හිමාලය යනු සිරීපාදය බව හෙළිවෙයි..

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    දැක් සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරක් දක්වලා තියෙනවා, ඒත් නිවන් අවබෝධයට ඒක අනිවාර්යයි කියලා නෑ
    නිවැරිදි පරිවර්තනය තියෙන්නේ අටුවාවේ.

    ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,

    1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
    http://maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16
    2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
    http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16
    3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
    http://maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16
    4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
    http://maps.google.com/maps?q=6.633791,80.875546&hl=en&t=h&z=16
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    මහාවංසෙ තියන එංගලන්තෙ කෞතුකාගාරෙ නම මොකද්ද පචෝරිස් ?
    පරාක්‍රමබාහු රජතුමා හදපු අචිරවතී ඇල අචිරවතී ගඟ උනේ කෝමද පචෝරිස් ?
     
    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    නිවැරිදි පරිවර්තනය තියෙන්නේ අටුවාවේ.

    ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,

    1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
    http://maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16
    2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
    http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16
    3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
    http://maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16
    4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
    http://maps.google.com/maps?q=6.633791,80.875546&hl=en&t=h&z=16

    අටුවාවෙ තියෙන්නෙත් "බලවත් ලෙසින් උපකාර වන, උපකාර කර ගත හැකි" ස්ථාන කියලා. ඕවා ගැන වාද කරන්න තරම් මට දැනුමක් නෑ. හැබැයි උඹලගෙත් පොඩි confirmation bias එකක් තියෙනවා. ඒ නිසා වාද කරලා වැඩකුත් නෑ ඕවා ගැන. මට තියෙන්නෙ අර ප්‍රශ්නෙ තමා, බුදු හාමුදුරුවො ලංකාවෙ වැඩ හිටියායැයි තහවුරු වීමෙන් අපිට වෙන ලාභය මොකද්ද කියන එක.

    ප.ලි: නිවන් දකින්න බුදු හාමුදුරුවො පිරිනිවන් පෑ ස්ථානය දැකීම අනිවාර්ය වෙන්න බෑ නේද? එහෙනම් බුද්ධ කාලයේ හිටපු කාටවත් නිවන් දකින්න බෑනෙ? නැත්නම් හතරෙන් එකක් දැක්කත් ඇතිද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,084
    3
    118,752
    113
    Gampaha
    හිමාල තරණය...

    2011 අවුරුද්දෙ මම හිමාලයෙ හයික් එකකට ගියා. මේ ගමනට මාත් එක්ක අපේ හිතවත් පිරිසක් සහභාගීවුණා.

    එහිදී ගාලු ජාතික මගපෙන්වන්නෙක් යටතේ තමයි අපි හයික් කලේ. අපි මේ ගමනට තෝරගත්තෙ හැටන් බේස්කෑම්ප් එක හරහා වැටුනු බෑවුම් සහිත මාර්ඝයක්.
    අපේ අත්දැකීම් අඩුකම නිසා රත්නපුර බේස්කෑම්ප් එක හරහා වැටෙන මාර්ඝය තෝරගත්තෙ නෑ. මොකද ඒ ප්‍රදේශයේ හිම කඳු නාය යෑම් සහ ඉක්මනින් වෙනස්වෙන සුලු කාලගුණයක් සහිත දුශ්කර මාර්ඝයක්.

    පළමු දවසේ රාත්‍රියේ මුලින්ම අපි හැටන් බේස්කෑම්ප් වෙනකල් ගියා. හැටන් බේස් කෑම්ප් එකට එන්න තියෙන ගමනත් හරිම දුශ්කර ගමනක්, එක පැත්තක හෙලක් සහ කඳු, බෑවුම් සහිත මගක අපහසු ගුවන් මගක, ලේලන්ඩ් වර්ගයේ ගුවන් යානයකින් මස්කෙලිය එයාපෝට් එකට ආව.
    ඒ එන මගේ මීට කලින් අනතුරට පත්වුන ගුවන් යානාවක රෝදයක් පවා ප්‍රදර්ශනයට තියල තියෙනව.
    මේ එයාපෝට්එක ලෝකයේ භයානකම එයාපෝට් වලින් එකක්.

