හිතුවෙවත් නැති දවසක...

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
හිතුවෙවත් නැති දවසක...

මගේ අතිජාත මිතුරෙකු විසින් රචිත නව කතාවකි.. මෙහි සියලු හිමිකම් කතාව ලිවු මගේ මිතුරාට හිමි විය යුතුය.....

පලවෙනි නොහිතු දවස



අද බලාපොරොත්තු වෙච්ච දියුනුවෙත් හින්පෙත්තටම නැගපු මම කවදාවත් හිතුවේ නැහැ මගේ අතීතය දිහා මෙච්චර ආදරෙන් හැරිලා බලන ගමන් මට මේ තරම් කලකිරීමක් මගේ දියුණුව ගැන ඇති කරයි කියල.මම නමින් රමිල චෙනුක දිසානායක..මේ මගේ කතාවයි

" එයි ඔහොම ඉන්නවා කොහෙද දුවන්නේ ආතභුත කඩාගෙන "

මොන නැවතිල්ලක්ද බුලට් එක වගේ විදිනවා.මේකිට යකෝ මොන සන්නියකා ගහලද?

"ඉෂාන්කා

කිරි අප්පොච්චියේ ඇති යන්තම් නතර වුනා...කොහෙද යකෝ මේ දුවන්නේ පස්ස පැත්තට අර මොනවද ගහපු මොකාද එකී වගේ..."

"අනේ මේ මගෙන් මොකුත් අහගන්න එපා හොඳේ උඹ මෝඩයා එනවා කියුවේ කීයටද දැන් වෙලාව කීයද class එකට වෙලාවට ඉන්න ඕනි කියල දන්නේ නැද්ද බුරුවො "

"අපෝ ඇති ඇති බන් නවත්ත ගනින්කෝ ඇඬියාව පුදුම කන්දොස්කිරියාවක් නේ උඹෙන් තියෙන්නේ මගුල කෝ දැන් උඹේ පැටිපස් පරානේ එකෙක් වත් නැහැ නේ මෙතන මට බෙරිහන් දුන්නට ඉෂියෝ"

"උන් ගියා මෝඩයෝ උඹ එනකම් මම හිටියේ"

"ඉතින් උඹටත් යන්න තිබ්බ නේ "

"නොගිය එකේ මෝඩකම තමයි ඌරා"

"මේ මොකක්ද බන් උඹට ඉඳල හිටලවත් හිතෙන්නේ නැද්ද රටේ ලෝකේ තියන එක එක නම් වලින් කතා නොකර මට මගේ ලස්සන නමින් කතා කරන්න උඹට ඉරිසියයි නේද මගේ නම ලස්සන නිසා "

"අනේ පල යන්න චෙනුකයෝ මගෙන් මොකුත් අහන්නේ නැතුව "

"මොකක්ද බන් එපා ඕක කියන "

"ඉතින් දැන් උඹමනේ නම කියන්න කියුවේ ඉතින් මම කියුවා "

"හරි හරි යමන් යමන් class එකට පරක්කු වෙනවා හොඳටම "

දෙන්නත් එක්කම හැමදාම වගේ එකටම class එකට ගොඩ වුනා කවදත් අපි දෙන්න class එකට ගොඩ වෙනකොට එන ශු... සද්දේ එදත් ඒ විදියටම ඇහුනා ඉෂි කෙල්ලන්ගේ පැත්තට සෙට් වුනා මම කොල්ලෝ ගැන්සිය ලඟින් වාඩි වුනා..ඒ දා අපිට තිබ්බේ බයෝ class සෝබෝන් එකේ මුළු දවසක් ඉන්නවා කියනේ කොච්චර අමාරු දෙයක්ද කියන එක හෝමාගම සෝබන් class එකට ගියපු එකෙක් ඉන්නවා නම් කියයි ආයේ මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..

