
එහෙම එවුන් ඉන්නවා, උඹගෙ ඇගට ඇතුල් වෙන්න පුළුවන් අයත් ඉන්නවා බැරි අයත් ඉන්නවා.. ඒ වුණාට උඹට උන් පේන්නෙ නෑ.. ඒක නිසා ගණන් ගන්න එපා.. 


.මේක හොද සහ අවංක ප්‍රස්නයක්.. මචං.. මට ඉස්සර තිබුන බයක් තමයි මගේ වටේ ඉන්න අයගෙන් මොකක් හරි තර්ජනයක් ආවොත් මම ඒකට මූණ දෙන්නේ කොහොමද කියන එක.. ඉතින් මම මාශල් ආර්ට් ක්ලාස් එකකට ගියා ඒකෙදි මචං මට මම ගැන ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන් උනා.. මනෝවිද්යාව ටිකක් කියවහං.. අනික මචං මේ බය සතුට තරහව කියන දේවල් අපේ භාශා ලෝකයේ නිර්මාන.. ඒකට උදාහරනයකට කියනවානම්..කෙල්ලෙක්ගේ හමයි කොල්ලෙක්ගේ හමයි වෙනසක් නෑ.. නමුත් අපිට කෙල්ලෙක්ගේ ඇගේ ගෑවෙනකොට අමුතු හැගීම් එනවා.. ඒකට හේතුව අපේ බාශා ලෝකය තුල කෙල්ලෙක්ගේ හමට දීලා තියන අර්තකතනය.. ඉතින් කලුවර කියන දේටත් ඉතිහාසයේ ඉදන්ම විශාල කතා රාශියක් ගෙතිලා තියනවා.. ඒවා තදින් ග්‍රහනය කරගන්න අපේ අවිඤ්ඤානයේ ඒවා තැන්පත් වෙලා බයක් කියන වචනෙත් එක්ක ඔටෝමෙන්ට් වෙනවා.. කරුවලත් එක්ක ඔටෝමෙන්ට් වෙනවා.. හොල්මං කියපු ගමන් අපේ ඩික්ශනරියේ තියන බයට සම්බන්ද සියලු අර්තකතන අපේ ඔලුවට එනවා.. ඕකට හොදම දේ ඒ සම්බන්ද් දේවල් වලින් ඉවත් වෙන එක.. තේරුන් අරගෙන ඉවත් වෙන එක.. හොර(horror) බලන්නත් එපා.. ඒවා විකාර මෙලෝ සතෙකුට වෙන්නේ නැති දේවල් තමා ඒවයේ පෙන්නන්නේ... උබ කීවට් විස්වාස කරයිද දන්නේ නෑ මම හොදම හොල්මං වලට ප්‍රසිද්ද කනතු ලගින් ගිය වාර අනංතයි(රෑ තනියම).. දවාලේ දැකපුවත් නැති පාලු ගෙවල්වල රෑ ගිහින් නිදාගෙන තියනවා.. ඒ මම් නිදාගත්ත ගෙයි මචං අහල ලග පාතකවත් මිනිස්සු නෑ.. නරි හූකියනවා බැරිම තැන මම පාන්දර අපි කෑම්ප් ගහං හිටපු තැනට ආවා...