"දස බිම්බර මාර සේනා"
නිර සත්වයෝ වාසය කරන්නේ ලෝකයේ පහලම මට්ටමේ තියෙන ස්ථාන වල. උදාහරනයක් ගත්තොත්,
මරියානා ආගදයේ වාසය කරන්නේ නිර සතුන්. මේ අය 24/7 ජිවත් වෙන්නේ අදුරේ. මේ අය විදින්නේ අප්‍රමාණ දුකක්.
ඕපපාතික බ්‍රාහ්ම සත්වයෝ වාසය කරන්නේ වායුගෝලයේ ඉහලම මට්ටමේ. මීට අමතරව, ඕපපාතික දෙවියෝ වාසය කරන්නේ මුහුදු ම්ට්ටමේ සිට සුලු ප්‍රමානයකට උසකින්.
එතකොට, නිර සත්වයෝ ජිවත් වෙන්නේ ලෝකයේ පහලම තැන. බ්‍රාහ්මයෝ ලෝකයේ උඩම තැන. මෙහෙම් වෙන්නේ, මොවුන්ගේ මනසේ එකතු වෙලා තියෙන කෙලෙස් සහ
බිම්බර ගතිය අතර සංබන්දයක් තියෙන නිසා. එකයි අභින්නා ලාභී මනුෂ්‍යයෙක්ට පුලුවන් තාවකාලිකව කෙලෙස් යටපත් කරලා ඕපපාතික බ්‍රාහ්මයෝ වගේ උඩින් යන්න. "ඉර්ධි බලය" කියන්නේ මේකට.
උද්ධම්භාගිය සංයෝජන (
මේවා තියෙන සත්වයන්ගේ බිම් බර ගතිය අඩුයි - එකයි බ්‍රාහ්මයෝ උඩ පාවෙන්නේ)
- රූපරාග
- අරූපරාග
- මාන
- උද්ච්ච
- අවිඡ්ජා
ඕරම්භාගිය සංයෝජන (
මේවා ඇති සත්වයන්ට බිම් බර ගති වැඩියි - එකයි නිර සතා ලෝකේ පහලම තැන ඉන්නේ)
- සක්කාය දිට්ඨි
- විචිකිච්ඡා
- සීලබ්බත පරාමාස
- කාමරාග
- පටිඝ
සත්වයා "මම" සහ "මගේ" කියලා 10 අකාරකයට පංච-ස්කන්දය උපාදානය කරනවා. බුදුන් වහන්සේ ගුරුත්වාකර්ශනයට කිවුවේ
බිම්බර ගතිය කියලා.
බිම්බර ගතිය -> ගුරුත්වාකර්ශනය
එතකොට දස බිම්බර මාර සේනා කිවුවේ 10 අකාරකයට පංච-ස්කන්දය උපාදානය කරගෙන බිම්බර ගතිය වැඩි කර ගන්න එක. මේවා වැඩියෙන්ම කරන නිර සත්වයන්ගේ බිම් බර ගතිය වැඩි ඒකයි.
දස බිම්බර මාර සේනා = (මම x පංච-ස්කන්දය) + (මගේ x පංච-ස්කන්දය)
එතකොට "මාරයා" කියන්නේ සත්වයෙක් නොවේ - සංකල්පයක්.
චක්‍රාවාට
මේ විශ්වයේ තිවෙනවා ගණන් කරන්න බැරි තරම් චක්‍රාවාට (සක්වල). චක්‍රාවාට කියන්නේ සුර්යා කේන්ද්‍ර කරලා කැරකෙන ග්‍රහ ලෝක මණ්ඩල.
මේවයින් සමහර චක්‍රාවාට තියෙනවා මනුෂ්‍යයෝ ඇතුලු සත්ව කොටස් 31ම වාසය කරන ඒවා. සත්වයෝ වාසය කරන ග්‍රහ ලෝකයේ තියනවා
බිම්බර අඩුම පලාතක්. බිම්බර අඩු නිසා මේ පලාත කෙලෙස් දුරු කිරීමට උපයෝගී වෙන්වා.
එකයි බුදුවරු මේ ධර්මතාවය උපයෝගී කරගෙන මේ පළාතේ බිහි වෙන්නේ. "
මධ්‍ය මණ්ඩලය" කියන්නේ මේ පළාතට. අප වාසය කරන පෘතුවියට අයිති
මධ්‍ය මණ්ඩලය කියන්නේ මෙතැන. (තද නිල් පාටින් එලි දක්වන ප්‍රදේශය).
බුදුන් වහන්සේ ලෝකයට අයිති ප්‍රදේශ මේ ආකාරයට වෙන් කලා.
- සුනා පරන්තය -> (මෙවෙනි දුර ප්‍රදේශ වල ජිවත් වන අයට මාර්ග එල ගැන දන්නෙත් නැහැ - දැන සිටියත් එන්නෙත් නැහැ, මේවා ඇමෙරිකාව, කැනඩාව වගේ ප්‍රදේශ)
- අපරන්තය -> (මෙවෙනි ප්‍රදේශ වල අය මාර්ග එල ගැන දැන දන්නවා - නමුත් මාර්ග එල සදහා මධ්‍ය මණ්ඩලය වෙත පැමිණිය යුතුයි. මේවා තායිලන්තය, බුරුමය වගේ ප්‍රදේශ)
- මධ්‍ය මණ්ඩලය -> (මේ ප්‍රදේශයේ ජිවත් වන අයට විතරයි මාර්ග එල උපතින්ම තියෙන්නේ. බුදුවරු සහ සක්විති රජ වරු බිහිවෙන්නේ මෙතන විතරයි - ලංකාව)