කොහොම වුනත් කාලේ හරිම සුන්දරයි රොත්ත පිටින් class යනවා class ඇරුන ගමන් ඉතින් ගෙදර යෑමක් නම් අපේ සෙට් එකේ කොල්ලෝ ගාව තියා කෙල්ලෝ ගාවත් තිබ්බේ නැහැ.හන්දිය පුරා ඇවිදලා ඇවිදලා තමයි ගෙදර යන්නේ.කොහොම වුනත් ඉෂියි මමයි හැමදාම එකට තමයි ගෙදර ගියේ අපේ වුන් හැමෝම අපිට වදේ ගැහුවේ අපි දෙන්න උන්ටත් හොරෙන් යාලුයි කියල .මොන පිස්සුද එකී එක්ක යාලුවෙනවට මට වෙනම ගානක් දෙන්න ඕනි...මම කියුවේ එහෙමයි හැබැයි හිතට දැනුනේ නම් වෙන දෙයක්.අපි දෙන්න යාලුයි කියලා card වදින්න හේතුව තමයි හැමවෙලේම ඉෂිගේ ලඟින් හිටියේ මම.ලඟින් ඉන්නවට එයා කවදාවත් අකමැත්තක් පෙන්න්වෙත් නැහැ ..සමහර විට අපේ හිත් අපිට හොරෙන් දොඩමලු වෙන්න ඇති.

බස් එක එනකම් රටේම තියන කෝප්ප ටික හෝදන එක තමයි අපි දෙන්නගේ සිරිත

"චේනු කියන්න දෙයක් තියනවා උඹට "

"මොකක්ද කියපන් "

"මැත්ස් class එකේ රවිඳු දන්නවද?"

"ඔව් දන්නවා ඉතින් මොකද ඌ මැරිලද? "

"මොකක්ද බන් කියන දේ අහපන්කෝ "

"හේ හේ හරි හරි sorry sorry ආයේ අතුරු ප්‍රශ්න නැහැ කියාගෙන යන්න බබා මම අහගෙන ඉන්නම් "

"රවිඳු මගෙන් යාලුවෙන්න ඇහුවා "

"මොකක් ???? ඉතින් "

"ඉතින් මම "

"ඔයා මොකද කියුවේ ඉෂී ?"

"චේනු .. sorry බන් මම කියන්න පරක්කු වුනාට මම කැමතියි කියුවා "

එදා ඒ වෙලාවේ මාව නිකන් කරකවල අතෑරියා වගේ වුනා මම. මගේ වෙනස නොපෙනන රඟපාන්න උපරිමය කළා මම සාර්ථකද කියල දවසක් මම ඉෂීගෙන් ඇහුවම එකී කියුවේ අතිඅසාර්ථකයි කියල විලි ලැජ්ජාවේ තන්තොසේ බැරි වුනා

"හොඳයි එහෙනම් ඉෂි මම යන්නම් මට පොඩි හදිස්සි ගමනක් යන්න තියනවා "

කියල මම ඉෂිව බස් හෝල්ට් එකේම දාලා යන්න ගියා මට අද වගේ මතකයි

යන්නේ දිහාක් හිතා ගන්න බැරි නිසා මම ඔහේ පාරදිගේ එහාට මෙහාට ගියා මිසක් ගෙදර යන්න මට ඕනි කමක් තිබ්බේ නැහැ .මොකද ඒ වෙද්දී මගේ දුකට සැපට උන්න යාළුවා මම පන වගේ ආදරේ කරන මගේ යාළුවා වෙන කොල්ලෙක්ට කැමැත්ත දීලා මගේ ඔලුව යකාගේ කම්මලේ විල්සන් මාස්ටර් ඉගෙන සර්පිනා ගහනවා වගේ අවුලක් තිබ්බේ

ඩොන් ගාලා නිල් තාරුකා දවල් අහසේ පෙන්න මගේ පිට මැද්දට පාරක් වැදුන මම උන්නේ පියවි ලෝකේ නෙවෙයි නිසා මම හිතුවේ රවිඳුවාගේ ගැන් එක බැහැල මට නෙලන්නයි යන්නේ කියල හොදි නැති වෙන්න

"මොන ලෝකෙද පොල් බුරුවො තෝ ඉන්නේ ??"

එක්කම මම හැරිලා බැලුව හම්මේ රවිඳු ගේ ගැන් එකෙන් ගුටි කෑවා නම් සැපයි කියල මට හිතුන දැන් ඉතින් මෙකිගෙන් බේරිලා ඉන්න ලැබෙන්නේ නැහැ .ෂේනාරා ඒ තමයි ඉෂිගේ හොඳම යාළුවා ඉෂි නොදැන උන්නට මම ඉෂිට ආදරෙයි කියල ෂේනාරා දන්නවා එකී මට හැමදාම බනින්නේ මම පිස්සෙක් වගේ ළඟ ඉඳගෙන ලවු කරනවා මිසක් හිතේ තියන දේ කියන්නේ නැහැ කියල ඉෂි වෙන එකෙක් උස්සන් යනකම් .ඉෂිට හොඳක් වෙනවා නම් ෂේනාරා පන උනත් දෙයි දෙන්නගේ යාළුකම එයාලගේ අම්මල දෙන්න මේ දෙන්නව හම්බවෙන්න එකට ක්ලිනික් යන කලේ ඉඳන් තිබිච්ච එකක් කියලයි අපේ උන් කියන්නේ

