හිමි නැති පෙමකට - සුන්දර ගීතයට පුන්චි කතාව&#3

Dec 27, 2013
20
1
0
හිමිනැති පෙමකට




අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද? ඒත් ජිවිතේ හුගක් වෙලාවට ඒක එහෙම වෙන්නේ නැ....හුගක් වෙලාවට අපිට අපේම වෙන්න තියන දේවලුත් අපිම කරන වැරදි නිසා,අපිම ගන්න වැරදි තීරණ නිසා අපිට නැති වෙලා යනවා.....පස්සේ පසු තැවෙනවට වඩා හුගක් හොද හොද හරි තිරණය ගන්න එකයි.....මොකද සමහරක් නැති වෙන දේවල් නැති වෙන්නේ අන්තිම පාරට වෙන්න පුළුවන් නිසා... මොකද ආයිත් නැති වෙන්න ඒ දේම ආයිත් අපිට හම්බ නොවෙන්න පුළුවන්නේ......
එක වෙලාවකට හිතෙනවා හිමි ඇති,හිමි නැති කියන මේ සංකල්ප දෙක මොන එහෙකකට මේ ලෝකෙට ආවද කියලා. නැත්නම් මේ තරම් හිමි නැති කියන එක මගෙ හිතට වධ දෙන්නේ නැනේ...... ඒත් ඒක එහෙම තමයි....

ජිවිතේ අපි තේරුමක්,ඉදිරියක් ගැන හරි බලාපොරොත්තුවක් නැතත් සමහර අය වෙනුවෙන් බලා ඉන්නවා,දුක් වෙනවා,සිනහා වෙනවා, අඬනවා....ඒ ඇයි කියන්න මම දන්නේ නැ.... අඩුම තරමේ මම දන්නේ නැ මගේ හිතේ මේ තියන දේට කියන්නේ ආදරයමද කියලවත්... සමහර විට ඒක එහෙම වෙන්න ඇති...මට ඒක තේරෙන්නේ නැත්තේ මම ආදරයට කෝඩුකාර නිසා වෙන්න ඇති....සමහර විට ඒක එහෙම කියලා මට තේරුනත් මගේ හිත ඒක පිළිගන්න කැමැත්තක් නැතිව ඇති.මොකද මම,මගේ හිත, ආදරයට ඒ තරම් කැමැත්තක් නැ... ඒක ඔයත් දන්නවනේ...ඒ නිසා ඒක මටත් නොදැනිම මගේ හිත මගෙන් හංගනවා වෙන්න ඇති.... ඔයාට මම නොකියා හිටියත් මගේ හිත හැමදාම කියන්නේ ඔයා,ඔයාගේ ලෝකේ,ඔයාගේ ආදරය මට හිමි නැ කියලා.....ඒක අයිති වෙන කෙනෙක්ට කියලා.....එකයි මුළු ලෝකෙන්ම මට මේ තරම් දුකක්,කවදාවත් අහන්න නොලැබුන කතා අහන්න වෙන්නේ කියලා.... මම දන්නවා ඔයා මට හුගක් ආදරෙයි කියලා.ඔයා වගේම මම නොදන්නවා උනාට මමත් ඔයාට හුගක් ආදරේ ඇති....ඒත් මගේ හිත ඒක තාමත් පිළිගන්න කැමැත්තක් නැත්නම් කියන්න මම එතකොට මොනාද කරන්නේ කියලා..... ඇත්ත.... අපිට කතා හදන මුලු ලෝකයමත් කියාවි මම මහ පවු කාරයෙක් කියලා.මම මටම සමාව දෙන එකකුත් නැ සමහර විට. සමහර විට මේක හෙන පිස්සුවක් වෙන්නත් පුළුවන්.හිමි වෙන්න පුළුවන් දෙයක් හිමි නැ කියලා හිතින් හිතන් බොළද විදියට හඬන ඒක.ඒත් මම මොනා නම් කරන්නද ආදරයක් තිබුනා හෝ නැතා මගේ මෝඩ හිත ඒක මගහරිනකොට,ඒක පිළිගන්න කැමැත්තක් නැති වෙනකොට,මටත් වඩා ආදරයට මගේ හිත මේ තරම් බය වෙන කොට....ඒක වෙලාවකට මේවා හිතද්දී මට හිතෙනවා මට පිස්සු කියලත්......

