හිතුවෙවත් නැති දවසක...

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
කතාව නියමයි මචං.. මගදි නවත්තපං..:yes:
ඕකෙ අන්තිමට වෙන්නෙ කොහොම හරි කොල්ලා විභාගෙ අනාගන්නවා.. කෙල්ල හොඳට පාස්වෙලා කැම්පස් යනවා.. කෙල්ලට මූව ටිකෙන් ටික අමතක වෙනවා.. මූ ගල් මූසලයෙක් වගේ ඒකි පස්සෙ යනවා ආදරේ හිඟාකාගෙන.. මේකි ඌව ගණන් ගන්නෙ නෑ පස්සෙ.. ගෙවල් වලින් කැමති නැතියි අරවා මේවා බයිලා කියනවා.. කොල්ලා ආයෙම විභාගෙ කරනවා.. කරලා පාස් වෙනවා.. කාලයක් යද්දි ඌ හොඳ තැනකට එනවා.. ඌට වෙන කෙල්ලෙක් සෙට් වෙනවා.. ඒ අස්සෙ අරකිගෙ කැම්පස් කොල්ලා ඒකිව දාලා යනවා.. මූට මුල් ලව් එක අමතක කරන්න බැරි නිසා දැන් සෙට් වෙච්ච කෙල්ල අමතක කරලා ඒකි එක්ක යාලු වෙනවා.. දෙන්නා සතුටින් ජීවත් වෙනවා..:dull:

sampurnema wardi... balan idahanko wena de.... nawatahne ai ban ??
 

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
තුන්වෙනි නොහිතු දවස

අපි දෙන්නට තිබ්බේ ආදරේයි කියන්න විතරයි.මොකද අනිත් හැමදේම කරද්දී මම ඉෂී ළඟ හෙවනැල්ල වගේ හිටියා..හැමදාම ඒකිවව පරිස්සම් කළා.ඉෂිගේ අම්මා ටීචර් කෙනෙක් ඇන්ටි වුනත් මාත් එක්ක හරි හිතවත් එත් එයා දැනගෙන හිටියේ නැහැ මගෙයි ඉෂීගෙයි අතරේ සම්බන්දයක් තියනවා ඉෂී කියුවේ අපි එයාලට බැහැ කියන්න බැරි විදියට හොඳට ඉගෙන ගෙන අපි ගැන ගෙදරට කියමු කියල.

හ්ම්ම්ම් ඔය අතරේ කාලය අපිටත් හොරෙන් පුදුම වේගයෙන් ඉගිලුනා..අපි A/L කරලා ඉවර වුනාට පස්සේ අපේ සෙට් එකේවුන් ඔක්කොම result එනකම් එක එක දේවල් වලට ඔලුව දාගත්ත.ඉෂී එයා ඉස්සර ඉඳලම ආස කරපු beautiful culture coures එකක් කරන්න පටන් ගත්තා.ඒකිට එදා ඉඳල කොණ්ඩයක් නම් පෙන්නන බැහැ අපේ ගැන්සියේ කෙල්ලෝ ඔක්කොම බියුටි කචල් වලට උපදෙස් ගත්තේ ඉෂී ගෙන්.
මම business management coures start කළා මොකද මගේ පොඩි කාලේ ඉඳල පිස්සුව උනේ ලොකු සල්ලිකාරයෙක් වෙන්න එක එකට හේතුව වුනේ.අපේ පවුල ඇතුලේ තිබ්බ හැලහැප්පීම්.මගේ ඔලුවට පුංචි කාලේ ඉඳල කාවැදිලා තිබ්බ දෙයක් තමයි.සල්ලි තියනවා නම් ඕනිම දෙයක් ගන්න ,ඕනිම දෙයක් කරන්න පුළුවන් කියන මතේ.ඒ නිසා මගේ එකම අරමුණ වුනේ සල්ලි.