    මස්කෙලිය එයාපෝට් එකෙන් ලෑන්ඩ් කරල, අපි හැටන් බේස් කෑම්ප් වෙනකල් අති දුශ්කර පා ගමනක යෙදුන. එතන නේවාසිකව වාසය කරන හැටන් ජාතික හිමිනමකගෙන් ආශිර්වාද ලබාගෙන අපි හිමාලය තරණය පටන්ගත්ත.

    මේ ගමනට ගොඩක් බර අරන් යන්න බෑ. ඉතින් පොඩි ප්‍රමාණයේ ඔක්සිජන් බෝතලයක් විතරක් බෑග් එකට දාගෙන ගියා. මේ ඔක්සිජන් එක හයිඩ්ජන් එක්ක මිශ්‍ර කරල විශේෂිත විදියකට හදපු ඔක්සිජන් බොට්ල් එකක්.

    ගමන ආරම්භයේදීම, ගංගා නදියේ ජල පෝශක උලපතක් වෙන ශීත ගඟුලෙන් මුහුණ දොවාගන්නත් අපි අමතක කරේ නෑ.

    හිමාල කඳු මුදුන පෙනෙන මානයේ සාදා තිබෙන අවන්හලකින් පොල් රොටියක් කා තේ එකක් බීමේ දුර්ලභ අවස්ථාවකුත් අපිට ලැබුණ.

    කඳු මුදුනේ පැවතුන අධික මීදුම සහ සුළං තත්වය හමුවේ එකිනෙකා අතරමං වීම වැලැක්වීමට, ගාලු ජාතික මගපෙන්වන්නා විශාල වෙහෙසක් ගත්ත.

    හිමාල කඳු මුදුනටම ඉතා වෙහෙසකින් ගමන් කරපු අපි පැයක් පමණ එහි ගත කරල නැවත හැටන් බේස්කෑම්ප් එකට නිරුපද්ද්‍රිතව ආව.
    හිමාල කඳු මුදුනේ ඉඳන් උදෑසන සූර්යය උදාව බලන්නත් අපි අමතක කලේ නෑ..
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    නිවන් දකින්න බුදු හාමුදුරුවො පිරිනිවන් පෑ ස්ථානය දැකීම අනිවාර්ය වෙන්න බෑ නේද? එහෙනම් බුද්ධ කාලයේ හිටපු කාටවත් නිවන් දකින්න බෑනෙ? නැත්නම් හතරෙන් එකක් දැක්කත් ඇතිද?

    නිවනට උවමනා යම් කිසි පසුබිමක් තියෙනව. මේක තමයි බුද්දෝද්පාද කාලයක් වීම, සිරි සද්ධර්මය අසන්න ලැබෙන කාලයක් වීම වැනි කාරණා 16. මේකෙන් එක කාරණයක් මධ්‍ය මණ්ඩලයේ ජිවත් වීම. එතකොට, මධ්‍ය මණ්ඩලයේ ජිවත් වෙන්නේ නැතිනම් මාර්ග එල නැත.

    නිවනට අවශ්‍ය කරනා = මධ්‍ය මණ්ඩලය + සොතාපත්ති අංග 4

    “මහණෙනි, ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා (යොග්‍යවූයේ) එකම කාලයයි. කවර එකම කාලයක්ද යත්? විභජ්ජවාදීවූ තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, ඒ මේ පුද්ගල තෙමේත් මධ්‍ය දේශයෙහි (මණ්ඩලය) උපන්නේ වේද, හෙතෙම ප්‍රඥාවන්තවූයේ, ජඩ නොවූයේ, කෙළතොලු නොවූයේ, යහපත්වූ හෝ අයහපත්වූ වචනයාගේ අර්ත්‍ථය අවබෝධ කර ගැනීමෙහිත් සමර්ත්‍ථවූයේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා යොග්‍යවූ එකම කාලයයි.” -> අට්ඨක්ඛණ සූත්‍රය

