මචං හිත කියන්නේ මායාකාරයෙක්. ගොඩක් වෙලාවට යටිහිතේ අපේ තියන දේවල්ම තමයි සිහින වලදී අපට පෙන්නන්නේ.
සමහරු කියන්නේ මියගිය කෙනා එනවා කියල, මම ඒ කතාව ගැන කියන්න යන්නේ නැහැ, මොකද එක ඒ විදියයි කියලම ඔප්පු කරන්න මට බැරි නිසා.
හැබැයි යටි හිත කාලයක් පුරුදු කිරීමෙන් හොඳ දේවල් කරන්න පුළුවන්. ඔය හීනයත් සාමාන්‍ය දෙයක් කියන එකයි මගේ හැඟීම.
නමුත් මියගිය ඥාතීන්ට, රණවිරුවන්ට සහ හැම කෙනෙකුටම නිතර පිං අනුමෝදන් කරන්න. මේකෙන් හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. මේක පිටිපස්සේ බුදු දහම අනුවත් ලොකු ප්‍රයෝගික තත්වයක් තියනවා, ඒ මයිත්‍රීය පැතිරීමෙන් ලබන සතුට සහ කෘතඥතාව.