"මොකුත් නැහැ බන් ෂේනාරා නිකන් "

"අනේ අනේ උඹ ඉතින් මට කොලේ වහන්න නේ යන්නේ අරකි මට call කළා එකයි මම මේ පැත්තෙන් ආවේ මම හිතුව උඹ ග්‍රවුන්ඩ් එක ළඟ ඇති කියල මොකද උනේ කියපන් "

"උඹ හැමදාම කියන දේ අද උනා බන්"

"ඒ මොකක්ද "

"මම ඉෂිට ලවු කර කර ඉඳියි වෙන එකෙක් ඇවිල්ල ඒකිව අරගෙන යයි කියල "

"මොකක් දැන් මොකා එක්කද ඒ මිහරකි ගිහින් තියෙන්නේ "

"මැත්ස් කරන රවිඳු දන්නවද උඹ ? ඌ අහල මෙයා හා කියල බන් "

"මේ මේකිට පිස්සුද බන් ඌ ට යන යන තැන කෙල්ලොනේ "

"උඹ එක කියුවේ නැද්ද ?"

"හරියටම නොදැන කියන්න බැහැනේ බන් අනික කියල මොනවා කරන්නද ?"

"ගොනෝ කියල ඌව සීන් එකෙන් අයින් කරලා දාලා උඹේ හිතේ තියාගෙන පල් කර කර ඉන්න ආදරේ කියලා දාපන් "

"එකී මට කැමති වෙයිද බන්?"

"කැමති වෙයිද නෙමෙයි එකී කැමතියි හැබැයි ඒකිට එක තේරෙන්නේ නැහැ එකී හිතන්නේ උඹ යාළුවා කියල ඒකිට යාළුකම බිඳලා උඹට ලංවෙන්න හයියක් නැහැ .එකී කෙල්ලෙක් නිසා උඹ පිරිමියෙක් නේ එනිසා උඹ ඉස්සර වෙයන් ඒකිට උඹේ අඩුව දැනෙන්න දීල අරු ගැනත් හොයාගෙන ඇවිල්ල ඒකිට කියල .උඹේ පන උඹේ ලඟට ගනින් "

එදා ඉෂිට පන වගේ හිතවත් යාළුවා ඉෂිව මගේ කරගන්න මට හයිය දුන්නේ ඔන්න ඔය විදියට

නොහිතු දවසක හෙටත් සෙට් වෙමු
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland

අපිත් කියවන්න සෙට් උනා එහෙනම්.. :)
දිගටම ලියන් යමු..
11.gif
 

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
දෙවැනි නොහිතු දවස

ඊටපස්සේ සතියක් විතර මම class ගියේ නැහැ ..සිකුරාදාත් class නොගියට class එක ලඟට ගියා.මම class එක ලඟට යද්දී ඉෂී රවිඳු එක්ක කතා කර කර ඉන්නවා.ඇත්තමයි එක දැක්කහම නම් මට යකා නැග්ගා.ගිහින් අතින් ඇදගෙන එන්න තරම් හිතුනා.මාව දැක්කා විතරයි ඉෂී රවිඳු එක්ක කතා කරන එක නතර කරලා මගේ පැත්තට ආවා.ඒ එද්දී නම් මට තරහත් ආවා ඉෂි එක්ක අරු එක්ක මුකුළු කර කර ඉඳල මාව දැක්කම දුවගෙන එන්නේ මොන මගුලටද ඔය වැඩ නිසානේ මට එයාට ආදරේ හිතෙන්නේ කියල හිතිලා.හිතට ආපු තරහ මම පිටකරලා දැම්මා

"ඇයි මොකද ඉතින් කතා කර කර ඉන්නවා.තමන්ගේ මිනිස්සු එක්ක කතා කර කර ඉද්දි පිට මිනිස්සු ඇවිල්ලා බලාගෙන හිටියා කියල තමන්ගේ මිනිස්සු දාලා පිට මිනිස්සුන්ගේ ලඟට එන සිරිතක් නැහැ නේ "

