හිතුවක්කාර ආදරය ..

roshannr

Member
Sep 18, 2010
75
5
0
41
south korea
digatama liyapan saththalan..peya 14k night karala awilla nidimaragena kiyawanne ...kalekin kiyona supiri kathawak machoo..keep it up bro..gud luck!
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
උඹේ කතාව කියවනකොට සමහර තැන් වලදි ඇඩෙන්න එනව මචෝ... ඒ තරම් සියුම්ව දැනෙන්න උඹට ලියන්න පුළුවන්.. දිගටම ලියමු
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    4.24 යකෝ ජනවාරි ඉඳල මේ වෙනකන් කියෙව්වා. දැන් එළකිරියේ මැච් එකට යන්න අපේ උන් එනවා දොඉයල හමාරයි. නිදිමතේ ඩ්‍රයිව් කොරන එකයි අවුල.
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හිතුවක්කාර ආදරය - 33 වෙනි දිගහැරුම

    වැඩරාජකාරීන් සමග දවසින් දවස තප්පරයෙන් තප්පරය ගෙවී යද්දී දින සති මාස පිළිබඳව අදහසක් නොතිබූ තරම් උවද පියුමි මගේ සිත තුල වැඩි වැඩියෙන් සක්මන් කලේ මටත් හොරාවටමය. ඇගේ ආදරය ඇගේ සුවඳ මෙන්ම ඇගේ මතකයන්ම මා හට තදින්ම දැනෙන්නට වූයේ මා මෙහි තනී වි සිටි නිසා විය යුතුය. මගේ හිතට දැනෙන්නා වූ දුක කියන්න අම්මාවත් ළඟ සිටියානම් යන සිතිවිල්ල මගේ සිතේ දළුලා තුබුනේ ඇය සිටියානම් ඇගේ ඔඩුක්කුවට වී හිස තබා ගෙන සිටිය හැකි නිසාය. එසේනම් ඇය මගේ හිස අතගාමින් මට අවවාද කරනවා නොඅනුමානය.

    පියුමි, වර්ණකුලසූරිය හා ඩුබාහි ජීවිතය යන තුනම සමබර කිරීමට අපහසු වූයේ පියුමිගේ මතකයන් තවමත් මගේ හිත කොනක ඉතිරි වී මා නොසිතූ ලෙස මසිත රිදවූ නිසාවෙනි. අවස්තා කීපයකදීම මේ රැකියාව අමතක කර නැවත යාමට අදහසක් මසිත තුල පැන නැගුනද මා ඒ සියලුම සිතිවිලි පාලනය කර ගත්තේ මේ රැකියාව නිසා මා ලබාගත් දේ බොහොමයක් නිසාය. නමුත් මා ඇයට පිටුපා ඇයව රිදවා ඇගෙන් වෙන්වී යාම මගේ යටි සිත කවදාවත්ම නොපිළිගත් නිසාදෝ ඇයව ඇමතීමට මම කීපවරක්ම උත්සහ කලද සියලුම අවස්තා සාර්ථක නොවුනේ ඇයිද යන්න මම නොදැනසිටියෙමි. මම ඇයට කොතරම් පෙම් කලත් ඇගේ ජීවිතයෙන් ඈත්ව සිටීම ඇයට කරනා සාධාරනයක් බව මම දැන සිටියෙමි. මක්නිසාද යත් ඇයට සැප සම්පත් පිරි ලස්සන පිරිසිදු ජීවිතයක් උරුම වූ නිසාය.