ඔවු ඇත්ත .....ඔයා දන්නවද?? ඔයා මට කිවුවා වගේම මටත් ඔයාට කියන්න දස දහසක් දේවල් තියනවා......සමහර විට ඔයාට හිතාගන්නත් බැරි තරම් ගොඩක් වෙන්න පුළුවන් ඒ දේවල්.....කොච්චරනම් දේවල් තියනවද ඔයාට කියන්න,ඔයාගෙන් අහන්න,ඔයත් එක්ක බෙදාගන්න....මමත් කැමැති දවසක ඔයාව හමු වෙලා නිදහසේ ඔයාට මගෙ හිතේ තියන මගෙ සිතුම් පැතුම්,මගෙ බලාපොරොත්තු,මගෙ හැගීම් කියන්න ඔයත් එක්ක බෙදාගන්න....එතකොට සමහර විට මේ දේවල් මෙහෙම නොවී වෙනස් වෙන්නත් පුළුවන්...එත් මම කොහොම නම් එන්නද ඔයා ලගට ගෙවෙන ගෙවෙන හැම දිනකම හමු වෙන හැම ඇසක්ම අප දෙදෙනාටම යොමු වෙලා තියෙද්දී.....මම දන්නේ නැ,මට තේරෙන්නේ නැ මගෙ හිතේ තියන මේ හැගීම ආදරයමද කියලා....සමහර විට එක එහෙම නොවෙන්න පුළුවන්..... ඒ වගේම ඔයාට තේරෙන්නේ නෑ මගෙ අසරණකම,මගෙ බය, ඔයාට තියා මටවත් තේරෙන්නේ නැ ඇයි මේ කියලා....සමහර විට ඒ මගෙ හැටි වෙන්න ඇති....එත් ඔයා දන්නවද මේ දේ නිසා මම හිතින් කොච්චරනම් දුක් විදිනවද කියලා......සමහර විට ඔයාට හිතාගන්නවත් බැරි තරම් වෙන්න ඇති....

මට එක වෙලාවකට හිතෙනවා මගේ හිත මට මොනා කිවුවත්,පිට ලෝකය මොනා කිවුවත් ඔයා ලගට,ඔයාගේ ලෝකෙට පියාබගෙන එන්න. ඒත් එක වෙලාවකට හිතෙනවා මට අත්ත‍ටු ලැබුනත් ඔයාට අත්ත‍ටු ලැබුනත් මට හැකි වෙයිද කියලා ඔයාගේ ලෝකෙ එලිය කරන්න....සමහර විට මම මම ගැන හිතන් ඉන්න විදිය වැරදි වෙන්න පුළුවන්....ඒත් ඔයාම කියන්න මට මෙහෙම විකාර හිතෙනවනම් මම මොනා නම් කරන්නද කියලා....මටවත් තේරෙන්නේ නැ මම ගැන ඇයි මමම මේ විදියට හිතෙන්නේ කියලා. මගෙ හදවත ඇතුලෙ ඇති වෙන සිතුවිල්ලට මමම වැට බැඳගන්නේ ඇයි කියලා. සමහර විට අවට ලෝකයට මගේ ඇති බය නිසා වෙන්න ඇති... ඒත් මට ඒ කිසිම දෙයක් තේරෙන්නේ නැ....බලන්න ඒ අයගේ ඇස්.... ඒවා අපිට අපි දිහා බලන් ඉන්නවත් ඉඩ දෙන්නේ නැ...ඒ ඇස් අපි දිහාවෙමයි රැඳිලා තියෙන්නේ. ඒ නිසා මගේ හිතේ උපදින දහසක් සිතිවිලි මගේ හිතේම මියදිලා යනවා....සමහර විට ඒ මම ඒවාට හුරු කෙනෙක් නොවන නිසා වෙන්න ඇති...මොනා කරන්නද ඉතිං... මේ තමා මගේ හිත...අපිට අපේ වෙන්න බැරි නම් අඩුම ගානේ අපි ඈතින් ඉඳන් සිනහ වත් වෙමු....එයින් සැනසෙන්න මිස එතනින් එහා දෙයක් අපිට කියලා තියෙයිද???සමහර විට එකට උත්තරෙත් මම ලඟම වෙන්න පුළුවන් තියෙන්නේ.....අපි බලමු..... ඒක එහෙම වෙයිද නොවෙයිද කියලා අපිට අපේ ජිවිතම කියලා දෙයි....

