මමත් මේක පාවිච්චි කලා. වැඩේ ගොඩ. ස්තූතියි සහෝ......![]()
Wade hari giyada? Thanks for the feedback machan
මමත් මේක පාවිච්චි කලා. වැඩේ ගොඩ. ස්තූතියි සහෝ......![]()
Results kiyahanmath ada shampoo eka gatta bro.
tksහිස්හොරි සුලබ රෝග තත්ත්වයක්. මෙය ගැහැනු පිරිමි යන දෙකොටසටම පොදුය. විශේෂයෙන්ම තරුණ තරුණියන්ට මෙය ඇතිවීමෙන් කායික අපහසුතාවන්ට වඩා මානසික අසහනයට පත්වේ. එයට හේතුව හිසෙහි කැසීමත්, සුදු පැහැති සියුම් පතුරු ආකාරයෙන් හිසේ හම ගැලවී යෑමත්ය. සමහර විට අධික කැසීම නිසා පසුව වෙනත් ආසාදනවලට ලක්වීමේ අවදානමද පවතී.
හේතු
සාමාන්‍යයෙන් හමේ අපිචර්මය නමින් හඳුන්වන මතුපිට ස්තරයේ Horney Layer නම් කොටස නිරතුරුවම ගැලවී ඉවත්වේ. මෙසේ හමේ මතුපිට සෛල පරිණත වී මියගොස් ගැලවී යෑමට මසක පමණ කාලයක් ගතවෙනවා. එහෙත් හිස්හොරි (Dandruff) තිබෙන අයගේ මේ සිදුවීම ඉතා ඉක්මනට සිදුවෙනවා. දින දෙකේ සිට හත (2-7) දක්වා කෙටි කාලයකදී මෙසේ සෛල මැරී ඉවත් වී යනවා. ඒ විතරක් නෙවේ මේ සෛල ඉතා විශාල වශයෙන් ඉවත් වෙනවා. මේ නිසා මේවා සුදුපාට සියුම් පොතු ආකාරයෙන් අපිට දකින්න පුළුවන්. එසේම මේ නිසා හිසෙහි සමෙහි කැසීම්ද හටගන්නවා.
නිතර සේදීම
හිස් හොරි ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ හිසෙහි අපිරිසුදු බවයි. හිස දිනපතා හොඳින් සෝදා පිරිසුදු කරනව නම් හිස්හොරි ඇතිවෙන්නේ නැහැ.
මීට අමතරව හිසේ ස්පර්ශ වන විවිධ විෂ රසායනික ද්‍රව්‍යද මේ සඳහා බලපානවා. උදාහරණ වශයෙන් සැර Hair Gell,, ෂැම්පු වර්ග, Hair dye වර්ග දක්වන්න පුළුවන්.
මානසික ආතතිය
මානසික ආතතියද මෙයට බලපානවා. සීත සෘතුවලදී හිස්හොරිවල රෝග ලක්ෂණ වැඩිවෙනවා. එම නිසා සීතලද හිස්හොරි ඇතිවීමට හේතුවෙනව කියලා කියන්න පුළුවන්. සමහර අයට වැඩිපුර දහදිය දමනවා. ඒ අයට හිස්හොරි ඇතිවීමේ අවදානමත් තියෙනවා. තෙල් සහිත (Oily Skin) සමක් ඇති අයට වැඩිපුර හිස්හොරි ඇතිවෙන්න පුළුවන්.
ආහාර
පර්යේෂණවලින් හෙළිදරව් වෙලා තිබෙනවා ලුණු, කුළුබඩු හා සීනි ආහාර වැඩිපුර ගන්නා අයටත්, වැඩිපුර මත්පැන් පානය කරන අයටත් හිස්හොරි අවදානම තිබෙන බව.
මේ අනුව පෙනී යන දෙයක් නම් ඉස්හොරිවලට ඉහත දක්වා ඇති කරුණුවලින් එකක් හෝ කිහිපයක බලපෑම තිබෙන්න පුළුවන් බවයි.