    මා ඩුබායි ජීවිතය පැමින සිව්මසක් ගෙවී ගියේ මටත් නොදැනීමය. වැඩරාජකාරී බහුල වූ නිසා ගෙවෙනා දින ගනනය කීරීමට මතකයේ නොතිබූ තරම්ය. ගෙවුනු කාලය තුල තවත් මසිට කලබල කල එක කරුනක් වූයේ ගෙවුනු කාලය පුරාවටම වර්ණකුලසූරිය නිහඬව සිටීමත් මගේ සගයා වූ මොහොමඩ්ගේ ඇතිවූ දැඩි නිහඬ තාවයත්ය. අමිලගෙන්ද දුරකථන ඇමතුමක් ලබුනේ එකවතාවක් හෝ දෙවතාවක් පමණි. වැඩරාජකාරී බහුල වූ නිසාත් දෙසැම්බර් දෙවෙනිදාට යෙදී තිබෙන්නා වූ අරාබියන්ගේ නිදහස් දවස නිසා සන්විදානයකර තිබූ බාහිර වැඩකටයුතු නිසාත් ගෙවී ගිය කාලය තුල මා නිවසට කතාකල කාලය කතා නොකල තරම්ම වූ නිසා අමිල පිළිබඳ වැඩි තොරතුරක් අම්මාගෙන්ද අසා දැනගැනීමට මට නොහැකිවිය. මා නිවසේ නැති දා සිට අමිල දවසකට එක් වතාවක් හෝ මා නිවසට ගොස් අම්මා හා අනෙකුත් පිරිස සමග කතාබහ කල නිසා ඔවුනට මා නැති අඩුව එතරම්ම නොදැනෙන්නට ඇත. අමිලගේ තිබූ හොඳ ගතිගුන නිසාදෝ අම්මා අමිලට සැලකුවේ ඇයගේම පුතෙකු ලෙසය.


    "හෙලෝ පොඩිමහත්තයා.. කොහොමද ඉතින්"
    "මොහොමඩ්.. ඔයා මෙහෙ. කවද්ද ආවෙ. අසිස් දන්නවද"
    "අසිස් දන්නවා. මම දැන් එහෙ තමා ඉන්නෙ. පොඩි මහත්තය එක්ක මට ටිකක් කතා කරන්න ඕන, තනියම"
    "කොහෙද මනුස්සයෝ පහුගිය ටිකේ අතුරුදහන් වෙලා හිටියෙ"
    "අපි ඒ ගැන කතා කරමු හමුවෙලාම පොඩි මහත්තයා"
    "මම මේ පොඩි වැඩකට දේර වලට ආව. මම එනගමන් ඉන්නෙ. මෙටො එකේ එන්නෙ. ඒ නිසා ඉක්මනටම එන්න පුලුවන් ඔහෙට"
    "අපි දෙන්න විතරක් කතා කලොත් හොඳයි නේද. අසීසුත් අද නිවාඩු දවස නිසා වයිෆ් එක්ක එලියට යන්න හදන්නෙ"
    "හම්ම්.. ඒකත් එහෙමද. එහෙනම් මෙහෙම කරන්න, ඔයා අසීස්ට කියල පැනරෝම එකට ඩොප් කරගන්න. බියර් එකක් බොනගමන්ම කතාකරමු"

    මොහොමඩ්ගේ හදිසියේ පැමීනීම මට ගැටලුවක් උවත් කුමක් හෝ ලොකු කලබලයක් සිදු වී තිබෙනා බව මට ඔහුගේ හඬින් තේරුම් ගැනීමට අපහසු නොවීය. මා ඔහුටද පැනරෝමාවට ඒමටයැයි පැවසුවේ අප දෙදෙනාට කතාකිරීමට සුදුසුම ස්ථානය එයයැයි මා සිතූ නිසාත් මගේ හිතේ විඩාව නිවා ගැනීමට මා යාමට පුරුදුවී සිටි එකම නිදහස් ස්ථානයද එය වූ නිසාය.