"මොකද චේනු වෙලා තියෙන්නේ මේ සතියම class ආවේ නැහැ එන්නේ නැහැ කියල මට කියුවෙත් නැහැ.දැන් මාව දැක්ක ගමන් යකා වගේ මගේ ඇඟට කඩාගෙන පනින්නේ මොකක් හරි ප්‍රශ්නයක්ද? දැන් මොකක්ද මේ තමන්ගේ මිනිස්සු ,පිට මිනිස්සු කතාව ?"

"ඔව් ප්‍රශ්නයක් .තමන්ගේ කෙනා තමයි රවිඳු .පිට එකා තමයි මම දැන් තේරුනාද "

"විකාර කියවන්නේ එපා චේනු ඔයා කොහොමද පිට කෙනෙක් වෙන්නේ .දැන් මොකක්ද ප්‍රශ්නේ කියන්නකෝ ඉස්සෙලා පස්සේ අපි දෙන්න රණ්ඩු වෙමු "

"මම කැමති නැහැ "

"මොකටද? "

"රවින්දුගෙයි ඔයාගෙයි සම්බන්දෙට.ඌ මහා කුකුලා මම හොයල බැලුවා වෙන කෙල්ලෙකුත් ඉන්නවලු අනුලා එකේ.ඒ අතරේ තමයි ඉෂි ඔයා එක්කත් යාලු "

class නොගිහින් මම හොයාගත්ත ටික මම ගිරවෙක් වගේ කියලා දාද්දි මගේ ඇස් දෙකේ මට දැනුනා හීනි කඳුළු පටකයක් බැඳිලා තියනවා.ඉෂී මගේ අතින් අල්ලා ගත්තා එක එකිටවත් මටවත් අමුතු දෙයක් නෙමෙයි අපි දෙන්න ගැන දන්නා කිසිම කෙනෙක්ටත් අමුතු දෙයක් නෙමෙයි එක

"ඔය ඇත්තමද චේනු කියන්නේ "

"හ්ම්ම් "

ඒ එක්කම වගේ අපේ ගැන්සිය එතනට පිරුනා ඉෂී කඳුළු පුරෝ ගෙන ඉද්දි සෙට් එකටම තේරුනා මෙතන මොකක් හරි කෙස් එකක් යනවා කියල.

"චේනු මොකද සිද්දිය "

"මොකුත් නැහැ මනා මම ඉෂීට ඇත්ත කියුවා "

"අයියෝ මොනවද චේනු මම උඹට කියුවනේ "

"හරි හරි දැන් අවුලක් නැහැ කට්ටිය නිස්සද්ද වෙලා සවදනයෙන් ඇහුම්කන් දෙන්න අපේ අනාවැකිය සාර්ථකයි මේ අවස්ථාවේදී පුරා අවුරුදු බරගානක් අපේ චේනුවා පෙරුම්පිරුව ඒ රුවත්තිගේ කැමැත්ත අහන්නයි යන්නේ .......ඩන් ඩනා ඩන්.... "

"චේනු මේ අපේ මනා මේ දැන් පහේ ටොපියක් කෑවා විතරයි මු විකාරෙන් කියවනවා උඹ ඉෂීවත් එක්කරගෙන ගෙදර පලයන් අපි අරු ගැන බලාගන්නම්"

ඒ මසිත්

"ඔව් ඉෂි උඹ චේනු එක්ක ගෙදර පලයන් මම හවසට ගෙදර එන්නම් "

ඒ ෂේනාරා
කට්ටියටම ඕනි උනේ ඉෂිවයි මාවයි තනි කරන්න උන් මුළු හදවතින්ම කැමති උනා අපි දෙන්න ආදරවන්තයෝ වෙනවට .උන් ටික පුළුවන් උපරිමය කළා මම වෙනුවෙන්

පුරුදු විදියටම අපි දෙන්න බස් හෝල්ට් එකට ආවා ...වෙනදා වගේ කියවිලි කොනිත්ත ගැනිලි මොකුත් නැහැ ඉෂී හරි නිශ්ශබ්දයි..

