පැතුම් අප්‍රිකානු කලු දැවන්තයා "බාවා" සමඟ මිතුරු වෙයි
" නෝටි අයියේ" නැවතත් කාණුව පල්ලෙන් ආ හඬ නැගූ කොළු ගැටයා මතු වූයේන් ඔහුගේ මූණ දැක ගැනීමට මට හැකියාව ලැබුනේ යා.
" ආහ්, මේ ගොරයලා දෙන්නනේ. වයස අවුරුදු 16 හා 18 පමණ වයසේ වූ මේ කෙසඟ කොළුවන් දෙන්නා මාගේ සම වයසේ ගමේ එකෙකු වූ සමන් හෙවත් මැද ගොරයාගේ පුතුන් දෙදෙනා ය. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ මැද ගොරයා ද අතිශයින් පරිහාණියට පත් වුන තරුණයෙකු වූ අතර, ඔහුගේ පියා මාගේ මවගේ පරම්පරාවට අයිති වූ ගමේ මුල්ම පරම්පරාවේ මතට හසු වූ මුල් පුරුක් වූයේ ය. ඔහුගේ නම කුමක් දැයි මා නොදත්තත් මුළු ගමම ඔහු හැඳින්වූයේ ගොරයා නමින් බැවින් අපි ද බයෙන් සැකෙන් ඔහු අමතනු ලැබූයේ ගොරේ මාමා ලෙස ය.
ගමේ වූ වැදගත් පවුලක එකෙකු වූවත් ගොරේ මාමා සිය ජීවිතය සම්පූර්ණයෙන්ම මත වෙනුවෙන් කැප කලේ ය. ඒ කාලයේ ලංකාවේ තියෙන්නට ඇත්තේ හොරොයින් පමණය. එයට හුරු වී ඇබ්බැහි වූවෙකු වූ ඔහුට ඉන් ගැලවීමක් නොලැබුනේ ය. කොට කලිසමක් පමණක් ඇඳන් ගම පුරා ගොස් එදා මත් වේල සොයා ගැනීම වෙනුවෙන් පොර බදන වේදනාබර ජීවිතයක් ඔහුට උරුම වී තිබුණේ ය. වැහැරුණු අපිරිසිදු වී ගිය ඔහුගේ සිරුර බොහෝ විට නිරාවරණය වී තිබුණ බැවින් ඔහු ද මතේ ආදීනව පෙන්වන ඇවිදින පොතක් බවට ගමටම පත් වී තිබිණ. ගමේ ගැහැනියකට දාව ඔහුට උපන් පුත්‍රයා අපේ වයසේ සමන් වූ අතර පතා ගෙන ආ කරුමයකටදෝ ඔහු තාත්තා ගේ පොත කියවූයේ තාත්තා ගේ ඇස් වලින්ම ය. තරුණ සමන් ද පොඩි වයසෙන්ම මතට හුරු වූ අතර ගමේ ඈයෝ ඔහු ද පොඩි ගොරයා යැයි හැඳින්වීය.
කලක ඇවෑමෙන් ඔහු ද ගමේම වූ ගැහැණියක සමග දරුවන් කිහිපදෙනෙකුම වැදූ අතර ඇටෙන් පොත්තෙන් එළියට එන විටම මේ නොදරුවෝ ද පය තැබූයේ තාත්තා විසින් උරුම කර දුන් මාර්ගයට ම ය. දන් ගමේ සිටිනා අලුත් පොඩි ගොරයන් දෙදෙනා මොවුන් ය. තවමත් සුහුඹුලන් නොවූමේ ගැටව් දෙදෙනා මින් මුදවා ගැනීමට තවම පුළුවන් ඇති. උන් දුටුවිටම මට සිතිණ. එහෙත් එය තනි මිනිසෙකු වෙනස්කිරීමක් පමණක්ම නොව සමාජයක්ම වෙනස් කිරීමක් බව මා තේරුම් ගෙන තිබිණ. සිය සීයා සහ තාත්තා ගිය පාරේම ඔවුන්ට යෑමට සිදු වී ඇත්තේ අප රටේ ප්‍රමාණවත් සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයක් සකස් වී නොමැති නිසා ය. මේ දරුවන්ට සමාජයෙන් අවශ්‍ය රැකවරණය සහ මග පෙන්වීම ලැබුනා නම් ඔවුන්ගේ සීයා ගිය පාරේ තාත්තා ද තාත්තා ගිය පාරේ මුණුපුරන් ද යෑම වළක්වා ගැනීමට හැකි ව තිබුණි. ඔවුන්ගේ මේ දෛවය පරම්පරාව්‍ර්න් යන ජාන වලින් උරුම කර ගත්තක් නොවේ. එසේ නම් කර්මයට පමණක් එය බාර දීම ද සාධාරණ නොවේ. මෙහි ලොකුම වගකීම පැවරෙන්නේ සමාජයට සහ රාජ්‍යයට ය. රාජ්‍යය සිය වගකීම ඉටු කොට නොමැත. සමාජය ඒ වෙනුවෙන් හඬ නගා නොමැත. එහෙත් සමාජ පරිසරය විසින් මුණුපුරු ගොරයන් දෙදෙනාට ද උරුම කර දී තිබෙන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයම ය. මේ බන්ධනාගාරය තුල දී මේ රැඳවියන් පුනරුත්ථාපනය වන්නේ නම්, මීට පෙරම මහ ගොරයා මෙන්ම මැද ගොරයා ද පුනරුත්ථාපනය වීමට ඉඩ තිබිණ. එහෙත් අප බන්ධනාගාරය භාවිතා කර ඇත්තේ වරද කරන මිනිසුන් පුනරුත්ථාපනය කොට බේරා ගැනීමට නොව, හසු වෙන්නට වැරදි කරන උන් කොටු කර හසු නොවන්නට වැරදි කරන උන් එළියේ නිදහසේ තැබීමට ය. ඒ අප ජීවත් වන රාජ්‍යයයි, සමාජයයි.