    "කොහොමද මොහොමඩ් ඉතින්. සොරි ටිකක් වෙලා ගියාට. ඔතන ස්ටේෂන් එකෙන් බැහැල පයින් ආවෙ මෙතන්ට"
    "ඒකට කමක් නැහැ පොඩි මහත්තයා. මම ඉතින් මේ ලස්සන කෙල්ලො ටික බල බල හිටියා"
    "ඉතින් මොකද මේ හදිසියේම. කොහෙද පහුගිය ටිකේ ගිහින් හිටියෙ. මටත් කෝල් එකක්වත් දෙන්න බැරි උනා මොහොමඩ් මේ වැඩ හින්දා."
    "ඒකට කමක් නැහැ පොඩි මහත්තයා. මම මේ හම්බෙලාම කතාකරන්න ආවෙ ෆෝන් වලින් මේව කතාකරන්න බැරි නිසා. අනික මට ගන්න පොඩි පොඩි බඩු වගයකුත් තියනවා. ඒකයි මේ හදිසියෙම ආවෙ, දැනුම්දීමක් නොකරම"
    "හරි හරි.. මොකද අලුත්ම තොරතුරු. අපේ ප්ලෑන් එක වැඩ කලාද"
    "ඒව හරියටම හරි පොඩි මහත්තය. අවසාන කොටසත් සැලැස්මට අනුව වෙයි. ඒත් පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරන්න වෙයි. මොකද අපි හිතුවට වඩා තත්වය ටිකක් අවුල්."
    "හම්ම්ම්. පියුමි හොඳින් ඉන්නවද මොහොමඩ්"
    "පොඩි මහත්තය තවමත් හිතනව එහෙනම් ඒ ගෑණු ළමය ගැන"
    "ආදරේ හැටී මොහොමඩ්.. ආදරේ හැටී"
    "අමිලයි මමයි පියුමි ගැන හොයල බලනවා පොඩි මහත්තයා. එයා ගොඩාක් දුරට හොඳින් ඉන්නවා. ඒත් ඉතින් ඉස්සර වගේ හුරතල් පාට නැහැ. ටිකක් සුදුමැලි වෙලා ඇදිල ගිහිල්ලා. දඟකාරකම් නැහැ දැන්. එයා එයාගෙ පාඩුවේ වැඩටික කරගෙන ඉන්නවා. අයෙ එන්න පොඩි මහත්තයා. දැන් අවුලක්ම නැහැනෙ. දෙන්නම දෙපැත්තකට වෙලා දුක් විඳිනවට වඩා හොඳ නැද්ද ආයෙ ආදරෙන් ඉන්න එක. ඒ ගෑණු ළමය තරම් පොඩි මහත්තයට කවුරුත් ආදරේ කරන්නෙ නැති වෙයි"
    "හම්ම්ම්.. අපි ඔය ගැන කලින් කතා කලා මොහොමඩ්. එයාට ලස්සන ජීවිතයක් උරුමයි. මම වගේ ජාවාරම් කාරයෙක් එයාට ... හම්ම්ම්ම්ම්"

    වර්ණකුලසූරියගේ කතාවට තිත තිබීමට අසීස් මා හට පොරොන්දු වුවද එය මාගේ සැලැස්මකට අනුව මා මගේ සගයා වූ මොහොමඩ් සමග සිදු කලේ අසීස්ට වඩා ලෙන්ගතුකමක් හා විස්වාසයක් මා මොහොමඩ් කෙරෙහි තිබූ නිසාය. එය එසේ සිදුවූයේ කෙසේදයන්න මා නොදැන සිටි අතරම අපගේ සැලසුම සාර්තක කර ගැනීමට මගේ මිතුරා වූ අමිලගෙන්ද ලැබී තිබුනේ නොඅඩු සහයකි. මගේ පළමු ආදරය් වූ ඉමාෂා මෙලොවින් සමු ගත් මොහොතේ ඇගේ තාත්තා, එනම් වර්නකුලසූරිය මහතා මා හට ඔහුගේ නිවසේ යතුරක් ලබ දුන්නේ ඔහුගේ නිවස රැකබලාගන්නා ලෙස ඔහු මෙරටින් පිටවෙන අවස්ථාවේදීය. මා එහි තවත් යතුරක් කපා මගේ අල්මාරියේ තැම්පත් කලේ වැරදි සිතකින් නොව මාගේ අතින් බැරිවෙලා හෝ වර්නකුලසූරිය මහතා දුන් යතුර නැතිඋනොතින් ප්‍රයෝජනයට ගැනීමටය. නමුත් එදා ඒ යතුරු දෙකෙන්ම මා ප්‍රයෝජන නොහත්තත් මා නැවත ඔහුට ඔහුගේ යතුර බාරදුන්නේ ප්‍රධාන යතුරෙහි අනුරුව මා නිවස තුලම සඟවාගනිමින්ය.

