හිත නිදහස් කරගන්න....

Jan 21, 2010
721
278
0
Italy
හිත නිදහස් කරගන්න....

යාලුවනේ.... ඇත්තටම මම මේ ත්‍රෙඩ් එක අරින එක හරිද වැරදිද කියල කියන්න මම දන්නේ නැහැ... නමුත් මේ වෙලාවේ මම හිත හිර කරගෙන ඉන්නවට වඩා කාට හරි එක කියල හිත සැහැල්ලු කරගන්න තියෙනවා නම් හොඳයි කියල හිතුනා... නිකමට හරි හිතෙනවා නම් මේ මුගේ විකාරේ කියවල අපිට තියෙන වැඩේ මොකක්ද කියල,,,, දැන්මම ත්‍රෙඩ් එක කියවන එක නවත්තන්න...

මේකයි බං කතාව....මම දැනට මාස හතක් වෙනවා ඉතාලියට ඇවිල්ලා... මම ලංකාවෙන් ආවේ ගොඩක් බලාපොරොත්තු හිතේ තියාගෙන...ඒත් මෙහෙට ඇවිල්ලා ටික දවසක් යනකොට තත්වය ගොඩක් වෙනස් වුනා... එන්න එන්නම මම ගොඩක් මානසිකව වැටෙනවා බං... එන්න ටිකට් එක හදා ගන්න විතරයි මට සල්ලි ගියේ.. එකටත් මගේ ළඟ සල්ලි නොතිබුන නිසා මගේ අම්මයි තාත්තයි එකතුවෙලා ඉඩම උගස්‌ තිබ්බා.... ඒ සල්ලි වලින් තමයි මම මෙහෙට එන්න ටිකට් එක හදා ගත්තේ...
දැන් ලංකාවේ ඉහටත් උඩින පොලිය වැඩි වෙලා..
මෙහෙ ඉන්න අක්ක කෙනෙකුටත් මම දැන් නය වෙලා...
මෙහෙ මගේ නමින් බිල් ගෙවන්න වෙලා මාමාට
කෙල්ලත් දැන් ඉස්සර හිටිය වගේ නෙමෙයි... වෙනස් වෙලා...
අම්ම තාත්තව ගොඩක් මතක වෙනවා...
කෙල්ලව යාලුවන්ව මතක වෙනවා...
මම ඉතාලියට ආපු දවසේ ඉඳල මේ ගෙ ඇතුලේ තමයි...
බාසාව ඉගෙන්නගන්න පට්ට කට්ටක් කනවා...
මට මේ දේවල් කියන්න කවුරුත් නැහැ... හොඳටම තනි වෙලා... අසරණ වෙලා ඉන්නේ...
අම්ම ළඟ හිටිය නම් ඔඩොක්කුවේ ඔලුව තියාගෙන අඬන්න පුළුවන් හිතේ හැටියට...එදා ලංකාවේ හිටපු යාලුවන්ට අද වෙනකොට මාව මතකත් නැහැ...කෙල්ලට මගේ දුක බෙදාගන්නතරම් මනසකුත් නැහැ.. මට කියල කරන්න දෙයකුත් නැහැ.. මේ පාලු රටේ තනි වෙලා ඔහේ කල්පනා කර කර ඉන්නවා හැර....
හිතෙනවා මේ හැමදේම දමල ගහල ලංකාවට යන්න...
මම එහෙම ගිහින් කොහොමද බං ඉඩම සින්න උනහම.....
උඹල හිතන්න එපා මම උඹලගෙන් අනුකම්පාව බලාපොරොත්තුවෙන් මේ ලිපිය ලියනවා කියලා...
මම කිසිම යටි අදහසකින් නෙමෙයි මේ ලිපිය ලිව්වේ... මේ ලිපිය මම ලිව්වේ මගේ හිත නිදහස් කරගන්න විතරයි.... මට දැන් වෙන කවුරුත් නැහැ මචං... එකයි..
මේ ලිපිය වෙනුවෙන් කාලය වය කරපු උඹල ඔක්කොටම ගොඩක් පිං...
 
Last edited:

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මචන් සන්සුන්වෙයන්. කලබල උනාම කිසිම දෙයක් හිතන්න බැහැ. තිනියෙන් ඉන්නකොට යාළුවෝ,කෙල්ල මතක්වෙනවා. කෙල්ල වෙනස්වෙලා නම් වැඩිය හිතන්න එපා. (කෙල්ලෝ කියන උන් නම් සත 5කට විශ්වාස කරන්න එපා. ඒක ගැන පස්සේ කථාකරමු)
    ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. කරන්න තියෙන එකමදේ ඉඩම බේරා ගන්න එක සහ අම්මලාගේ බර නිදහස්කරන එක.
    උබ ඉවසීමෙන් කටයුතු කරලා ජොබ් කට්ටක් හොයා ගනින්. මම දන්න විදිහට නම් අමාරුවෙන එකක් නැහැ. නිකන් විනාස වෙන වැඩ එහෙම කරගන්න එපා. ඉවසීමෙන් සිහියෙන් දිගටම ජොබ් එකක් හොයන වැඩේ කරගන යන්න. ජයවේවා. මචන්. මම දන්න අක්කා කෙනෙකුත් ඉන්නවා. එයාටත් කියලා බලන්නම්.....



     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මච්න් උබ ඉතලි බාශාව ඉගෙන ගෙන නෙමෙයිද ගියෙ...?
    දැන් ඔහෙ මොනවද කරන්නෙ..?
    වියදමට සල්ලි කොහෙන්ද..
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මච්න් උබ ඉතලි බාශාව ඉගෙන ගෙන නෙමෙයිද ගියෙ...?
    දැන් ඔහෙ මොනවද කරන්නෙ..?
    වියදමට සල්ලි කොහෙන්ද..
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මච්න් උබ ඉතලි බාශාව ඉගෙන ගෙන නෙමෙයිද ගියෙ...?
    දැන් ඔහෙ මොනවද කරන්නෙ..?
    වියදමට සල්ලි කොහෙන්ද..

    mata danata viyadamak naha ban... mama inne mage uncle gaawa...
    job hoyana eka thamayi ban karanne..
    basawa dan tikak puluwan ban...
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    pissu nan keranna epaa bang.. owwada minissunta wenne... job ekak hoyagena godayanna balapan... tikak katta kanna wenewa mulinma... passe ona ekak shape... poddak iwesagena hitapan... iwaseemen sanaseema labee... :) :yes: jayawewa...
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    avatar309098_1.gif
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    ඉක්මනටම ජොබක් හම්බ වෙන්න කියලා සුබ පතනව...!!!! e money ජොබක් වත් දෑනට උත්සහ කරල බලන්න යලු.........!!!! ජයවෙවා......!!!!
     

    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    ගට්ස් අරන් හිටපන් මචන්....... කොහොමහරි ගොඩ යමන්....ජය වේවා....