හිතේ අමාරුවක් ඇති මචන්. එලෙව්වනේ. මේකේ රෙදි නැතුව කඩේ ගියපු එවුනුත් සමාවෙන්න කියපු ගමන් උඩ දාගන උන්ව පිලිගන්නවා නම් මුන්ව එලොපු එක මම පිළිගන්නේ නැහැ. පොඩ්ඩක් බලපන් තිස්ස ජනනායකය. දැන් උනුත් උපදදෙස් දෙනවා අරගලේට. හිතපන්කෝ ඉතින්.ඒක හරි.. ඒත් මෙතන මෙයා මොකද්ද කරන්න කියන්නේ.
මට තේරුන විදියට මෙතන හිරුනිකා කතාකරේ දේසපාලුවන්ගේ පැත්තේ ඉදන්. . දේසපාලුවන්ට සමාජයේ නැතිවෙලායන පිලිගැනීමට විරුද්දව. උන් ඒ පිලිගැනිමට ආසයි.
ඕන එකෙක්ට විරෝදතා වලට එන්න පුලුවන් . ඒක නවත්තන්න ඕන නෑ.
මෙයා කියපු සමහර දේවල් නම් ගැපෙන්නේ නෑ.. ප්රචන්ඩ වෙන්න එපා කියපු එක හරි. ඒක කියල වයලන්ස් නැතුව ටිකක් විනෝදෙන් කරපු උන්ට කියනව “ඕව මොන විරෝදතාද” කියල.. මෙයාට පොඩි හිතේ අමාරුවට කරපු කතාවක් කියල මටනම් තේරුනේ..
විනෝදෙන්ම කරනවා කියන සින්ච එකට මම උඩින් video එකක් දැම්ම. මට එක දකිද්දී අව්ල් ගියා කියපන්කො. මොකද මාත් උදේ රැලියකට ගිහින් උගුර කඩාගන අවේ. මම වගේ වෙන්න ඕනේ නැහැ. අව්ලක් නැහැ ආතල් ඕනේ. මට හැබැයි අරක දකිද්දී හෙනම අව්ල්. මන් දන්නේ නැහැ ඇයි කියල. උඹත් බලපන්.