    අපගේ සැලසුමට අනුව අමිල මාගේ නිවසේ මගේ කාමරයට ඇතුලුවන්නේ මා පෙර සඳහන් කල යතුර ගැනීමට සටහන් පොත් කීපයක් සොයා ගැණීමේ අරමුනින් වූ අතරම එදා මා එලෙස සඟවා තිබූ යතුර අද වර්ණකුලසූරිය මහාතාටම විරුද්ධව යොදා ගැනීමට මම කවමදාවත් තප්පරයකදිවත් නොසිතුවෙමි. එලෙස යතුර ලබා ගැනීමෙන් පසු සැලැස්මට අනුව අමිල හා මොහොමඩ් දෙදෙනාම එම නිවසට ඇතුලුවනුයේ කිලෝ ග්‍රෑම් දොළහක් පමන වූ මත්ද්‍රව්‍ය ක්‍රමානුකූලව එහි සඟවා තැබීමටය. එයද ඔවුන් සාර්තකව නිම කර තිබූ අතර සැලැස්මේ ඊළඟ පියවරට අනුව මොහොම්ඩ් විසින් මත්ද්‍රව්‍ය වැටලීම් අන්ශයට ඔත්තුවක් ලබා දෙන්නේ වර්ණකුලසූරිය මහතා මෙතෙක් ගොඩ නැගූ ඔහුගේ නාමයට කැලලක් එකතුකර ඔහුව බන්දනාගාර ගත කරමින්ය. නමුත් ඔහුව අප උපකල්පනය කල ස්ථානටය නොදැමූ නිසා අපගේ සැලසුමේ අවසානය සනිටුවහන් කිරීමට තරමක් අසීරු වී ඇත. නමුත් මොහොමඩ් පැවසූ පරිදි ඔහු එයටද පිළියමක් යොදා තිබූ අතරම බන්දනාගාරය ඇතුලතදීම ව්‍යාජ කලබලයක් ඇතිකරමින් එම කලබලය අතරතුර ඔහුව මරා දැමීමට සැලසුම් කර තිබුනි.

    මොහොම්ඩ් පියුමි පිළිබඳව පැවසූ දේ නිසා මගේ හිත නැවතත් පෑරූ අතර මා තවමත් ඇයට පෙරසේම ආදරේ කරනවායැයි මට ඒත්තු ගැන්විය. හිතට දැනුනු ඒ ආදර සිතිවිලි සමග මා මොහොතකට පියුමිගේ මතකයන් තුල කිමිදුනේ ඇගේ මතකයන් තවමත් මගේ මේ අවිවේකී සිතට භාවනාවක් වූ නිසාවෙනි. මා හා ඈ අත් පටලන් එහේ මෙහේ ඇවිදගිය හැටි, ඇගේ දඟකාරකම්, නැවතීමක් නැති කියවිල්ල හා ඇගේ දෙතොල් එකිනෙක සිහිය නැගෙද්දී මා නෙතඟට මටත් හොරාට නැගුන කඳුල බිම වැටීමට ඉඩ නොදී පිස දා හැරීම මිසක, මා හට කීරීමට දෙයක් නොතිබුනු තරම්ය. එමෙන්ම බොහෝ අවස්තාවන්හි ඇගේ මතකයන් මකාදැමුවේ හැමදාමත් මගේ තනියට මගේ ළඟ සිටි ජැක් ඩැනියල් මිත්‍රයා පමනි. නන්නාදුනක රටක තනිවූ වෙලාවක ඇගේ ආදර මතකයන් පෙරලා මා රිදවනවිට ජැක් ඩැනියල් මිත්‍රයාට මාගේ සියලුම වේදනාව හා ජීවිතය ම බැර කරද්දී ඔහුටද හැකිවූයේ මා හට තාවකාලිකව විසඳුමක් දීමට පමනි.


    "හෙලෝ.. කව්ද මේ.. හෙලෝ කව්ද මේ, ඇයි කතා කරන් නැත්තෙ"
    "හම්ම්ම් .."
    "පියුමි .. පියුමි ඔ.. යා"
    "කොහොමද දිනුක අයියා. අනේ ඔයාට මාව මතක් වෙන්නෙම නැද්ද. මෙච්චර ආදරේ කරලත් ඔයාට දැනෙන් නැද්ද දිනුක අයියා"
    "ඔහොම කතා කරන්න එපා පියුමි. කොහොමද මගෙ නම්බර් එක හම්බුනේ"
    "මට සමාවෙන්න දිනුක අයියා. අමිල අයියගෙන් මම ඉල්ල ගත්තෙ. ඔයාට ටිකක් කතා කරන්න හිතුන හින්දා. මොකද මම හිත හදාගන්නම් ඔයා හොඳින් ඉන්න කියන්න. ඒත් ඔයාගෙ හඬ අහපුවහම මට .. හම්ම්ම්ම්..."