    කස්සප බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසු කාටවත් මාර්ග එල හම්බ වෙන්නේ නැහැ. අන්තිම දවසේ ආනන්ද හාමුදුරුවෝ ගෝතම බුදුන් ගෙන් අහනව පරිනිර්වාණයෙන් පසු මාර්ග එල ලබන්නේ කෙස්ද කියලා. උන් වහන්සේ මේ වෙලාවේ තමයි මේ ස්ථාන 4 නිර්දේශ කරන්නේ.

    කස්සප බුදුන් වගේ නොවේ ගෝතම බුදුන්. උන්වහසේ ප්‍රඥ්ඥාදික බුදු වරයෙක්. ප්‍රඥ්ඥාදික බුදද සාසන වල මාර්ග එල තියෙනව නමුත් මේ ස්ථාන 4 අවශ්‍යයි. එතකොට, බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසු නිවනට අවශ්‍ය කරනා මේ වගේ වෙනවා.

    නිවනට අවශ්‍ය කරනා = මධ්‍ය මණ්ඩලයේ ස්ථාන 4 + සොතාපත්ති අංග 4

    බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසු, මාර්ග එල වලට අවශ්‍ය බුද්ද බලය ශේෂ වෙන්නේ ඔය ස්ථාන 4 පමනයි.
     
    Last edited:

    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    “මහණෙනි, ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා (යොග්‍යවූයේ) එකම කාලයයි. කවර එකම කාලයක්ද යත්? විභජ්ජවාදීවූ තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, ඒ මේ පුද්ගල තෙමේත් මධ්‍ය දේශයෙහි උපන්නේ වේද, හෙතෙම ප්‍රඥාවන්තවූයේ, ජඩ නොවූයේ, කෙළතොලු නොවූයේ, යහපත්වූ හෝ අයහපත්වූ වචනයාගේ අර්ත්‍ථය අවබෝධ කර ගැනීමෙහිත් සමර්ත්‍ථවූයේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා යොග්‍යවූ එකම කාලයයි.” -> අට්ඨක්ඛණ සූත්‍රය

    “නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිසට අයෝග්‍යවූ, අප්‍රසිද්‍ධවූ, පිටිසර මිලේච්ඡ ජනපදයෙක්හි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ පස්වෙනි අකාලයයි.

    මේ දේශනා කරලා තියෙන්නෙ කෙනෙක් බාහිර සබඳතා නැති, පිටිසර, කැලෑ බද ප්‍රදේශයක ඉපදුනොත් ඒ නිසා ඔවුන්ට බ්‍රහ්මචරියාව රකින්න බෑ කියලා, කැලෑ ගම් වල කොහොමද පරපණ නොනසා ජීවත් වෙන්නෙ. බ්‍රහ්මචරියාව රකින්න නම් ඒකට ගැලපෙන පරිසරයක උපදින්න ඕනෙ. (තපසට යාම වෙනම කාරණයක්.) බොධිසත්ත්වයෝ පස් මහා බැලුම් බලන්නෙත් මේ හේතු නිසා තමා, අර නියැන්ඩතාල් කාලෙ (පරිණාමවාදය ඇත්තයි කියලා හිතුවොත්) බෝධිසත්තවයෝ පහල උනා නම් පණ රැක ගන්න ක්‍රමයක් හොයනවා මිසක් සසර දුක් නිවන්න කල්පනා වෙන්නෙ නෑනෙ.

