හිතුවක්කාර ආදරය ..

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
මචන් මට මේ කතාවට මුල ඉඳල සෙට් වෙන්ඩ හම්බුනේ නෑ.. මම මේක දැකල දවස් දෙකයි.. ඔක්කොම ටික කියවල ඉවර වෙනකන් උන්නෙ කමෙන්ට් එකක් දාන්ඩ...

මම මචන් එච්චර වනකතා කියෝන එකෙක් නෙමෙයි.. ආදර කතා 3යි කියෝල තියෙන්නෙ ජීවිතෙටම... ඒත් මචන් මට උඹේ කතාව මාර විදිහටම අල්ලල ගියා බන්.. අනේ මන්ද.. මට උඹ ගැන කියන්ඩ වචන නෑ.. උඹට හොඳ අනාගතයක් තියනව මේ පැත්තෙන්... උඹට ජයවේවා..

ආ අමතක වෙනව තව ටිකෙන්.. උබ කතව අතරමග නතර කරනව එහෙම නෙවේ පුතෝ...

ඉක්මනට ඉතුරු ටිකත් දාපන් රත්තරනේ...
 
  • Like
Reactions: max_xx

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හිතුවක්කාර ආදරය - 31 වෙනි දිගහැරුම

    කාලය හෙමින් හෙමින් ගෙවී යද්දී අපේ ගෙදරද නොදැනීම නිහඬ බවෙන් පිරී ගියේ මගේ විදේෂ ගතවීම නිසා අම්මා කනගාටුවෙන්සිටි නිසා විය යුතුය. මගේ ඇඳුම් පැලදුන් පිලිවෙලකට නමා බෑගයකට අසුරා තිබුනේ ඇයම වූ අතර ගෙවුනු දවස් කීපයේම අම්මා මගේ ළඟට විත් මට නිදිමත එනතුරු මගේ හිස අතගෑවේ ඇගේ දෙනෙති කඳුලු මට නොපෙනෙන ලෙස පිසදමමින්ය.

    "මම නම් උඹ යනවට කැමති නැහැ දිනුක..මම කියන්නෙ උඹ ෆයිනල් ඉයර් එකක් ඉවරම කරල යන්න කියල බන්."
    "ම්ම්ම් මටත් නොතේරෙනව නෙමේ රොෂෙන්. ඒත් මේ ගමන මට යන්න වෙනනවා මචං."
    "උඹ ගියාම අපිට තමා බන් පාළු. බියර් එකක්වත් ගහන්න හවසට කවුරුත් නැති වෙනවා. අනික බන් උඹ ඉන්නකම් අපේ උන්ටික එකට හිටියා."
    "ඒකනම් ඇත්ත ඩිලා, දිනුක ඉන්නකම් කට්ටිය එකට හිටියා. දැන් දිනුකය ගියාට පස්සෙ මුන්ව හොයන්න දැල් දාන්න වෙයි"
    "එහෙම හිතන්න එපා බන්. මන් මේ යන්නම යන්න හදන ගමනක් නෙමේනෙබන්. උඹල සේරම ඩිග්‍රි එක ගොඩදාල ටයි කෝට් දාල ලොකු තැන්වල ඉඳපල්ල මම ආයෙ එනකොට"


    මගේ මේ හිටිහැටියේම නික්මයාම නිසා මගේ පවුලේ සමාජිකයන්ටත් වඩා මගේ මිතුරන් පිරිස දැඩි කනස්සල්ලෙන් පසුවූයේ මා ඔවුනට ඉතා හොඳ මිතුරෙකු වූ නිසා විය යුතුය. ඔවුනට බොරු හේතු මවා දුන්නාට මගේ මේ ගමනේ නියම අරමුණ ඔවුන් දැන සිටියානම් ඔවුන්ගේ ප්‍රතිචාරය වෙනස්වනවා නොඅනුමානය.

    "ඒක නෙමේ දිනුක, දැන් පියුමි මොකද කියන්නෙ"
    "පියුමි තාම දන්නෙ නැහැ රොෂෙන්"
    "මොනවා.. උඹ විහිලු කරනවද.."
    "මට එයාට කියාගන්න බැරිව හිටියෙ. අද මම කියනවා කොහොම හරි"
    "අනේ මන්දා බන්. උඹට මම අර දවසක් කිව්ව වගේ උඹ මාර විදිහට ලයිෆ් එකේ තීරනගන්නවා බන්. ඒ ගන්න හැම තීරනයකටම සාධාරණයක් කරන්න උඹට තියෙන්නෙ මාර කන්ෆිඩන්ස් එකක්. හැබැයි ඒ තීරන ගොඩක් දෙනෙක්ගෙ හිත පාරවනව"


    මට උඹලගෙන් යන්න ඕනකමක් නැහැ රොෂෙන්, මම තනිවෙලා ඉන්නකොට මගේ ජීවිතේට ලන් වෙලා ආලෝකයක් දුන්න යාළුවො සෙට් එක තමා උඹල. අනික උඹල කියන තරම් මට කන්ෆිඩන්ස් තියනවද දන්නෙ නැහැ, ඒත් මම මේ යන්නෙ උඹල එක්ක තිබ්බ ඒ යාලුකම රැකගන්න, යැයි මට ඔවුනට පැවසීමට සිතුවද කිසිවක් නොපවසා මද වේලාවක් නිහඬව සිටියේ ඔවුනට දියහැකි හොඬම පිළිතුර මගේ නිහඬබවයැයි මා සිතූ නිසාවෙනි.