මගේ අම්මා බර්ග එයා හරිම ලස්සනයි..කොච්චර ලස්සන වුනත් අපේ තාත්තගේ අම්මාට ඒ කියන්නේ මගේ ආච්චි අම්මට නම් අපේ අම්මගේ ලස්සන පෙනුනේ නිකන් පොත්ත රතුකමක් විතරක් විදියට.අපේ තාත්ත අපිට හොඳ අනාගතයක් හදන්න රට ගියේ.මට අවුරුදු 11 ,මට නංගිලා දෙන්නෙක් ඉන්නවා.එදා තාත්තව එයාපෝර්ට් ගිහින් දාලා ගෙදර එද්දී අපේ ආච්චි අම්මා අපිව එයාගේ ගෙදරින් එලියට දාලා,අපේ බඩුමුට්ටු ඔක්කොම එළියෙන් තියල ගෙයි දොරවල් වහලා දාලා යන්න ගිහින්..එදා මගේ අම්ම අසරණ වුනේ සල්ලි නැති කම නිසා...ඒ මතක නිසා මගේ එකම අරමුණ වුනේ සල්ලි උඩ පීනන්න සල්ලි හම්බකරන එක..

මේ අතරේ අපේ A/L result ඇවිල්ලා අපේ සෙට් එකේ වුන් කොහොම කොහොම හරි ගොඩ ගිහිල්ලා.ඉෂියි මමයි දෙන්නත් ගොඩ.ඉෂී දිගටම එයා ආසකරන beautiful culture පැත්තෙන් ඉස්සරහට යන්න තීරණය කරලා තිබ්බේ result එන්න කලින් ඉඳලා.මමත් management degree කරන ගමන්.HSB bank එකට join වුනා මොකද ජොබ් එකක අවශ්‍ය තාවය මට ඒ වෙද්දී තදින්ම දැනිලා තිබ්බ

ඒ අතරේ ඉෂීගෙයි මගෙයි ආදරෙත් හරිම සුන්දර විදියට ගලාගෙන ගියා


"චේනු ....."

"ම්ම්ම් බබා "

"ඔයා ඉස්සර මගේ චේනු නෙමෙයි "

"හේ හේ එහෙනම් මම වෙන චේනු කෙනෙක් ද?"

"හැමදේම විහිලුවට ගන්න එපා චේනු "

"ම්ම්ම් හරි හරි....sorry sorry ඉෂී මැඩම් ඔන්න දැන් මම full serious"

කියලා මම ඉෂිව තුරුලට ඇදලා ගත්තා..

"හ්ම්ම් ඔයා දැන් හරි වෙනස් චේනු.ඉස්සර ඔයා මෙහෙම නෑ කොච්චර මම එක්ක ඉන්නවද ?කොච්චර මම ගැන හොයල බලනවා? "

මම ඉෂිගේ නිකටින් අල්ලලා මගේ මුණ පැත්තට හරවා ගත්තා

"ඉෂී මේ අහන්න අපි දැන් පොඩි ළමයි නෙමෙයි.අපි අනාගතේ ගැන ප්ලෑන් කරන්න ඕනි.අපිට ඉස්සරහට කරන්න කොච්චර දේවල් තියනවද "

"හ්ම්ම්ම් ඒ කියල ඔයා මේ විදියට වැඩ පස්සෙම දුවද්දී ඔයාට මාව අමතක වෙයි චේනු"

"පිස්සි හිතනවද මම මේ අත අල්ල ගත්තේ අතාරින්න කියලා ...නෑ බබා කවදාවත් නෑ...ඔයා හැමදාම මගේ..හැමදාම මේ ලෝකේ වැඩියෙන්ම ඔයාට ආදරේ කරන්නේ මම"

ඉෂී ඊට පස්සේ තවත් දේවල් කියවන්නේ නැතුව හැමදාම කරනවා වගේ පුංචි පූස් පැටියෙක් උණුසුමට ගුලි වෙනවා වගේ මම උණුසුමට ගුලි වුනා..