මොරගහහේන බස් එකක් ආවට පස්සේ අපි දෙන්නම නැගලා වාඩි වුනා එත් එකී බිම බලාගෙන දුක ඇති ඉතින්..මම ඉෂීගේ අතින් අල්ලගත්තා එයා හිතන්න ඇත්තේ එයා දුකෙන් නිසා මම එහෙම කරන්න ඇති කියල මොකද එක අමුතු දෙයක් නෙමෙයි.ඉඳල හිටලා ගෙදර කචල් වලට මම හිතරිදුනම ඒකිගේ උරහිසේ ඔලුව තියාගෙනත් අඬලා තියනවා

"ඉෂී..."

"ම්ම්ම්ම් චේනු "

"තරහද මම එක්ක ? "

"නැහැ එහෙනම් කතා නැත්තේ? "

"ඇයි චේනු මෙච්චර මාව පරිස්සම් කරන්නේ "

"මගේ කරගන්න "

මම දෙපාරක් හිතන්නේ නැතුව අවුරුදු ගානක් මගේ හිතේ තිබ්බ දේ කියලා දැම්මා.මම හිතන්නේ එදා මම එක කියද්දී අපිට A/L වලට තිබ්බේ මාසයයි.කෙල්ල ගිඩිස්ගාලා මම දිහා බැලුවේ කරන්ට් එක වැදුනා වගේ

"ඇයි මගේ වෙන්න ඉෂී කැමති නැද්ද? "

මම ආයෙත් ඇහුව

"අමුතුවෙන් කරගන්න දෙයක් තියනවද චේනු ?ඔයා class ආපු නැති සතියේ අරුන් මට රවිඳු එක්ක කතා කරන්න දුන්නේ නැහැ.අද රවිඳුට මම කියුවේ මට එයා එක්ක සම්බන්දයක් තියාගන්න බැහැ කියල..අරුන් මාව කන්න හැදුවා චේනු.මම අහල එව්වා පලියට විහිලුවට කැමතියි කියල යැව්වේ මම හිතුවේ නැහැ මෙච්චර දෙයක් වෙයි කියල මට සමාවෙන්න චේනු..."

"පිස්සි හරි දැන් එක ඉවරයි නේ ආයේ එක ගැන කතා ඕනි නැහැ හොඳේ..ඔන්න ආයේ එහෙම ඒවා බෑ දැන් ඔයා මගේ හොඳේ..."

ඒ තමයි මගෙයි ඉෂීගෙයි ආදරේ පලවෙනි පියවර...එක ඇහුවට පස්සේ අපි දෙන්නට වැඩිය සතුටු වුනේ අපේ ගැන්සිය..මනා (මනෝජ්),නිම්මි,අසිත,ෂේනාරා,මාලක උන්ට රජ මගුල් වගේ උන් කොහොමත් ආසාවෙන් හිටියේ අපි දෙන්න එකතු වෙනවට.එක ඒ විදියට සිද්ද වෙච්ච එකක් පුදුමයක් නෙමෙයි සතුටක් ගෙනාවේ ...

නොහිතු දවසක හෙටත් සෙට් වෙමු
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතාව නියමයි මචං.. මගදි නවත්තපං..:yes:
    ඕකෙ අන්තිමට වෙන්නෙ කොහොම හරි කොල්ලා විභාගෙ අනාගන්නවා.. කෙල්ල හොඳට පාස්වෙලා කැම්පස් යනවා.. කෙල්ලට මූව ටිකෙන් ටික අමතක වෙනවා.. මූ ගල් මූසලයෙක් වගේ ඒකි පස්සෙ යනවා ආදරේ හිඟාකාගෙන.. මේකි ඌව ගණන් ගන්නෙ නෑ පස්සෙ.. ගෙවල් වලින් කැමති නැතියි අරවා මේවා බයිලා කියනවා.. කොල්ලා ආයෙම විභාගෙ කරනවා.. කරලා පාස් වෙනවා.. කාලයක් යද්දි ඌ හොඳ තැනකට එනවා.. ඌට වෙන කෙල්ලෙක් සෙට් වෙනවා.. ඒ අස්සෙ අරකිගෙ කැම්පස් කොල්ලා ඒකිව දාලා යනවා.. මූට මුල් ලව් එක අමතක කරන්න බැරි නිසා දැන් සෙට් වෙච්ච කෙල්ල අමතක කරලා ඒකි එක්ක යාලු වෙනවා.. දෙන්නා සතුටින් ජීවත් වෙනවා..:dull: