හිත නිදහස් කරගන්න....
යාලුවනේ.... ඇත්තටම මම මේ ත්රෙඩ් එක අරින එක හරිද වැරදිද කියල කියන්න මම දන්නේ නැහැ... නමුත් මේ වෙලාවේ මම හිත හිර කරගෙන ඉන්නවට වඩා කාට හරි එක කියල හිත සැහැල්ලු කරගන්න තියෙනවා නම් හොඳයි කියල හිතුනා... නිකමට හරි හිතෙනවා නම් මේ මුගේ විකාරේ කියවල අපිට තියෙන වැඩේ මොකක්ද කියල,,,, දැන්මම ත්රෙඩ් එක කියවන එක නවත්තන්න...
මේකයි බං කතාව....මම දැනට මාස හතක් වෙනවා ඉතාලියට ඇවිල්ලා... මම ලංකාවෙන් ආවේ ගොඩක් බලාපොරොත්තු හිතේ තියාගෙන...ඒත් මෙහෙට ඇවිල්ලා ටික දවසක් යනකොට තත්වය ගොඩක් වෙනස් වුනා... එන්න එන්නම මම ගොඩක් මානසිකව වැටෙනවා බං... එන්න ටිකට් එක හදා ගන්න විතරයි මට සල්ලි ගියේ.. එකටත් මගේ ළඟ සල්ලි නොතිබුන නිසා මගේ අම්මයි තාත්තයි එකතුවෙලා ඉඩම උගස් තිබ්බා.... ඒ සල්ලි වලින් තමයි මම මෙහෙට එන්න ටිකට් එක හදා ගත්තේ...
දැන් ලංකාවේ ඉහටත් උඩින පොලිය වැඩි වෙලා..
මෙහෙ ඉන්න අක්ක කෙනෙකුටත් මම දැන් නය වෙලා...
මෙහෙ මගේ නමින් බිල් ගෙවන්න වෙලා මාමාට
කෙල්ලත් දැන් ඉස්සර හිටිය වගේ නෙමෙයි... වෙනස් වෙලා...
අම්ම තාත්තව ගොඩක් මතක වෙනවා...
කෙල්ලව යාලුවන්ව මතක වෙනවා...
මම ඉතාලියට ආපු දවසේ ඉඳල මේ ගෙ ඇතුලේ තමයි...
බාසාව ඉගෙන්නගන්න පට්ට කට්ටක් කනවා...
මට මේ දේවල් කියන්න කවුරුත් නැහැ... හොඳටම තනි වෙලා... අසරණ වෙලා ඉන්නේ...
අම්ම ළඟ හිටිය නම් ඔඩොක්කුවේ ඔලුව තියාගෙන අඬන්න පුළුවන් හිතේ හැටියට...එදා ලංකාවේ හිටපු යාලුවන්ට අද වෙනකොට මාව මතකත් නැහැ...කෙල්ලට මගේ දුක බෙදාගන්නතරම් මනසකුත් නැහැ.. මට කියල කරන්න දෙයකුත් නැහැ.. මේ පාලු රටේ තනි වෙලා ඔහේ කල්පනා කර කර ඉන්නවා හැර....
හිතෙනවා මේ හැමදේම දමල ගහල ලංකාවට යන්න...
මම එහෙම ගිහින් කොහොමද බං ඉඩම සින්න උනහම.....
උඹල හිතන්න එපා මම උඹලගෙන් අනුකම්පාව බලාපොරොත්තුවෙන් මේ ලිපිය ලියනවා කියලා...
මම කිසිම යටි අදහසකින් නෙමෙයි මේ ලිපිය ලිව්වේ... මේ ලිපිය මම ලිව්වේ මගේ හිත නිදහස් කරගන්න විතරයි.... මට දැන් වෙන කවුරුත් නැහැ මචං... එකයි..
මේ ලිපිය වෙනුවෙන් කාලය වය කරපු උඹල ඔක්කොටම ගොඩක් පිං...

Last edited:

jayawewa...