පුස්වර්ග
හිස්හොරිවලට බලපාන තවත් කාරණයක් තමයි හමේ ජීවත්වන පුස් වර්ගයක්. Malassezia Globosa නමින් හඳුන්වන යීස්ට් වර්ගයක් නිරෝගී අයගේ ද හිසේ සම ආශි‍්‍රතව ජීවත්වෙනවා. හිස්හොරි තිබෙන අයගේ මේ පුස්වර්ගය වැඩිපුර තිබෙනවා. ඒ නිසා හමේ ස්නේහ ස්‍රාවී ග්රන්ථිවලින් ස්රාවය වන තෙල් වැනි ස්රාවය. (Sebum) මත ක්‍රියා කර වැඩිපුර Oleic Acid නිපදවෙනව. මේ අම්ලය නිසා සමේ ඇතිවන ප්රදාහිත තත්ත්වය, සමේ සෛල වැඩිපුර හා ඉක්මනින් ගැලවී යෑමට හේතුවෙනවා.
රෝග ලක්ෂණ
හිස්හොරි නිසා හිසේ තදබල කැසීම් ඇතිවෙනවා. ඒ සමඟම සුදුපාට තුනී පොතු වැනි කොටස් ගැලවී යනවා. මේවා හිසෙහි මතුපිට කෙස් අතර වගේම ඇඳුම්වලත් තැන තැන තිබෙන්න පුළුවන්. මේ නිසා දැඩි මානසික අසහනයක්ද ඇතිවෙන්න පුළුවන්. අධික කැසීම නිසා හිසේ හම තුවාලවෙලා වෙනත් ආසාදන ඇතිවෙන්නත් හේතුවෙනවා.
මෙහිදී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කාරණාවක් වන්නේ මේ ආකාරයට සුදුපාට පොතු ආකාරයෙන් හමේ ඇතිවන වෙනත් රෝග තිබෙනවාද යන කාරණය.
උදාහරණයක් වශයෙන් ඒ අයට පොතු කබර (Psoriasis) කියන රෝග තත්ත්වයද හිසේ හම ආශි‍්‍රතව තිබෙන්න පුළුවන්.
Seborric dermatitis කියල තවත් රෝග තත්ත්වයක් තිබෙනවා. මීට සමාන ලක්ෂණ සහිතව. නමුත් මෙම රෝග තත්ත්තවය හිසේ පමණක් නොවේ වෙනත් තැන්වලත් තියෙන්න පුළුවන්. ඒ වගේම ඇතිවන පොතු තරමක් විශාලයි, තෙත් බවක් තිබෙනවා.
ආයුර්වේද ප්‍රතිකාර
ඉහත සඳහන් කළ ආකාරයට හිස්හොරි ඇතිවීමට විවිධ හේතු බලපානවා. ප්‍රතිකාරය පදනම් විය යුත්තේ එම හේතුවට ගැළපෙන ආකාරයටය. විශේෂයෙන් වෙළෙඳ පොළේ විවිධ ෂැම්පු වර්ග තිබෙනවා. එයින් සමහර ඒවා මඟින් රෝම කූපවලට බරපතළ ලෙස හානි සිදුවෙනවා. එයට හේතුව කෘත්‍රිම රසායනිකයන් ඒවා තුළ අඩංගු වීමයි.
හිස්හොරි වලට ප්‍රතිකාර කිරීමේදී පහත කරුණු සැලකිල්ලට ගැනීම අවශ්‍යයි.
• කෙස් හා හිසෙහි හම නිරතුරුව පිරිසුදුව තබා ගැනීම අවශ්‍යයි. එමඟින් දහදිය, විෂ ද්‍රව්‍ය මෙන්ම මියගිය සෛල ඉවත් වී හම පිරිසුදු වේ.
• දිනපතා ක්‍රමානුකූලව හිස පීරන්න. මේ මඟින් මියගිය සෛල ඉවත්වීම මෙන්ම සමට හොඳ රුධිර සැපයුමක් ඇතිවෙනවා.
• හිසෙහි හම දිනපතා ඇඟිලි තුඩුවලින් මසාජ් කරන්න. මෙමඟින් හිසට හොඳ රුධිර සැපයුමක් ඇතිවෙනවා. ඒ නිසා කෙස් හොඳින් වර්ධනය වෙනවා. දිනපතා හිස පීරීමට පෙර හා පසුව දෙවරක් මෙසේ හිස මසාජ් කරන්න.
අත් බෙහෙත්
ඉතා ආරක්ෂිත මෙන්ම ප්‍රතිඵල දායක අත්බෙහෙත් තිබෙනවා.
• උළුහාල් තේ හැඳි 02ක් පමණ වතුර අඬු කෝප්ප 1/2ට පමණ පෙඟෙන්න දමා පසුදා උදේ ඒවා හොඳින් අඹරා හිසෙහි ගල්වන්න. ඇඟිලි තුඩුවලින් හිස මසාජ් කරන්න. මෙසේ කර පැය 1/2කට පමණ පසුව හොඳින් සෝදා හරින්න.