" අපේ මිනිස්සු කුඩු මුදලාලිලා පාර්ලිමේන්තුවේ යවලා, දරුවො කුඩු ගහයි කියලා බය වෙලා ඉන්න ජාතියක් පුතා" - මෑතකදී කාගම සිරිනන්ද හාමුදුරුවන් ගේ බණකට ඇසුණ කතාවක් මට යාන්තමට මතක වූයේ ය.
" ආහ්, මල්ලී, ඔව් මම තමයි නෝටි අයියා. ටික දවසක් ඇතුලේ ඉන්නවා, බලන්න ආවාට ස්තුතියි" - උන් දෙන්නා සනසා මා පිටත් කර හැරියෙමි.
" අයියේ කැරමක් ගහමු ද? " මරුවා මා හට යෝජනා කලේ ය.
" කැරමක්?" - මා විමතියට පත් වීමි.
" ඔව්, මේ තියෙන්නේ බෝඩ් එකක්, එන්න"
වහලයේ උඩට වෙන්න හරහට ගැට ගැසූ නූල් දෙකක් මත මැස්සක් මෙන් එල්ලා තිබූ කැරම් බෝඩ් එකක් එළියට ඇද ගත් ඔහු එය ඇලුමීනියම් බැරල් එකක් නවා ඒ උඩ තුලිත කෙරුවේ ය. කුස්සියේ ලිප් වලට දරට ගෙනා රබර් කොට කෑලි අඩියක් පමණ උසට කපා ඒවාට කුඩා ලෑලි ගසා පුටු හතරක් සකස් කොට තිබිණ. කැරම් බෝඩ් එක සිර ගෙදර සුභ සාධන අංශය විසින් ලබා දීමට අවසර ගෙන ඇති අතර එය භාවිතා කිරීම ගැටලුවක් නොවිණි.
අපි ඉඳ ගන්නවාත් සමගම තවත් දෙදෙනෙක් අපිට සම්බන්ධ වූ අතර කාලෙකට පස්සේ කැරම් ගේම් එකක සතුට විඳ ගැනීමට මට හැකි වූයේ ය.
අප සමග හිඳ ගත් අප්‍රිකානු ජාතික බාබා ද දැන් හොඳ කැරම් ක්‍රීඩකයෙකි. තරඟය අතර තුර බාබා සමග කතාවට පැටලීමට මට සිත් වූයේන් ඔහුට කතා කළෙමි.
" බ්‍රෝ , වට් ඊස් යුවර් ස්ටෝරි"
එය නෑසුණා ගණනට ඔහු ක්‍රිඩාවේ නොයෑලෙයි. ඔහුගෙ මුහුණේ ඉරියව් වලින් එයට ඔහු අකමැති බව පෙනේන්නට තිබුණි. ඒ කතාව යළි යළිත් මතක් කිරීම ඔහුට වේදනාවක් වන්නට ඇත. එබැවින් ඔහු සිය සතුට පවත්වා ගෙන යෑමට ඔහුගේ කතාව මතක් කිරීමට අකමැති සෙයකි. " තරමක් කුළුපග උන දවසට කියයි" මා මටම කියා ගනිමින් කැරම් තරඟයට අවතීර්ණ වූයේමි.
" බබා, ඔයා දන්නවා ද ලංකාවේ මිනිස්සු කැරම් ගහන්න මෙච්චර දන්නේ ඇයි කියලා" මම බාබාගෙන් ඇසුවේ ඔහු නොවන්නා කතාවකට ඔහුගේ අවදානය ගෙන යෑමට ය.
