හිලරිට_නිව්මෝනියා
ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට නිව්මෝනියාව සඳහා ප්‍රතිකාර ලබා දෙන බව ඇයගේ වෛද්‍යවරිය පවසයි.නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කොට පහළොස් වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (11) පැවති අනුස්මරණ උළෙල අතරතුර ඇති වූ අයහපත් සෞඛ්‍යය තත්වය හේතුවෙන් ඇයට ඉන් ඉවත්ව යෑමට සිදු විය.හිලරි ක්ලින්ටන්ට නිව්මෝනියාව වැළඳී ඇති බව වෛද්‍යවරුන් විසින් ඊට දින දෙකකට පෙර විනිශ්චය කරනු ලැබ ඇති අතර ඇයට ප්‍රතිජීවක ඖෂධ ලබා දුන් බව හිලරිගේ පෞද්ගලික වෛද්‍යවරිය ලීසා බාඩැක් පැවසුවාය.
විවේක ගන්නා ලෙස ඇයට නිර්දේශ කරනු ලැබ තිබූ බවත් වෛද්‍යවරිය කියා සිටියාය.
අනුස්මරණ උළෙල අතරතුර හිලරි විජලනයෙන් පෙළී ඇති බවත් මේ වන විට ඇය 'හොඳින් සුවය ලබමින්' සිටින බවත් වෛද්‍ය ලීසා බාඩැක් සඳහන් කළාය.
අයහපත් සෞඛ්‍යය තත්වය හේතුවෙන් කැලිෆෝනියාවේ පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවලංගු කොට ඇති බව හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රධානියා පැවසීය.ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට තරම් සෞඛ්‍යය තත්වය අතින් හිලරි ක්ලින්ටන් ශක්තිමත් දැයි ඇයගේ ප්‍රතිවාදී රිපබ්ලිකන් ආධාරකරුවෝ ප්‍රශ්න කරති.
නිව්මෝනියාව වැළඳුනු හිලරි ක්ලින්ටන්ට ප්‍රතිකාර

Last edited: