අපට උගන්නපු තව දේවල් නම්,
කෙසේ හෝ අවසන දී දුෂ්ඨයා මස්ත බාල්දුවීම. (හැම තැනම එහෙම වෙනව ද බං?)
ඉන්දියානු පොලෝසියත් ලංකාවේ වගේ ම බව.
කොල්ලත් කෙල්ලත් ලව් කරද්දී අනිවා නැටවෙන බව සහ එක එක තැන්වලට යැවෙන බව/ඇදුම් මාරුවෙන බව.
අපේ රටේ චිත්‍රපටි අධ්යක්ෂ වරුන්ට සහ නළු නිළියන්ට නම් සෑහෙන්න උගන්නපු දේවල් තියනවා.
නිළියන්ට-
නටන්නේ කොහොමද
ඇග නියම ගානට තියා ගන්නේ කොහොමද
නළුවන්ට-
නියම බොඩිය මොකක්ද
නටන්නේ කොහොමද
මෝඩ චූන් නැතුව ගහගන්නේ කොහොමද
කොමඩි නළුවන්ට-ඇත්තට ම කොමඩි චරිත රගපාන්නේ කොහොමද
අධ්‍යක්ෂවරුන්ට-
සාර්ථක වාණිජ විත්‍රපට හදන්නේ කොහොමද
සාර්ථක ප්රබුද්ධ චිත්‍රපට හදන්නේ කොහොමද (නිදසුන බ්ලැක්)
කුඩා ම දෙයකින් දේශප්‍රේමය දල්වන්නේ කොහොමද (නිදසුන ලගාන්)
කොමඩි එකකින් වුණත් හොද පණිවුඩයක් දෙන්නේ කොහොමද (නිදසුන 3 ඉඩියට්ස්)
දේශප්‍රේමය පෙන්වන්නේ කොහොමද (නිදසුන බෝඩර්)