=== || === || === || === || === || === || === || === || === || === || === || ===|| === || === ||

ටිකක් වෙනස් විදියක කතාවක්....සාපේක්‍ෂව හිතද්දී දෙපැත්තෙන්ම හිතන්න එපැයි...සමහර විට(සමහර විට සමහර විට නෙමේ සම්පුර්ණයෙන්ම වෙන්නත් පුළුවන්)මේ හිතපු විදිය වැරදි වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට මේ කතාව ඒ තරම් මේ සිංදුවට ගැලපෙන විදියට සාර්ථක නොවෙන්නත් පුළුවන්....මොකද සමහර සමහර දේවල් හිමි උනත් නැති උනත් අපි අපේ ජීවිතයට, අපේ ලෝකයට සදාරනිකරණය කරලා හිතන්නනේ හුගාක්ම කැමති...... එහෙම බැලුවමනම් මෙහෙම හිතෙන එකේ වැරැද්දක් නැ......කොහොම උනත් මේ සිංදුව මම හුගක් ආස කරපු එකක්... ලගකදී මගෙ මිතුරියකගේ පොතක පිටිපස්සේ ලියලා තියනවා දැකලා ආයිත් අහන්න හිතුනා....ආයිත් ආයිත් හුගක් හුගක් ඇහුවා..... පස්සේ දන්නෙම නැතිව මේකත් ලියවුණා......නිකන්ම ලියවුන නිසා සාදාරණ අසාදාරණය,ගැළපීම,ඇත්ත නැත්ත කෙසේ වෙතත් එහෙම්මම දාන්න හිතුනා.....ඒකයි වැඩිය නොහිතා ගෙඩිය පිටින්ම දැම්මේ...... ඔයාලත් අහලා බලන්න..... සමහර විට මගේ ලෝකයට සාදාරනීකරණය කරලා ලියවුනු කතාව ඔයාගේ ලෝකෙටත් සාදාරණ වෙන්න පුළුවන්......

හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට
සිත මගෙ බොලඳ වෙලා
අන් සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා...

කියා ගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනි වී
හමු වන්නට බෑ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අපවෙත යොමු වී...

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්ත‍ටු නැතිද මැවී
වරම් නොවේ මට ඔබ හමු වන්නට
ඈතින් හිඳ හිනැහෙනු මැනවී...

ගත්තෙ මෙතනින් : http://magelokaya-dil.blogspot.com/2013/11/05.html
Credit goes to the writer....
=== || === || === || === || === || === || === || === || === || === || === || ===|| === || === ||


මචන් මේ කතාව මට post කරන්න හිතුනෙ මේකත් මගේ ජීවිත කතාව වගේ නිසා.සින්දුව නෙවෙයි, කතාව.එයාව මම අන්තිමට දැක්කෙ O/L results ආපු සතියෙ,සිකුරාද දවසක.අද වගේ මතකයි මට.ඒත් දැන් A/L රිසාල්ට්සුත් ඇවිල්ල ඉවරයි.තාමත් මගෙ හිතේ ඉන්නේ එයා විතරමයි.දැන් අවුරුදු 4ක් වෙනව.වෙන කෙල්ලෙක් දැක්කොත් මම අහක බලාගන්නව.පොඩ්ඩක් හරි එය වගේ කෙල්ලෙක් දැක්කොත් දහ සැරයක් විතර බලනව මම...වැරදිලාවත් එයාද කියල.ගමනක් ගියත් මම හිතන්නෙ වැරදිලා හරි එයාව හම්බවෙයි කියල.මම නවකතාවක් කියෙවුවත් ඒකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ එයා.සමහරවෙලාවට මවාගන්න අමාරුයි,අන්තිමට දැකලත් ගොඩක් කල් නිසා.ඒත් මම කොහොම හරි මවාගන්නව.උඹල සමහරවිට හිතයි මම අන්ත බොළඳ මෝඩ චරිතයක් කියල.ඒත් හිතේ හැටි එහෙමනම් මම මොනව කරන්නද?...අමතක කරන්න බැරි දේවල් ගොඩක් තියනව,හැමදාම මම හිත හිත විඳවන.අඩුම ගානෙ එයා හිත හදාගෙනද කියලවත් දැනගන්න පුලුවන්නම්...එතකන් මම මෙහෙමම විඳවයි.....:(