"චේනුවෝ....නිදිද මගේ මෝඩ පැටියෝ"

"නෑ බබා ඔයාව තුරුල් කරගෙන කල්පනා කර කර හිටියේ "

"කවද්ද හැමදාම මෙහෙම තුරුල් කරගන්න ගෙදර ගෙනියන්නේ කියල "

"ඉතින් මොනවද ඔච්චර කල්පනා කරන්නේ අපේ අම්මිගෙන් අහලා එක්කගෙන යනවකෝ මැට්ටෝ"

"ම්ම්ම් නෑ ඉෂී මම තව ටිකක් පිළිවෙලක් වෙන්න ඕනි "
"තව මොනවද ඔයාට ජොබ් එකක් තියනවා.ඔයාගෙම කියලා ගෙයක් තියනවා මාව බලාගන්න ඒ මදිද ?"

"මේ දැන් ගොඩක් රෑවෙලා අපි යමුද ?ලබන සතියෙම මට final exam වලට පාඩම් කරන්න ඕනි ඔන්න හම්බවෙන්න එන්න කියල කරදර කරන්න නම් එපා ඉෂී තේරුනාද "

"හ්ම්ම්ම් "


ඉෂී මුණ බේරී කරගනිද්දී මට දුක නොහිතුනාම නෙමෙයි එත් මගේ අරමුණ ඊටවඩා දහගුණයක් ඉස්සරහින් හිටියා.කාලයත් එක්ක මගේ අරමුණුත් එක්ක මම ඉස්සර ඉෂිගේ චේනු නෙමෙයි නේද කියල මට නොහිතුනාම නෙමෙයි හැබැයි මට ඒ ගැන ගැඹුරට කල්පනා කරන්න ඕනි කමක් තිබ්බේ නැහැ .මම එක ඉෂිගේ බොළඳ කමක් අමතක කරලා දැම්මා

නොහිතු දවසක හෙටත් සෙට් වෙමු
 
Last edited:

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
කතාව නියමයි මචං.. මගදි නවත්තපං..:yes:
ඕකෙ අන්තිමට වෙන්නෙ කොහොම හරි කොල්ලා විභාගෙ අනාගන්නවා.. කෙල්ල හොඳට පාස්වෙලා කැම්පස් යනවා.. කෙල්ලට මූව ටිකෙන් ටික අමතක වෙනවා.. මූ ගල් මූසලයෙක් වගේ ඒකි පස්සෙ යනවා ආදරේ හිඟාකාගෙන.. මේකි ඌව ගණන් ගන්නෙ නෑ පස්සෙ.. ගෙවල් වලින් කැමති නැතියි අරවා මේවා බයිලා කියනවා.. කොල්ලා ආයෙම විභාගෙ කරනවා.. කරලා පාස් වෙනවා.. කාලයක් යද්දි ඌ හොඳ තැනකට එනවා.. ඌට වෙන කෙල්ලෙක් සෙට් වෙනවා.. ඒ අස්සෙ අරකිගෙ කැම්පස් කොල්ලා ඒකිව දාලා යනවා.. මූට මුල් ලව් එක අමතක කරන්න බැරි නිසා දැන් සෙට් වෙච්ච කෙල්ල අමතක කරලා ඒකි එක්ක යාලු වෙනවා.. දෙන්නා සතුටින් ජීවත් වෙනවා..:dull:

:Pමේ බැල්ලිගෙ තියෙන මෙව්වා ඒක:P
:frown:ඊරිසියාව තොගේ තියෙන:frown:
:love:බලපන් මාත් ලියනවා මගේ ලව් කතාව:love:
:yes:දිගටම ලියපන් නැවත්තුවොත් බාවනවා:yes:
:love:එල කතාව:love:
 

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
:Pමේ බැල්ලිගෙ තියෙන මෙව්වා ඒක:P
:frown:ඊරිසියාව තොගේ තියෙන:frown:
:love:බලපන් මාත් ලියනවා මගේ ලව් කතාව:love:
:yes:දිගටම ලියපන් නැවත්තුවොත් බාවනවා:yes:
:love:එල කතාව:love:

thankx machan, ithuru tika heta danam...
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දිගටම ලියපං මගදී නවත්තලා අම්ම පදේ අහගන්න එපා