    “නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, .... බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම මධ්‍ය ජනපදයෙහි උපන්නේ වේද, (එසේද වුවත්) හෙතෙම මිත්‍යා දෘෂ්ටිකයෙක් වූයේ, දුන් දේ පල නැත, යාග කළ දේ පල නැත, හෝම කල දේ පල නැත, කුශලාකුශල ධර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතිකවූ (දිව්‍ය බ්‍රහ්මාදී) සත්ත්‍වයෝ නැත. මේ ලෝකයෙහි සම්‍යක් මාර්‍ගයෙහි ගමන් කරන්නාවූ යහපත් ප්‍රතිපත්තියෙන් යුක්තවූ, මෙලොව පරලොව ගැන තමා විසින්ම විෂිෂ්ට ඥානයෙන් අවබෝධ කොට දේශනා කරන්නාවූ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝද නැතැයි විපරීත දෘෂ්ටි ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ හයවෙනි අකාලයයි.

    මෙතන මධ්‍ය ජනපදයයැයි කියන්නෙ රටක් හෝ ප්‍රදේශයක් නෙමෙයි අර මුලින් කරුණෙ කිව්වා වූ පිටිසර මිලේච්ඡ නොවන ජනපද. මේ කරුණෙ කියන්නෙ එහෙම සුදුසු ප්‍රදේශයක ඉපදුනත් මිත්‍යාදෘශ්ඨික නම් බ්‍රහ්මචරියාවට නුසුදුසුයි කියන එක.

    --

    ආනන්ද හාමුදුරුවො විමසන්නෙ මාර්ග ඵල ලබන හැටි නෙමෙයි. (බුදු හාමුදුරුවො බුදු වූ දා පටන් දේශනා කලේ ඒ මාර්ගය නෙ).

    “වහන්ස, පෙරැ ඒ ඒ දෙසැ වස් වුසූ භික්‍ෂුහු තථාගතයන් වහන්සේ දක්නට එත්. අපි මෙත් බවුන් විසින් සිත් වඩනා (සමාධිය වඩනා) ඒ භික්‍ෂූන් දක්නට ලබම්හ, එළැඹැ පිළිදග්නට ලබම්හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් ඒ මෙත් බවුනෙත් සිත වඩනා භික්‍ෂූන් දක්නට නො ලබන්නමු. එළැඹැ පිළිදග්නට නො ලබන්නමු” යි අනඳ තෙරණුවෝ කීහ.

    එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “අනඳයෙනි, සැදැහැවත් කුලපුතක්හට දක්නට සුදුසු, සංවේග උපදවන මේ තැන් සතරෙකි. කවර දතරෙක් ද? යත්:

    ඔයාකාරයෙන් තමයි මේ ස්ථාන සතර දේශනා කරන්නෙ.

    --

    ගෞතම බුදු හාමුදුරුවො වීර්යාධික බුදු කෙනෙක් කියලයි මම අහලා තියෙන්නෙ. අවුරුදු හයක් දුශ්කරක්‍රියා කරන්නෙ ඒ නිසයි. අනික මේ බුද්ධ සාසනය විනය සහිත සාසනයක් නිසාලු මේ තරම් කල් පිහිටන්නෙ. විනය නීති නැති සාසනත් තියෙනවලු ඒවා බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ අතුරුදහන් වෙනවලු.

    --

    මුන්ට ඉන්දියාවත් එක්ක මොකක් හරි ඇරියස් එකක් තියෙනව.

    ඉන්දියාවත් එක්ක ඇරියස් එකක් සිංහල බෞද්ධ විඥානයෙ සෑහෙන කාලෙක ඉඳන් තියෙනවා, අපිට ඒ කාලෙ ඉඳන්ම ආපු ආක්‍රමණ නිසා වෙන්න ඕනෙ. ඒත් දඹදිවත් එක්ක එහෙම තරහක් නෑ.
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    නිවැරිදි පරිවර්තනය තියෙන්නේ අටුවාවේ.

    ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,

    1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
    http://maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16
    2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
    http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16
    3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
    http://maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16
    4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
    http://maps.google.com/maps?q=6.633791,80.875546&hl=en&t=h&z=16
    සියල්ල අනිත්‍යයි වදාළ උන්වහන්සේ මේ ස්ථාන හතර වන්දනා නොකොට මාර්ගඵල ලැබිය නොහැක කීම පට්ට පල් බොරුවක්. ස්ථානීය වන්දනාවක් කොතනකදී වත් අනුමත කරලා නෑ, ධර්මය අනුව එහෙම කල වන්නත් බෑ. ඔව්වා කර තියාගෙන අදහනවට වැඩිය ධර්මයේ හැසිරෙන එක උතුම්. කොටින්ම හතර පෝයට සිල් අරගෙන ඕන බලු වැඩක් පාපයක් දියකර හරින්න පුළුවන්වගේ ගොබ්බ කතාවක් තමයි මේ කියන්නෙත්...

    පුරාවිද්‍යාවට මුවා වෙලා අර බුදුන් බුදු උනා කියලා ස්ථානයක් නම් කරපු එකාලා නේද මේ කිරියෙත් රඟන්නෙ...?
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    දැක් සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරක් දක්වලා තියෙනවා, ඒත් නිවන් අවබෝධයට ඒක අනිවාර්යයි කියලා නෑ
    බුදුවරයෙක් කියන්නේ නෑ සතර ස්ථාන දැකලා අඩන්නයි කියලා :no:
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    බුදුවරයෙක් කියන්නේ නෑ සතර ස්ථාන දැකලා අඩන්නයි කියලා :no:
    එහෙම නෙමෙයි කලින් විස්තර වලින් තේරෙන්නෙ, ඒ දැක වන්දනාමාන කර නොගෙන මාර්ගඵලයකට එන්න බෑ... නැත්නම් අමාරුයි වගේ එකක්. ඒක පට්ට කැතයි, බුදුන් ගැන් මගේ විශ්වාසයට, ඒ ධර්මය අනුව යන්න මට පන්සලකට වත් යන්න අවශ්‍ය නෑ... සංස්කෘතික වටිනාකමක් මිසක ඒ දේවල වෙන ගත යුත්තක් නෑ...
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    එහෙම නෙමෙයි කලින් විස්තර වලින් තේරෙන්නෙ, ඒ දැක වන්දනාමාන කර නොගෙන මාර්ගඵලයකට එන්න බෑ... නැත්නම් අමාරුයි වගේ එකක්. ඒක පට්ට කැතයි, බුදුන් ගැන් මගේ විශ්වාසයට, ඒ ධර්මය අනුව යන්න මට පන්සලකට වත් යන්න අවශ්‍ය නෑ... සංස්කෘතික වටිනාකමක් මිසක ඒ දේවල වෙන ගත යුත්තක් නෑ...
    මහා පරිනිබ්බාන සූත්‍රයේ සංවේගය උපදවාගන්නයි කියලා තියන කොටස හොදින් කිහිප පාරක් කියවන්න..(සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටකය බලන්න. මහමෙව්නා ත්‍රිපිටකය නම්බොරුවක්.)තමන්ටම තෙරෙයි සතර ස්ථාන වල වැදගත්කම .සද්දස්ස කුලපුත්‍රයන්ටයි ඒ ස්ථාන වලට එන්නයි කියන්නේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න..ඒකයි බුදු අණ...

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    “නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිසට අයෝග්‍යවූ, අප්‍රසිද්‍ධවූ, පිටිසර මිලේච්ඡ ජනපදයෙක්හි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ පස්වෙනි අකාලයයි.

