හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

gjey2ejey

Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

    නිදහස් පක්ෂයට හොඳ මිනිසුන් අහිමිව ගිය බවත් දැන් පක්ෂය තුළ ඉතිරිව ඇත්තේ කුඩුකාරයන් එතනෝල් කාරයන් සහ හොර බිස්නස් කාරයන් පමණක් බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පවසයි. තම පියාවන භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේදී පක්ෂය තුළ මුලින්ම නොබියව කතා කළේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රාජිත සේනාරත්න මහතා බව පවසන ඇය ඔවුන් අවංකව පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ පුද්ගලයන් බවද ජනහමුවකදී සඳහන් කළාය.
    එම අවස්ථාවෙදී හිරුණිකා පේමචන්ද්‍ර මෙනවිය වැඩිදුරටත් අදහස් පළ කළ අයුරු
    ‘‘මගේ තාත්තා මරලා දාපු වෙලාවේ පක්ෂය ඇතුලේ කෙලින් බය නැතිව කථා කරපු කෙනා තමයි ත්‍රෛිපාල සිරිසේන මහත්තයා. රාජිත සේනාරත්න මහත්තයත් එහෙමයි අද පක්ෂයේ හොඳ මිනිසුන් නැහැ. දැන් ඉන්නේ කුඞ්ඩන් එතනොල් කාරයන්.
    රජ කරන්නේ දූෂණය වංචාව කොමිස් මිනී මැරුම් මෙන්න මේවට සම්බන්ධ අය විතරයි. අද පක්ෂයට අහිංසක හොද මිනිසුන් අහිමි වෙලා. මේ වෙලාවේ කැඩිලා යන්නේ නැතිව පක්ෂය රැක ගැනීමට උත්සහ කළ යුතුයි ’’


    lankaherald
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    UN{P/ JVP කියපු ගමන් සංදානේ මන්ද බුද්දිකයන්ට මතක් වෙන්නෙ 88 - 89 කලේ.
    හැබයි දලදා මලිගාවට බොම්බ ගහපු , අරන්තලාවේ හාමුදුරු වරු කප්ලා කොටලා මරපු කරුනලා, පිල්ලයාන්ල, කොටින්ට නැව් පිටින් ආයුද ගෙනාපු KP ලා, අපේ රටේ මිනිස්සුන්ව අමු අමුවෙ මරන්න අන දුන්නු හිටපු කොටි නායකයන්ට රජ සැප දෙන්නේ මේ මහින්ද කාල කන්නියා කියලා කට්ටියට අමතක වෙලා. යුද්දේ කරපු වීරයා හිරෙ දැම්මා.

    UNP / JVP තමයි මේ මහින්දගෙ හොර ආණ්ඩුවෙ අහස පොලුව උහුලන්නෙ නැති විනාස එලි කරන්නෙ. ජීවන වියදම වැඩි වෙද්දි ජනතාව වෙනුවෙන් හඩක් නැගුවේ ඒ කට්ටිය. සාදාරන ඉල්ලීම් ඉල්ලලා පාරට බැහැපු මිනිසුන්ට බල්ලන්ට බලලුන්ට වගේ හමුදාව දම්මලා මහින්දයා වෙඩි තිබ්බා.
    කුඩු ගෙනල්ලා, මත් ද්‍රව‍ය ගෙනල්ල, රටම විනස කරද්දි, කුඩු කරයින්ට, මිනී මරුවන්ට ඇමති කම් දෙද්දි, , මහනායක හිමිවරු විරුද්ද වෙද්දිත් ඒවා ගනන් ගන්නෙ නැතිව කැසිනෝ පවා පටන් ගද්දි, උතුම් අනුරදපුරයේ පව ගනිකා මඩම්, නයිට් ක්ලබ් පවා දාද්දි ඔය මහින්ද වෙනුවෙන් කෑ ගහන අමනයන්ට ඒවා අමතක වෙලා.
    මහින්දයට කතිරෙ ගහන්නෙ ඔළුව නැති හරක් කියලා ඒකෙන්ම පේනවා. යුද්ධෙ දින්නා කියලා ඒක පෙන්න එන්න මේවගේ විනාස කරන්න ඉඩ දෙලා බලන් හිටපියව්. කවදා හරි තේරෙයි අපි කියපුවා.

    දේශපාලනය තුල සදා සුදු චරිතද, සදා කලු චරිතද නැති නිසාවෙනි. වරෙක සුදු චරිතයක් කලු චරිතයක් විය හැකි සේම කලු චරිතයක් සුදු වීමට හැකිය.

    Source - fb