• ස්නානය කරන අවස්ථාවේදී දෙහි යුෂ තේ හැඳි 01 ක් වතුර ස්වල්පයක මිශ්‍ර කර හිසෙහි ගල්වා මසාජ් කරන්න. සතියකට කිහිපවරක් මෙසේ කිරීමෙන් හිස්හොරි ඉවත්වේ. හිසකෙස්වල ඇලෙන සුලුගතිය ඉවත්වේ. එමෙන්ම දිලිසෙන සුළු කෙස් කලඹක් ඇතිවේ.
• මුදවපු කිරි මේස හැඳි 01ක් හිස් කබලේ හමේ ගා ඇඟිලි තුඩුවලින් මසාජ් කරන්න. මේ සඳහා තරමක් ඇඹුල් වූ මීකිරි යොදාගත යුතුය. මෙසේ පැය 1/2 කට පසුව සෝදා හරින්න.
• නෙල්ලි යුෂ හා දෙහි ඇඹුල් බින්දු කීපයක් මිශ්‍ර කර රාත්‍රි නින්දට පෙර හිසෙහි හමෙහි ආලේප කරන්න. මෙහිදී නිතර සෙම් රෝගවලට ලක්වෙන අයට මෙම ප්‍රතිකාර නුසුදුසු බව මතක තබා ගන්න.
• හිස සෝදන අවස්ථාවකදී පිරිසිදු පොල් විනාකිරි ස්වල්පයක් (තේ හැඳි 01 පමණ) වතුර ස්වල්පයක් සමඟ මිශ්‍ර කර එය රෙදි කඩක පොඟවා හිස තදින් පිස දැමීමද හිස්හොරි සඳහා සුදුසු ප්‍රතිකාරයකි.
ආහාර පාලනය
බහුලව ලුණු, තෙල් හා සීනි ආහාරයට ගැනීමෙන් වළකින්න.
නැතිනම් මාසයකට දින කිහිපයක් පලතුරු පමණක් ආහාරයට ගන්න. ටින් කළ ආහාර වර්ගවලින් හැකිතාක් වළකින්න.
හැකිතාක් මල බද්ධය වැළැක්වීමට පියවර ගන්න. මඳ උණුසුම් ජලය වස්ති කිරීමද (enema) හිස්හොරි සඳහා නිර්දේෂිතයි.
ක්‍රමයෙන් සරල සමබල ආහාර රටාවකට පුරුදුවන්න. මෙහිදී ද නැවුම් එළවළු, පලතුරු, පලාවර්ග අඩංගු ආහාරවලට ප්‍රමුඛත්වය දෙන්න. අධිකව ප්‍රෝටීන හා මේද බහුල ආහාරවලින් වළකින්න.
දිනපතා මඳ හිරු රශ්මිය හිසට ලැබීමට සැලැස්වීමද වැදගත්ය.
-උපුටා ගැනීමකි-
mam ship karannan address eka PM karapn![]()
keto plus ekath uba use kara kiwwa nisa ahanne, meka kochchara kal use karaada? use karala stop karala kochchara kal da? keto plus unath use karanakan enne neh ...stop karala masayak dekak giyama tamai badu banis wenne aaai... mam ahala tiyena widiya nam hissori nati karanna bee ban.... control ekak witarai puluwan ... balamu meka aran....![]()
------ Post added on Jan 17, 2021 at 11:33 PM
weda mahaththaya kawuda?matat dandruff case eka darunuwatama tibuna. thinana shampoo jathi sahenna use kala wadak une naha. ganakan enne na nawattuwahama aye enawa. danata awrudu 4kata udadi field trip ekakata anuradapure giya welawata hamba una wedamahattayek dunna sinhala beheth wagekin mata hodatama hoda una. dan awrudu 4 wenawa kisima awulak naha.
Wedamahattaya kawuda bn???matat dandruff case eka darunuwatama tibuna. thinana shampoo jathi sahenna use kala wadak une naha. ganakan enne na nawattuwahama aye enawa. danata awrudu 4kata udadi field trip ekakata anuradapure giya welawata hamba una wedamahattayek dunna sinhala beheth wagekin mata hodatama hoda una. dan awrudu 4 wenawa kisima awulak naha.
Results kohomda dan?mamath gattha pharmacy eken. ada gawa update ekak dannam issrahata