හීනයක්.....

Anrayiya

Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    ඊයේ රෑ හීනයක් දැක්කා. ඒ හීනෙ හරියට තොරනක් වගේ. තොරනෙ වගේම කොටු හතරක් තියනවා.

    පලවෙනි කොටුවෙ හිටියේ ගෝටාභය රාජපක්ෂ. හීනෙන් පෙනුන විදිහට එයා තව පැය කීපයකින් ඉල්ලා අස්වීමේ ලිපිය එවන්න නියමිතයි.

    එතනින් පස්සෙ හීනේ ටිකක් බොඳ උන සීන් එකක් තියෙන්නෙ. තුන් දෙනෙක් ඉතුරු කොටු වල පොර කකා හිටියා.

    මට හීනේ හරියටම මතක නෑ. ඒත් රනිල් වික්කමසිංහ වගේ එක්කෙනෙක් හිටියා. ඊගාව ජනාධිපති වෙන්න රනිල් වික්කමසිංහ දාර ගේමක් දෙනවා. ඒත් පාර්ලිමේන්තු බලයක් හෝ ආරක්ෂක අංශ වල සහයක් නැති ඔහු ඒ තුන් කට්ටුවෙන් දුර්වලම කෙනා කියලයි පෙනුනෙ.

    තව එක්කෙනෙක් ඉන්නවා පාපිස්සක් ඔලුවෙ දාගෙන හිටපු පොරක්. බැලුවාම පාර්ලිමේන්තුවවත් පාලනය කරගන්න බැරි කතානායක. හැබැයි එයා පස්සෙන් ඉන්නවා හකීම් සුමන්තිරන් සහ අපේ සදාදරණිය අනුරයියා. පක්ෂ නායක රැස්වීමේ නිවේදන කියලා සුමන්තිරන් ලියාදෙන ඒවා කියන කතානායක ඊගාව ජනා වීමේ ලොකු ඉඩක් ඒ හීනේ තිබුනා.

    තව ඉන්නවා ෆොන්සේකා. හරියටම දැක්කෙ නැතත් ශවී වගේ කෙනෙකුත් ආවා ගියා වගේ දැක්කා. පෙරෙට්ටොත් එයාට සපෝට් එකට උන්නා. එයා ජනා වෙන්නත් ලොකු ඉඩක් තිබුනා ඒ හීනේ.

    හීන හාබෑ වෙන්නත් පුලුවන්. හීනෙන් ගිය අර මොකක්ද වගේ වෙලා වෙන එකෙක් එන්නත් පුලුවන්.

    ඒ නිසා රැට්ටා, දමිතා, පැතුමා, නාන් නැති ෆාදර් සහ අනික් අය හීනයක් හින්දා බලාපොරොත්තු අත් අරින්න එහෙම එපා.

    දේශපාලන ප්‍රශ්නෙ එහෙම විසදෙයි. ආර්තික ප්‍රශ්නෙ දැන් කාටවත් මතක නෑ නේද? කවුද ඒ ගැන කතා කරන්නෙ. ඇත්තටම බොලාට තිබුනෙ ආර්තික ප්‍රශ්නයක්ද දේශපාලන ප්‍රශ්නයක්ද? ඔය තුන්දෙනාගෙන් කවුරු ආවොත්ද ආර්තික ප්‍රශ්නෙට විසදුම් දෙන්නෙ?

    -හිරන්ත හේරත්-