    මගේ නිහඬ බව මගේ මිතුරන්ට ගැලපෙන්නා වූ පිළිතුර යැයි මා සිතූවද පියුමිට එය එසේ නොවන නිසා ගෙවුනු දවස් කීපයතුල මට කියාගැනීමට අපහසු වූ දේ මම පියුමිට කීවේ ඇයවද පුදුම කරවමින්ය. ඇය හදාරා අවසාන කල පාඨමාලාවේ අවසාන ඇගයීම් කීපය බාරදීම සඳහා ඇය පාසල් නොගොස් අප ආයතනයට පැමින ඇත. මා ඇය හා කතාකල අවස්තාවේ සමහර වචන මගේ මුවට නොපැමිනියේ ඇයිදැයි මම නොදැන සිටියෙමි. මගේ මුවගින් වචන එක පිට එක පිටවී යනවිට ඇය නිහඬව අසා සිටියමුත් ඇගේ දෙනෙතින් කඳුලැලි ගලාගියේ ඇයටද පාලනයකින් තොරවය. වරක් දෙවරක් ඇගේ අතින් අල්ලා මා ඇයව සැනසීමට උත්සහ දැරූවද එයද නිෂ්ඵල කාර්යයක් වූයේ ඇය එය වැලකූ නිසාය. ඇයව ඇල්ලීම ඇය ප්‍රතික්ෂේප කරනාවිට මගේ හුස්ම මොහොතකට නැවතුනා මෙන් මට දැනුනු අතර ඇය ඉදිරියේ කඳුලක්වත් නොහෙලා දැඩි සිතකින් මා සිටියේ කෙලෙසදැයි මම නොදැනසිටියෙමි.

    "ඇයි මේ.. ඇයි ඔයා මාව දාල යන්නෙ. ඇයි මේ කෙල්ලට මෙච්චර ගින්දරක් දෙන්නෙ. මොකද්ද මම ඔයාට කල වැරැද්ද.. කියන්න ... මට කියන්න දිනුක අයියා"

    වරක් දෙවරක් මගේ පපුවමතට වැරෙන් පහරවල් කීපය එල්ල කල ඇය ඒ පපුවටා තුරුළු වී පොඩි ළමයෙකු මෙන් ඇඬුවේ ඇය සිටිනා ස්තානය පිළිබඳවද අවබෝධයකින් තොරවය. අප ආයතන්යේ දෙමාපියන් සඳහා වෙන්කර තිබූ ස්ථානයේ අප සිටි අතර අප දෙදෙනාව දර්ෂනය වූයේ මගේ මිතුරන්ට පමනක් විය. කවුරුන්හෝ පැමිනේවිදෝයැයි මගේ මිතුරන් සැලකිලිමත්ව සිටි අතරම මම ඇගේ දුක තුනීවන තෙක් මා ලඟට වී ඇඬීමට අවසර දුන්නේ මා තුල තිබුනාවූ එම නිහඬතාවය මා තවදුරටත් ආරක්ෂා කරමින්ය.

    "අඬන්න එපා පියුමි.. හොඳ ළමය වගේ අහන්නකො මම කියන දේ"
    "මම හොඳ නැහැ.. මට ඔයාගෙ ඔය කතා අහන්න ඕන නැහැ. යන දිහාවකට මාවත් අරගෙනම යන්න.. අනේ මාව දාල යන්න එපා අයියා. මාව තනිකරල යන්න එපා. කොහොමද මම ඉන්නෙ. මම මැරේවි"


    එසේ පවසමින් නැවතත් ඇය හඩා වැලපෙන්නට වූ අතර මගේ දෙනෙතද කඳුලින් තෙත්කරමින්ය. ඇගේ මේ ඇඬියාව නිසා මම මහත් අපහසුතත්වයකට පත් වී සිටි අතර අප පන්තියේ අප හා සිටි ගැහැණු ළමයින් දෙදෙනෙක් වන සසන්කා හා හසිනි පියුමිව සැනසීමට ඇය අසලට පැමීනියද මා ඔවුන්ට නැවත යාන්නයැයි පැවසූවේ පියුමි මගේ පපුවට තුරුලු වී සිටිනා අවසාන මිනිත්තු කීපය නිසාවෙනි. මගේ මිතුරියන් දෙදෙනාගේද ඇස් කඳුලින් පිරී තිබූ ඇතර ඔවුන් මා හා තිබූ තරහව ඔවුන්ගේ ඇස් වලින්ම මට වටහාගත හැකිවිය.

    "හොඳ ළමය වගේ අඬන් නැතිව මෙතනින් ඉඳගන්න. අපි කතාකරමු.. "
    "ඔයා කොහොමද දිනුක අයියා මගෙන් යන්න හිතුවෙ. මෙහෙම තනිකරල දාල යන්නද මට ඔච්චරටම ආදරේ කලේ. මාව තුරුල්කරන් මට බත් කැව්වෙ, තුරුල්කරන් මාව සිපගත්තෙ මේ විදිහට මාව දාල යන්නද දිනුක අයියා.. කියන්න මට. කතාකරන්න ඉතින් නිහඬව ඉන්න එපා.. ඔයාමනෙ කිව්වෙ දැන් කතාකරමු කියලා. මන හොඳ ළමයෙක් වෙලා අඬ්න්නැතිව ඉන්නම්. කියන්න ඉතින්, මේ පුංචි කෙල්ලව රිද්දන්න හිතුවෙ කොහොමද කියලා"
    "මම ඔයාව රිද්දවන්න හිතුවෙ නැහැ පියුමි. ඒත් මට යන්න වෙනවා. මට සමාවෙන්න ඒකට"
    "ඔයා මට යන්න දෙන්න බලාගෙනද ඒ කියන්නෙ ආදරේ කලේ.. කියන්න"
    "මට තේරෙන්නෙ නැහැ ඔයාට කියන්න පියුමි. මම ඔයාට ආදරේ නැතුව නොවේ. ඔයාට හොඳින් ඉන්නනම් මට ඔයාගෙන් යන්න වෙනවා පියුමි. ගොඩක් ඈතකට යන්න වෙනවා"
    "ඔයා නැතිව මම කොහොමද හොඳින් ඉන්නෙ දිනුක අයියා. අනික ඔයාට කවුරු හරි වෙනකෙනෙක් හම්බුනාද. අනේ එහෙමනම් කියන්න, මම එයාගෙ කකුල් අල්ලල වඳින්නම්, වැඳල ඔයාව ඉල්ලන්නම්. ඔයාව මගෙන් උදුරගන්න එපා කියන්නම්"
    "එහෙම දෙයක් නැහැ පියුමි. මේ හිත ඔයා එනකම් ගොඩක් තනියෙන් හිටියා. තවමත් මේ හිත ඔයාට ආදරෙයි."
    "ඉතින් එහෙනම් ඇයි මේ. ආදරේනම් ඇයි මෙහෙම මාව තනිකරන්නෙ"
    "ජීවිතේ අපි දකින හැම හීනයක්ම අපිට ඕන විදිහට පාට කරන්න බැහැ පියුමි. ඒ වගෙම සමහර හීන තියනවා තමන් ආදරේ කරන අය වෙනුවෙන් අමතක කරන්න වෙන ඒවත්."
    "එතකොට ඒ අමතක කරන හීනයක්ද මම"
    "එහෙම කියන්නෙ නැහැ පියුමි. ඔයාව මට අමතක කරන්න බැරි වේවි මගේ මේ ජීවිතේටම. මට සමාවෙන්න කියල කියන්නම් ඔයාට මම. ඒ වගේම හොඳින් ඉන්න කියලත් ඉල්ලන්නම් මම. ඔයා හොඳ ජීවිතයකයට උරුමක්කාරියක් පියුමි. ඒක ඔයාට ලැබිය යුතුම දෙයක්. ඔයාගෙ ජීවිතේ දැකපු ලස්සනම හීනයක් කියල හිතන්න මාව, ඔයාට කවදාවත්ම ලස්සනට පාටකරන්න නොලැබුනු."
    "අනේ ... ඔහො .. ම ....."
    "මම යන්නම් පියුමි. මට ඒකට අවසර දෙන්න. මම දන්නවා ඔයා හිත හදාගනීවි. කවදාහරි දවසක ඔයාට සමහරවිට වැටහේවි මම ඔයාගෙන් ඈතට ගිය එක හොඳයි කියලා. අන්න එදාට මට තප්පරයක්වත් වෛර කරන්න එපා. ඒ වගේම අවසායේ එකම එක දෙයක් ඉල්ලන්නම් මට එහෙම ඉල්ලන්න අවසර නැතත්. හොඳින් ඉන්න්. කවදාවත් ඔයාට වරදින් නැහැ. ඒ වගේම ඔයා ඔයාගෙ ගමන යන්න, මම වෙනුවෙන් ඉන්න එපා බලාන."