    නොසිතු මොහොතක නොසිතූ දවසක ඇගෙන් ලැබුනු දුරකථන ඇමතුම නිසා මගේ හුස්ම පොද පවා මොහොතකට නැවතුනේ මාගේ අවසරය නොමැතිවමය. ඒ දුරකථන ඇමතුමත් සමග නොයෙකුත් දේ මා සිතු තුල ඇතිවුවද මා ඒ ඇමතුම වචන කිපයකට සීමා කලේ මා තවදුරකට නොයා යුතුයැයි සිතූ නිසාය. විනාඩි කීපයක් පමන මා මගේ කාමරයට වී කල්පනා ලොවක තනිවීමෙන් අනතුරුව සුපුරුදු නවාතැන වූ පැනරෝමාව පසුකරමින් යොර්ක් රාත්‍රී සමාජ ශාලාව වෙත ඇදුනේ මගේ හිත වෙනසකට ඇලුම් කල නිසාය.

    වෙනදා මෙන් නොව තරමක් රෑ වනතුරු මා යොර්ක් හි කාලය ගතකල නිසා උදයේ මා අවදිවන විටද හිසට බරගතියක් දැනෙන්නට වූ අතර මා ඊයෙ නැවත පැමිනියෙ කෙලෙසදැයි යන්නද මගේ පැහැදිලි මතකයක් මා තුල නොවීය. ඇඟට දැනුනු අමාරුව මැකීයන්නත් එක්කම උණුවතුරින් නා ගත් මම අසීස්ගේ බිරිඳ පිළියල කර තිබූ උදේ ආහාරය රූපවාහිනිය නරඹන අතරතුර නිහඬව රස වින්දේ මට අද දින නිවාඩු දිනයක් වූ නිසාය.

    "මේ නැගිටල ඉන්නෙ. අමාරුවක් නැහැනෙ. ඊයෙ හොඳටම සිහියක් නැහැ දිනුකට. ඔයා එක්කන් ගිය ඩ්‍රයිවර් මට කෝල් කලා. පස්සෙ මම ගිහින් තමා ඔයාව අරන් ආවෙ. මම දැකලම නැහැ දිනුක ඒ වගේ ඉන්නවා"
    "මට සමාවෙන්න අසීස්. අලුතින් අඩියක් තියනව කියල හිතාගෙන තමා ඊයෙ යොර්ක් එකට ගියෙ. ඒත් ටිකක්"
    "ඒකට කමක් නැහැ දිනුක. ඒත් ආයෙ යනවනම් රාමදා එකේ තියන රූමස් එකට යන්න. මගෙ යාළුවො ඉන්නෙ. ඔයාට ආරක්ෂාවකුත් තියනවනෙ. ඒක නෙමේ මොකද මිනොහො ඔය ජීවිතෙන් පලිගන්න හදන්නෙ. මොකද්ද අවුල. පියුමිද"
    "ඒ කෙල්ලව අමතක කරන්න බැහැ අසීස්. හම්ම්ම්. මගෙ ජීවිතේම බෙට් කරල මන් ආදරේ කලේ ඒ කෙල්ලට. ඒත් අන්තිමේදි .. හම්ම්ම්"
    "පියුමි ගැන පස්සෙ අපි කතා කරමුකො. ඉස්සෙල්ල මෙන්න මේ පත්තරේ බලල ඉන්නකො"