" නයිජීරියාවේ අපි නම් මේක දන්නේ නෑ වැඩිය. මමත් පුරුදු උනේ මෙහෙට ඇවිල්ලා. ඒත්මෙහේ මේක හැමෝම දන්නවා, ඇයි ඒ" ඔහුට දඑය දැන ගැනීමට රිසි සෙයකි.
" ලංකාවේ මළ ගෙවල් දවස් 7 ක් තියෙනවා" - මා කතාවට මුල පිරුවෙමි.
"වට්?" බාබා ඔහුගේ විමතිය පළ කිරීම ආරම්භ කලේ ය.
" ඒ මළ ගෙවල් වල රෑට ගමේ අය නතර වෙනවා, මළ ගෙදර රෑටතනි කරන්න හොඳ නෑ කියනවා. රෑට කන්න බොන්න, විට, සිගරට් විතටක් නෙවෙයි අරක්කු , ගංජා එහෙමත් ලැබෙනවා. ඉතිං නිදි මරන්නකැරම් බෝඩ් දෙක තුනක්, කාඩ් ගේම් කීපයක්, දාම් බෝඩ් එහෙම තියෙනවා."
" ඒක මළ ගෙයක් ද ක්ලබ් එකක් ද? " බාබා මගෙන් ප්‍රශ්න කරයි.
" බටර් සැමන් ගාපු සැන්විච්, ම්ම්ම්ම්" - දිව කරකවමින් මාරයා හූ මිටි තියයි.
" හහ් හහ් හා, අපිත් පොඩි කාලේ කිව්වේ කානිවල් කියලා තමයි" - විමතියෙන් සිටි බාබාට තට්ටුවක් දමා මා ඔහුගේ විමතිය යටපත් කලේ ය.
" ඒ නිසා අපි හැමෝම කැරම් ගහන්න දන්නවා"
කැරම් වට දෙකක් මාත් මාරයාත් එක්ව දිනා ගත් අතර තුන් වෙනි තරඟය දිනා ගත්තේ බාබා සහ ඛාන් විසිනි. ඔහු දිනනවාත් සමගම එළියට පැන නටන්නට වූයේන් කවුරුත් ඒ දෙස බලමින් සිනා වුයේ ය. කෙන්යාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් කඩුල්ලක් දවා ගත් කලෙක මෙන් දැකුම් කළු අප්‍රිකානු ක්‍රමයට නටමින් ඔහු ජයග්‍රහණය සැමරූ අතර එය කාටත් සතුට ගෙනාවේ ය. අනතුරුව ඔහු තරඟයෙන් ඉවත් වූයේ ය.
" මූ හැමදාම ඔහොම තමයි , එකක් දිනනකම් කොහොම හරි ගහනවා, එකක් දිනපු ගමන් නට නට අයින් වෙලා දවසම ඒ ආතල් එකෙන් ඉන්නවා. ආයේ දවසම ගේමක් ගහන්නේ නෑ. පැරදිලා ඉවර කරන්න කැමති නෑ." - ඛාන් මට පැහැදිලි කලේ ය.
ඔම ඔහුගේ ස්කිනියේ ඇති වැකිය යලි කියැවිණ. Never Give Up, ඔහු ජයගන්නා තුරු සටන් කොට ඒ ලද සතුටෙන් දවස ගෙවා ගැනීමට හිත පුරවා ගනියි. සිය රටේන් ඈත ආගන්තුක රටක වසර 3ක් සිරවී සිටින ඔහුට සිය මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම ඉතා අපහසු කටයුත්තක් වන්නට ඇත. එය නොබිඳගෙන සිටීමට ඔහු හැකි සෑම දෙයක්ම දවස පුරා කරයි. සිය ශක්තිය ඒ විඳ දරා ගැනීම වෙනුවෙන් ඔහු වැය කරයි.
ඔහු දිරිමත් කිරීම වඩා යෝග්‍ය යැයි සිතූනිසා මා මාගේ අත ඔහුගේ අතට ලංකොට වඩා කළු කවුදැයි විමසා සිටියේ ය. පැහැදිලිවම මා ඔහුට වඩා තලෙළු ය.
" උඹ සුද්දෙක් බං," - මා ඔහුට කියා සිටියෙමි.
සුද්දෙක් වීම කෙසේ වෙතත්, මට වඩා සුදු වීම ගැන ඔහුගේ සිතේ සතුටක් ඇති බව මට පෙනෙන්නට තිබිණ.
"You are an African White Elephant! " - ඔහුගේ සිරුරේ දැවැන්ත බාවය ද සැළකිල්ලට ගෙන මා කියා සිටියේ ය.
සිනා මුසු මුහුණින් නිහඬව බාබා සිය කුටියට ඇවිද ගියේ ය.
පැතුම් කර්නර්

Last edited: