හිල කතාවක් ගැන කතාවක්....

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
හිල කතාවක් ගැන කතාවක්....

ඔන්න එක මහාචාර්ය කෙනෙක් දේශනයකදි හිල කතාවක් කිව්වලු.

"දවසක් එක සැමියෙක් තමන්ගෙ බිරිඳට කිව්වා

'මම දන්නව ඔයාගෙ ඔෆිස් එකේ වෙන දේවල්' කියලා.

එතකොට බිරිඳ ඇහුව 'ඒ මොනවද අනේ?' කියල.

එතකොට හබිය කිව්ව 'ඔයාගෙ බොස් ඔෆිස් එකේ ගෑණු දෙන්නෙක් එක්ක යාළුයි නේද?' කියල.

වයිෆ් එතකොට ඇහුව 'ඔයා කොහොමද ඒක දන්නෙ?' කියල.

හස්බන්ඩ් එතකොට කියනව 'අපි ගිය සතියෙ ගිය ඔෆිස් පාටියෙදි මිනිහ තමයි මට කිව්වෙ' කියල.

එතකොට වයිෆ් කියනව 'හොඳයි මම හෙට උන්දැව අල්ලගන්නංකො. ඔය අනිත් ගෑණි කවුද කියල දැනගෙන මම ඒකිව මරණව' කියල"

මේ විහිළුව අහල දේශනේ අහන් හිටපු කට්ටියම හිනා උනාලු. ඊට පස්සෙ මහාචාර්යතුමා මෙහෙම කිව්වලු.

"මම තව විහිළුවක් කියන්නං ඔන්න දවසක් එක සැමියෙක් තමන්ගෙ බිරිඳට කිව්වා

'මම දන්නව ඔයාගෙ ඔෆිස් එකේ වෙන දේවල්' කියලා.

එතකොට බිරිඳ ඇහුව 'ඒ මොනවද අනේ?' කියල.

එතකොට හබිය කිව්ව 'ඔයාගෙ බොස් ඔෆිස් එකේ ගෑණු දෙන්නෙක් එක්ක යාළුයි නේද?' කියල.

වයිෆ් එතකොට ඇහුව 'ඔයා කොහොමද ඒක දන්නෙ?' කියල.

හස්බන්ඩ් එතකොට කියනව 'අපි ගිය සතියෙ ගිය ඔෆිස් පාටියෙදි මිනිහ තමයි මට කිව්වෙ' කියල.

එතකොට වයිෆ් කියනව 'හොඳයි මම හෙට උන්දැව අල්ලගන්නංකො. ඔය අනිත් ගෑණි කවුද කියල දැනගෙන මම ඒකිව මරණව' කියල"

දේශනේ අහගෙන හිටපු අය ටිකක් නොසන්සුන් වුණාලු. කීප දෙනෙක්ට හිනා ගියාලු. ගොඩ දෙනෙක් හිනා නොගිය නිසා බලෙන් හිනා උනාලු. ඒත් කවුරුවත් මුකුත් නොකිව්වෙ මහාචාර්යතුමාට ටිකක් මඤ්ඤං වෙන්න ඇති කියල හිතලලු.

ඒත් මහාචාර්යතුමාට ගාණක් නෑලු. එතුමා ආයෙත් කතා කරනවලු.

"මම දන්න තව කතාවක් තියෙනවා.... ඔන්න එක දවසක් දවසක් එක සැමියෙක් තමන්ගෙ බිරිඳට කිව්වා...."

මහාචාර්යතුමා අර කතාවම ආයෙත් කිව්වලු. ඒකට කවුරුවත් හිනා උනේ නෑලු. එතකොට මහාචාර්යතුමා කිව්වලු.

"දැක්ක නේද? කොයිතරං හිනා යන විහිළුවක් උනත් දෙතුන් වතාවක් රිපීට් වෙද්දි හිනා යන්නෙ නෑ... "

කතාව ඉවරයි...

දැන් උඹලට මාර ප්‍රශ්ණෙ මේකෙ මොකටද හිනා යන්නෙ කියල නේ...

අනේ යකුනේ දැන් ඔය ආමි එක දම්මලා වෙඩි තියන කතාවලට හිනා යන්නෙ නැ බොලව්. බලපං තව දෙතුන් වතාවක් වෙඩි තිබ්බට පස්සෙ අපට ඒක නිකං කොටස් වෙළඳපොලේ මිල දර්ශකය වගේ වෙන්නෙ නැද්ද කියලා
:confused::confused::confused::confused::confused:
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
දැන් ඔය ආමි එක දම්මලා වෙඩි තියන කතාවලට???
eth kawda othana hina wela tiyenne?
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    ලොක්ක ඕක අනිත් පැත්තට අදාල වෙන්නෙ නෑ. උබේම නිර්මාණයක්ද කොහෙද? :dull: මිනිස්සුන්ට එකම දෙයක් නිසා නැවත නැවත හිනා වෙන්න බැරි උනාට එකම දෙයක් නිසා ජීවිත කාලෙම අඩන්න පුලුවන්. :yes: ඕකෙ ඔරිජිනල් කතාවෙන් ඒකයි කියන්නෙ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලොක්ක ඕක අනිත් පැත්තට අදාල වෙන්නෙ නෑ. උබේම නිර්මාණයක්ද කොහෙද? :dull: මිනිස්සුන්ට එකම දෙයක් නිසා නැවත නැවත හිනා වෙන්න බැරි උනාට එකම දෙයක් නිසා ජීවිත කාලෙම අඩන්න පුලුවන්. :yes: ඕකෙ ඔරිජිනල් කතාවෙන් ඒකයි කියන්නෙ.

    :yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,768
    23,446
    113
    උඹ කියන කතාව ඇත්ත තමයි මචන්. දැන් ඒක සාමාන්‍ය දෙයක් වේගෙන යන්නේ
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    පොලීසියෙන් පාතාලේ අයව නඩු නැතිව අමු අමුවේ මරද්දී අනේ හොඳයි කිව්වා අපේ ජනතාව. අන්තිමට පොලිස්පතිවරුම සාමාන්‍ය ජනතාවත් කුලියට මරන්න ගත්තා.
    SF ලයි Commandos ලයි වැලිකඩ හිරකාරයෝ අමු අමුවේ මරද්දී අනේ හොඳයි කිව්වා අපේ ජනතාව. අන්තිමට SF ලයි Commandos ලයි ජනතාවත් අමු අමුවේ මරන්න ගත්තා.

    ඒ දවස් වල ජනතාව ඕවාට පක්ෂපාතිත්වය දක්වන්නේ නැතිව, ඕවට විරුද්ධව නැගී හිටියා නං ඒවාට විරුද්ධතාවය පල කරා නං, අද මේ දේවල් මෙහෙම නොවෙන්න ඉඩ තිබුනා.