    නැවතීමක් නොමැතිව ඇගේ දෙනෙතින් කඳුලැලි ගලා යද්දී ඇයව සැනසීමට හා ඇගේ ඇඬියාව නැවතීමට මගේ මිතුරියන් දෙදෙනාටම මහත් උත්සහයක් දරන්නට විය. මගේ සියළුම මිතුරන් මා නපුරෙකු ලෙස මා දෙස නෙත්යොමා සිටියෙදී අඩියට දෙකට මම එම ස්ථානයෙන් පිටත්ව ගියේ ඇය දෙස නොබලාමය. මගේ පණිවිඩය මත මොහොමඩ් මා රැගෙනයාමට ඔහුගේ කාරයෙන් පැමින සිටි අතර අප දෙදෙනාම එම ස්ථානයෙන් ඉතා ඉක්මනටම නොපෙනී ගියේ මතකයන් රැසකට උරුමකම් කියමිනි. එමෙන්ම සියලුම දෙනාගේ සිත තුල පිළිතුරු නොලැබෙනා වූ ගැටලු රාෂියක් ඉතිරි කරමිනි.

    "මොකද උනේ පොඩි මහත්තයා.."
    "ඒක මම හිතපු තරම් පහසු උනේ නැහැ මොහොමඩ් .. මම ඒ කෙල්ලට .."


    නොසිතූ වෙලාවක මගේ දෙනෙත කඳුලින් බරවූ නිසා මට මගේ මුවින් පිට වූ ඒ වචන කීපය හරි ආකාරව සම්පූර්ණ කිරීමට නොහැකි විය. පියුමිගේ මතකයන් රැඳි හැම පාරකම, හැම ස්ථානයකටම මොහොමඩ් මා රැගෙන ගියේ මගේ ඉල්ලීම නිසාය. එමෙන්ම මොහොතකට මුහුදු තීරයෙහි අප කාරය නවතා මා තනිවම විනාඩි කීපයක් එහි ඇවිද ගියේ පියුමිගේ ලස්සන මතකයන් පිරි ස්ථානයක් නිසාත් අප අවසාන වරට හමුවී පෙම්බස් දෙඩූ ස්ථානය මෙය නිසාත් මා නැවත මෙම ස්ථානයට නොපැමිනේසිදෝ යන සිතුවිල්ලත් මා සිත තුල තිබූ නිසාත්ය.

    "පොඩි මහත්තයා, ඔයා එන්න ආයෙමත්. පොඩි මහත්තයට බැරි විවි ඒ ගෑණු ළමය නැතිව ඉන්න"
    "ඒකනම් ඇත්ත තමා මොහොමඩ්. ඒ තරමටම මම ආදරෙයි ඒ කෙල්ලට. හම්ම්ම්ම්.. ඒත් මට බැහැ මොහොමඩ් අපේ ජීවිත අවදානමක දාන්න. අපි ප්ලෑන් කරපු වැඩේ ඉවර කරල දාමු. නැතිනම් මට කවමදාවත් ආයෙ ආදෙරේ කරන්න බැරි වෙයි"


    මට විදෙස්ගත වීමට තවත් දවස් හතරක් පමණ තිබුනද, මා හට කලින් පැමිනීමට ඉල්ලා විද්යුත් තැපෑලෙන් පනිවිඩයක් එවා ඇතැයි මම මගේ නිවසේ අයට පැවසූ අතර මාගේ ගුවන් ගමන අනිද්දා පාන්දරට සකසා දීමට මොහොමඩ් වෙහෙසූයේ මාගේ දැඩි ඉල්ලීම නිසාය. අමිලට පමනක් මගේ පිටව යාම මා පැවසූ අතර ඉතා සුලු කාලයකින් ඔහු අප නිවසට පැමිනියේ මගේ ගමනට අවෂයය දේ සකසාදීමටමුත් අම්මා විසින් ඒ සියලුම වැඩ පිලිවෙලකට නිමකරතිබුනේය.

    "යාළුවා ඔයා ගියාට පස්සෙ පියුමි මාර විදිකකට ඇඬුවා බන්. මම හිතුවෙ නැහැ උඹ එහෙම එක පාරටම යයි කියලා"
    "මට තවත් එතන ඉන්න තරම් ශක්තියක් තිබුනෙ නැහැ අමිල. ඒකයි මම ඉක්මනටම ආවෙ. ඒ කෙල්ල හිත හදාගනීවි බන්. එහෙම නැති උනොත් කවදා හරි මම ඒ කෙල්ල වෙනුවෙන් එන්නම්"
    "යාලුවා මට තේරෙන් නැහැ උඹව. ඒ කෙල්ල අඬල අඬල හෙම්බත් උනා බන්. මම තමා ගෙදරට ගිහින් දැම්මෙ පියුමිව. මම යනගමන් පුලුවන් තරම් හිත හැදුවා. මම හිතුවෙ නැහැ බන් ඒ කෙල්ල එච්චරටම උඹට ආදරේ කරාවි කියලා."
    "මටත් ඔය දුක නොදැනෙනවාම නෙමේ අමිල, නොදැනුනාවගේ ඉන්නවා. හම්ම්"
    "යාළුවා, පරිස්සමට ගිහින් වරෙන් එහෙනම්. මමයි මොහොමඩුයි මෙහෙ වැඩ බලාගන්නම්. කරන දෙයක් පරිස්සමෙන්. යාළුවා, ඔයාගේ රහස් හැමදාම මගේ ලඟ රැකිල තියේවි. අනික ආපහු වරෙන් මේ යාළුවා වෙනුවෙන්වත්. හැමදේම හොඳින් උඹ හිතපු විදිහටම වෙන්න ඕන කියල මම පතන්නම්."


    හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    මචන් මට මේ කතාවට මුල ඉඳල සෙට් වෙන්ඩ හම්බුනේ නෑ.. මම මේක දැකල දවස් දෙකයි.. ඔක්කොම ටික කියවල ඉවර වෙනකන් උන්නෙ කමෙන්ට් එකක් දාන්ඩ...

    මම මචන් එච්චර වනකතා කියෝන එකෙක් නෙමෙයි.. ආදර කතා 3යි කියෝල තියෙන්නෙ ජීවිතෙටම... ඒත් මචන් මට උඹේ කතාව මාර විදිහටම අල්ලල ගියා බන්.. අනේ මන්ද.. මට උඹ ගැන කියන්ඩ වචන නෑ.. උඹට හොඳ අනාගතයක් තියනව මේ පැත්තෙන්... උඹට ජයවේවා..

    ආ අමතක වෙනව තව ටිකෙන්.. උබ කතව අතරමග නතර කරනව එහෙම නෙවේ පුතෝ...

    ඉක්මනට ඉතුරු ටිකත් දාපන් රත්තරනේ...

    අඩෝ මුල ඉදන්ම කියව්ව මචන්. පට්ට කතාව.... උබේ සිර ජිවිත කතාවද කියලත් හිතෙනවා. මොන උනත් පට්ට කතාව අහ... එල ...

    මුල ඉදලම කියෙව්වා බන්.
    නියමෙටම ලියල තියෙන්වා,
    දිගටම ලියපන්.

    ikmanin dapan machoo..:yes: kathawath amathaka wenawa.. :P:D elata liyanawa :cool:


    තෑන්ක්ස් මචන්ලා.. ගොඩාක් තෑන්ක්ස් මම එක්ක ඉන්නවට. කොමෙන්ටුවක් දාල යනවට. මම හැම කොමෙන්ටුවකටම රිප්ලයි නොකලට හැකි සෑම වෙලාවකම Rep ++ දීල ඇති කට්ටිටටම. ඊළඟ කොටස එක්ක ඉක්මනටම හමුවෙමු.
     
    • Like
    Reactions: jhoncenamama

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    කතාව නියමෙට කරගෙන යනවා. නියමයි.. ඔයා අනිත් වැඩත් එක්ක මේක දාන එක ගැන ස්තූති වෙනවා.
    :D:D:yes::yes:
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හිතුවක්කාර ආදරය - 32 වෙනි දිහහැරුම

    හිතට දැනෙන්නාවූ සාන්කාව නිසාත් හරිහැටි නින්දක් නොලැබීමෙන් මා වෙහෙසට පත්ව සිටි නිසාත් ගුවන් ගමන අතරතුර මම සුව නින්දක පහස විඳගත්තෙමි. මොහොමඩ් විසින් ව්‍යාපාරික පන්තියේ ටිකට්පතක් වෙන්කිරීම නිසා සුවපහසු තෙහෙට්ටුවක් නැති ගුවන් ගමනක් නිම කිරීමට මට හැකිවිය. මොහොමඩ් පැවසුවා පරිදිම අසීස් මා රැගෙනයාමට එහි පැමින සිටියේ ඔහුගේ සොහොයුරාද සමගය. වෙනදාට වඩා ඔහු සුවෙන් සිටිනාබව ඔහුව දුටු විගසම මා හට තේරුම්ගියා සේම තරමක් දිගට වවා තුබූ ඔහුගේ රැවුල පමනක් වෙනස් වී තුබුනේ එය තඹ පැහ වර්ණයකින් වර්ණ ගන්වා තිබූ නිසාය.

    "වෙල්කම් ටු ඩුබායි පුතා.. පොඩ්ඩක් ඇදිල ගිහිල්ලද මන්දා. මොහොමඩ් මට සේරම විස්තරේ කිව්වා. ඉස්සෙල්ල්ම යමුකො ගෙදර."
    "කොහොමද නසීම්"
    "හොන්දින් ඉන්නවා දිනුක.. ගෙදර ගිහින් මොනව හරි කාලම කතාකරමුකො විස්තර"

    ගුවන්තොටුපලින් එලියට පැමිනි විගසම මගේ ඇඟ පිච්චෙනවා මෙන් දැනුන අතර ගුවන්තොටුපල අසල දැන්වීම් පුවරුවක දැන් පවතින උෂ්නත්වය සෙල්සියස් අන්සක හතලිස් දෙක ලෙස සටහන් වී තිබුනි. දැනුනු රස්නය ඉවසාගත නොහැකි නිසා ඉතා ඉක්මනඉන්ම මා අසීස් පැමිනි වාහනයට ඇතුලු වූයේ එහි සිටිනා සියලු දෙනාගේම මුව තුලට සිනහහවක් එක් කරමින්ය. එකිනෙකා පරදවමින් අහස ජයගැනීමට සැරසෙන්නා වූ නොයෙකුත් ආකාරයේ ගොඩනැගිලි කීපයක් මාගේ නෙත ගැටුනු නිසා මම වාහනයේ වීදුරුව තුලින් එලිය බැලුවෙමි. සමහර දර්ෂන මට අදාහා ගැනීමට පවා අපහසු විය. මක්නිසාද යත් සමහර උස් වූ ගොඩනැගිලි වැටෙන්න ඔන්න මෙන්නය, සමහරක් මලක් පිපී මෙන් හැඩයකය තිබුනි. නිර්මානශීලිත්වය උපරිමයෙන්ම තිබූ අතරම මගේ නෙත් පුදුම කෙරවූ අනෙක් දසුන වූයේ නගර අලන්කරනය කර තිබූ අයුරුය. මෙවැනි උෂ්නත්වයක් හිමි රටක පාට කීපයකින් පල් වවා නගර අලන්කරනය කර තිබූ අයුරුනම් හරිම අපූරුය. එමෙන්ම මා සිනමා වල පමනක් දැක තිබූ වාහන මගේ ඇස් දෙකෙන්ම දැක ගැනීමටද මට හැකි විය.

    විනාඩි හතලිස්පහක පමන ගමනකින් පසුව අසීස්ගේ නිවසට අප පැමිනියේය. එයද ඉතා අලන්කාරව සරසා තිබූ නිවසක් වූ අතරම ඔහුගේ බිරිඳගෙන් මට ලැබූ අගන්තුක සත්කාර මා සිතුවාටත් හොඳින් තිබුනි. ගුවන් යානයේදී සුව නින්දක් දැමූවද මගේ හිතට දැනුනු තනිකම නිසා, මා සඳහා සූදානම් කරතිබූ කාමරයට ගියේ නැවතත් නිදාගැනීම සඳහාය. අම්මා ලඟ නැති අඩුව මෙන්ම පියුමි හිත තුල සක්මන් කල නිසා මා හට නිදා ගැනීමට තරමක් අපහසු වුවද මගේ කාමරයේ ක්‍රියාත්මක කර තිබූ වායුසමීකරණය මගේ දෙනෙත් පියවීමට මගපෙන්වා දුන්නේය.

    "මොකද හිරුණි දුව කලබලෙන් වගේ.. මොකක්ද අවුල"
    "දිනුක, පියුමි එක්ක තිබ්බ සම්බන්දෙ නවත්වල බාප්පෙ. ඒ කෙල්ල පිස්සු හැදිල වගේ ඉන්නෙ. ඒ කෙල්ලගෙ කඳුලු වලට මමත වග කියන්න ඕන කියල දැනගත්තොත් .."
    "දුව බය වෙන්න එපා, එහෙම වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ දිනුක කෙල්ලට යන්න දුන්නා. මිනිහ ලැස්ති නැහැ වගේ මිනිහගෙ ගමන වෙනස්කරගන්න"
    "තව එකක් බාප්පෙ. දිනුක ලන්කාවෙන් ගිහින්"
    "මොනවා.. කොහොමද එහෙම උනේ"
    "මම දන්නෙ නැහැ. දිනුකගෙ යාලුවට පියුමි කෝල් කරද්දි තමා කියල තියෙන්නෙ."
    "වැඩේ කෑව.. මෙච්චර කල් කරපු සේරම ඉවරද ඒ කියන්නෙ. මම කොහොමද දැන් ... හම්ම්ම්ම් මම කිව්වෙ මිනිහ මොළකාරය කියලා. මේක ගොඩක් දවස් ඉඳන් ප්ලෑන් කරල තියෙන්නෙ. නැතිනම් කොළඹ යන්ව වගේ ඔහොම හදිසියේ රටින් පිටවෙන්න බැහැනෙ."


    වායුසමීකරණය නිසා දැනෙන්නා වූ සීතල තරමක් වැඩි වූ හෙයින් මම මගේ කමරයෙන් පිටත පැමිනියෙමි. වටපිටාව තරමක් අඳුරු වූ තිබූ නිසා මම පැය හතරක් පහක් පමන නිදා ගන්නට ඇතැයි මම අනුමාන කලෙමි. කොතරම් සැපපහසුකම් තිබුනද සාලයේ තාත්තා පත්තරය බලන්නේ නැත. අම්මා හා නන්ගී රූපවාහිනිය නරඹන්නේද නැති නිසා මගේ හිතට නැවතත් කියා විස්තර කල නොහැකි තිනිකමක් දැනෙන්නට වූ නිසා අසල තුබූ සුවපහසු සෝෆාවෙහි මා හිඳ ගත්තේ දිගු සුසුමක් සලමින්ය.

    "අහ්.. දිනුක නැගිට්ටද. දැන් ගොඩක් වෙලාද"
    "අනේ නැහැ අසිස්. මම මේ දැන් තමා කාමරෙන් එලියට ආවෙ. ගෙදර මතක් උනා අසීස්"
    "ඔව ගනන් ගන්න එපා දිනුක. තාම ආව විතරනෙ. දවස් දෙක තුනක් යනකම් ඔය හෝම් සික් එක තියේවි"
    "හම්ම්ම්.. "
    "දිනුක ඔයා වාසනාවන්තයි. ඔයාට හොඳ ජොබ් එකක් ලැබුනෙ. මගෙ යාලුවෙක් තමා සෙට් කලේ. පඩිත් හොඳයි. මමනම් කියන්නෙ මෙහෙට වෙලා ලයිෆ් එක අලුතින් පටන් ගන්න කියලා. අනික දිනුක ඔයාට හම්බුනේ මෙහෙ රජයේ තැනක ජොබ් එකක්. හැමදේම අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගන්න"
    "හැමදේම අමතක කරන්න අමාරුවෙයි අසීස්.."
    "හරි හරි ඒක අමතක කරන්නකො. ඔයාට ඔයාගෙ ඔෆිස් එකෙන් කෝල් කලා නේද"
    "ඔව් ඔව්.. මට ලබන සතියෙ ඉරිද වැඩ බාරගන්න තියෙන්නෙ. මම ඉතින් කලියෙන් ආවනෙ"
    "ඒකට කමක් නැහැ. මට මොහොමඩ් සේරම විස්තරේ කිව්වා. සතියක් තියනවනෙ තව වැඩ පටන් ගන්න. ඒ සතිය ඇතුලත ඔයා මෙහෙ ලයිෆ් එකට හැඩ ගැහේවි"


    දවසක් දෙකක් පමන ගතවන විට මෙහි ජීවන ක්‍රමය හා නීති රීතීන් සැලකිය යුතු මට්ටමකට අවබෝධ කරගැනීමට මට හැකිවිය. නමුත් මෙහි තිබෙනා වූ රස්නයට හුරු විමටනම් මට තවත් කාලයක් යනවා නොඅනුමානය. මට ලැබී තිබූ සතිය පුරාවටම අසීස් හා ඔහුගේ සොහොයුරා වන නසීම් සමග ඩුබායි අවට මම සිරි නැරඹුවෙමි. බලන බලන තැන් කොන්ක්‍රීට් වනන්තරයක් උවද ඔවුන් ගස්වැල් වලට දක්වන ආදරය පුදුමාකාරය, අගයකල යුතුය. සිදුවූ නොයෙකුත් සිදුවීම් අත තරමක් මතක්යේ රැඳුනු සීද්දීන් කීපයක් වූයේ ලොව උසම ගොඩ නැගිල්ල වූ බර්ජ් කලීෆා තරනය කිරීම හා අසීස්ගේ යාලුවන් කීපදෙනෙකු මුනගැසීමය. මා බ්‍රයන් හා සමග සිටියෙදී ඔවුන් පිළිබඳව තරමක් දුරට අසා තිබුනද ඔවුන්ව මගේ දෑසින් දැක ගත්තේ අසීස් ඔවුන් මා හට අදුන්වා දුන් පසු වූ අතරම ඔවුන් මා පිළිබඳව මටත් වඩා හොන්දින් කරුනු දැනගෙන සිටීම මා පුදුමයකට පත්කරවන කරුනක් වූවේය. එමෙන්ම ඔවුන් සියලු දෙනාම ජාවාරම් කලාවේ රජවරුන් ලෙස කාලය ගතකල අයවිය. ඔවුන් සමග කල කතාවෙන් මට වැටහුනේ ඔවුන් සියලුදෙනාම ජාවාරම් වැඩ නවතා අලුත් ජීවිතයක් පටන්ගත් බවය. නමුත් මා එක එක හෙලාම විස්වාස නොකලේ මමද ඔවුනට නොදැවෙනි තැනක සිටි නිසාවෙනි.

    "හෙලෝ අම්මෙ.. කොහොමද? ඔයාල හොඳින් ඉන්නවා නේද?"
    "ඔයා නැතිව පාළුයි පුතේ.ඔයා හොඳින් ඉන්නවා නේද"
    "ඔව් අම්මෙ. මම හොඳින්. හෙට මම වැඩට යන පළමු දවස. ඒක කියන්න මම කතා කලේ"
    "ඔව් ඔව්. මට නන්ගිත් මතක් කලා ඒ ගැන. මයෙ පුතාට බුදුසරණයි"


    අම්මාගේ හා තාත්තාගේ දෙපා වැඳ පලමු දිනයේ වැඩට යාඅට නොහැකි නිසාදෝ මගේ හිත මට නොතේරෙන දුකකින් පිරී තිබූ අතරම නන්ගිගේ මොනවා හරි ඇනුම් පදයක් ඇසීමට නොමැති වීම හා දුකට සැපට සැමදා මා හා ගිය මගේ ස්කූටිය නොමැතිකමද මගේ හිත තරමක් හැඟුම්බර කරන්නට විය.

    පළමු දිනයේ දැඩි චකිතයකින් යුතුව මම කාර්යාලයට ගියද ඉතා සුලු කාලයකින් මගේ සිත තුල තිබූ චකිතය නැත්තටම නැතිව ගියේ එහිසිටි පිරිසගේ තිබූ මනා සුහදශීලීබව නිසාය. ඔවුන්ගේ ක්‍රමවේදයන්ට අනුව කඩදාසි කොල කීපයකම අත්සන් තැබූ මම නිල වෂයෙන් පරිඝනක තාක්ෂනික අන්ශයේ වැඩබාර ගත්තෙමි. මා හා සිටි පිරිසට අනුව පළමු මාසය තුල මා හට එතරම්ම රාජකාරියක් කිරීමට නොතිබිනි. එමෙන්ම අප ආයතනයේ ලෝකයේ විවිධ රටවල් වලින් පැමිනි පිරිස සේවය කල අතර එයින් වැඩිහරියක්ම සිටියේ ඉන්දීය ජාතිකයන් විය.


    "මචන් කොහොමද, මම තාරක. මෙතන සොෆ්ට්වෙයා ඩිවලපර් කෙනෙක්. ඔයාගෙ නම මොකද්ද"
    "දිනුක.."
    "උඹ මෙතන බය නැතිව ඉඳපන්. වැඩ ටික අල්ලගන්න අමාරු වෙන්නෙ නැහැ. උඹට මොනා හරි අපහසුතාවයක් ඇති උනොත් සෙවන් ෆෝ ෆෝ ඩයල් කරල මාට කතා කරපන් හරි. ඒක නෙමේ උඹ කොහෙද ලංකාවෙ"
    "මීගමුවෙ"
    "නෑ.. මම ජා-ඇල. මටත් හිතට සෙට්වෙන එකෙක් නැතිව හිටියෙ. උඹ බොනවද"
    "ම්ම්ම්.. ඉඳල හිටල"
    "අන්න ඒ වචන දෙක මට හොඳට තේරෙනවා. මේ එන බ්‍රහස්පතින්ද රෑට මොකුත් වැඩ දාගන්න එපා හරි. ඔන්න කලින්ම මම කිව්වා. උඹට නියම සෙට් එකක් අඳුන්වල දෙන්නම්කො එදාට. බොමු කරටි කැඩෙන්න. උඹට මගෙ රූම් එකේ නැවතිල පහුවදාට යන්න පුලුවන්"

    නන්නාදුනන රටක නන්නාදුනන පිරිසකට ආගන්තුකයෙක් සේ සිටි මට තාරකගේ හමුවීම හිතට ලොකු සහනයක් ගෙනදෙන්නක් විය. එමෙන්ම ඔහු හා කාලය ගත කිරීමේදී ඔහු ඇසුරට සුදුසු පුද්ගලයෙක් ලෙස හඳුනා ගැනීමට මට එතරම්ම වෙලාවක් ගත නොවීය. කරුනු කාරනා කෙසේ වෙතත් මා කුමන අරමුනකින් මෙහි පැමිනියත් මගේ ජීවිතය නැවත ලිවීමට හොඳම කාලය හා සුදුසුම තැන මෙය බව මම මටම කියාගත්තෙමි.

    "උඹ ඔය අඬන එක නවත්තපන් පියුමි. ඒ කොල්ල ගියා."
    "අනේ මට තවමත් හිතාගන්න බැහැ තිනුරි. දිනුක අයියා කොහොමද මාව මෙහෙම තනිකලේ කියලා."
    "උඹට වඩා මම කොල්ලොගැන දන්නවා බන්. අන්න ඒ නිසා තමා උඹ ඔය මගුල පටන් ගන්න හැදුව දවසෙම මම එපා කිව්වෙ. කොහෙද උඹට එතකොට මාව පෙනුනෙ හැපින්නක් විදිහටනෙ. කොල්ලො ඔහොම තමා පියුමි. ආදරෙයි කියලා ලන් වෙනවා. ඊට පස්සෙ අපේ ඇඟට තමා ආස. එකක රස බලල මදි උනාම තව .."
    "කටවහගනින් තිනුරි. කට තිබ්බපලියට කියවන්න හදන්න එපා. මම ආදරේ කල මගෙ දිනුක අයියා එහෙම නැහැ. උඹ ඔය කියන ජාතියේ කොල්ලෙක් නෙමේ දිනුක කියන්නෙ"
    "ආ.. මේකිට මෙච්චර දෙයක් වෙලත් බලපල්ලකො ඒ කොල්ලව සුද්ද කරන හැටි"
    "නවත්තගනිල්ල බන් දෙන්නම ඕක. පියුමි වෙච්චදේවල් උනා. අපි දන්නවා උඹ ඒ කොල්ලට ඇත්තටම ආදරේ කලා කියලා. අපි තව ටික දවසක් බලමු. ඊටපස්සෙ තීරනේකට එමු. මොකද උඹ ඔහොම ඉන්නවා බලන්න යාලුවෝ විදිහට අපි කැමති නැහැ. හිතුවක්කාර ආදරයකට උඹේ ජීවිතේ සීමා කරන්න හදන්න එපා. මොකද උඹට යන්න තව ගොඩක් දුර තියනවා පියුමි"

    කාර්යාලයට මා තවමත් නවකයෙකු වූ නිසාදෝ මම නොසිතූ තරම් කාර්යය බහුල වූ දින කීපයක් ගතකෙරුවෙමි. පළවෙනි සති කීපයේ ඔය කාර්යබහුල බව සාමාන්යය දෙයක් බව මට අලුති හමු වූ මිතුරා වූ තාරකගේ අදහස වූ අතර එම කාර්යබහුලබව මගේ හිතේ තිබූ සියලුම දේ තාවකාලිකව අමතක කිරීමට සමත් විය. එනමුත් මගතොටදී දකිනා සමහර සිදුවීම් හා මට ඇසීමට ලැබූ සමහරක් වචන කීපයන් නිසා පියුමිගේ මතකයන් මගේ හිත පෑරුව අතරම එම හැම අවස්තාවකදීම මා ඇයට දුරකථන ඇමතුමක් දීමට කල උත්සහයද මගහැරවීමට තරම් මගේ මේ සිත නපුරු වූයේ ඇයිද යන්න මම මගෙන්ම විමසුවෙමි. වර්ණකුලසූරිය මහතාගෙන් පළිගැනීමේ චේතනාව මා සිත තුල දැඩිව තැම්පත් වී තිබීම පියුමිගේ මතකයන් මගේ හිත කොනක හිරවීමට බලපෑ එකම සාධකයයැයි මම සිතුවෙමි. කොතරම් කාර්යය බහුල උවද, කාලය වේගයෙන් ගෙවී ගියද, මම මගේ මිතුරා වූ අමිලව හා මගේ සගයා වූ මොහොමඩ් සමග සබඳතාවයන් පවත්වාගෙන ගියේ වර්ණකුලසූරිය ගැන මම මනාව දැන සිටි නිසාය.

    මා රටෙන් පිටවීම පිළිබඳව දැනගත් වර්ණකුලසූරිය මහතා විටක කෙවින් ලවා අසත්‍ය චෝදනා ගොනුකිරීමට උත්සහක් දරා ඇති බව මට අමිලගෙන් දැනගැනීමට ලැබුනි. එනමුත් කෙවින් මට විරුද්දව කිසිදු වචනයක් නොපැවසීම මා මෙන්ම මගේ මිතුරාද පුදුමයකට පත්කරන්නා වූ කරුනක් විය. එමෙන්ම කෙවින් ඔහුගේ රහස් පණිවිඩ කරුවෙකු යොදාගනිමින් අමිලට පණිවිඩයයක් එවා තුබුනේ තාවකාලිකව හෝ මට පියුමිගෙන් ඈත් වී සිටින ලෙසත් ඇයගේ මෙන්ම මගේ පවුලේ අය පිළිබඳවද තරමක් දැඩි විමසිල්ලකින් සිටිනා ලෙසය. එම පුවත මා සිත සසල කරන්නා වූ පුවතක් වුවද එහි වගකීම මොහොමඩ් විසින් භාරගත් නිසා මට සැහැල්ලුවෙන් හුස්මක් ගැනීමට හැකි විය.

    "කොහොමද දිනුක වැඩ කටයුතු, ඔෆිස් එකේ වැඩ එහෙම කොහොමද"
    "අවුලක් නැහැ අසීස්, කරගෙන යනවා. තාම මම ප්‍රොබේෂන් ඉන්න නිසා ටිකක් වැඩ වැඩියි"
    "ඒක නෙමේ, අද නිවාඩු දවසනෙ යමුකො මාත් එක්ක පොඩි ගමනක්"


    අසීස් මා හට එසේ පවසනවාත් සමගම සිටි තැනින් නැගිට ගිය අතර මම ද කිසිදු ප්‍රස්නයක් නොඅසා ඔහුව අනුගමනය කලෙමි. විනාඩි කීපයග ගමනකින් පසුව අප පැනරෝමා නැමති හෝටලයක් අසල අසීස්ගේ වාහනය නතර වූ අතර එහි ඇතුලත තිබෙනා වූ ශ්‍රී ලාංකීය බොජුන් හල වෙත ඇදුනේ පුරුදුකාරයෙක් සේය. මාද ඔහු අනුගමනය කරමින් ඔහු පසු පසින්ම ගමන් කල අතරම අප දෙදෙනා අසුන් ගත් මේසයට බියර් බෝතල් දෙකක් පැමිනියේ විනාඩියකටත් අඩු කාලයකිනි. කළු පැහැති කොට ඇඳුමකින් සැරසූ ය්වතියන් දෙදෙනෙක්ද අප අසලට පැමිනියද අසීස් ලබාදුන් ඉඟිය නිසා ඔවුන් වෙනත් තැනකට ගියේ අසීස්ට මොන මොනවදෝ මුමුනන ගමින්ය.