 
Last edited:
  • Like
Reactions: djminuka

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආදරය සුන්දරයි තමයි ඒත් ඒ ආදරය අහිමිවීම ඊට වඩා ගොඩාක් බයානකයි ,,,
    හිත හදාගන්න යාළුවා
    ඒ ඔයාට හිමි ආදරය නෙවෙයි.
    ඔහොම එක සිතින්ම ඉන්න ,,,
    ඔයාගේ සැබෑ ආදරය ඔයාට අනිවාර්යෙන්ම මුණගැසේවි...
    :)
     
    Dec 27, 2013
    20
    1
    0
    :(

    ආදරය සුන්දරයි තමයි ඒත් ඒ ආදරය අහිමිවීම ඊට වඩා ගොඩාක් බයානකයි ,,,
    හිත හදාගන්න යාළුවා
    ඒ ඔයාට හිමි ආදරය නෙවෙයි.
    ඔහොම එක සිතින්ම ඉන්න ,,,
    ඔයාගේ සැබෑ ආදරය ඔයාට අනිවාර්යෙන්ම මුණගැසේවි...
    :)

    thx saho.eth eya mage kenanam...thaamath man gana hithanawanam.aparade neda?... :(
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගොඩක් අයට ඔය වගේ ආදරයක් තිනවා එත් ඒ ආදරේ තමන්ගේම කර ගන්න වාසනාව තින්නේ බොහොම ටික දෙනෙකුට විතරයි.
    එත් ජිවිත කාලෙටම අමතක වෙන්නේ නැහැ ලෝකෙට අමතක වෙලා වගේ පෙන්නුවට
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගොඩක් අයට ඔය වගේ ආදරයක් තිනවා එත් ඒ ආදරේ තමන්ගේම කර ගන්න වාසනාව තින්නේ බොහොම ටික දෙනෙකුට විතරයි.
    එත් ජිවිත කාලෙටම අමතක වෙන්නේ නැහැ ලෝකෙට අමතක වෙලා වගේ පෙන්නුවට
    :yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    [Q.වෙන කෙල්ලෙක් දැක්කොත් මම අහක බලාගන්නව.පොඩ්ඩක් හරි එය වගේ කෙල්ලෙක් දැක්කොත් දහ සැරයක් විතර බලනව මම...වැරදිලාවත් එයාද කියල.ගමනක් ගියත් මම හිතන්නෙ වැරදිලා හරි එයාව හම්බවෙයි කියල.මම නවකතාවක් කියෙවුවත් ඒකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ එයා.සමහරවෙලාවට මවාගන්න අමාරුයි,අන්තිමට දැකලත් ගොඩක් කල් නිසා.ඒත් මම කොහොම හරි මවාගන්නව.උඹල සමහරවිට හිතයි මම අන්ත බොළඳ මෝඩ චරිතයක් කියල.ඒත් හිතේ හැටි එහෙමනම් මම මොනව කරන්නද?...අමතක කරන්න බැරි දේවල් ගොඩක් තියනව,හැමදාම මම හිත හිත විඳවන.අඩුම ගානෙ එයා හිත හදාගෙනද කියලවත් දැනගන්න පුලුවන්නම්...එතකන් මම මෙහෙමම විඳවයි.....:([/FONT][/COLOR]


    කොච්චර සීරියස් වෙන්න හදුව්ත් මේවගේ බොලද චරිතයක් ගොඩක් උන්ගෙ ඇගේ ඉන්නව බන් ..
    සමහර විට eඒ බොලද චරිතෙ තමා එ මිනිහව ලස්සන කරන්නෙ ..
    කවදාවත් හම්බව්න්නෙ නෑ කියල දැන දැනම ඒ දේට ආදරේ කරන උන් ගොඩක් ඉන්නව බන් ........
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    කොච්චර සීරියස් වෙන්න හදුව්ත් මේවගේ බොලද චරිතයක් ගොඩක් උන්ගෙ ඇගේ ඉන්නව බන් ..
    සමහර විට eඒ බොලද චරිතෙ තමා එ මිනිහව ලස්සන කරන්නෙ ..
    කවදාවත් හම්බව්න්නෙ නෑ කියල දැන දැනම ඒ දේට ආදරේ කරන උන් ගොඩක් ඉන්නව බන් ........
    [/QUOTE]

    :yes: :yes: :yes: :yes: :yes: :baffled: