හයවෙනි හිතුවෙවත් නැති දවසක
අරුන් එතකොටත් කන්න පටන් අරගෙන .
"ආආඅ මනමාලයා දැන් ද නැකත ලැබුවේ ? "
ආපු ගමන් මනාගේ කල්පනාව මාව බයිට් එකට ගන්න.
"මනා ඉතින් උදේට දත කට පොඩ්ඩක් මැදගෙන ඇදුමක් ඇඳගත්තම ආයේ එක ගලවන්නේ පහුවදා උදේටනේ ඉතින් මුට මොකද මුට පොඩි කාලේ ඉඳලම වතුර ඇලජික් වතුර වැඩිය ඇඟේ ගෑවිච්ච ගමන් බිබිලි දාලා කසන්න ගන්නවා මුගේ හමට කුණු නැතුව ඉඳල පුරුදු නැහැ "
මනා ඉවරයි එතනින් පස්සේ ඉතින් ආයේ මට බයිට් කරන්න මනාගේ කෙස් ගහක්වත් ඉතුරුවෙන්නේ නැහැ.කට්ටියත් එක්ක කාලා ඉවර වෙලා පරණ වල්පල් කියව කියව හිටියා සෑහෙන වෙලාවක්.නිදියගන්න නම් කිසිම කෙනෙක්ට කිසිම ඕනි කමක් තිබ්බේ නැහැ ඒ අස්සේ ලකියා උගේ ගිටාර් එක උස්සගෙන ආවා.දැන් නම් ඉතින් නිදාගන්නවා බොරු අපි විතරක් නෙමෙයි අහල ගම හතක උන්ට ඇහැරිලා ඉන්න වෙන්නේ මොකද ඉතින් ලකියා ගිටාර් ගහන කොට එන්නේ ගිටාර් එකක් මියෝ කද්දී එන සද්දේ විතරයි.කොහොමෙන් කොහොම හරි ලකියාගේ මනදොල සංසිදවන්න එක්ක සින්දු දෙකක් විතර කියුවා කට්ටියත් එක්ක..
"අඩෝ මේ යමල්ල නිදාගන්න නැත්තම් මුගේ මේ හිරමනේ සද්දෙට ගමේ මිනිස්සු ඇහැරිලා අපිට ගල් ගහනවා "
"අනේද කියන්නේ යමු යමු කියල මම ඉස්සර වුනා "
වැඩේ මටත් අමතක වුනා කින්ඩි5 නොන්ඩි බාල්දි 7.විනාසයි මුන් ටික එකතු වෙලා මගේ පතිවත් විනාස කරලා දැම්ම...
"අනේ මේ ඉඳපල්ලා කටවල් වහගෙන ඉරිසියාකාර යක්කු නේද ඉෂී..මනා ඉතින් සදා සිංගල් නිසා අපිට පදේ ගහන එක තමයි කරන්නේ "
කට්ටිය හිමිට තම තමන්ගේ room වලට ගියේ හිත්වල සතුට පුරෝගෙන මොකද කාලෙකි සෙට් වෙලා සුපිරි fun එකක් නේ ගත්තේ
"චෙනු "
"ම්ම්ම් බබා අපි ටිකක් එලියට වෙලා ඉඳල යමු මට තාම නිදිමත නැහැ "
"ම්ම් සීතලයි නේ ඉෂී අනික කවුද ඉතින් ගියගමන් නිදාගන්නේ ? අද රෑ එළිවෙනකම් ඇහැරිලා තමයි "
කියන ගමන් මම තුරුලට ගත්තා
"ආආ මෙන්න වැඩක් කවුද ඇහැරිලා ඉන්නේ මම නම් ගිය ගමන් දොයියනවා "
" බලමුකෝ කොහොමද නිදියන්නේ කියලා"
ඉෂී ට හිත ගන්නවත් ඉඩ නොතියා එයාව හරහට වඩාගත්තා ..කෙල්ල මොකද වුනේ කියල හිතා ගන්න බැරුව කෑගැස්සුනා
"අම්මෝ මෝඩයා මම බයවුණා "
කියන ගමන් මගේ බෙල්ල වටේ අතදාගෙන මගේ ඇඟේ එල්ලුනා
"මම ළඟ ඉද්දි මොකට බයවෙන්නේ ?"
"ඔව් ඔයා ළඟ ඉන්නවා නම් කිසිම දෙකට මම බය නැහැ තමයි චෙනු.මේ ගෙම්බෝ එක්කෝ අපි room එකට යමු නැත්තම් මාව බිමින් තියනවා එහෙම නැත්තම් හෙට උදේට කොන්දට පත්තු බදින්න වෙයි "
"බෑ අපෝ මෙයා හිතාගෙන ඉන්නේ හරි බරයි කියලාද..?"
කියල නෝන්ඩිය දාන ගමන් එහෙම්ම ඉෂිව room එකට අරන් ගියා.ඉෂී වත් උස්සගෙන දොර අරින්න නම් හෙන ගේමක් දෙන්න වුනා එත් ඉෂිව බිම නොතියාම එක කළා....ඉෂිව ඇඳෙන් තියද්දි මාවත් ඇදගෙනම තමයි ඉෂී ඇඳට වැටුනේ control නැතුව ගිය මාව වැටුනේ ඉෂී පුංචි පපුව උඩට..පුංචි වුනාට සද්දේ නම් මහා හයියෙන් අහනවා එක හිතිලා මට තනියම හිනා ගියා
"මොකද මෝඩයෝ තනියම හිනා වෙන්නේ ?"
"බබා බයවෙලාද ඉන්නේ ?"
"නැහැ ඇයි එහෙම ඇහුවේ? "
"එහෙනම් අයි මෙච්චර හයියෙන් පපුව ගැහෙන්නේ ? "
"අපෝ ඔයා නම් මහා මැට්ටෙක් චෙනු ....බයට විතරක් නෙමෙය් මෝඩයෝ කෙල්ලන්ගේ පපුව ආසාව වැඩි වුනාමත් හයියෙන් ගැහෙනවා "
කියන ගමන් මගේ ඔලුව එයාගේ ඇඟිලි වලින් හුරතල් කළා..මම හිමින් ඉස්සිලා ආයෙමත් හරිම නිදහසේ ඒ ආදරණිය තොල්වල පහස වින්දා..එදා ඒ මම වින්දේ මගේ ආදරේ විදින්න තියන උපරිම දේ ඉෂී මාව උපරිමයෙන් විශ්වාස කළා අවුරුදු 23 රැකගෙන හිටපු හැමදේම එයා එයාගේ ආදරේ වෙනුවෙන් ඒ කියන්නේ මට කිසිම ලෝබකමක්,බයක් නැතුව දීලා දැම්මා..එදා මුළු රෑම අපේ සුසුම් කෙඳිරිල් එක්ක ජිවිතේ උපරිම සතුට වින්දා...ඉෂි කියන පුංචි කෙල්ලව එදා රෑ මම ගෑනියෙක් කළා...කිසිම සැකයක් සංකාවක් නොතිබ්බ නිසා ඊටපස්සේ අපි 3 දවසේ ආපහු ගෙදර යනකම් අපි දෙන්න බොහොම නිදහසේ අපේ ජිවිතේ උපරිම සතුට වින්දා..
ඊට පස්සේ මාසගානක් සුපුරුදු විදියට හරිම කාර්ය බහුල විදියට ගලාගෙන ගියා මේ අතරේ විවේකයක් ලැබුන වෙලාවට ඉෂී මමයි අසීමාන්තික විදියට අපේ නිදහස බුක්ති වින්දා.මේ අතරේ මගේ final exam result ආවා මම බලාපොරොත්තු වුන විදියට මම හොඳට පාස් වෙලා තිබ්බ.මගේ ප්ලෑන් එකට අනුව මම ඇමරිකාවේ high education වලට ඉල්ලලා තිබුන visa එකත් ලැබුනා.මම පුදුම සතුටකින් හිටියේ මගේ ජිවිතේ මම හිතපු විදියට මගේ ටාගට් වලට යන්න ලැබුන එකට.මගේ ගමන ගැන ඉෂීට කියන්න හිතාගෙන හිටපු දවසේ ඉෂී කියන්නෙවත් නැතුව හදිස්සියේම මගේ office එකට ආවා
නොහිතු දවසක හෙටත් සෙට් වෙමු