    "දිනුක ඒ කෙල්ල ඔයාට කැමතිලු. ඒක තමා ඒ හින්දි භාෂාවෙන් මට කියල ගියෙ"
    "හම්ම්ම්.. ඒකත් එහෙමද. ඒක නෙමේ හදිසියේම ඇයි අපි මෙතන්ට ආවෙ"
    "මට මොහොමඩ් කතා කලා ඊ‍යෙ. වර්ණකුලසූරිය නාඩගමක් නටන්න හැදුවලු නේද"
    "ඔව් ඒකනම් ඇත්ත තමා. මොහොමඩ් ඒ ගැන බලාගන්නම් කිව්ව නිසා මම ටිකක් නිදහසේ ඉන්නවා"
    "දිනුක, මම ඔයාව මෙහෙට ගත්තෙ අලුත් ලයිෆ් එකක් හදා ගන්න ඔයාට පාර පෙන්වන්න. මොකද මම ඉස්සර ඉඳම්ම ආදරේ කරපු චරිත දෙකක් තමා ඔයයි බ්‍රයනුයි. අනික මට ඕන උනේ නැහැ ඔයාව ආයෙමත් නරකාදියට ඇදල ගන්න. ඒත් අපිට වර්ණකුලවූරියට මොනව හරි කරන්න වෙනව නේද"
    "ඒකනම් ඇත්ත තමා."
    "මිනිහට ගේමක් දෙනවනම් අපි ඉක්මන් වෙන්න ඕන. ඔයාගෙ ප්ලෑන් එක හොඳයි. ඒත් මිනිහව මෙහට ගෙන්නල වැඩේ කරන්න ගියොත් ඔයා පරක්කු වැඩිවෙයි කියල හිතන්නෙ නැද්ද"
    "අසීස්ගෙ පොයින්ට් එක කෙලින්ම කියන්නකො"
    "මේකයි මේක අපි ලංකාවෙදිම ඉවරයක් කරමු. වැඩේ මට භාර දෙන්න. මම ඔයාගෙ ප්ලෑන් එකම ලංකාවට ගැලපෙන විදියහ ටිකක් එහෙට මෙහෙට කරල වැඩේ කරන්නම්. මොහොමඩ් ඉන්නවනෙ. හැබැයි මටත් උදව්වක් ඕන ඔයාගෙන්"
    "උදව්වක් .. ඒ මොකද්ද"
    "අයෙ මම කවදාවත් ඔයාට මේ නරකාදි වැඩ වලට ගාවගන් නැහැ. පොඩි ඩීල එකක් ගොඩදාගන්න ඔයගෙන් උදව්වක් ඕන. මම පස්සෙ විස්තර කියන්නම්කො"
    "මේ නරකාදියෙන් ගැලවීමක් නැහැ අසිස්. මම එක දවසකුත් කිව්ව වගේ කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙයිද අසිස්. මම ඔයාගෙ වැඩේ කරල දෙන්නම්."
    "එහෙනම් වර්ණකුලසූරියගෙ අවසාන කැමැත්ම මම ලියන්නම්. අනික මට සමා වෙන්න . ඔයා ආදරේ කරපු කෙල්ලගෙ.."
    "ඒව අතීතයට එකතු වෙලා ඉවරයි අසිස්. මම මොහොමඩ්ට කතා කරන්නම්. ඔයාගෙ වැඩේ ගැන මට ෆුල් ඩීටේල්ස් ටික දෙන්න. ගෙම් ප්ලෑන් එක හදල දෙන්නම්"
    "ඔයාගෙ ඔය චරිතෙට මම ඉස්සර ඉඳන්ම ආදරේ කලා දිනුක. අපේ ඒ අතීතය වෙනුවෙන්.. චියර්ස්"
    "චියර්ස්.."
    "අර කෙල්ල එකසිය හතරෙ රූම් එකේ ඇති. කැමතිනම් විනෝද වෙලා එන්න."
    "එපා අසීස්.. මම තාමත් පියුමිට ආදරෙයි. පිස්සියක් වගේ දාල යන්න එපා කියල අඬද්දි හිතක් පපුවක් නැති මිනිහෙක් වගේ මම ඒ කෙල්ලව තනි කරල ආව. තාමත් ඒ හඬ රැව් දෙනවා අසීස්.. ලැබුනා හෝ නොලැබුනා ඒ කෙල්ල වෙනුමෙන්ම ඉන්නවා මම ජීවත්වෙලා"


    හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ..
     
    Last edited:

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    එල කතාව. දිගටම කියෙව්වා.
    නවත්තන්න නම් එපා කොල්ලෝ........:yes::yes::yes:
     
    පට්ට මචෝ...:yes::yes: කෑලි දෙකම එක පාර කියෙවුවෙ. දුක හිතුනා බන් උබ ලවු එක break කරලා තියන සීන් එකට.:(:no:
    ලියහන් මචන් දිගටම. :yes::yes:
    ඒක නෙවෙයි, උබ ඉන්නෙත් ඩුබායිද බන් දැන්?:confused:
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    පට්ට මචෝ...:yes::yes: කෑලි දෙකම එක පාර කියෙවුවෙ. දුක හිතුනා බන් උබ ලවු එක break කරලා තියන සීන් එකට.:(:no:
    ලියහන් මචන් දිගටම. :yes::yes:
    ඒක නෙවෙයි, උබ ඉන්නෙත් ඩුබායිද බන් දැන්?:confused:

    Thanx macho comentuwata. Ne ban. mama SL inne. moko cn eka?

    dina84 said:
    එල කතාව. දිගටම කියෙව්වා.
    නවත්තන්න නම් එපා කොල්ලෝ........

    Thanx machan comntuwta. maga nawathwanne nehe. iwara wenakamma dannam. :)