මම ලංකාවේ ප්‍රසිද්ද ස්වාමීන්වහන්සේ කෙනෙක් ලියපු එක්තරා ලිපියක් කියෙව්වා.
ඒකේ තියෙනවා ඔය එල්ලිලා මැරෙන අය ගැන ලොකුවට විස්තර කරලා බෞද්ධ ආගමානුකූලව.
ගොඩක් එල්ලිලා මැරෙන අය ඒ විදිහට මැරෙන්නේ සිතේ ලොකු තරහක්, නැත්තක් මොකක් හරි කෙනෙක් හෝ දෙයක් ගැන කෝපයක් තියාගෙනලු.
එහෙම මැරුනට පස්සේ ඒ සිතුවිල්ල නිසාම උත්පත්තියක් හම්බ නොවෙන්න වැඩි අවස්ථාවක් තියෙනවලු.
ප්‍රේත ලෝකයේ සැරිසරන්න ගන්නවලු ..

යම් කෙනෙක් එහෙම සැරිසරන එකෙන් අපේක්ශා කරන්නේ කෙසේ හෝ පින් ලබා ගැනීමක්ලු.
සමහර අයට එයාලගේ පවුලේ උදවියගෙන් උනත් ප්‍රමානවත් තරම් පින් ලැබෙන්නේ නෑලු.
පින් බලය වැඩි වෙන්න ඕනීලු යම් කිසි උත්පත්තියක් සිදු වෙන්නත්.
ඒ හේතු නිසා යම් යම් විදිහට නිවැසියන්ට හෝ අසල්වැසියන්ට ඒත්තු ගනවන විදිහට බලපෑම් කරන්න පුලුවන්ලු.
ලොකු හානියක් කරන්න බෑලු නිකන් පෙනී ඉදලා නොපෙනී යනවා වගේ පෙන්නලා මතකය ආවර්ජනය කරන සීන් එකක් ලු යන්නේ..
එහෙම වෙනවා නම් ඒ මලගිය පුද්ගලයාට පිං පමුනුවන්නලු , ඒක පවුලේ කෙනෙක්ටම කියලා කරන්න ඕනී නෑලු.
ඕනී කෙනෙක්ට පුලුවන්ලු, ගොඩක් වෙලාවට පන්සල් වලට ස්වාමීන් වහන්සේලට දානමය වශයෙන් උදව් කරලා ඒ පින් රැස් කරවන්න ඕනීලු එයාගේ නමින්.
දානේ දුන්නටම මදි , සමහර ස්වාමීන් වහන්සේලා එහෙම දානේ වැලදුවට පස්සේ වෙනම ගාතා කියලා පින් පමුනුවනවා.
ගොඩක්ම ඔය මහමෙව්නා බාවනා අසපුවල අය එහෙම කරනවා.
පින් ලබා ගත්තාම ඒ අය යන්නම යනවලු.
හැබැයි මිය ගිය කෙනා ඒ අදාල නිවසේ පදිංචි කෙනෙක් සමග ඇතිකරගත් ප්‍රශ්නයක් මත මියගොස් තිබ්බොත් එහෙම අය එලවන්න යකුන් මෙල්ල කරන අය ගෙන්න ගන්න වෙනවලු.එහෙම අය තන්හාවෙන් ඒ ස්තාන වලම රැදිලා ඉන්නවලු කොච්චර පින් ලැබුනත්..