙ මම අද"
    "ගම්පහ ගියා බන් මොකක්ද ටෙස්ට් එකක් කියලා. එයාලගෙ නැන්දලගෙ ගෙදරත් ගිහින් එනව කිව්වෙ"
    "ඒ කෙල්ලව බස්වල යවන්න එපා බන් තනියම. ගෙදර අතට පයට වැඩකාරයො එක්ක හුරතලේට හැදුන කෙල්ලෙක් නේද.. උඹටත් යන්න තිබුනෙ යන්න එයත් එක්ක"
    "මමත් යන්න ඇහුවා බන්. එයා එපා කිව්වා නැන්දලගෙ ගෙදර යන හින්දා"
    "ඒකත් එහෙමද.. බ්‍රයන් ඒක නෙමේ මම අද ඉමාෂ එක්ක ෂොපින් යනවා. එයාට මොනාද ගන්න ඕනලු බන්."
    "අවුලක් නැහැ බන්. "
    "මම ඉමාෂව ගෙදරට දාල ඉක්මනට එනවා. උඹ හිටහන් නිවන්ති එනකම්."
    "ඔව් ඉක්මනට වරෙන්, බියර් එකකුත් ගහමු"

    පැය දෙකක පමණ කාලය තුල වෙළඳසැලවල් විස්සකට පමන ගොඩවීමට මට සිදුවිය. කෙසේ නමුත් අවසානයේ ඇය ඇයට අවෂයය පාවහන් යුගලය හා තවත් දෑ ගත්තේය. ආයෙමත් කවමදාවත් ස්ත්‍රීන් සමග ෂොඅපින් නොයනවායි සිතමින් මම ඉමාෂාව ඇරලවීමට ගෙදරට ගියෙමි. ඇගේ නිවසේ මිදුල මැද නවතා තිබූ ස්කූටිය දුටුවිට මා මදකට හිටි පිළිමියක් විය. මක් නිසාදයත් එය ටානියාගේ බව හාඳුනාගැනීමට මට වැඩිකාලයක් ගතනොවූ නිසාය. මගේ ආදර කතාව කනපිට ගසාවිදෝ සැකය මා තුල තිබූ අතර ඇයගේ ඉල්ලීම නිසා මම අකමැත්තෙන් වුවද ඇය හා ගියෙමි.

    "කාගෙද ඉමාෂ මේ ස්කූටිය"
    "කවද ඉඳන්ද ඔයා ඕපදූප හොයන්න පටන් ගත්තෙ. කොහොමත් ඔයාගෙ කබලට වඩා ඒක ලස්සනයි"
    "ආ ඒකත් එහෙමද, හෙට ඉඳන් පයින් එනවා එහෙනම්"
    "විහිළුවක් කලේ නපුරො. යමු ගේ ඇතුලට. මම ඒ ආන්ටිව අඳුන්වල දෙන්නම්"

    ඉමාෂා එසේ කියනවාත් සමගම මගේ ඇඟට පන නොමැති වී යන ගතියක් දැනෙන්නට විය. මගේ හදවත තදින් ගැහෙන්නට විය. කොට්ටෝරුවා කෙසෙල් ගසට කෙටුවාදෝ යැයි මට සිතුනි.

    "මොකද ළමයො බයවෙලා වගේ. මම ගේ ඇතුලට යමු කියල කිව්වෙ"
    "නැ. මේ... මේ ... "


    මට කියාගැනීමට වචන තිබුනද අම වචන ගැලපීමට අමහසු විය. කවමදාවත් මම මෙවැනි අවස්තාවකට මුහුණ දී නැත. ටානියා මොන දේ පැවසුවත් මම පාලනයකින් යුතුව සිටීමට මම සිතුවේ ඉමාෂාව මට වටින නිසාය. ඇය මගේ ලෝකය නිසාය. මා ඇය සමග යාමට සැරසෙනවාත් සමගම මාගේ දුරකථනය නාදවූයේ බ්‍රයන්ගෙන්ය. මදකට හෝ එය මගේ සිතට සැනසිල්ලක් විය.

    "දිනුක උඹ කොහෙද?"
    "ඉමාෂ ගාව. මොකො උඹ කලබලෙන් වගේ. මොකද අවුල"
    "මචන් නිවන්තිට පොඩි කරදරයක්. පුළුවන් තරම් ඉක්මනට වරෙන්. මම ඉන්නවා අපේ සුපුරුදු තැන"
    "හිටපන්, මම මේ දැන්ම එනවා. මම එනකම් මොකුත් කරන්න යන්න එපා හරි"
    "මොකද දිනුක.. බ්‍රයන් නේද කතා කලේ"
    "විස්තර කියන්න වෙලාවක් නැහැ ඉමාෂා. නිවන්තිට පොඩි කරදරක්. මම යනවා. ඔයාට කෝල් එකක් දෙන්නම්"
    "මිස් යූ දිනුක. අනේ පරිස්සමෙන් හරි. කරන දෙයක් කල්පනාවෙන්, මගේ ජීවිතේ ගැනත් හිතන්න හරි"


    තප්පර කීපයකින් ඉමාෂට සමුදුන් මම ඉක්මනටම බ්‍රයන් සිටි තැනට ලඟාවුනෙමි. ඔහු සිටියේ ඔහුටද පාලනය කරගැනීමට නොහැකී වූ තරහකින්ය. ඔහුගේ ගිනියම් වූ ඇස් නිසා කිසියම් හෝ බරපතල දෙයක් සිදුවී ඇති බවය.

    "මොකෝ බ්‍රයන් මේ.. මොකද උනේ කියපන්.. කූල් ඩවුන් මචෝ.. කූල් ඩවුන්. මම ආවනෙ දැන්. කියපන් මොකෝ මේ"
    "නිවන්තිට කොල්ලො කට්ටියක් කරදර කරන්වළු බන් බස් එකේ. අතින් අල්ලනවලු. ඉන කොනිත්තනවලු"
    "කොහෙද දැන් එයා.."
    "තාම එන ගමන්. එයා බය වෙලා එන්නෙ. කෙල්ලෙකුට බස් එකක යන්න බැහැනෙ නිදහසේ බන්. ඒකිව අල්ලපු අත මම කපනවා"
    "කලබල වෙන්න එපා. මම කෝල් එකක් දෙන්නම්කො"
    "නිවන්ති ඔයා කොහෙද"
    "අනේ.. දිනුක"
    "බය වෙන්න එපා ඔයා. මමයි බ්‍රයනුයි ඉන්නවා මෙතන.ඔයාට මුකුත් වෙන් නෑ හරි. මම කියන විදිහට කරන්න"
    "හරි දැන් මොනාද කරන්න ඕන"
    "ඔයාට කොච්චර වෙලාවක් යයිද එන්න."
    "විනාඩි දහයක් විතර"
    "හරි හොඳට අහගන්න මම කියන එක. ඔයා කලර් ලයිට් ගාවට ආවම මට මැසෙජ් එකක් දාන්න හරි. ඔයා බය වෙලාවගේ කොල්ලන්ට පෙන්නන්න එපා. කී දෙනෙක් ඉන්නවද"
    "ම්ම්ම්ම්.. පහයි"
    "හරි. ඔයා හමීඩියා එක ගාවින් බැහැල ආර්පිකෝ එකට යන පාර දිගේ එන්න ඉස්සරහට. අපි දෙන්න ඉන්නවා. කොල්ලො ටික පස්සෙන් ආවොත් එන්න දෙන්න. බයවෙන්න එපා හරි. අපි ඉන්නවා ඔය එක්ක"
    "හරි මම ඒ විදිහට කරන්නම්"


    මා එසේ පැවසුවද කුමක් සිදුවේදැයි මටද අදහසක් නොවීය. බ්‍රයන් තවමත් තරහව පිට්කරමින් සිටියේය. ඔහු මෙතරම් ආවේගයකින් සිටිනවා මම කවමදාවත් දැක තිබුනේ නැත. සමහර විට ඔහුගේ ආදරවන්තියට සිදුවූ දේ නිසා විය යුතු අතරම නිවන්තිව ඇල්ලූ අත කපා වෙන්කරන බවද මම හොඳාකාරවම දන්නා කරුනක්ද විය.

    "මේ අහපන් බ්‍රයන්.. ටිකක් කූල් ඩවුන් වෙයන්. මම ඉන්නවනෙ දැන්"
    "කීයක් ඉන්න්වළුද එතන"
    "පහයි"
    "ගහමු උන්ට ආයෙමත් ඔය වගේ වැඩ කෙල්ලෙකුට නොකරන්න. ජරා හැත්ත. කෙල්ලෙකුට බස් එකක නිදහසේ යන්න බැහැනෙ. ඔච්චර අමාරුවක් තියනවනම් මඩමකට යන්න තිබුනනෙ උන්ට"
    "මේ අහපන්. උනුත් කාගෙ හරි දෙමාපියන්ගෙ දරුවො. ඒ නිසා මෝඩ වැඩ කරන්න යන්න එපා හරි. අනික අපි දෙන්න මේ ඉන්න තත්වය ගැනවත් හිතපන් හරිද"
    "අපිටත් අම්මල තාත්තල ඉන්නවා. අපි යනවද අහින්සක කෙල්ලන්ට අතවර කරන්න"
    "නෑ මම මේ කිව්වෙ .... හරි ගහමු උන්ට අයෙමත් කෙල්ලෙක්ව දකිනකොට අහකබලා ගන්න"