    මේ දේශනා කරලා තියෙන්නෙ කෙනෙක් බාහිර සබඳතා නැති, පිටිසර, කැලෑ බද ප්‍රදේශයක ඉපදුනොත් ඒ නිසා ඔවුන්ට බ්‍රහ්මචරියාව රකින්න බෑ කියලා, කැලෑ ගම් වල කොහොමද පරපණ නොනසා ජීවත් වෙන්නෙ. බ්‍රහ්මචරියාව රකින්න නම් ඒකට ගැලපෙන පරිසරයක උපදින්න ඕනෙ. (තපසට යාම වෙනම කාරණයක්.) බොධිසත්ත්වයෝ පස් මහා බැලුම් බලන්නෙත් මේ හේතු නිසා තමා, අර නියැන්ඩතාල් කාලෙ (පරිණාමවාදය ඇත්තයි කියලා හිතුවොත්) බෝධිසත්තවයෝ පහල උනා නම් පණ රැක ගන්න ක්‍රමයක් හොයනවා මිසක් සසර දුක් නිවන්න කල්පනා වෙන්නෙ නෑනෙ.

    “නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, .... බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම මධ්‍ය ජනපදයෙහි උපන්නේ වේද, (එසේද වුවත්) හෙතෙම මිත්‍යා දෘෂ්ටිකයෙක් වූයේ, දුන් දේ පල නැත, යාග කළ දේ පල නැත, හෝම කල දේ පල නැත, කුශලාකුශල ධර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතිකවූ (දිව්‍ය බ්‍රහ්මාදී) සත්ත්‍වයෝ නැත. මේ ලෝකයෙහි සම්‍යක් මාර්‍ගයෙහි ගමන් කරන්නාවූ යහපත් ප්‍රතිපත්තියෙන් යුක්තවූ, මෙලොව පරලොව ගැන තමා විසින්ම විෂිෂ්ට ඥානයෙන් අවබෝධ කොට දේශනා කරන්නාවූ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝද නැතැයි විපරීත දෘෂ්ටි ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ හයවෙනි අකාලයයි.

    මෙතන මධ්‍ය ජනපදයයැයි කියන්නෙ රටක් හෝ ප්‍රදේශයක් නෙමෙයි අර මුලින් කරුණෙ කිව්වා වූ පිටිසර මිලේච්ඡ නොවන ජනපද. මේ කරුණෙ කියන්නෙ එහෙම සුදුසු ප්‍රදේශයක ඉපදුනත් මිත්‍යාදෘශ්ඨික නම් බ්‍රහ්මචරියාවට නුසුදුසුයි කියන එක.

    --

    ආනන්ද හාමුදුරුවො විමසන්නෙ මාර්ග ඵල ලබන හැටි නෙමෙයි. (බුදු හාමුදුරුවො බුදු වූ දා පටන් දේශනා කලේ ඒ මාර්ගය නෙ).

    “වහන්ස, පෙරැ ඒ ඒ දෙසැ වස් වුසූ භික්‍ෂුහු තථාගතයන් වහන්සේ දක්නට එත්. අපි මෙත් බවුන් විසින් සිත් වඩනා (සමාධිය වඩනා) ඒ භික්‍ෂූන් දක්නට ලබම්හ, එළැඹැ පිළිදග්නට ලබම්හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් ඒ මෙත් බවුනෙත් සිත වඩනා භික්‍ෂූන් දක්නට නො ලබන්නමු. එළැඹැ පිළිදග්නට නො ලබන්නමු” යි අනඳ තෙරණුවෝ කීහ.

    එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “අනඳයෙනි, සැදැහැවත් කුලපුතක්හට දක්නට සුදුසු, සංවේග උපදවන මේ තැන් සතරෙකි. කවර දතරෙක් ද? යත්:

    ඔයාකාරයෙන් තමයි මේ ස්ථාන සතර දේශනා කරන්නෙ.

    --

    ගෞතම බුදු හාමුදුරුවො වීර්යාධික බුදු කෙනෙක් කියලයි මම අහලා තියෙන්නෙ. අවුරුදු හයක් දුශ්කරක්‍රියා කරන්නෙ ඒ නිසයි. අනික මේ බුද්ධ සාසනය විනය සහිත සාසනයක් නිසාලු මේ තරම් කල් පිහිටන්නෙ. විනය නීති නැති සාසනත් තියෙනවලු ඒවා බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ අතුරුදහන් වෙනවලු.

    --

    ඉන්දියාවත් එක්ක ඇරියස් එකක් සිංහල බෞද්ධ විඥානයෙ සෑහෙන කාලෙක ඉඳන් තියෙනවා, අපිට ඒ කාලෙ ඉඳන්ම ආපු ආක්‍රමණ නිසා වෙන්න ඕනෙ. ඒත් දඹදිවත් එක්ක එහෙම තරහක් නෑ.

    ගෞතම බුදුරජාණන්වහන්සේ ප්‍රඥාධික බුදුවරයෙක්. මෛත්‍රී බෝධිසත්වයෝ තමයි වීර්යාධික බුදුකෙනෙක් විදිහට අනාගතේ බුදු වෙන්නෙත
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    මෙතන මධ්‍ය ජනපදයයැයි කියන්නෙ රටක් හෝ ප්‍රදේශයක් නෙමෙයි අර මුලින් කරුණෙ කිව්වා වූ පිටිසර මිලේච්ඡ නොවන ජනපද.

    "දස බිම්බර මාර සේනා"

    නිර සත්වයෝ වාසය කරන්නේ ලෝකයේ පහලම මට්ටමේ තියෙන ස්ථාන වල. උදාහරනයක් ගත්තොත්, මරියානා ආගදයේ වාසය කරන්නේ නිර සතුන්. මේ අය 24/7 ජිවත් වෙන්නේ අදුරේ. මේ අය විදින්නේ අප්‍රමාණ දුකක්.

    ඕපපාතික බ්‍රාහ්ම සත්වයෝ වාසය කරන්නේ වායුගෝලයේ ඉහලම මට්ටමේ. මීට අමතරව, ඕපපාතික දෙවියෝ වාසය කරන්නේ මුහුදු ම්ට්ටමේ සිට සුලු ප්‍රමානයකට උසකින්.

    එතකොට, නිර සත්වයෝ ජිවත් වෙන්නේ ලෝකයේ පහලම තැන. බ්‍රාහ්මයෝ ලෝකයේ උඩම තැන. මෙහෙම් වෙන්නේ, මොවුන්ගේ මනසේ එකතු වෙලා තියෙන කෙලෙස් සහ බිම්බර ගතිය අතර සංබන්දයක් තියෙන නිසා. එකයි අභින්නා ලාභී මනුෂ්‍යයෙක්ට පුලුවන් තාවකාලිකව කෙලෙස් යටපත් කරලා ඕපපාතික බ්‍රාහ්මයෝ වගේ උඩින් යන්න. "ඉර්ධි බලය" කියන්නේ මේකට.

    උද්ධම්භාගිය සංයෝජන (මේවා තියෙන සත්වයන්ගේ බිම් බර ගතිය අඩුයි - එකයි බ්‍රාහ්මයෝ උඩ පාවෙන්නේ)
    • රූපරාග
    • අරූපරාග
    • මාන
    • උද්ච්ච
    • අවිඡ්ජා
    ඕරම්භාගිය සංයෝජන (මේවා ඇති සත්වයන්ට බිම් බර ගති වැඩියි - එකයි නිර සතා ලෝකේ පහලම තැන ඉන්නේ)
    • සක්‌කාය දිට්‌ඨි
    • විචිකිච්ඡා
    • සීලබ්බත පරාමාස
    • කාමරාග
    • පටිඝ
    සත්වයා "මම" සහ "මගේ" කියලා 10 අකාරකයට පංච-ස්කන්දය උපාදානය කරනවා. බුදුන් වහන්සේ ගුරුත්වාකර්ශනයට කිවුවේ බිම්බර ගතිය කියලා.

    බිම්බර ගතිය -> ගුරුත්වාකර්ශනය

    එතකොට දස බිම්බර මාර සේනා කිවුවේ 10 අකාරකයට පංච-ස්කන්දය උපාදානය කරගෙන බිම්බර ගතිය වැඩි කර ගන්න එක. මේවා වැඩියෙන්ම කරන නිර සත්වයන්ගේ බිම් බර ගතිය වැඩි ඒකයි.

    දස බිම්බර මාර සේනා = (මම x පංච-ස්කන්දය) + (මගේ x පංච-ස්කන්දය)

    එතකොට "මාරයා" කියන්නේ සත්වයෙක් නොවේ - සංකල්පයක්.

    චක්‍රාවාට

    මේ විශ්වයේ තිවෙනවා ගණන් කරන්න බැරි තරම් චක්‍රාවාට (සක්වල). චක්‍රාවාට කියන්නේ සුර්යා කේන්ද්‍ර කරලා කැරකෙන ග්‍රහ ලෝක මණ්ඩල.

    මේවයින් සමහර චක්‍රාවාට තියෙනවා මනුෂ්‍යයෝ ඇතුලු සත්ව කොටස් 31ම වාසය කරන ඒවා. සත්වයෝ වාසය කරන ග්‍රහ ලෝකයේ තියනවා බිම්බර අඩුම පලාතක්. බිම්බර අඩු නිසා මේ පලාත කෙලෙස් දුරු කිරීමට උපයෝගී වෙන්වා.

    එකයි බුදුවරු මේ ධර්මතාවය උපයෝගී කරගෙන මේ පළාතේ බිහි වෙන්නේ. "මධ්‍ය මණ්ඩලය" කියන්නේ මේ පළාතට. අප වාසය කරන පෘතුවියට අයිති මධ්‍ය මණ්ඩලය කියන්නේ මෙතැන. (තද නිල් පාටින් එලි දක්වන ප්‍රදේශය).

    බුදුන් වහන්සේ ලෝකයට අයිති ප්‍රදේශ මේ ආකාරයට වෙන් කලා.
    • සුනා පරන්තය -> (මෙවෙනි දුර ප්‍රදේශ වල ජිවත් වන අයට මාර්ග එල ගැන දන්නෙත් නැහැ - දැන සිටියත් එන්නෙත් නැහැ, මේවා ඇමෙරිකාව, කැනඩාව වගේ ප්‍රදේශ)
    • අපරන්තය -> (මෙවෙනි ප්‍රදේශ වල අය මාර්ග එල ගැන දැන දන්නවා - නමුත් මාර්ග එල සදහා මධ්‍ය මණ්ඩලය වෙත පැමිණිය යුතුයි. මේවා තායිලන්තය, බුරුමය වගේ ප්‍රදේශ)
    • මධ්‍ය මණ්ඩලය -> (මේ ප්‍රදේශයේ ජිවත් වන අයට විතරයි මාර්ග එල උපතින්ම තියෙන්නේ. බුදුවරු සහ සක්විති රජ වරු බිහිවෙන්නේ මෙතන විතරයි - ලංකාව)
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    Nothing Special, I am just posting this for sj91 history Professor and other PhD in history

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    149977296_3705239952895856_5842588492391232253_o.jpg

    සිරිපාද කන්දට තමයි හිමාලය කියලා තිබුණේ අපේ පැරණි කවිවලත්.හැමදාම වගේ එලිවෙන සාක්ෂි වලින් පෙනී යන්නේ සිදුහත් කුමරු ඉපදුනේ ලංකාවේ කියලයි.🙏🙏🙏
    ඔබතුමාට ආදිවාසීගේ භාශාව හා මාගදී භාශාවෙ වචන අතර සම්බන් දය පෙන්වන වචන තියෙන මොකක් හරි ලියවිල්ලක් share කරන්න පුලුවන්ද