ඇත්තටම ලංකාවේ හිරගෙවල් වල ඔය දූෂණ නඩු, අපචාර සීන් වලට එහෙම උන්ව හිරේ දැම්මම ඒකේ ඉන්න උන් මොනවද කරන්නෙ... XD..
(අර ටික්ටොක් ඩයල් එකක් අපචාර නඩුවකට හිරේ දාපු එකත් එක්ක කුතුහලයක් ආවේ)
ඇට 00 ලාච්චුවේ දාන, Homo Seen එහෙම වගේ අහලා තියේ.. අත්දැකීම්
, දැනුම තියෙන කෙනෙක්
විස්තරයක් බෙදාගන්න නොදන්න පිරිසත් එක්ක
අවුරුදු ගානකට කලින් වැලිකඩ විසිට් එකක් ගියා. Function වෙන විදිය බලන්න.
ටොයිලට් වල දොරවල් නැහැ. කොලු සීන් නිසා..
කෑම හදන්නෙ අන්තිම ජරා විදියට. පිගන් නැහැ. ප්ලාස්ටික් අයිස්ක්‍රීම් පෙට්ටි වල කන්නෙ.
රෑට හිර පාන් කියලා පොඩි පාන් කෑලි දෙකක් විතරයි.
පහට ඇතුලට දාලා ලොක් කරනවා. පැක් වෙලා ඉන්නෙ.
බොක දාන්නෙ සෙල් එක ඇතුලෙම බාල්දි වලට. උදේ හයට ඇරියට පස්සෙ ගිහින් බොක වලට දාන්නෙ.
රෑට බොක බාල්දිය කකුලෙ වැදුනොත් ගූ නාගෙන උදේ වෙනකන් ඉන්නෙ.
හුගක් එවුන් පන්සලේ චෛත්‍යය ලග අඩ අඩ ඉන්නවා දැකලා තියෙනවා.
ලෑන්ඩ්ස්කේපින් ලස්සනට කරලා තියෙනවා.
ඇතුලෙ වැඩපලවල් තියෙනවා. දවසට ශත ගානක පඩියක් ගෙවනවා.
මරණ දඩුවම් නියම කරපු එවුන්ව දවසට පැයක්ද කොහෙද එලියට ගන්නවා ඉර අව්ව තපින්න.
ගහගෙන මාට්ටු වුනොත් කුනු කානුවක් ඇතුලෙ හදපු සෙල් එකක් තියෙනවා. ඒකට දානවා.
නාන්න විනාඩි පහක් දහයක් වතුර දෙන්නෙ. ගණන් කරලා බාස්කට් එකෙන් වතුර දාගන්නෙ.