හිනා වෙන්න හිනා ලෙඩ නැති කරගන්න සිතා

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හිනා වෙන්න හිනා ලෙඩ නැති කරගන්න සිතා

    සිනහ යෝග ක‍්‍රමයෙන් සුවපත් වෙන්න. ඉන්දියානු වෛද්‍යවරයකු ලොවට හඳුන්වා දුන් විස්මිත විනෝදජනක ප‍්‍රතිකාරයක් !

    සිනාසීම හොඳ දෙයකි. එහෙත් අප බොහෝ දෙනකු ඇති පමණට සිනාසෙන්නේ නැත. ඔබට දිනකට මිනිත්තු 10 සිට 15 දක්වා කාලයක් හොඳින් සිනාසීමට හැකි නම් සතියකට ඔබේ සිරුරට අවශ්‍ය ශක්ති ප‍්‍රමාණය කැලරි 280කින් වැඩි කර ගත හැකියි.

    සිනාසීමේ දී ඔබේ සිරුරට හා මොළයට වැඩි ඔක්සිජන් ප‍්‍රමාණයක් ඇතුළු වෙයි. එසේ ම එයින් ශරීර සුවතාව දැනවීම පිණිස, මොළයේ නිපදවෙන එන්ඩෝපින් රසායනය වැඩිපුර නිපදවා මුදා හැරීමට අවශ්‍ය උත්තේජනය ද සැපයෙයි.

    මෙය ඔබට අඩු තරමින් දිනකට 100 වරක්වත් සිනාසෙන්න හොඳ හේතුවක් කර ගන්න පුළුවන්. මේ සඳහා හොඳම ක‍්‍රමය සිනහ යෝග (Laughter Yoga) යි. මේ විස්මිත ක‍්‍රමය හඳුන්වා දී ඇත්තේ ඉන්දියානු කායික වෛද්‍යවරයකු වූ වෛද්‍ය මදන් කැතරියායි. ඔහු විසින් මුල්වරට 1955 දී මේ සඳහා සිනහ සමාජයක් ද පිහිටුවනු ලැබුවා.

    4.jpg

    වෛද්‍ය මදන් කැතරියා

    අද මේ සිනහවීමේ ව්‍යාපාරය ලොව පුරා ප‍්‍රචලිත වී ඇති අතර රටවල් 72කට වැඩි ප‍්‍රමාණයක සිනහ සමාජ පිහිටුවා තිබෙනවා. 2013 සැප්තැම්බර් 14 වන දා ඇමරිකාවේදී එම ව්‍යාපාරයේ 8 වන වාර්ෂික සමුළුව පැවැත්වුවා.

    මේ සිනහ යෝග හඳුන්වා දුන් අලූත් රාජ්‍යය කාටාර්. එරටට මෙය හඳුන්වා දුන් ගාබී පේසෝ (Gabi Pezo) ඒ ගැන කියන්නේ මෙහෙමයි.

    "සිනහ යෝග සමග ඔබට යෝග ක‍්‍රමයට හුස්ම ගන්නා ගමන් හේතුවක් නැතිව සිනහවක් ඇති කර ගත හැකියි. ඒ සඳහා විහිළුවක්, හාස්‍යජනක සිද්ධියක් ආධාර කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පන්තිවල දී සිනහව ඇති කරන්නේ කණ්ඩායමක් තුළ කෙරෙන ශාරීරික ව්‍යායාමයක් හැටියටයි. එකිනෙකා දෙස බලා ගෙන කුඩා ළමුන් සේ සෙල්ලමට සිනහ වෙන්නට ඒ අයට පුළුවන්. ආරම්භ කර ඉක්මනින් ම මේ සිනහව සැබෑ එකක් සේ ඔවුන් අතරේ පැතිර යනවා." පේසෝ ඒ පිළිබඳව පැහැදිලි කරමින් කියනවා.

    එක්වදෝරයේ උපන් ඇය මේ පිළිබඳව ඉගෙන සහතික ලබා ඇත්තේ මියාමිහිදීයි. ඩුබාහි ජීවත් වූ ඇය දෝහාවල පදිංචියට ආවේ වසර කීපයකට පෙරාතුවයි. එසේ වුවත් ඇය සිනහ යෝග ඉගැන්වීම මෙහිදී ආරම්භ කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

    "සිනහ යෝග සංකල්පයට පදනම් වී ඇත්තේ ව්‍යාජව හෝ සැබෑවටම කරන සිනහවේ වෙනසක් සිරුරට දැනෙන්නේ නැත යන විද්‍යාත්මක සාධකයයි." ඇය පැහැදිලි කරයි.

    ඒ අනුව, සිනහව ව්‍යාජව ඇති කළ ද පුද්ගලයකුට ඉන් ලැබෙන කායික හා මානසික ප‍්‍රතිලාභවල කිසිදු වෙනසක් සිදු වන්නේ නැත. මෙහි පුරෝගමී වූ වෛද්‍ය කටාරියා උපදෙස් දෙන්නේ යමකුට තනිවම වුවත් මෙම සිනහ යෝගවල යෙදිය හැකි බවයි.

    "මේ කෙනකුගේ සිතෙහි ඇති වන ආතතිය හා රින සිතිවිලි පහ කර දැමීමට ඇති ඉතාම හොඳ ක‍්‍රමයක්. ඒ වගේ ම මේ ක‍්‍රමයෙන් සිතෙහි ඇති වන තරහව පහසුවෙන් ම පහ කර ගන්න පුළුවන්. මෙයින් තමන් තුළ ආත්ම විශ්වාසය වර්ධනය කර ගන්නත් හැකියාව ලැබෙනවා. සිතෙහි ඇති වන ලැජ්ජාවත් චකිතයත් අඩු කර ගන්නත් මේ මගින් පුළුවන්." යැයි ඔහු ‘ලාෆ්ටයෝග.ඕග්’ (laughteryoga.org) වෙබ් අඩවියට පසුගියදා කීවා.

    "එදිනෙදා ජීවිතයේ දී අපට මුහුණ පාන්නට වන හිරිහැර කරදරවලින් පහසුවෙන් ම ජය ගන්නට මෙය උදවු වෙනවා. ඔබ යමක් මිලට ගන්නට ගිය විට සිදු වන වෙළඳ පොළේ ඇති විකුණුම් යන්ත‍්‍රවල බිඳ වැටීම්වල දීත්, මගතොට ඇති වන වාහන තදබදවල දීත්, බාලයන්ගේ කෙණෙහිලිකම් සිදු වන විටත්, සුපිරි වෙළඳ සල්වල දිග පෝලිම් ඇති විටත් ඔබේ සිතේ ඇති විය හැකි අසහනකාරී අප‍්‍රසන්න සිතුවිලි මග හරවා ගැනීමටත් මේ සිනහ යෝග උදවු කර ගන්න පුළුවන්." මේ විශේෂඥවරිය තවදුරටත් කීවාය.

    ඇය මුලින්ම සිනහ යෝග ගැන ඉගෙන ගත්තේ 2007 දීය. " සිනහ යෝග උපදේශකයකු ලෙස මියාමිවල දී සහතිකපත් ලබා ගනිද්දී මම මගේ උපදේශක වරියට කීවා, මම ඩුබායිවලට යන බව. එවිට ඇය කීවේ එහිදී නම් සිනහ යෝග ඉගැන්වීම කිසිසේත් නොකළ හැකි බවයි. ඒ නිසා ඇගේ වචනයට ගරු කර ටික කලක් මා එහි ගිය දැන්වීම් ඒජන්සියේ රැකියාවේ ම නිරත වන්නට කල්පනා කළා. ඒ 2011 වනතෙක් පමණයි. ඊට පස්සෙ මම ළමයින් ටික දෙනකු එක් කර ගෙන මේ සම්බන්ධව වැඩ කරල බැලූවා." ඇය පැවසුවා.

    "ළමයින් සඳහා මෙය කළ යුත්තේ වෙනස් විදියක පන්තියක් මගිනුයි. වැඩිහිටියන්ට, රෝහලක රෝගීන්ට වුනත් මෙය කළ හැකියි. දරුණු ලෙස රෝගී වූ අයත්, හෘද රෝගීනුත්, අවසාන තුන්මාසය පසු කරන ගර්භණී මාතාවනුත් හැර අනෙක් ඕනෑම තරාතිරමක අය සමග මෙය කළ හැකියි." ඇය වැඩි දුරටත් කීවාය.

    "සිනහ යෝග කරන කොට ඔබට මුලින් ලජ්ජා හිතේවි, නුහුරු ගතියක් දැනේවි. ඔබ සිනහ යෝගවලට එක් වෙන්න කැමති නම් පූර්ව නිගමනවලින් බැහැරවෙලා, එන්න. මේ පන්තියෙදි ඔබට පුළුවන් විවිධාකාරයේ අභ්‍යාසයන් මගින් ඔබ කී‍්‍රඩා පිටියෙදි ගත කළ ඒ ඔබේ ළමා කාලය මතු කර ගන්ට. ඒ එක්කම පුළුවන් වේවි එදිනෙදා ජීවිතයෙදි ඔබට මුහුණපාන්නට වන ආතතීන් හා සිත්තැවුල් අමතක කර දමන්න. හොඳින් හුස්ම ගෙන පිට කරන ගමන් ලොකු සිනහවක් නගන්න, ඒ සිනා අතරතුර ඔබ අසල ඉන්නා අයව සිනහ වීමට පොලඹවන්න. මෙතෙක් ලැබෙතැයි නොසිතූ දේ ඔබට ලැබේවි. එයින් ලැබෙන ප‍්‍රබෝධයෙන් ඔබට දවසේ ඉදිරි කාලය මුවගට සිනා රැුල්ලක් නඟා ගෙනම ගත කළෑකියි."