    මා පැවසූ පරිදිම නිවන්ති කෙටි පණිවිඩයක් මට එවා තිබුනි. එසේම මා කියූ පරිදිම ඇය මා කියූ පාරෙහි ඉදිරියට ඇවිද එන්නට විය. කෙල්ලන්ගේ අසරණකමින් අයුතු ප්‍රයෝජන ගන්නා කාඩ්බෝඩ් වීරයෝ ටිකද ඇය පසු පස එන්නට විය. ඔවුන් මදක් ඉදිරියට පැමිනිවිට අප දෙදෙනාද ඔවුනට මුහුනට මුහුන ලා සිටගත්තේය. වීරයන් පස් දෙනා එකවරම නැවතුනේ අප දෙදෙනාව දැක නිසා විය යුතු අතර නිවන්තිද කඳුළු පිරි දෑසින් බ්‍රයන් වෙත දිව ආවෙය. අනතුරක හොඩුවාවක් දැනුනු ඔවුන් ආපසු හැරීමට උත්සක කලද ඊ තලයක වේගයෙන් ක්‍රියාත්මක වූ අප දෙදෙනා ඉදිරියෙන්ම පැමිනි දෙදනාගේ මුහුන හරහා පහරවල් කීපයක් එල්ල කලේ ඔවුන් කෑ ගවමින් බිම ඇද වැටෙනවාත් සමගමය. අප සිතූ තරම් ලෙහෙසි තත්වයක් නොවූවත් අප දෙදනාට එම නාටකයද ගොඩදමා ගැනීමට හැකිවිය. ඔවුන් එකිනෙකා වැටි වැටී දුවද්දී ඔවුන්ගෙන් එක චරිතයක් මම හඳුනාගත්තෙමි. කෙසේ වෙතත් ඔවුන් එල්ල කල පහවවල් වලින්ද අප දෙදෙනාද තුවාල වී තිබුනි. බ්‍රයන්ගේ අත උලුක් වී තිබු අතර මාගේ තොල් පොටින් ලේ ගලා එන්නට විය. නිවන්තිගේ උපදෙස් මත අපි තිදෙනාම නැවතත් කාර්යාලය වෙත ගියේ ප්‍රථමාධාර ලබාගැනීම සඳහාය. අපගේ වෙලාවට ලොක්කාද එහි සිටියේ ය.

    " දිනුක මොකෝ මේ. නිවන්ති ඇයි ඔයා අඬන්නෙ."

    නිවන්ති සිදු වූ සියල්ල අපගේ බොසාට පැහැදිලිකර දුන්නේය. වහා ක්‍රියාත්මක වූ ඔහු අපට ප්‍රථමාධාර දුන්නෙඋ අපට උපදෙස් මාලාවක්ද සමගය.


    "ආයෙ එහෙම රන්ඩුවලට පැටලෙන්න එපා හරි. නිවන්ති අයෙ ඔයා කොහෙ හරි යනවනම් මේ දෙන්නගෙන් එක්කෙනෙක් අරගෙන යන්න. තනියම යන්න එපා. හරි දැන් ගිහින් මූණ හෝදගෙන එන්න. මම ඔයාව ඇරලවන්නම්. ගෙදරට කියනන් එපා හරි. එයාල කලබල වෙයි. දන්නවනෙ ඊට පස්සෙ"
    "ඔව් ඔව් සර්.. කොහොමත් මම කියන් නැහැ.. එයල නිකන් කලබල වෙනවා. මේ දෙන්න ඉන්නවනෙ මට"

    "හරි එහනම් මම නිවන්තිව දාගෙන යන්නම්. ඔයාල දෙන්නත් පරිස්සට යන්න"
    "ගොඩක් තෑන්ක්ස් සර්.. "


    ඔවුන් පිටව ගියායින් පසුව අප දෙදෙනාද මුහුනකට සෝදා ලේ තැවරුනු මාගේ කමිසය ගලවා දැමුවේය. අත් බැනිය්මක් ඇඳසිටි නිසා මා හට අපහසුවක් නොවීය. බ්‍රයන්ගේ අදහසකට අපි දෙදෙනාම ප්ලේන්ටියක රස බැලීමට අපගේ සුපුරුදු ස්තානය වෙත ගියෙමු.

    "කෙවින්ගෙ මල්ලි නේද හිටියෙ"
    "ඔව් දිනුක, මේක මෙතනින් ඉවර වෙන්නෙ නැති වෙයි. දන්නවනෙ කෙවින්ගෙ හැටි"
    "මොකටද බන් බය වෙන්නෙ, අපි දෙන්න එකට ඉන්නකොට. "
    "ඒකනම් ඇත්ත. ඒත් අපි ටිකක් පරිස්සමට ඉමු. මොකද දිනුක, මේ ටිකේ ගොඩක් දේවල් උනා."
    "ඒකනම් ඇත්ත. මාර විදිහට සිදුවීම් වෙන්නෙ. සේරම හරි ඉක්මනට වෙනවා"
    "වැඩේ කියන්නෙ ඒ වෙන සේරගෙම අපි දෙන්නත් ඉන්නවා, ඒ වෙන සේරම අපි දිනනවා"
    "හම්ම්ම්.. අපි පරිස්සම්වෙමු අද ඉඳන් වෙනදටත් වඩා"


    හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...​