    ඔහු එසේ පවසමින් ඔහු අතැතිව තිබූ සින්හල පත්තරය මා අත මත තබමින් සෝෆාව මත හිඳ ගත්තේ තරමක ආඩම්බර ගතියකිනි. එහි තිබූ සිරස්තලය දැකීමෙන් මමද විස්මයකට අ පත් උනෙමි. මක්නිසාදයත් එහි සටහන්ව තිබුනේ වර්ණකුලසූරිය මහතාගේ මරණය පිළිබඳ වූ පුවත නිසාවෙනි. රටක ආදරය දිනාගත් වීර සෙබලෙකු වූ ඔහු මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට වරදකරුවෙකු වූ නිසා ඉකුත් දා බන්දනාගාර ගතකල තිබූ ඔහු බන්දනාගාරයේදී සිරකරුවන් අතර ඇතිවූ හදිසි ගැටුමකදී සිදුවූ පිහි ඇනුමකින් මිය ගිය බව එම විස්තරයෙහි තවදුරටත් සඳහන් විය.

    අපගේ සැලසුම අනුව සියලුමදේ හරි ආකාරව සිදුවී ඇති නිසා ජයග්‍රහනයේ සතුට නිහඬව මම වින්දේ එය මට උරුම දෙයක් වූ නිසාවෙනි. පියුමිගේ මතකයන්ගෙන් පීඩා විඳි සමයක ලැබුනු මෙම ආරන්චිය නිසා තරමක් සැල්ලුබවක් දැනුනමුත් හිතට සැලකිය යුතු තරමට දුකක් දැනුනේ වර්ණකුලසූරිය මහතා පෙර දිනකදී මා ආදරය කල ඉමාෂාගේ පියා වූ නිසාය. මක් නිසාදයත් ආදරයක් නොදැනුනු සෙල්ලක්කාර ජීවිතයකට ඉමාෂාගෙන් ලැබුනු දේ බොහෝ නිසාය. එමෙන්ම ආදරයේ අයන්න කියා දුන්නේ ඇය වූ නිසාය.

    කරුණු කාරානා මෙසේ සිදුවෙද්දී මගේ සිත කැලඹූ අනෙක් කරුන වූයේ මා හට අසීස් ගෙනා යෝජනාව විය. එනම් පියුමිව මෙහි රැගෙන එන ලෙසය. සැලකිය යුතු මාසික වැටුපක් සහිත රැකියාවක් මා සතුව තිබූ නිසා ඇයව ගෙනවිත් රැක බලා ගැනීම මට අපහසු කාර්යයක් නොවීය. දිනෙන් දින මා සුරාවට ඇලුම් කිරීම නිසාත් ඇගේ ආදරෙයේ මතකයන් සමග ගෙවන ජීවිතය නිසාත් අසීස් මෙමෙ යෝජනාවම මා වෙත ගෙන ආ බව ඔහු පැවසුවේය. මමද එම යෝජනාව පිළිබඳව සැලකිලිමත්ව සිතා බැලුවේ ඇයව මගේ මතකයන්ගෙන් ඉවත්කල නොහැකි නිසා හා මොනදේ පැවසුවත් මොනදේ කලත් මා තවමත් ඇයට ආදරය කල නිසාය. එමනිසා නැවතත් ඇයව බැලීමට යාමට අදහස්කල මා, අසීස් පැවසූ පරිදිම මා මගේ ආයතනයට කාරනා පැහැදිලි කර දුන් පසුව හදිසි නිවාඩු නොගොස් වැඩකරන දිනයන්ගෙන් දින විසි එකක නිවාඩුවක් මට ලබා ගැනීමට අපහසු නොවූයේ මා මගේ කාර්යාලය තුල හොඳ නාමයක් ගොඩනගා තිබූ නිසාවෙනි.


    හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
     
    • Like
    Reactions: Kudnadun

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    4.24 යකෝ ජනවාරි ඉඳල මේ වෙනකන් කියෙව්වා. දැන් එළකිරියේ මැච් එකට යන්න අපේ උන් එනවා දොඉයල හමාරයි. නිදිමතේ ඩ්‍රයිව් කොරන එකයි අවුල.

    ammata some ayyaa.. koheda hitiye mechchra dawas.. kohomada itin wasa dese. mona match ekada ban ?
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    පියුමිත් වර්ණකුලසූරියගේ ප්ලෑන් එකක් වෙන්න ඕනේ. පොරත් මැරිලා නෑ මම හිතන්නේ...

    එල එල දිගටම ලියමු.