    පේසෝ වැඩි දුරටත් මෙසේ කීවා: "පන්තිය ඉවර වුනාට පස්සෙ මට පුදුම සතුටක් ඇති වෙනවා. හිතට හරිම සහනයක් දැනෙනවා. මේක මිහිපිට ඇති පී‍්‍රතිමත් ම කාර්යය කියලා හිතෙනවා. පහන් සිතක් ඇති වෙනවා. දවස පුරාම ඒ සතුට පවතිනවා. "

    මේ සිනහලැදියා යෝජනා කරන්නේ දිනපතා මිනිත්තු 15ක් සිනාසිය හැකි නම් ඒ ප‍්‍රමාණවත් බවයි. මේ සරල කි‍්‍රයාව ගෙදරදී තනිවම අප‍්‍රසිද්ධියේ ම කර ගත හැකියි. උපදේශකයා කියන්නේ මෙය කළ හැකි හොඳම තැන නාන කාමරයේ වතුර මල යටදී බවයි. "එය තමා ඔබට තනිපංගලමේ සිටිය හැකි දවසේ එකම මොහොත, කාටවත් නොපෙනී, ලජ්ජාවට පත් නොවී මෙය කළ හොඳම අවස්ථාව එයයි." ඇය කියන්නීය.

    "මං බලාපොරොත්තු වෙනවා මේ සිනහ යෝග කටාර්වල හැමදෙනාම සතුටින් බාර ගනීවි කියලා. මං හිතනවා, මෙහෙ ඉන්න අයට මෙයින් හුඟක් ප‍්‍රයෝජන ගත හැකියි කියලා. ඒ මොකද කියනවා නම් මේ නගරය ආතතියෙන් පිරුණු තැනක් වාහන තදබදය හා වෙනත් දේ නිසා. මගේ අපේක්ෂාව මෙහි ඉන්න හැමදෙනාම, කටාර් වැසියන් පමණක් නොවෙයි, පිටින් ආපු අයත් ඇතුළු හැමදෙනා ම මෙයින් විනෝදයක් ලබා වි යන්නයි. මං හිතන්නෙ මෙය පාසල්වලටත් හඳුන්වා දිය යුතුයි. මන්ද යත් මෙය ළමයින්ට උගන්වනවා, අනිත් අයට හිනාවෙනවා වෙනුවට හැම දේට ම හිනා වෙන්න."

    සිනහ යෝගවලදී තිබිය යුතු වඩාත් වැදගත් දෙය වන්නේ ඒ සඳහා බලවත් කැමැත්තක් ඇති කර ගැනීමයි. වෙනත් අය සමග ඇසින් බැඳෙමින් සම්බන්ධකම් පවත්වා ගෙන කී‍්‍රඩාවක් ලෙස එය පවත්වා ගෙන යාමයි.
     
    • Like
    Reactions: EK KILLER

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මමනම් උදේ ඉදලා හිනා වෙනවා ...අද....
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    වෛද්‍ය මදන් කැරියා



    දොස්තරගේ වාසගමේ "" යන්න අයින් කරානම් මෙයාට සල්ලේ ගෙවන්නේ නැතුවම හැමෝම හිනා වෙලා යයි.:rofl::rofl:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mmaxx:15724425 said:
    වෛද්‍ය මදන් කැරියා



    දොස්තරගේ වාසගමේ "" යන්න අයින් කරානම් මෙයාට සල්ලේ ගෙවන්නේ නැතුවම හැමෝම හිනා වෙලා යයි.:rofl::rofl:
    :)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,879
    1,329
    113
    වෛද්‍ය මදන් කැරියා



    දොස්තරගේ වාසගමේ "" යන්න අයින් කරානම් මෙයාට සල්ලේ ගෙවන්නේ නැතුවම හැමෝම හිනා වෙලා යයි.:rofl::rofl:

    වෛද්‍ය මදන් කැරියා


    "ත" යන්න අයින් කරලා,"න්" එක "න" කරන්න බලන්න :dull: